IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයාගේ දරුවා පැහැර ගනී

මීගලෑව,ගිරාතලාන,කටුගම්පොළගම ව්‍යාපාරිකයකු වන පියාට ද බිරියටද පිහියෙන් ඇන ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා පැහැරගත් මැරයින් සිව් දෙනකු යතුරු පැදි දෙකකින් සඳුදා (28) මහ රෑ පලා ගිය බව මීගලෑව පොලීසිය කියයි.

මැරයින් දෙදෙනකු ෆුල් ෆේස් හෙල්මට් පැළැද  සිටි බවත් තවත් දෙදෙනකු  රෙදි පටි මුහුණේ බැඳගෙන සිටි බවත් පොලීසිය පවසයි.

නිවසේ බඩු සොරා ගැනීමක් හෝ කප්පම් කෑමක්  වෙනුවෙන් මේ දරුවා පැහැරගත් බවක් නොපෙනේ යැයි ද පොලීසිය සඳහන් කරයි.

පැහැරගත් දමිදු යශේන් ඒකනායක දරුවා  ගැන අද (29) සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැත.

sanj6

sa5

sanj7 sanj1 sanj2 sanj4 sanj5

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ දරුවා පැහැර ගනී

නිමල් කරුණාරත්න Wednesday, 30 July 2014 12:15 PM

මේ පිහිය පොලිස් බල්ලෙකුට ඉව අල්ලලා අඩු වශයෙන් මේ අපරාධකාරයින් ගිය දිශාවවත් හොයාගන්න බැරිද? (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 29 July 2014 01:09 PM

මෙම දරුවට ත්‍රිවිද රත්නයේ පිහිටෙන් කිසිඳු උපද්‍රවයක්නොවී යහතින් දෙමව්පියන් වෙතට එන්න ලැබෙිවා....! (අ)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 29 July 2014 01:16 PM

මෙම සිද්දිය අහන දකින හැම කෙනෙක්ම මෙම දරුවට කිසිම කරදරයක් නොවෙවා කියල හැම මොහොතකදීම ප්‍රාර්තනා කරන්න. (අ)

:       0       0

මාලනී Wednesday, 30 July 2014 05:24 AM

අනේ පවු! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 29 July 2014 01:27 PM

අනේ අපොයි ර අපරාද කාරයෝ විතරමි මේ අපාරද කාරයෝ ඝාතනය කර හෝ මේ දරුවාව බේරගන්න (අ)

:       0       0

චිත්‍රා රත්නසිංහ Wednesday, 30 July 2014 05:27 AM

අනේ පැහැරගත් කට්ටිය මේ දරුවා එයාගේ දෙමව්පියන්ට බාරදෙන්න. මොන හිතකින්ද මෙහෙම දේවල් කරන්නේ? මේවා අහස පොලොව නුහුලන අපරාද. ජාති ජාතිත් මේවා පඩිසන් දෙන පාප. අනේ ජේසුනි මේ දරුවා රැක දෙන්න.(නදී)

:       0       0

ජානක Tuesday, 29 July 2014 01:31 PM

දැන් හැමෝම කරාටි ඉගනගන්න. පිරිමි ගැහැණු පොඩි ලොකු භේදයකින් තොරව. පොලිසියට මහජනයා පරිස්සම් කරනවට වඩා කොච්චර වැඩ තියනවද? (අ)

:       0       0

ඩයස් Tuesday, 29 July 2014 01:43 PM

මේ පොඩි එකා දකිද්දීදී මගේ නොවුණත් පපුව පැලී යනවා. රට එන අත නම් හොඳ නෑ. දරුණු අපරාද රැල්ලක් තියෙන්නේ. හෙට මේක කටද වෙන්නේ දන්නේ නෑ. මේ කරපු එවුන්ව අල්ල මරා දැමිය යුතුයි. (අ)

:       0       0

ජානක Wednesday, 30 July 2014 05:50 AM

ගෑවුන අයව ඇස් පනාපිට පඩිසන් දෙනවා. (නදී)

:       0       0

පුෂ්පසිරි දේ අල්විස් පැරිස් Tuesday, 29 July 2014 03:50 PM

නීතිය නිදහසේ ක්‍රියාත්මක නොවී මේ ප්‍රතිඵල (අ)

:       0       0

අරුණ Tuesday, 29 July 2014 03:56 PM

නිධානයක් ගන්න බිල්ලකටවත් ගෙනිච්චා ද දන්නේ නෑ අනේ පොලිසිය හොඳ සෙවිල්ලෙන් ඉන්න කැලෑවල්වල සොයන් හමුදාවේ සහයත් අරගෙන මේ රටේ ඉන්නේ මහා තිරිසන් ජාතියක් සල්ලි පමණයි මිනිස් ජීවිත තඹ දොයිතුවකටත් ගණන් ගන්නේ නෑ. (අ)

:       0       0

මාලනී Wednesday, 30 July 2014 06:50 AM

මේක පුද්ගලික තරහක් වෙන්න බැරිද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 04:06 PM

නිදානයක් ගන්න බිල්ලකටවත් ගෙනිච්චා ද දන්නේ නෑ..ලොකු තැන්වල අනුග්‍රහයෙන්නේ නිදන් හාරන්නෙත්.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 04:11 PM

ඊයේ දෙනෝ දාහක් දෙන ඉදිරියේදී අවුරුදු 72 ක වයසැති ව්‍යාපාරිකයාට වෙඩි තියල මරල මුදල් පැහැර ගන්න තැත් කලා .ව්‍යාපාරිකය ඇත්නම මිය ගියා .දැන්නම් අපේ රටත් පිලිපීනයටත් එහා ගිය රටක් වෙලා.කොහොම තිබුන රටක්ද අප්පා.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 04:23 PM

"ලක්‍ෂ 2 1/2 ක්‌ බේරා ගන්නට ජෝඩුවක්‌ ජාඇල මහමග මහ සටනක්‌ සල්ලි මල්ල රැක ගත්තත් බීම කොම්පැනි මහත්තයා මරුට".(අ)

:       0       0

රූපවතී Wednesday, 30 July 2014 02:18 PM

තිසරණ සරණේ බලෙන් මේ දරුවාව මහා මගවත් දමා ගොස් තිබී හමු වේවා. අපිත් දරුවන් ඇති දෙමාපියන් මේ වා හදවත් වලට නුහුලන අපරාද. දෙමාපියන්ගේ හතුරෙක් විය යුතුයි මේ දේ කලේ. (නදී)

:       0       0

නීල් රණසිංහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය Wednesday, 30 July 2014 07:52 AM

ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් දරුවාව ඉක්මනින් දෙමාපියනට ලැබේවා (නදී)

:       0       0

නන්දන Wednesday, 30 July 2014 08:13 AM

දරුවාට අනතුරක් නම් කරන්න එපා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 06:24 PM

අපිට,අපේ දරුවන්ට සුබ අනාගතයක පෙර නිමිති පහල වෙමින් තිබෙනවා කියල දැන් පේනවා. (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 30 July 2014 08:45 AM

ඉතාම සෝචනීයයි දරුවන් සිටින පියෙක් හැටියට මම දෙවියන්ගෙන් ඉල්ලන්න්නේ මේ නොදන්නා දරු පැටියව හොයල දෙන්න. අපේ රටට ගිය මේ කලදසාව මගේ ජිවිතේ දකින දුක්බරම කාලයයි. හැම තැනම අවුල් වෙලා කුඩු, මිනීමැරුම් හොරකම් දාමරික කම් මංකොල්ල කෑම නිතිය නැතිවෙලා හිතට අවංකව අපි සැමෝම හොඳින් අදිස්ටාන කරගතු දෙයක් අපේ ඇස් ඉදිරිපිට පේන දෙයක් තමයි මිනිසුනි නැවතත් කවදාවත් නුගත් නරක ක්‍රියාවල යෙදෙන අද්යාපනයක් නොලබා දාමරික කමින් ඡන්දෙ ඉල්ලන්න කිසිවෙකුටත් ඡන්දය නොදිය යුතුයි (නදී)

:       0       0

අජිත් Tuesday, 29 July 2014 07:31 PM

මේ අයව අල්ලලා මහාජනතාවටබරදෙන්න ජනාධිපතිතුමනි මේ දරුවාව බේරගන්න උදව්කරන්න (අ)

:       0       0

පද්මිණි Tuesday, 29 July 2014 08:15 PM

උපජිව, අරුණ, මොනවද මේ කියන කතා . තුන් හිතකින් වත් හිතන්න හොද නැහැ. මම නම් හිතන්නේ පුද්ගලික කෝන්තරයක් පිරිමසිමක්ද කියල. දරුවට යහතින් ගෙදර එන්ට ලැබේවා!! (අ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 29 July 2014 08:17 PM

යුද්දය ඉවර වන්නට කලින් අපට බය තිබුණේ කොහේ හෝ තබන බෝම්බ වලටත් , එල් ටි ටි ඊ ත්‍රස්තවාදින්ට . දැන් යුද්දය ඉවරවී අවුරුදු 5ක් වෙලත් අප සැවොම ජිවත් වන්නේ මරණ බියෙන් , ඒ අපේම ජාතියෙන් , දුෂිත මැරයන්ගෙන් සහ මැර දේශපාලුවන් නිසා .(අ

:       0       0

නලින් යහම්පත් Tuesday, 29 July 2014 08:30 PM

අහිංසක ළදරුවාගේ ජීවිතය බෙර ගැනිමට ලංකාවම පෙළ ගෙසි , මෙම මැරයන් අල්ලා ගෙනිමට පොලිසිය උදව් කළ යුතුය . පොලිසියට තනිවම මෙය කරන්නට කාලයක් යනවා . ළදරුවා මානසිකව පෙළෙනවා . (අ)

:       0       0

චමින්ද Tuesday, 29 July 2014 08:57 PM

අනේ දෙයියනේ මේ දරුපැටියට ත්‍රිවිද රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවා! අපි ලංකාවට නිවාඩුවකට ආවත්, ඇගිලි ගැන ගැන ඉන්නේ, ආපහු යන්නේ කවදද කියලා.ඒකට හේතුව තමයි, අපේ දරුවන්ටත් මෙවන් විපතක් වේවි කියා,එදා සිට අපේ හිත් වල ඇති වී තිබෙන අසීමිත බය. (අ)

:       0       0

මාලා Tuesday, 29 July 2014 09:03 PM

දැන් ඉතින් ළමයි ටිකත් අරන් රට පනින්න තමයි වෙන්නේ. ලංකාවේ ජීවත්වෙන්න ඉඩක් ඇත්තෙම නැහැ. දේශපාලුවෝ එක පැත්තකින් අපරාධකාරයෝ අනෙක් පැත්තෙන් (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 30 July 2014 09:07 AM

මීගලාව, ගිරාතලාන, කටුගම්පොලගම ලංකාවේ කොහෙද තියෙන්නේ? (අ)

:       0       0

දොන් Tuesday, 29 July 2014 09:19 PM

මෙය දෙමවුපියනගෙන් පලිගන්න කරපු දෙයක් බව පෙන්වයි මෙ කිරි සත්වයා මොනවද දන්නෙ ඒ අහිංසක දරුවට තම දෙමවුපියන්ලගට යන්න ලැබෙවායි මා පතමි (අ)

:       0       0

ප්‍රදීපා Tuesday, 29 July 2014 10:18 PM

මේවා මහපොලව උහුලන්නේ නැති අපරාධ. මැරයන් පණපිටින් අපාගත වියයුතු වරදක්. නමුත් පොලිසියෙන් අමාරුවෙන් අල්ලගන නඩු දැම්මම, අවුරුදු 10 විතර නඩු අහලා අවුරුදු 5 ට හිරේ දානවා. "හිරකරුවෝද මනුෂ්‍යයෝය " කියලා වගන්තියක් හදාගත්ත අමනුෂ්‍යයෝ කට්ටියක්, මැරයන් අවුරුදු 2 කින් නිදහස් කරයි. මේක සිරි ලංකාවනේ.කිසි පුදුමයක් නැහැ. (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 30 July 2014 12:15 AM

ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියන උදවිය මේ පුවත් කියවන්නේ නැතුව ඇති මගේ හිතේ. (අ)

:       0       0

චන්දන Wednesday, 30 July 2014 12:33 AM

මරණීය දන්ඩනය දෙන්නම වෙනවා මේ නරි රැළට (අ)

:       0       0

මදුශානි Friday, 01 August 2014 04:25 AM

මේ පුංචි මල්ලි පැටියට කිසිදු සීරීමක් වත් නොවී නැවතත් එයාගේ අම්මා තාත්තා ලගට යන්න සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.. (දී)

:       0       0

චාන්දනී Wednesday, 30 July 2014 12:38 AM

හැම අම්මා/ තාත්තා කෙනෙක්ම මේ වෙලාවේ නියම සෙනහසින් සහෝදර බැම්මෙන් එකතුවී මෙවැනි අපරාධ කරන මිනිසුන්ව තරාතිරම නොබලා නීතියට හසුකරදෙන්න උත්සාහ කරන්න (නි)

:       0       0

සමීර Wednesday, 30 July 2014 10:13 AM

දරුවා ඉක්මනින් හමුවේවා! (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 30 July 2014 02:15 AM

රට දැන් මිනීකන්නනගේ දේශයක් වගේ වෙලා.පුළුවන් විදිහට ඉඩකඩම් විකුණලා හරි රටින් පිටවෙන්නයි බලන්නේ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 30 July 2014 02:19 AM

කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනකොට අනෙකුත් සියලුම අපරාධ ඉහළ යනවා කියල ඕනෑම පොඩි ළමයෙක් වුණත් දන්නවා. (නි)

:       0       0

යොහාන් Wednesday, 30 July 2014 02:46 AM

කුඩා දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

නිලාම් Wednesday, 30 July 2014 03:02 AM

ඕකටත් දේශපාලුවෙක් ගෑවිලා ඇති මොකද එයාලට ඕන දෙයක් කරන්න මහ තැන්වලින් අවසර තියනවනේ. ආසියාවේ අාස්චර්යට ජයවේවා (නදී)

:       0       0

තේජාන්විත Wednesday, 30 July 2014 03:03 AM

පොලිසියට ලක්ෂ 32 බයික් අරන්දිල තියනවලු මේ අපරාද වෙන්න කලින් නවත්තන්න. (නදී)

:       0       0

සැම්සන් Wednesday, 30 July 2014 03:09 AM

කෝ අපේ පොලිස් මාදය ප්‍රකාෂක තුමා (නදී)

:       0       0

අනු Wednesday, 30 July 2014 03:24 AM

මේ දරුපැටියට ත්‍රිවිද රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවා! දරුවට යහතින් ගෙදර එන්ට ලැබේවා!! මේ අපරාධයට සම්බන්ද මැරයන් .අල්ලගත්තට පස්සේ කිසිම නීතිඥයකුට උන් වෙනුවෙන් පෙනිසිටින්න එපා. නැත්නම් වීවිද තර්ක විතර්ක දාලා උන් නිදහස් වෙලා ආයමත් ඔවැනි වැඩම කරාවි. (නදී)

:       0       0

ජනිත් Tuesday, 29 July 2014 11:47 AM

අයියෝ! මෙහෙමත් අපරාධ? රජය මේ අපරාධ රැල්ල ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

අශාන් Wednesday, 30 July 2014 03:39 AM

ජේසු පිහිටෙන් මේ අහිංසක දරු පැටියා සොයා ගැනීමට හැකිවේවා! (නි)

:       0       0

ඇසළ Wednesday, 30 July 2014 03:39 AM

මේ වගේ වැඩ නවත්වන එක පොලිසියට ඒ තරම් දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 July 2014 11:52 AM

අපේ රට අපරාධකාරයන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා (නි)

:       0       0

රසික සංජීවන ප්‍රනාන්දු Wednesday, 30 July 2014 03:51 AM

ආදර චූටි පුතේ, ඔයාට කිසිම කරදරයක් නොවේවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 July 2014 03:58 AM

මේ දරුවාව පැහැර ගත් අය මිනිස්සුද? තිරිසන්නුද? (නි)

:       0       0

කෝලිත Wednesday, 30 July 2014 11:39 AM

කුඩා දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

දිමුතු Wednesday, 30 July 2014 04:11 AM

මේ දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

චමත් Wednesday, 30 July 2014 04:11 AM

අපේ රටේ වන මේ අපරාධ රැල්ල නවත්වන්න ඕනෑකමක් කාටවත් නැද්ද? (නි)

:       0       0

චමීර Wednesday, 30 July 2014 04:13 AM

ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවීමේ විපාක තමා මේ (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 30 July 2014 04:16 AM

ඔයාව ඉක්ක්මනින් දෙමාපියන් අතට ලැබේවා! (නදී)

:       0       0

දිල්ෂාන් Tuesday, 29 July 2014 12:21 PM

අනේ අපොයි! (නි)

:       0       0

කාලිංග Tuesday, 29 July 2014 12:22 PM

අනේ! අර පුංචි එකාගේ ජීවිතය බේරුනොත් ඇති. පවු ඒ නොදරුවා (නි)

:       0       0

සෑම් Tuesday, 29 July 2014 12:33 PM

අනිවාර්යයෙන්ම දේශපාලුවෙක්ගේ ගෝලොයෝ වෙන්ඩ ඇති. අනේ අපොයි රටකට ගිය කලක්. (අ)

:       0       0

සුජීවා Wednesday, 30 July 2014 04:39 AM

අපි හැමෝම එකතුවෙලා මේ දරුවා හොයමු. රට පුරාම අපේ යළුවෝ ඉන්නවනේ. (නදී)

:       0       0

උපජීව Tuesday, 29 July 2014 12:41 PM

බොහෝවිට නිධානයකට බිලි දෙන්න වෙන්න ඇති.මේකටත් ආණ්ඩුවට බනිවි අපේ කට්ටිය (අ)

:       0       0

ප්‍රෑන්ක් Tuesday, 29 July 2014 12:56 PM

මේ පැහැරගත් කට්ටිය පොලිසියට ආයුධ පෙන්වන්න ආසයි වගේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 883 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4010 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site