IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයා පැහැරගෙන ලක්ෂ 70ක් කප්පම් ගත් කල්ලිය අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් ධනවත් ව්‍යාපාරිකයකු  පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදලක් ලබා ගත් සිව් දෙනකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

කප්පම් වශයෙන් ලබාගත් ලක්ෂ 70 ක මුදල හා එම පැහැර ගැනීමට කුලී පදනම මත ලබා ගත් වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයා ඉකුත් 10 වැනිදින  ආගමික වතාවත් ඉටු කිරීම සඳහා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පල්ලියක් වෙත යතුරුපැදියකින් යමින් සිටියදී සැකකරුවන් වෑන් රථයකින් පැමිණ මඟ හරස් කර ඔහු ඒවා වෑන් රථයට දමාගෙන අතපය සහ මූණ ගැටගසා නිවසකට රැගෙන ගොස් මරණීය තර්ජනය කරමින් කප්පම් ලක්ෂ 90 ක මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මිතුරකුට ඒ බව පවසා රුපියල් ලක්ෂ 70 ක මුදලක් කප්පම් කරුවන්ට ලබා දීමෙන් අනතුරුව ඔහු නිදහස් කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එම වෑන් රථය පයාගල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මාකොළ ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබා දෙන ස්ථානයකට වෑන් රථය ලබාදී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

අනතුරුව එම ස්ථානයට ගොස් ඒ පිළිබඳ විමසීමේ දී ඔහු මාවරමංඩිය ප්‍රදේශයේ පුද්ගලයකුට එම වෑන් රථය කුලී පදනම මත ලබා දුන් බවත් එම පුද්ගලයාද කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව කිරිබත්ගොඩ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව එම සැකකරුවන් සිව්දෙනා වත්තල මීගමු පාරේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් අතර අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් දෙදෙනකු සහ තීරෝද රථ රියැදුරන් දෙදෙනකු ද වන බවත් ඔහුන් මට්ටක්කුලිය මරදාන හා වත්තල පදිංචි පදිංචිකරුවන් බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

ව්‍යාපාරිකයා පැහැරගෙන ලක්ෂ 70ක් කප්පම් ගත් කල්ලිය අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 759 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 640 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 54 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2853 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 707 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1420 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1733 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site