IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ

වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

‘මම මේ අවුරුදු පහම වයඹ පළාත් සභාවේ වැඩ කරනවා. ලබන මහ මැතිවරණයේ දී මම ඡන්දේ ඉල්ලන්නේ නැහැ.

මා ප්‍රාදේශීය සභාවේ ඉන්නකොට මගේ පඩිය තිබුණේ රුපියල් 1000යි. ඊට පස්සේ 3000 වුණා. ඊටත් පස්සේ 5000 වෙලා. දැන් 8000යි. ඒ මුදලට රුපියල් 3000ක් එකතු කරල මම මන්ත්‍රීවරුනට දුන්නා. වයඹ පළාතේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට යතුරු පැදියක් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.‘



අදහස් (0)

වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ

කුසුම් Wednesday, 11 June 2014 06:43 PM

ආ! ‍අදහස් දමන්න නවීන සපුමල් කුමාරයෙකුත් ගොඩ බැහැලා තියෙන්නේ... (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 01:13 PM

පඩියට අමතරව ඔබ තුමාලට ලැබෙන කොමිස් වල එකතුව ගැන සඳහනක් නැහැ කොතනකවත්. (ස)

:       0       0

සපුමල් Wednesday, 11 June 2014 07:19 PM

සෑම්,අපි කාටත් දැනගන්න කියන්නකෝ කොමිස් ගහන්නේ නැති, අතයට ගනුදෙනු නැති රටවල් ලෝකයේ කොයි හරියේද තියෙන්නේ කියලා. ඒ වගේම ගාමිණි, ඔයා කියන දේ මත ඔයා ඉන්නවා නම් මොකටද ඡන්දෙ දීලා එයාලව පත්කරන්නේ? (නි)

:       0       0

රන්ජනී Wednesday, 11 June 2014 01:19 PM

ලගින් හිටිය නැති ටික කාලෙට ඔයා හුගාක් වෙනස් වෙලා. (ස)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 01:20 PM

අපොයි ඔව් කියන විදිහටම කරන හැටි රටම දැක්කා. (ස)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 11 June 2014 01:21 PM

හම්බන්තොට ,හදපු වරායේ ගලක් තිබුන තමයි. ඊට පස්සේ ගල කැඩුව තමයි. නැවු අාව තමයි. (ස)

:       0       0

සෝබන Wednesday, 11 June 2014 01:26 PM

අපොයි මොන විපතක්ද මේ ජාතියට වෙන්න යන්නේ? අනේ උතුමාණෙනි අප ගැන අනුකම්පා කරලා ලබන සැරෙත් චන්දය ඉල්ලන්න. අප සැමද ඔබ සමගයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 June 2014 01:33 PM

ඉන්න තැන සරුද මහත්තයෝ ? (ස)

:       0       0

මංජුල Wednesday, 11 June 2014 01:40 PM

රටම කැමති අපේ මහ ඇමතිනේ (නි)

:       0       0

කල්ප Wednesday, 11 June 2014 01:41 PM

බලන්නකෝ, හරිම සතුටින් වගෙයි කතා කරන්නේ... (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 June 2014 07:51 PM

මැති ඇමතිවරුන්ට මේ කාලයේ වෙලා තියෙන්නේ මොකක්ද මන්දා? (නි)

:       0       0

රොෂාන් Wednesday, 11 June 2014 01:44 PM

අනේ යන්න මෙතන පච නොකියා... (ස)

:       0       0

ශාන්ති Wednesday, 11 June 2014 01:54 PM

වාසනාවන් ඔබේ දිවිමග වාසනාවන්. (ස)

:       0       0

ජානක Wednesday, 11 June 2014 02:03 PM

රුපියල්.30.00000000. (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 11 June 2014 02:06 PM

අම්මෝ, මෙය දැන් බිල කියන්නත් පටන් අරන්, ඉස්සර සින්දු විතරනේ කිව්වේ. (ස)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 02:09 PM

දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එය රැකගැනීමට නොහැකි වූ අවස්ථා වල පැරණි, වැදගත් ,උගත් දේශපාලකයින් ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වූ අවස්ථා ගණනාවක් මගේ මතකයේ තිබෙනවා.රටේ අවාසනාවට අද දේශපාලකයින්ගේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා (නි)

:       0       0

පිටිගල Wednesday, 11 June 2014 08:07 PM

හපොයි! ඕක අත්හරින්නේ කවුද? (නි)

:       0       0

නීලා Wednesday, 11 June 2014 02:13 PM

බලනකොට වැටුප ටිකෙන් ටික වැඩිවෙලානේ.... (නි)

:       0       0

නිවන්ත Wednesday, 11 June 2014 02:15 PM

නියමයි මහත්තයෝ... (නි)

:       0       0

ජයම්පති Wednesday, 11 June 2014 02:15 PM

නියමයි නියමයි, ඔහොම යමුකෝ. (නි)

:       0       0

ගයාන් Wednesday, 11 June 2014 02:26 PM

පව් අපිත් චන්දෙ දුන්න නේ. (ස)

:       0       0

කසුන් Wednesday, 11 June 2014 02:48 PM

ලජ්ජා නැතිකම මහ ඇමැතිකමටත් වඩා ලොකුයි ලු. ! (ස)

:       0       0

අහිංසා Wednesday, 11 June 2014 08:29 PM

ඔබතුමා ලක්ෂ ගණනක් වියදම් කරලා,මන්ත්‍රීකමත් අත්හැරලා පළාත් සභාවට පත්වෙලා ටික දවසයි.දැන් කියනවා ලබන සැරේ මම ඉල්ලන්නේ නැහැ කියලා. ඇයි එහෙම වුණේ? (නි)

:       0       0

සපුමල් Wednesday, 11 June 2014 02:52 PM

ඉසුරන්දි නම් ඔබට. මහත්මයා, ඔබ දන්නවා වගේ, දැක්කා වගේ ඔවැනි දේ කතා කියන්න එපා. ලෝකයම දුවන්නේ කොමිස් මත තමයි. ඕනෑම රටක බලය සමග එකට යන දේ තමයි අතයට මුදල් හුවමාරුව. නමුත් සියල්ලන්ම එකම මල්ලකට දමලා බර මනින එක හොඳ නැහැ. එතුමා ඔබට මොන වරදක් කලාටද ඔබ එසේ අහන්නේ.? (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 June 2014 03:14 PM

පව් අප්පා, අපේ මන්ත්‍රිලට වැලේ වැල් නැහැ කියල සයිස් එක බලපුවහම පේනවා. (ස)

:       0       0

ශෙහාන් Wednesday, 11 June 2014 03:21 PM

මේ හැම දෙයක්ම හොඳයි එයාගේ අම්මගේ අප්පාගේ බූූූදලෙන් දෙනවා නම්. අහිංසක මිනිස්සු නොකා නොබී හම්බ කරලා ගෙවන බදු වලින් මේවා කරන එක තමයි ප්‍රශ්නේ. ඒ මිනිස්සුන්ට සහන දෙන්න ඕන වෙලාවේ දෙකයි පනහේ වැඩ කරන අයට සලකනවා. (ස)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 03:32 PM

සපුමල්, මම ඔබේ නොදැනුවත්කම ගැන කණගාටු වෙනවා. ලෝකයේ දුෂිත රටවල් තිබෙන බව ඇත්ත. නමුත් දුෂිත නැති, කොමිස් ගහන්නේ නැති, අත යට ගනුදෙනු නැති රටවල් විශාල ගණනක් මේ ලෝකයේ තිබෙනවා. ලංකාවේ මිම්මෙන් ලෝකයේ රටවල් මනින්න එපා. (නි)

:       0       0

ගාමිණී Wednesday, 11 June 2014 03:39 PM

සපුමල්, මහජනතාවගේ මුදල් ගසාකනවා කියන්නේ, අපිට වැරැද්දක් කරනවා කියන එක තමයි. ඒක ඡන්දය දුන් නොදුන් හැමෝටම එකයි. පාට කණ්ණාඩිය ගලවා ටිකක් බලන්න. (නි)

:       0       0

කසුන් Wednesday, 11 June 2014 03:48 PM

මේ ඇත්තටමද කියන්නේ? (නි)

:       0       0

ලතා Wednesday, 11 June 2014 03:50 PM

ඔබ නැති පාර්ලිමේන්තුව වතුර නැති කාන්තාරයක් වගේ වේවි. (නි)

:       0       0

සුජීව Wednesday, 11 June 2014 03:54 PM

සපුමල් කාටද මන්දා කඩේ යන්නේ? (නි)

:       0       0

සරසි Wednesday, 11 June 2014 04:06 PM

සපුමල් අදහස් දමන විදියෙන් මට යම් දෙයක් තේරෙනවා (නි)

:       0       0

සපුමල් Wednesday, 11 June 2014 11:59 PM

මේ දාන ප්‍රතිචාර වලින් පවා මටත් වාසියක් තියනවා. ඒකයි කඩේ යන්නේ. (දී)

:       0       0

අජිත් Thursday, 12 June 2014 12:08 AM

සිරිසේන මහතාගේ ප්‍රශ්නය කාලෝචිතයි අපි කන පරිප්පු ඇටේ ටත් සීයට දෙතුන් සීයක බදු ගෙවනවා.යන වාහන කබලට , බස් එකට වාරයේදී සීයට තුන්සීයක ,හාරසීයක බදු ගෙවනවා. ඊටපස්සේ ඒක දුවන ඉන්දන වලට බදු ගෙවනවා .දුවන බලපත්රේ ඉදන් දඩ කොලේ වෙනකල් බදු ගෙවනවා.අලුතෙන් ගෙයක් හැදුවොත් ගන්න බඩු වලින් සෑහෙන්න තියෙන්නේ බදු. ගෙදරට බඩු මල්ලක් අරන් ගියොත් ඒක නිකන් බදු මල්ලක් වගෙයි . අපි අපේ ජීවිත කාලෙම කරලා තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවපු ඒක නේද සිරිසේන ? (දී)

:       0       0

කෝසල Wednesday, 11 June 2014 04:22 PM

ඔබතුමාට මේ ඇමතිකම ගැළපෙනවා. වැඩ ටික අවසන් කරලා පෙන්නන්න. මහජන සහයෝගය පෙරට වැඩියෙන් ලැබේවි. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 11 June 2014 04:27 PM

අපේ දයාසිරි මහත්තයට ජයවේවා! (නි)

:       0       0

සිරිසේන Wednesday, 11 June 2014 04:37 PM

ශෙහාන්, කියන්න බලන්න ඔයා අවුරුද්දකට කොච්චර බදු ගෙවනවද කියලා? (නි)

:       0       0

චමිලා Wednesday, 11 June 2014 04:39 PM

අනේ පවු, ඔය මුදලෙන් කොහොමද දන්නෙ නැහැ ජිවත් වෙන්නේ? (නි)

:       0       0

සුසිර Thursday, 12 June 2014 01:52 AM

මේ වන විට එතුමාටත් බොහෝ දේ වැටහීලා ඇති. නිලය තිබුනට බලය නැහැ නේද මහත්මයෝ? ඕක තමයි කට්ටියටම තියන පොදු ප්‍රශ්නය. (ස)

:       0       0

දයාල් Wednesday, 11 June 2014 04:40 PM

ඒත් ඉතින් අපි නම් අහලා තියෙන්නේ තණ්හාය ජායතී ශෝකෝ කියලයි (නි)

:       0       0

ධනුක Wednesday, 11 June 2014 04:44 PM

අපිට නම් ඉතින් ඒකේ එච්චර විශේෂත්වයක් නැහැ (නි)

:       0       0

මනෝජ් Saturday, 14 June 2014 09:55 AM

ජනතාවගේ කැමැත්ත වැදගත් නැද්ද (දී)

:       0       0

උපුල් Wednesday, 11 June 2014 04:53 PM

මුතුපලස ටෙලි නාට්‍යයේ ඇමතිතුමාව මට හදිසියේම මතක් වුණා (නි)

:       0       0

කුමාර Wednesday, 11 June 2014 05:54 PM

ඔපමණ පොඩි පඩියකින් ජීවත් වෙන්නේ කොහොමද කියලා කියන්නකො (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 June 2014 06:24 AM

සිරිසේන, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුගේ මාසික වැටුප 12 න් වැඩි කර 4 න් බෙදා 3 න් වැඩි කරන්න. එතකොට ෂෙහාන් ගෙවා ඇති බදු මුදල ගැන ඔබට ආසන්න වශයෙන් අදහසක් ගන්න පුළුවන් වේවි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1361 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 845 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1897 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 485 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2787 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site