IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ව්‍යාපාරවලට නයිජීරියාව හොඳ රටක්‘

නයිජීරියාවේ රුදුරු කප්පම් කරුවන්ගෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු කරුණාදාසගේ ජීවිතය බේරාගත් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල්. රත්නපාල මහතා 23 වසරක තම සේවා කාලය නිමකොට හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලංකාදීප එසැණ ඒ. එල්. රත්නපාල මහතා සමග මෙසේ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - ලංකාවේ අපිට ලොකු අත්දැකීමක් වූ ලාංකික ඉංජිනේරුවාගේ ජීවිතය බේරාගත් හැටි ඔබට කියන්න පුළුවන්ද?

පිළිතුර - ඒක මට ලොකු අභියෝගයක් වුණා, සියලු දේ පාලනය කරගෙන ලාංකිකයාගේ ජීවිතය බේරගන්න මට ඕන වුණා. ලාංකිකයා සේවය කළ සමාගමත් එක්ක මම සාකච්ඡා කළා, නයිජිරියා රජයත් එක්ක, ලංකාවේ විදේශ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා. පැහැරගත්තු ලාංකිකයාගේ පවුලේ අයගේ හිත හදන්නත් ඕනෑ. ඒ මදිවට පාන්දර තුනට කතා කළ ලංකාදීපේ ඔයාලට පිළිතුරු දෙන්නත් ඕනෑ. මේ හැමදේම මට පුළුවන් විදියට මම කළමනාකරණය කර ගත්තා.

ප්‍රශ්නය - ඔබතුමාගේ විදේශ සේවයේ අත්දැකීම් ගැන කිව්වොත්?

පිළිතුර -  වසර 23ක විදේශ සේවා අත්දැකීම් මට තියෙනවා. කැනඩාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව මම සේවය කරපු රටවල්. නයිජීරියාවේ මහකොමසාරිස් පුරප්පාඩුවක් ඇති වුණ වෙලේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා නයිජීරියාවට ආවා.

ප්‍රශ්නය - ලංකාවේ කොපමණ ප්‍රමාණයක් නයිජීරියාවේ රැකියා කරනවද?

පිළිතුර - 2000ක් විතර.

ප්‍රශ්නය - ඔවුන්ට තියෙන අවදානම ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද?

පිළිතුර, අවදානම වැඩි වුන තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. නමුත් පරිස්සමෙන් ජිවත් වෙන්න කියලා මම ඔවුන්ට කියනවා. නජිරියාව කියන්නේ අප්‍රිකාවේ ලොකුම ආර්ථික වත්කමක් ඇති රට, ඒ වගේම ජනගහනයෙනුත්. නයිජීරියාව ව්‍යාපාරවලට හොඳයි. අවදානම දරාගෙන ඉන්දියා, චීන ජාතිකයින් මෙහෙ සාර්ථක ව්‍යාපාර කරනවා.

ප්‍රශ්නය - ලාංකිකයින් නයිජීරියාවට එන්නේ රැකියා සඳහා නේද?

පිළිතුර - වැඩිපුරම එන්නේ රැකියා සඳහා. නමුත් හෝටල් ආශ්‍රිතව ව්‍යාපාර කරන ලාංකිකයින් කිහිපදෙනෙකුත් මෙහෙ ඉන්නවා.

ප්‍රශ්නය - වසර 23ක දීර්ඝ සේවා කාලයක් ඔබට තියෙනවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගැන මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් සිදුවෙන්නේ ජාත්‍යන්තර කටයුතු. ඒ වගේම ලංකාවේ හැම අමාත්‍යාංශයක් එක්කම බද්ධවෙලයි වැඩ කරන්නේ. නමුත් වැඩිපුර වැඩ කළත් නම ගන්නේ වෙනත් අමාත්‍යංශයක්. ඒ නිසා තමයි අපේ අමාත්‍යංශය ගැන මිනිස්සුන්ට වැඩි අවබෝධයක් නැත්තේ.

ප්‍රශ්නය - විදේශ අමාත්‍යංශයේ දේශපාලන පත්වීම් ගැන පළපුරුදු නිලධාරියෙක් විදියට ඔබට මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර - දැන් ඒවා නැවතිලා නේද?

ප්‍රශ්නය - මම ඔබෙන් ඇහැව්වේ වර්තමානය ගැන නොවෙයි, මෙතුවක් කල් සිදුවී යැයි කියන දේශපාලන මැදිහත්වීම ගැන.

පිළිතුර - මට ඒ ගැන රජයේ නිලධාරියෙක් විදියට කියන්න බැහැ.

ප්‍රශ්නය - වටිනා ජිවිතයක් බේරාගෙන ඔබ හෙට ලංකාවට යනවා. මොකද ඔබට හිතෙන්නේ? ඔබේ හෙට දවස?

පිළිතුර - ලොකු සතුටක් දැනෙනවා. ලාංකිකයා සේවය කරපු විදේශ සමාගමට මම ස්තුති වන්ත වෙනවා. මට උපදෙස් දුන්නු ලංකාවේ විදේශ අමාත්‍යාංශයටත්, මාධ්‍යවේදීන්ටත් මම අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා.

 



අදහස් (0)

‘ව්‍යාපාරවලට නයිජීරියාව හොඳ රටක්‘

දාස Monday, 15 June 2015 03:20 AM

වචනයේ පරිසමාප්ත අරුතින්ම මෙතුමා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. තායිලන්තයේ දුත මණ්ඩලයේ රාජකාරියෙහි නියැලී සිටි කාල පරාසයේදී එතුමාගෙන් උකහාගත් දැනුම සහ අවබෝධය, මගේ රාජකාරියට මනා පිටුවහලක් වූ බව එතුමාට පුදකෙරෙන ගෞරවයක් වශයෙන් සටහන් කරමි. එතුමාට, ඉතාම යහපත් එතුමාගේ මැතිණියට සහ දරුවන්ටත් සුභාශිංසන! ආයු රක්ඛන්තු ආවඩා! (නි)

:       0       0

චමල් Sunday, 14 June 2015 01:19 PM

එබෝලා, බොකෝ හරාම්, අන්තවාදී කණ්ඩායම්, කියල වැඩක් නැහැ. නියම රට (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 16 June 2015 02:56 PM

නයිජීරියාවේ බිස්නස් කරන්න යන්න හොඳ ආරක්ෂක භටයෝ ටිකකුත් ගෙනි යන්න වෙයි, (බ)

:       0       0

චන්න බුවනක Sunday, 14 June 2015 01:58 PM

ඔබ තුමා කියන්නේ බෙල්ල ගහල ගියත් කමක් නැහැ සල්ලිනෙ කියලද? (බ)

:       0       0

සිල්වා බර්ලින් Sunday, 14 June 2015 02:00 PM

මේ මනුස්සයගේ මොලය විකල් වෙලාද? ව්‍යාපාර කරන්න ඕනේ නම් ලෝකයේ වෙන රටවල් ඇත්තෙම නැද්ද? (බ)

:       0       0

ටෙනිසන් Sunday, 14 June 2015 04:49 PM

ඇත්ත. මමත් ඒක පිළිගන්නවා (නි)

:       0       0

චමින්ද Sunday, 14 June 2015 05:16 PM

ලිපිය හරියට කියවලා ප්‍රතිචාර දක්වනවා නම් ඔය ප්‍රතිචාර වෙනස් වෙයි. (නි)

:       0       0

විජිත් Sunday, 14 June 2015 05:46 PM

අර මනුස්සයාගේ ජීවිතය බේරගන්න සල්ලි දුන්නේ එයා රක්ෂාව කරපු ඉතාලි සමාගමයි. ඒ අය සල්ලි දුන්නේ නැතිනම් ඒ අහිංසකයා අද ' සෙත්තපෝච්චි' කරලා ඉවරයි. ඔය රටේ මොන බිස්නස්ද...? උගත් වැදගත් නයිජීරියන් කාරයෝ ඔක්කොම අද ඉන්නේ එංගලන්තයේ. ඉස්සර අපේ රටේ උගත් ගුරුවරු ඔය රටේ ගුරුවරුන් ලෙස රැකියාව කළා. නමුත් දේශපාලනික පෙරලිය සමග ඒ අයට රැකියා අවස්ථා නැතිවුනා - දුන්න පඩි අඩුකලා. අන්තිමට සමහරක් තරුණ අය ස්වීඩනයට ගියා පාරවල් අතුගාන්න. වයසක අය අකමැත්තෙන් වුනත් නැවත ලංකාවට ආවා. ඕක තමයි නයිජීරියාවේ තත්වය. අපේ අහිංසකයෝ ඔය නාරා වලට යවන්න මෙයාට තියන උවමනාව මොකක්ද...? (නදී)

:       0       0

අනුරාධ මෙල්බර්න් Monday, 15 June 2015 06:24 AM

චමින්ද කියනවා ලිපිය කියවලාම ප්‍රතිචාර දක්වන්නලු . එතුමාගේ වචන වලින්ම කියනවා නම්.......(අවදානම වැඩි වුණ තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. නමුත් පරිස්සමෙන් ජිවත්වෙන්න කියලා මම ඔවුන්ට කියනවා. නජිරියාව කියන්නේ අප්‍රිකාවේ ලොකුම ආර්ථික වත්කමක් ඇති රට, ඒ වගේම ජනගහණයෙනුත්. නයිජීරියාව ව්‍යාපාරවලට හොඳයි. අවදානම දරාගෙන ඉන්දියා, චීන ජාතිකයින් මෙහෙ සාර්ථක ව්‍යාපාර කරනවා.) ඉතින් දෙවියනේ සල්ලිද වටින්නේ අවදානමද වටින්නේ? අම්මපා සිංහල තේරෙන්නේ නැද්ද? වැඩිහරියකට තේරුනාට චමින්ද මහත්තයාට නොතේරෙන හැඩයි (නි)

:       0       0

සඳුන් Sunday, 14 June 2015 08:48 PM

ලංකාවේ විදේශ අමාත්‍යංශයේ වැඩ ගැන නම් කියලා වැඩක් නැහැ. වැඩ කරන්න ඕනෑ ජනතාවට කියලත් මේ අය දන්නේ නැහැ. හරියට වැඩ කරන අතළොස්සකුත් ඉන්නවා. (නි)

:       0       0

අනුර Monday, 15 June 2015 07:46 AM

තානාපති නිලධාරී වැරදි ලනු දුන්නට මොලය ඇති අය කල්පනාවෙන් කටයුතු කල යුතය.(ම)

:       0       0

සුමිත් Sunday, 14 June 2015 10:52 PM

මෙතුමා කියන්නේ ඇත්ත. නයිජීරියාව තමයි අෆ්රිකාවේ වේගයෙන්ම දියුණුවන ආර්ථිකය. නමුත් ආරක්ෂාව අතින් නම් බොහොම පහළින් සිටින්නේ.. (නි)

:       0       0

විජයබාහු Monday, 15 June 2015 08:14 AM

හොඳ වුනාට ආරක්ෂාව අතින් හරිම දුර්වලයි. ඉන්න තරමක් සයිබර් හොරු ඉන්නේ ඔය රටේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 199 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1143 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 221 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 452 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 368 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 615 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36777 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site