IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ව්‍යාපාරිකයාගේ නිවෙසින් කොටි දෙකක බඩු උස්සලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාද්දුව සංචාරක හෝටලයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගේ පන්නිපිටිය පොල්වත්ත වසා තිබූ නිවසකට ඇතුළු වු කිසියම් කණ්ඩායමක් එහි කාමරයක තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මහරගම පොලිසිය කියයි.

රැගෙන ගිය දේපල අතර විවිධ බරින් යුත් රන් මාල, වළලු,අත් පළඳනා ,පංචායුධ වටිනා අත් ඔරලෝසුවක් වන බවත් සොරාගත් රන් භාණ්ඩවල බර පවුම් එකසිය 102 ක බරින් යුත් ප්‍රමාණයක් බවත් , විදේශීය මත්පැන් බෝතල් 40 ක් ඇමරිකන් ඩොලර් 300 ක් හා වටිනා අත්ඔරලෝසුවක්ද සොරා ගෙන තිබූ භාණ්ඩ වන බව ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ව්‍යාපාරිකයා නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින අතර පන්නිපිටිය නිවස මාස දෙකක පමණ කාලයක සිට වසා දමා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම නිවසේ හා ප්‍රධාන ගේට්ටුවේ යතුරු ව්‍යාපාරිකයා සන්තකයේ මෙන්ම අමතර යතුරු දෙකක් සේවකයකු අත තිබෙන බවත් එම සේවකයා ඉකුත් 13 වෙනි දින සිට 16 වැනි දින දක්වා එම නිවසේ රැඳී සිට වත්තපිටිය ශුද්ධ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත කිසිවකු නොමැති වසා දමා තිබෙන නිවසේ මෙපමණ රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් තිබුණ බවට ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 



අදහස් (1)

ව්‍යාපාරිකයාගේ නිවෙසින් කොටි දෙකක බඩු උස්සලා

sam Tuesday, 28 March 2023 05:49 AM

පාර්ලිමන්තුවෙ ඉන්න මාල හොරාගෙ බඩුද දන්නෙ නැහැ. පක්ෂග්‍රාහී නැතුව හරියටම විමර්ශනය කොලොත් හොයා ගන්ඩ බැරි නැහැ. ලංකාවෙ පොලිසිය හොඳ හෝ නරක ඕනිම දේකට දක්ෂයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 0 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 35 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 280 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 345 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 333 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 192 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site