IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘ව්‍යවස්ථාව ගැන බොරු බිය එපා‘

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතවත් එළි දක්වා නොතිබියදී බොරු සැකයක් ඇති කර ගෙන එමගින් රටට අහිතකර දේ සිදුවන බව කිම අනුමත කළ නොහැකි බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පැවැසුහ.

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිම යෝජනාවක් ගෙන නොඑන බව ජනපති හා අගමැති කිහිප විටකදි පවසා ඇති බවද මහානාහිමියෝ කීහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද (13) අස්ගිරි මල්වතු මහ නා හිමිවරු බැහැ දැක යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට තර්ජනයක් වන බව හා එමගින් රටට තවත් අහිතකර ප්‍රතිපල උදාවිය හැකි බැවින් ඒ පිළිබද මහානාහිමිවරු ඇතුළු සංඝරත්නය දැනුම්වත් කිරීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එසේ අදහස් පළ කළහ.

යෝජිත ව්‍යවස්ථාව මහජනතාව හමුවේ තබා කරුණු විමසා සකසන බැවින් දැන්ම ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නැති බවද මහානාහිමියෝ එහිදී පැවැසුහ.

web2-L-IMG_3021 web6-IMG_3046 web10-IMG_3062



අදහස් (0)

‘ව්‍යවස්ථාව ගැන බොරු බිය එපා‘

හර්ෂ Wednesday, 14 September 2016 04:18 AM

මාර්තුවේ පාර්ලිමන්ට් එකට ගෙනාපු අතුරුදහන් වුවන්ගේ පනත සම්මත කළේ මාස ගානකට පස්සේ..එතකන් විමල් මහත්තය මීක් නැහැ...ගේන දවසේ මැදට පැනලා විවාද කරලා සංශෝධන කරගන්න තිබුන අවස්ථාවත් නැති කළා ... ඉස්සර පනත් ගෙනාවේ මහනායක හිමිවරුන්ට ඉදිරිපත් කරලානම් ..හිමිවරු එපා කියද්දී රේස් පැද්දේ , ෆොන්සේකව හිරේ දැම්මේ තියෙන ගෞරවයට වෙන්න ඇති නේද ..(බ)

:       0       0

සජී Tuesday, 13 September 2016 10:40 AM

මේ තරම් දේවල් කෙරුවේ ජනතාවගෙන් අහලද.? (ර)

:       0       0

කසුන් Tuesday, 13 September 2016 10:53 AM

සුසන්ත , ඔයා කියන්න ඕනේ දේ හරියටම කියල තියෙනවා. (ර)

:       0       0

සමන් Tuesday, 13 September 2016 10:48 AM

ජනතාව අතර බොරු බය ඇති කරගන්න ගිහින් ලැජ්ජ වෙලා එනවා. (ර)

:       0       0

විපුල Wednesday, 14 September 2016 04:31 AM

සිංහල අපට මෙම ව්‍යවස්ථාව වෙනස් කරන්න වුවමනාවක් හෝ දැවෙන ප්‍රශ්නයක් විදිහට තියෙන ව කියල ඔබ වහන්සේ හිතනවද. අනෙක ජනපති අගමැති කියනදේ කරනවා කියල සහතික කරන්නේ කොහොමද? බදු මිල අඩු කරනවා කියල නව භාණ්ඩ හා සේවා වලට ගැහුවා. වැට් වැඩිකළා .මේවා කළේ අපිට කියලද අපේ හාමුදුරුවනේ. (බ)

:       0       0

රටගෙදර Wednesday, 14 September 2016 04:39 AM

අර මිනිහෙක් පිරිකර ගෙනියන විදිය (බ)

:       0       0

රන්සි Wednesday, 14 September 2016 04:45 AM

බයටම වගේ විමල්ට දිවා රෑ දෙකේම පේන්නේ සිදුනොවෙන මහා භයානක දේවල්. ඉතින් රටටම ඇහෙන්න කොහෙහරි කියනවා ඔහොම වේවි ,මෙහම වෙවිලු කියල. ඇරත් අනිත් අයට වඩා කැපිල පේන්නත් අාසය් නේ. (බ)

:       0       0

අමල් Tuesday, 13 September 2016 11:08 AM

ව්‍යවස්ථාව තුල රටට අහිතකර දේ ඇත්නම් ඒවා ගැන සොයා බැලිය යුතුය. (ර)

:       0       0

අතුරා Tuesday, 13 September 2016 11:24 AM

හොද වැඩේ නැති බිල්ලෝ මවනවට. (ර)

:       0       0

හසිත Wednesday, 14 September 2016 05:05 AM

සුසන්ත අතුරු දහන වුවන්ගේ පනත පර්ලිමන්තුවේ අනුමත වීමට පෙර ඕනෙම කෙනුකුට විරුද්දව අධිකරණයට යාමට අවස්ථාවක් තිබුණි ඔය අද සිංහලයන් වනුවෙන් පෙනී එන්න හදන අය මොනවද කළේ ?පනත පර්ලෙමෙන්තුවට අ දවසට බොරු විගඩම කරලා තමාගේ යුතු කම ඇත හැරෙයි නැද්ද ? මොන පනත් අවත අනුමත වුණත් පැවැත්ම අත්තේ ජනතාවගේ අතේ බිය නොවන්න .18 අටවෙනි සංශෝධනය අනුමත වුණේ අතිබහුතරයක් මගියා පැවතුනේ දින කියාද ? (අ)

:       0       0

බුද්ධික Tuesday, 13 September 2016 11:36 AM

තාම සම්මත කරලා නැති දෙයක් ගැන මිනිස්සු අවුස්සන්න හදනවා. අහිතකර දේ ඇත්නම් ඒවා වෙනස් කල යුතුයි. (ර)

:       0       0

අර්ජුන Tuesday, 13 September 2016 11:37 AM

දැන් සතුටු ද.? අපරාදේ ගිය පිරිසගේ වියදම... (ර)

:       0       0

රජිත් මංජුල වර්ණසුරිය Tuesday, 13 September 2016 11:52 AM

විමල් වීර වංශ කියන්නේ තල් අත්ත යට ඉන්න හාවෙක්... (ර)

:       0       0

රුවන් Tuesday, 13 September 2016 12:20 PM

ඉස්සර මොනවා පාර්ලිමේන්තුවට ගෙනාවත් ඊට කලින් මහනාහිමිවරුන්ගෙන් අනුමැතිය ගන්නවා බොරු බිය එපා නම් ඒ කෙටුම්පත් ඔබ වහන්සේලා ගෙන්නාගෙන බලල රටට කියන්න මේකෙන් අනතුරක් නෑ කියල එහෙම නැතිව ජනතාවට කියන බොරු බිය එපා කියල (අ)

:       0       0

දසනායක Wednesday, 14 September 2016 05:35 AM

වීරවන්ශලා හදන්නේ මොන බොරුව හරි කියල බොරු බිල්ලෝ මවල පවතින ආණ්ඩුව අපහසුතාවයට පත්කරලා වාසි ගන්න. (රේ)

:       0       0

ගයාන් Wednesday, 14 September 2016 05:52 AM

දැනටම මොන තරම් රටට ,ජාතියට හා හමුදාවලට එරෙහිව වැඩ සිද්ධ වුනාද ? හමුදුරුවරු මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා .අනේ අපට වුණු විපත . මහින්ද පරාජය වීමෙන් පසු නාහිමි කීවේ නැවත රාජපක්ෂලාට බලයට එන්න ඉඩක් නොතබන ලෙසය (බ)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 14 September 2016 05:57 AM

ඔබ තුමන්ලාට හැකි පමණින් මේවාට විරුද්ධ වෙන්න. දෙයක් වෙනකන් බලා නොසිට ඒ ගැන සොයා බලා දැනුවත් වෙන්න. එ්ක ඔබ වහන්සේලගේ වගකීමක්. (බ)

:       0       0

බමුණු Wednesday, 14 September 2016 05:55 AM

ව්‍යවස්ථාව ගැන බොරු බිය එපාලු අනේ අපට තිබෙන්නේ ඇත්ත බයක් සිදු වෙන්න යන දේවලට. බොරු බියක් නොවෙයි ඇත්ත බියක් පන්සල් විනාශ කොරගෙන සිංහලයින් පන්නා ගන්න කරන මේ උත්සාහයට ඔබවහන්සේලා නිහඬව සිටීමෙන් පෙනෙනවා වෙන්න යන්නේ මොනවද කියා එ්කටයි බය .(බ)

:       0       0

බමුණු Wednesday, 14 September 2016 06:04 AM

ඔබලාට බැරිනම් අපට පුළුවන් විසඳ ගන්න ජේ ආර් මහතා වගේ සුමානයකට පොලිසියට නිවාඩු දෙන්නකෝ. (බ)

:       0       0

ලක්සිරි Tuesday, 13 September 2016 12:51 PM

සමහර මානසික අඳ බාලයින්ට බිල්ලෝ පෙන්වලා පහසුවෙන් බය කරනවා වගේ, මහා නායක හාමුදුරුවන්වත් බිල්ලෝ පෙන්නලා බය කරන්න පුළුවන් කියලා වෙන්න ඇති එතුමා හිතාගෙන ඉන්න ඇත්තේ. අනේ පව්! (ර)

:       0       0

රාජපක්ෂ Tuesday, 13 September 2016 01:43 PM

සුසන්ත ඔබ හරියටම හරි. නියම ශ්‍රිලංකිකයෙක් රටට ආදරය කරන කෙනෙනෙකුට විතරයි ඕක තේරෙන්නේ . (අ)

:       0       0

රත්නායක Tuesday, 13 September 2016 01:41 PM

මෙතන බොරු බිල්ලො මවන්නෙ නැති බව ඔහුගෙ විස්තරය දෙස බලන විට පේනවා. හොඳ දේවල් වලට ඔහුගේ විරෝධයක් නැති බව කියන වනෙ.මේ ගැන අපි අවධියෙන් සිටිය යුතු බව නම් වෙච්ච දෙවල් දිහා බලනකොට පේනවා. (අ)

:       0       0

ඇසළ Tuesday, 13 September 2016 01:49 PM

දැනට රටේ තියන එකම හදිසි එකම ප්‍රශ්නේ අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාල පනත සහ අලුත් විවස්තාවද ? පෙරහැර ගිහින් ඉවරයි බෙර කාරයෝ ලැහැස්ති වෙන කොට. (අ)

:       0       0

බමුණුසිංහ Tuesday, 13 September 2016 03:38 PM

බුද්ධික සම්මත කරලා නම් විරුද්ධවෙලා මොනවා කොරන්නද (අ)

:       0       0

බමුණුසිංහ Tuesday, 13 September 2016 03:40 PM

මට මතක් වෙන්නේ ජෝන් කොතලාවල මහතාව (අ)

:       0       0

ජෙනිෆෙර් Tuesday, 13 September 2016 06:57 PM

සුසන්ත අතුරුදහන් වූ අය ගැන හොයන එක වැරදිද ?උතුරේ හෝ දකුණේ යුද්දයෙන් ඒ වගේම කැරලි කෝලාහල වලිනුත් සුදු වැන් වලිනුත් අතුරුදහන් වූ අය ගැන හොයන එක වැරදිදද? උතුරේ හෝ දකුණේ තුරුදහන් වුනු අයගේ දෙමවුපියන්ට බිරින්දන්ට දරුවන්ට තමන්ගේ ආදරණීය පියා හෝ සහෝදරයා අතුරුදහන් වුනේ කොහොමද කියල දැනගන්න එක අසාධාරණද ?තම පවුල්වල අය ජීවත් වුනේ තරුදහන් වුනු අය උපයපු දෙකින් නම් මේ පවුල් කොතරම් අගාදයකට වැටෙන්න ඇද්ද ? සුසන්ත හැම දේම දේශපාලන පක්ෂ භේදයෙන් බලන්න එපා .හැම රට වැසියෙකුටම සාධාරණය නීතිය හැම අයිතිවාසිකමක්ම සමානව ලැබිය යුතුයි .ඔබ ලගදීද නින්දෙන් නැගිටුනේ ? ඉස්සර 18 වෙනි වියවස්තව වගේ දේවල් මේ හාමුදුරුවන්ගෙන් රටවැසියන්ගෙන් අහලද සම්මත කරගත්තේ ?(රේ)

:       0       0

මහේෂ් Tuesday, 13 September 2016 07:08 PM

මල්වතු නායක හාමුදුරුවෝ කවදත් කෙලින් කතාකරන්නේ.විමල් රටේ ඉන්න බව පෙන්නනවාද මන්ද?(රේ)

:       0       0

සෝමා Tuesday, 13 September 2016 08:48 PM

සුසන්ත ඔබේ කතාව අපි අනුමත කරනවා (අ)

:       0       0

විජේ Tuesday, 13 September 2016 10:45 PM

මේ අය බලන්නේ මිනිස්සු අවුස්සලා තමන්ගේ ගොඩට මිනිස්සු පොලඹවාගෙන තවත් වන්ජබෙන්න. පෙනවනේද ඇමැතිවෙලා ඉන්න කලේ මිනිස්සුන්ගේ සල්ලි පව්ලේ කට්ටියටයි, හෙංචියලට බෙදල තියෙන හැටි (අ)

:       0       0

රොකී Wednesday, 14 September 2016 12:27 AM

රාජපක්ෂ මහත්තයෝ, රටට ආදරේ ගැන කතාකරන සමහර මිනිස්සු කටින් විතරයි - මහා බොරුකාරයෝ. තමන්ගේම මවුපියන්ට අඹු දරුවන්ට, සහෝදර සහෝදරියන්ට පවා ආදරේ නොකරන සමහර නරුමයොත් රටට ආදරේ කියලා මහා පුරාජේරු කියනවා. මොකද්ද හැබැට අපටත් කියල දෙන්නකෝ ඔය `රටට ආදරේ කොරනවා` කියන්නේ? (රේ)

:       0       0

අනුල Wednesday, 14 September 2016 01:02 AM

එහෙනම් අර එක්කෙනෙක් කියල තිබුනේ හාමුදුරුවන්ට ජාතිය ගැන කතා කිරීමට අයිතියක් නැහැ කියල (බ)

:       0       0

චතුරි Wednesday, 14 September 2016 01:10 AM

පිරිකර පූජා කරලා කොටවන්න ලෑස්තිවුනේ මේ නඩේට හොදට පුරුදුයි මේ වගේ වැඩ කරලා (බ)

:       0       0

සුනිල් Wednesday, 14 September 2016 01:17 AM

මතකනේ විරවංශ මහත්තය කැගහපු හැටි. ඒව හරිනම් මහින්ද මහත්තය විදුලි පුටුවට ගිහිල්ල ඉවරයි. බොරු භය ඇති කරලා කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ . මෙයා 19 ටත් විරුද්ධ වුනානේ (බ)

:       0       0

රවීන් Wednesday, 14 September 2016 01:42 AM

නායක හාමුදුරුවනේ මේවගේ තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිසුන්ව හමුවී ඔබ වහන්සේගේ වටිනා කාලය නිකරුනේ කාදමන්න ඉඩ නොදෙන්නේනම් මැනවි. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 14 September 2016 01:58 AM

රට ගිනි තියන අයට ඇත්ත පෙන්නා දීම ගැන පින්සිදු වේවා. ඉන්දියාවට පාලමක් හදනවා කියලා මිනිස්සු කුලප්පු කළේ මෙයා නේද (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 14 September 2016 02:00 AM

අනිල් ආගමික නායකයන්ට තීන්ත ගාන්න එපා. (බ)

:       0       0

සුසන්ත Tuesday, 13 September 2016 10:28 AM

හාමුදුරුවනේ, අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාල පනත වගේ දේවලුත් ජනතාව ඉස්සරහට දාල කරුණු විමසලද සැකසුවේ? මිනිස්සු ඒ ගැන දැනගන්න, සමාජයේ ඒ පනතේ දුර්විපාක ගැන කතිකාවතක් ඇතිවෙන්නත් කලින් නේද කඩිමුඩියේ දාල සම්මත කරගත්තේ? පාට කොළ වුනාට ටිකක් රට ගැනත් හිතන්න. මේ නව ව්‍යවස්ථාවත් මිනිස්සු දැන ගන්නත් කලින් තමයි දවසින් දෙකෙන් සම්මත කර ගන්නේ. කර ගත්තට පස්සේ සිංහලයට පුළුවන් හුල්ල හුල්ල ඉන්න ඉස්සරහට. (බ)

:       0       0

අනිල් Tuesday, 13 September 2016 10:30 AM

රට ගැන දෙයක් කතා කරනවානම් අස්ගිරි පන්සලට විතරක් ගියාම ඇති. මල්වතු පන්සලේ දාන්නේ කොළ කොඩිනේ. (බ)

:       0       0

සංජීව Thursday, 15 September 2016 10:12 AM

ඔබ වහන්සේ හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 471 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 585 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 615 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 565 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 361 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site