IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘වයිමාට බැරිදේ අපි කළා‘

මෙරට ඉතිහාසයේ වසර 20කට පසු පසුගිය ජූනි මාසයේ දී ආර්ථිකයේ අවධමනයක් වාර්තා වී ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්‍ෂව මෙම වසරේ ජූනි මාසයේ දි භාණ්ඩ මිල ඉහළයාම හෙවත් උද්ධමනය සියයට 0.2කින් පහත වැටී ඇති බව එනම් අවධමනයක් සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද (31) ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

සක්කරයාගේ මල්ලී වයිමාටවත් කරන්න බැහැයි කියා බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කී දේ වත්මන් රජය සහ හර්ෂ ද සිල්වලා විසින් සිදු කර පෙන් වූ බව ද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.



අදහස් (0)

‘වයිමාට බැරිදේ අපි කළා‘

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 09:37 AM

අබමල් රේණුවක් තරම් වත් මොලයක් නැති බව ඔප්පු කළා. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 01 August 2015 12:03 AM

"හර්ෂ ද සිල්වලා විසින් සිදුකර පෙන් වූ බව" හර්ෂ ද සිල්වා මහතාම කියා සිටියාට වඩා වෙන කෙනෙක් ලවා ඕක කියාගත්තා නම් නේද හොඳ? කතාව ඇත්ත නම් මා ගරුකරන පුද්ගලයෙක් හැටියට ඔබ තරමක් නිහතමානි වුණා නම් තමයි හොඳ. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:10 AM

අපටත් දෙන්නකෝ මහ බැංකුවෙන් ජොබ් එකක් (නදී)

:       0       0

ජනිත් Friday, 31 July 2015 12:35 PM

මම හිතුවේ නැහැ කවදාවත්ම හර්ෂ වගේ ආර්ථික විශාරදයෙක් මේ කතාව කියයි කියලා. රටක අවධමනයක් වෙන්නේ ආර්ථික පරිහානියකදී. සංවර්ධනය වන රටක මිනිසුන්ගේ අතට එන ආදායම වැඩිවෙන නිසා මිල ස්භාවයෙන්ම ඉහළ යනවා. ඒ කියන්නේ හර්ෂට අනුව ලංකාවේ සංවර්ධනය පසුගිය දින 100 දී ඇනහිටලා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 01 August 2015 02:16 AM

අද අපේ රටේ දේශපාලකයෝ සහ දේශපාලනයට සම්බන්ධ සමහර විද්වතුන් (හිටපු)කියන කරන දේවල් දකිනවිට හරිම දුකක් ඇතිවෙනවා. මොකද තමන්ගේ සුඛවිහරණය උදෙෂා, ලාභ ප්‍රයෝජන තකා, තම ගෞරවය , නම්බුව පමණක් නොවේ වෘත්තීය ගෞරවය පවා කෙළෙසන හැටි පෙනෙනවා. සමහර පුද්ගලයින් උඩුයටිකුරු වෙලා වගේ හැසිරෙන්නේ. මෙහෙම දේවල් අපේ දරුවන් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට දෙන පුර්වාදර්ශද මේ කියලා හිතෙනකොට අපේ රට සහ අපි ගැන පුදුම වේදනාවක් දැනෙන්නේ. (නි)

:       0       0

සඳා Friday, 31 July 2015 01:23 PM

හීනෙන්ද ? (නදී)

:       0       0

දිනේෂ් Friday, 31 July 2015 01:25 PM

මහා බැංකු සභාපතිගේ නම වයීමද? (නදී)

:       0       0

සිරි Saturday, 01 August 2015 02:53 AM

මෙතුමාගේ දැනුමෙයි භාවිතාවයි අතර තිබෙන පරස්පරය රේල් පීලි දෙකක් වාගේ. (නදී)

:       0       0

නුවන් Saturday, 01 August 2015 03:42 AM

මෙයා හැබැයි බොරුවට කියවන කෙනෙක් නෙවෙයි (නදී)

:       0       0

ජයන්ත Friday, 31 July 2015 02:01 PM

පුදුම ආර්ථික විශේෂඥයෙක්නේ මෙයා. මෙන්න රට පාලනය කරන්න ඉන්න මිනිස්සු! (නි)

:       0       0

රවින් Saturday, 01 August 2015 04:58 AM

එජාපයේ සිටින මහා ආර්ථික විශේෂඥයාගේ දණුමේ තරම පෙර මාසයට වැඩිය උද්ධමන වේගය, මිල වැඩි වීමේ වේගය දශම 0.2 ක අඩුවීම අවධමනයක් මිල වැඩි වීමේ වේගය අඩුවීමක් නොව සමස්ත මිල මට්ටම් අඩුවීම දැකීම මගින් පාර්ලිමේන්තුවට යන සියල්ලගේ දැනුම මොට වන බව සක් සුදක් සේ පැහැදිලි කොට ඇත අහෝ.. කරුමයක මහත...(නදී)

:       0       0

ජයන්ත Saturday, 01 August 2015 05:21 AM

සත්‍යා, ඔයා දන්නවද අවදානම කියන්නේ මොකක්ද කියල? අවදානමක් ඇතිවෙන්නේ මොන දේවල් නිසාද කියල? මෙතන කමෙන්ට් වල දිහා බැලුවම පේනවා මේ රටේ ඕන බොරු දේශපාලකයෙකුට රට වැසියා රවටන්න පුළුවන් කියල. හර්ෂ වගේ ආර්ථික විද්‍යංඥයෝ හැම තැනම ඉන්නවා.(නදී)

:       0       0

සිරිමල් Saturday, 01 August 2015 05:26 AM

ජනිත්ගේ අදහස් කියවල හිනා යනවා. අලුත් ආර්ථික විද්‍යාවක් ජනිත් හදල වගේ (නදී)

:       0       0

අප්පුහාමි Saturday, 01 August 2015 05:16 PM

මෙහෙමත් දේශපාලකයෝ? එක ඇමති කෙනෙක් කියනවා තෙල් ලැබුනා කියලා. තව ඇමති කෙනෙක් කියනවා ගෑස් ලැබුනා කියලා. දැන් කියනවා අවධමනයක් වුණා කියලා (නි)

:       0       0

සුමනා Friday, 31 July 2015 04:28 PM

බන්ධුල ඉතින් රුපියල් 2500 න් ගෙවල් වල අටු කොටු පි‍රෙව්වනේ. බන්ධුලගේ කාලෙනේ මේ රටේ කුපෝෂණය වැඩිවුනේ. කොච්චර කන්න හම්බුවුනාද කිව්වොත් ගෙදර ඉන්න මීයෝ හොයා ගන්න බැරිව ගියා. කානු බතින් බුලතින් පිරුණා. මියෝ ගෙවල්වල නැත්තෙන් නැත්තට නැති වුනා. ඒ වගේ ස්වර්ණමය යුගයක් තමයි බන්ධුලලා මේ රටට ඇති කරලා තිබ්බේ.(නදී)

:       0       0

අප්පුහාමි Friday, 31 July 2015 07:54 PM

ඒ වුණාට 2500 කින් මාසෙක වේල පිරිමහගන්න පුලුවන්. (නි)

:       0       0

සමීර Saturday, 01 August 2015 08:11 AM

නොදන්නා දේවල් කතා කරන්න එපා මහත්වරුනි. ආර්ථික විද්‍යාව ඉගෙනගෙන කතා කරන්න. දන්නා දෙයකට විතරක් කතා කරන්න. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 August 2015 12:27 AM

මිනිස්සු පොහොසත් වුණා කියන්නේ දුප්පත්කම නැතිවුණා කියන එක නොවෙයි. මොකද ධනවතුන් බිහිවෙන්නේ දුප්පතුන්ගේ (ශ්‍රමය) සුරාකෑමෙන් බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබෙන නිසා. භාණ්ඩ මිළ පහත වැටුනා කියා සමස්ත ජනතාවගේ ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් නොකරන්නේ ඔය කියන මිළ දර්ශකයේ පහත වැටීමට සාපේක්ෂව පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියද වැඩිවුණොත් පමණයි. ඔය කියන 0.2 න් පෙන්නුම් කරන්නේ අවධමනයක් නොව උද්ධමනය තරමකින් පහත වැටීමක් වෙන්න පුළුවන්. අවධමනයක් ඇතිවන්න නම් උද්ධමනය බින්දුවට බැසිය යුතුයි. උදාහරණයක් ලෙස ජර්මන් වර්ගයාගේ ජනගහණ වර්ධනයක් නැත්තේ එය බින්දුවෙන් පහළ පවතින නිසයි. (නි)

:       0       0

සමන් Friday, 31 July 2015 10:00 PM

ලංකාවේ ඉන්න ආණ්ඩුවේ අයට වැටුප් ගෙවන්න ඔබතුමන්ලාට මුදල් කොහෙන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 6 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3265 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2462 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3053 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18709 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site