IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ව්‍යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක්

ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අද මහරගම දී පැවැත්වුණු අතර ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී තුන්වන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියෝ කීහ.

මෙහිදී කරුණු හතකින් යුත් යෝජනාවලියක් සම්මත කර ගැනුණු අතර රාජ්‍ය පාලනය, සංස්කෘතිය, බෞද්ධ සිංහල උරුමය ආදී කරුණු එමඟින් ඉස්මතු කර තිබුණි. සංවත්සර සැමරුම වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.

_DSC0005 _DSC0025 _DSC0032 _DSC0048 _DSC0071 _DSC0097 _DSC0102 _DSC0114 _DSC0118 He



අදහස් (0)

ව්‍යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක්

රෝහණ Monday, 20 October 2014 02:49 AM

අවුරුදු 10 කුත් ගෙවුනා. තාම ධර්ම රාජ්‍යය හදාගන්න බැරිවෙන්න ඇති. තව කොච්චර කාලයක් ඕනෙද අපේ හාමුදුරුවනේ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 20 October 2014 03:18 AM

මහින්ද මහත්තය බලයට එන එක නතර කරන්න කාටවත් බැහැ,,ඒ මේ රටේ බහුතරය තාමත් එතුමාව විශ්වාස කරන නිසා..මේ කප්පන් ගන්න උත්සහ දැරීමේ අවසාන ප්‍රතිපලය හෙළ උරුමය ඉදිරියේදී සමජය ඉදිරියේ විහිළුවක් බවට පත් වීම පමණයි. මහින්දව පරදවන්න අවශ්‍ය දෙස් විදෙස් බලවේග වලට ඔක්සිජන් දෙන්න හදන්නේ නැතුව රජය නිසි මගට ගැනීමට උත්සහ ගන්න.නැත්නම් මහින්ද මහත්තය පරදිනවා කියන්නේ පරද්දනවා කියන්නේ ඔබ අපි සැම පැරදීම පමණයි.. (ස)

:       0       0

ලෙස්ලි Monday, 20 October 2014 03:29 AM

අවුරුදු 36ක් තිස්සේ අපි විධායක ජනාදිපති ක්‍රමය නමැති හූනියම ඉවත් කරගන්න දඟලනවා.හෙළ උරුමයට එම පිංකම කරන්ට හැකිවේවා. (ස)

:       0       0

දම්මික Monday, 20 October 2014 09:42 AM

ඡන්දේ හම්බවෙයිද?(හේ)

:       0       0

රාමා Monday, 20 October 2014 03:40 AM

මොනවා කළත් වැඩක් නෑ. මීළඟ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මයි..(ස)

:       0       0

ගයාන් Monday, 20 October 2014 03:47 AM

රත්න හිමි කියනවා හෙළ උරුමය ඉල්ලීම් ඉටු නොකලොත් මහින්දව පරද්දනවා කියල. ඔය ඉල්ලන දේ සියල්ල දෙන්න සුදානම් නෑ. ඒක රාජ්‍ය නායකයකුට කරන්න බෑ. එසේනම් තුන්වෙනි අපේක්ෂකයා ද රනිල් බලයට ගෙනෙන්න.එතකොට සංගයට පෙනේවි රට පිවිතුරු වෙන හැටි. (ස)

:       0       0

ලංකා තිලක් Monday, 20 October 2014 03:52 AM

මහින්ද මහත්තයව හදාගෙන මහින්ද මහත්තයත් එක්ක ගමන යන්නේ නැතුව මේ රටට වින කටින්න බලාගෙන ඉන්න අයට ඒකට ඉඩ ප්‍රස්තා හදල දෙන්න උත්සහ ගත්තොත් අද ඔය නමට හරි තියෙන බලවේගයට මිනිවලත් ඒ එක්කම කපාගෙන වැලලෙන්න තමයි වෙන්නේ..මේවා කරන්න තිබුනේ කලින්.. මේ වෙලාවේ මේ කරන්න හදන්නේ කප්පන් ගැනීමක්.ජාතික මැතිවරණයක උණුසුම දැනෙද්දී කප්පන් ඉල්ලන්නේ සුළු ජාතික අන්තවාදී ජාතිවාදී දේශපාලන පක්ෂ..ඒ තත්වයට හෙළ උරුමය ඇද දමන්න එපා.මේකෙන් කරන්නේ අන්තවාදීන් ජාතිවාදීන් ශක්තිමත් කරවීමක්...මහින්ද මහත්තය බලයට එන එක නතර කරන්න කාටවත් බැහැ,,ඒ මේ රටේ බහුතරය තාමත් එතුමාව විශ්වාස කරන නිසා..මේ කප්පන් ගන්න උත්සහ දැරීමේ අවසාන ප්‍රතිපලය හෙළ උරුමය ඉදිරියේදී සමජය ඉදිරියේ විහිළුවක් බවට පත් වීම පමණයි. රතන හාමදුරුවන්ගේ එදා කරපු කතාව සුදුසු කතාවක් නෙමෙයි.. මහින්දව පරදවන්න අවශ්‍ය දෙස් විදෙස් බලවේග වලට ඔක්සිජන් දෙන්න හදන්නේ නැතුව රජය නිසි මගට ගැනීමට උත්සහ ගන්න.නැත්නම් මහින්ද මහත්තය පරදිනවා කියන්නේ පරද්දනවා කියන්නේ ඔබ අපි සැම පැරදීම පමණයි.. (ස)

:       0       0

දයා Monday, 20 October 2014 03:55 AM

ලෙස්ලි කියන පිංකම කරන්න යන්නේ ඩොලර් ගිලින පඹයෝ උඩට ගන්න , හුනියම නිසා පාර්ලිමේන්තුවට අාපු හැටි , වැජඹෙන හැටි මතක නැහැ , රතන සාදු ඕකද අදහන ධර්මය ? (ස)

:       0       0

නිමල් Monday, 20 October 2014 03:58 AM

අඩුම ගානේ නිකාය භේදයවත් නැතිකර ගෙන ඉල්ලුව නම් හොඳයි. (ස)

:       0       0

සුජිත් Monday, 20 October 2014 04:10 AM

හොඳ වැඩ පිළිවෙලක්. (ස)

:       0       0

කොළින් Monday, 20 October 2014 04:19 AM

මේ කට්ටියට තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න මිසක් රටේ ප්‍රශ්න විසදන්න ඕනි කමක් නෙමේ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 20 October 2014 04:20 AM

අදීන රටක්, සීලාචාර සමාජයක් මේ රජය යටතේ ඒක බිහි කරන්න බැරිවූ බව දැන්ද දන්නේ? එතකොට " බෞද්ධ රාජ්‍යය" ඒකට මොකද උනේ? ඒක දැන් හරිද? අනේ බොරු නොකර ඉන්නවල. හෙට අනිද්දා වෙනකොට මහින්ද මහත්තයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා නොකිව්වොත් මෙන්න කැට. (ස) .

:       0       0

රූපවති Monday, 20 October 2014 04:21 AM

බුදුන් වහන්සේ මුළු ශ්‍රේෂ්ටතම නායකයෙක් වෙලා එදා මිනිසුන්ගේ ජීවිත ගලවාගෙන දුකින් මුදවාගත්ත, ධර්මයේ හැසිරෙමින් ..! චීවරධාරියෙක් රට පාලනය අතට ගත්තොත් මිස, ඔය චීවරයට මුවාවෙලා එලියට පනින්න බලානින්න අයට නම් මේ රට කල්පයකයටවත් ආපසු අදින්න බැරි තරමට විනාශ කරලා ඉවරයි .(අ)

:       0       0

චාන්දනී Monday, 20 October 2014 04:53 AM

රතන හාමුදුරුවන්ගේ කියමන හරියටම හරි.(හේ)

:       0       0

අරුණ Sunday, 19 October 2014 02:52 PM

ඔබ තමයි මේ රට බේරාගන්න පැමිණි දෙවිවරු (නි)

:       0       0

ජිනේන්ද්‍ර Monday, 20 October 2014 04:55 AM

අපිට ආණ්ඩු පෙරලන්න ඕනි නෑ. රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. නැත්තම් සහෝදර සංග්‍රහ, පරපුර සංග්‍රහ, ජාවාරම් හා අනෙකුත් රටට නොහොබිනදේ සිදුවීම් වැඩියි. දැන් පේනවනේ යුද්ධය ඉවර වෙලත් ජිවන වියදම වැඩියි.(හේ)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 03:01 PM

කාලයක් ටිකක් මැලවිලා හිටියා. දැන් නැවතත් පෙරට ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

අපොන්සු Sunday, 19 October 2014 03:01 PM

මේ රට තුළ නැවත ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 19 October 2014 03:02 PM

සංඝයා වහන්සේලා බොරු නොකිවුවත්,දේශපාලකයින් නිසා අපිට ඔය කතා විශ්වාස කරන්නම අමාරුයි. (නි)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 19 October 2014 03:03 PM

කොහොම වුණත් ඔය කියන මොන පොදු අපේක්ෂකයත්, බලයට ආවම වෙනසක් නැතිවෙයි. (නි)

:       0       0

ගුණරත්න‍ Sunday, 19 October 2014 03:15 PM

රටේ විශාල විනාශයක් කරන්නද කට්ටියම උත්සාහ කරන්නේ? මේකෙන් වෙන්නේ ජාතීන් අතර විශාල ගැටුමක් ඇතිවෙන එක නේද? (නි)

:       0       0

රජින්ද Sunday, 19 October 2014 03:38 PM

හෙළ උරුමයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

Gamini Sunday, 19 October 2014 03:43 PM

සිංහල බුද බලවේගයක් ගොඩනගමු, සුළු ජාතින් ආරක්ෂා කල හැක්කේ එවැනි බල්වෙගය්ක්ටයි. මෙයට මාදුළුවාවේ හාමුදුරුවොත් එකග කර ගතහොත් හොඳයි. අපේ පුර්ණ සහයෝගය වැනි බලවේගයකට පමණයි. දැන් යන හැටි හොඳ ණෑ.

:       0       0

කොඩිතුවක්කු Sunday, 19 October 2014 03:43 PM

අවසරයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහස්න්සේලා ඇතුළු පිරිවර නිසි වෙලාවට නිසි දෙය කරන බව ලංකික සමාජයම බලහිටිය.. දැන් අනිත් ලාංකිකයන්ට කියන්න තියෙන්නේ රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්තනම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක්වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගෙහිලද සිංහලුනේ " කියල .....

:       0       0

වසන්ති Sunday, 19 October 2014 03:46 PM

රත්න හාමුදුරවො වටා එකතුවෙමු. අනිත් දෙකම අපට වැඩක් ණෑ. උනු වැරදි වලට ජනතාවගෙන් සමාව ගනිමු. කැසිනෝ,තැබෑරුම්, කැරෝකේ සුද්දෝ එපා. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 19 October 2014 03:47 PM

ලංකාවේ හැම වෘත්තීය සමිතියක්මත් බොහෝ දේශපාලන පක්ෂත් කල දුටුකල වල ඉහ ගන්න ප්‍රතිපත්තියේ ඉන්න බවක් පෙනේ. ඔය යෝජනා ඉල්ලීම් කරන්න තිබුනේ මැතිවරණයක් ප්‍රකාශ කරන්න කලින්. අර විමල් වීරවංස කළා වගේ. අපි ජාතිවාදී නොවී සියලු ජාතින් එක්වී යලි නැගිටින්න හිස ඔසවන්න පුලුවන් රට බේරාගත හැකි විස්වාසවන්ත නායකයා ආරක්ෂා කරගත යුතුයි (නදී)

:       0       0

තිළිණ Sunday, 19 October 2014 04:14 PM

ජේ.වී.පියත් අධි තක්සේරුවක ඉඳල තමයි අන්තිමට හොට බිම ඇන ගත්තේ. (නදී)

:       0       0

සුදේශ් Sunday, 19 October 2014 04:31 PM

සිංහලයෝ ඔබලා සමගයි (නදී)

:       0       0

සම්පත් Sunday, 19 October 2014 04:48 PM

ඔබලා වෙනම ඡන්දෙ ඉල්ලුවොත් අපේ ජනාපති අනිවාර්යෙන් පරදිනවා. එනිසා විපක්ෂයට ඔක්ෂිජන් දෙන්න යන්න එපා (නදී)

:       0       0

නිශාන්ත Sunday, 19 October 2014 04:50 PM

ඉතාම හොද වැඩක් වෙනම ඉල්ලන එක. මොකද එතකොට පුළුවන් තමන්ට රට තුල තිබෙන නියම ජන්ද ගනන බලා ගන්න. වඩාත්ම සුදුස්සා වෙන්නෙ රතන හාමුදුරුවො තමයි. මොකද උන් වහන්සේ ප්‍රසිද්ධ චරිතයක්නේ? ප්‍රසිද්ධ වගේම ජනප්‍රියද කියලා දැනගන්නත් පුළුවන් එතකොට. නැත්නම් වාරියපොල ක‍ෙල්ල, රත්නපුරේ පොලීසියෙන් ගුටිකාපු ලඳත් ප්‍රසිද්ධයිනේ. ඒත් ජනයා ප්‍රිය කරන්නෙ නැහැනෙ? මම හිතන්නෙ නැහැ අමාත්‍යංශය මාරු කරපු තරහට ප්‍රාඨලී ඇමතිතුමා ඉදිරිපත් වේවි කියලා. හැබැයි පස්සේ අර බංකොලොත් අය වගේ කම්පියුටර් ජිල්මාට් කියන්න නම් එපා. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Sunday, 19 October 2014 05:33 PM

ඔබ වහන්සේලා රට නැවුම් මාවතකට හරවන්න සැරසෙනකොට යුරෝපා සංගමයත් කොටින්ට නැවුම් මාවතක් සොයා දෙන්න උත්සාහ කරනවා. දැනටමත් තහනම ඉවත් කරලලු. විධායක බලතල ඉවත් කරන එක තව ටිකක් පමා කළොත් නරකද ස්වාමින් වහන්ස? (නි)

:       0       0

විමලසාර හාමුදුරුවෝ Sunday, 19 October 2014 05:36 PM

මොනදේ කළත් අපේ සෝම හාමුදුරුවන් වහන්සේව නම් මේවාට ගාවාගන්න එපා කියලා හෙළ උරුමයෙන් මම ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

අනුර Sunday, 19 October 2014 06:19 PM

ලංකාවේ දේශපාලනය විශ්වාස කරන්න අමාරුයි. දැන් මේකත් ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක් කියලා කවුරුහරි කියන්න බැරි නැහැ. බලන්න වෙන්නේ මොකක්ද කියලා අවසානයේදී. (නි)

:       0       0

දයාල් Sunday, 19 October 2014 06:40 PM

රතන හාමුදුරුවනේ, ඔහොම කරන්න එපා (නි)

:       0       0

ජයරත්න Sunday, 19 October 2014 07:38 PM

ඔබ වහන්සේගේ ව්‍යවස්ථාවට අපගේ පූර්ණ සහයෝගය පළකර සිටින අතර ඔබ වහන්සේ රට ජාතිය වෙනුවෙන් ගෙනයන සටනට අපේ ප්‍රණාමය පුදකර සිටිමු (නි)

:       0       0

සමීර Monday, 20 October 2014 07:06 AM

2550 ක් ඉතිහාසය තවදුරටත් රැකගැනීමට පැමිණි දෙවිවරු. අපි මුලින් රට නැවත වරක් බේරාගෙනම සිල් රකිමු. මුලින් අපේ ලංකා අම්මා බේරාගෙන ඉදිමු අපේ හාමුදුරුවනේ.(හේ)

:       0       0

කුමාර Sunday, 19 October 2014 08:57 PM

අපි හැමදාමත් හරි තැන හිටියා. මේ වෙලාව හොඳ අවස්ථාවක් (නි)

:       0       0

ටෙරාන් Sunday, 19 October 2014 11:25 PM

මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් (නි)

:       0       0

ගාමිණී Monday, 20 October 2014 12:26 AM

කෝ මේ සෝභිත හාමුදුරුවොයි එල්ලාවල හාමුදුරුවොයි (නදී)

:       0       0

හෂාන් Monday, 20 October 2014 12:37 AM

බලමුකෝ එහෙනම් එහෙමවත් කරලා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 20 October 2014 12:38 AM

මෙම ආණ්ඩුවට තිබෙන ඡන්ද කැඩීයාමෙන් වෙන කවුරුහරි බලයට ආවොත් මොකද හාමුදුරුවෝ කරන්නේ? (නි)

:       0       0

ගයාන් Monday, 20 October 2014 12:55 AM

ශීලාචාර සමාජයක් බිහි කරන්නද කැසිනෝ විවාදේ චම්පික මහත්තයා මුලදී මග හැරියේ (නදී)

:       0       0

නාලි Monday, 20 October 2014 01:05 AM

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගැටළු සහගත තැන තිබෙනවා. ඔය ගොල්ලෝ ආයෙත් ඇමති පට්ටම් දුන්නාම ආණ්ඩුවේ. (නදී)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Monday, 20 October 2014 08:59 AM

රූපවති නැන්දේ , බුදුහාමුදුරුවන් කිසි දිනක දේශපාලනයට හෝ රටේ බලයට කිසිම විදියකින් ගෑවුනේ නැහැ. බුදුන් කලේ මිනිසුන් අතරට ගොස් සසරින් ගොඩ වීම ගැන තේරුම් කරදීමත්, නිවනට මග පාදා දීමත්. මෙකල බුද්ධ පුත්‍රයන් කරන්නේ , රටේ දේශපාලනය සහ තමන් අකමැති රජයන් පෙරලා දෙමිම හෝ තමන් හරි කියනා විදියට ( බෞද්ධ දර්ශනයට පටහැනිව ) කටයුතු කිරීමත් පමණි. බුදුන් වහන්සේ දේශනා කල පරිදි කිසි දෙයක් ස්ථිර නැහැ. මගේ හෝ අපගේ කියා කීමට කිසි දෙයක් නැහැ. ඔක්කොම අස්ථිර දේවල්. එනිසා ඔබ තුමාලට තිබෙන එකම දෙය සිවුරේ සහ බුදු දහමේ ගෞරවය රැකගෙන දේශපාලනයෙන් ඉවත්වී , ජනතාව අතරට ගොස් ජනතාව මත් කුඩු වලින් මත් පැන් වලින් සුදුවෙන් සහ නොකටයුතු දේවලින් දැනුවත් කර ජනතාව නියම බෞද්ධයන් කිරීමයි. මෙය මෙසේ ලිව්වට බොහෝ දෙනෙකුට රිදෙනව බව දනිමි. එහෙත් තිත්ත ඇත්ත මෙයයි. මට සමාවනු මැනවි (නදී)

:       0       0

බන්දු Monday, 20 October 2014 02:21 AM

ඇත්ත වශයෙන්ම ජනාදිපතිවරණය එපා. ව්‍යවස්තා වෙනසක් ඕනා. මැතිවරණය එකවර තබන්ඩ. 17ඕනා. මේවා විය යුතු වැඩ. ජනාදිපතිතුමා ඇහුන්කන් දේවි. හේතුව ජනතාවගේ සාදාරණ ඉල්ලිම් මේවා. අපේ හාමුදුරුවනේ ඔබේ අපේක්ෂකයා අනිවාර්යෙන් දිනනවා. (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 20 October 2014 02:26 AM

මේවා කරන්න තිබුනේ කලින්. මේ වෙලාවේ මේ කරන්න හදන්නේ කප්පන් ගැනීමක්. ජාතික මැතිවරණයක උණුසුම දැනෙද්දී කප්පන් ඉල්ලන්නේ සුළු ජාතික අන්තවාදී ජාතිවාදී දේශපාලන පක්ෂ. ඒ තත්වයට හෙළ උරුමය ඇද දමන්න එපා. මේකෙන් කරන්නේ අන්තවාදීන් ජාතිවාදීන් ශක්තිමත් කරවීමක්.(නදී)

:       0       0

රෝහණ Monday, 20 October 2014 02:30 AM

ජාතික නිදහස් පෙරමුණ(වීරවංස) හෙළ උරුමය තනියම තරඟ කලොත් තමන්ටම බලා ගන්න පුළුවන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට තනියම ඉල්ලුවොත් සන්දානගතව ඇරෙන්න මොකුත් කරන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් නම් තනියෙන් ජනාධිපති වරණයට ඉදිරි පත් වෙලා ඡන්ද ලක්ෂ 10 අරන් පෙන්වන්න. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 02:35 AM

ව්‍යවස්ථා සංශෝධනය කල යුතු දෙයක් උනත් ආගමත් රට පාලනයත් එකට පටලවා ගත්තොත් අපි ඔක්කොම අමාරුවේ. (නදී)

:       0       0

මංගල Monday, 20 October 2014 02:39 AM

මොන කප්පමක්ද ? බලය තිබෙන අයට තමන්ට ඕන උපාය මාර්ග මැතිවරණය වෙනුවෙන් අරගන්න පුළුවන් නම් ඇයි සුළු පක්ෂ වලට එපා කියන්නේ. (නදී)

:       0       0

ලාල් මොරායස් Monday, 20 October 2014 02:40 AM

මේක ජනාධිපතිවරණය. ඒකවත් තේරෙන්නේ නැද්ද මේ අයට. එජාපෙ පොදු අපේක්ෂකයා හෝ රනිල් එක්ක මහින්ද ගේ තරගය තමා මේක පුරාම තියෙන්නේ. අනිත් ඔක්කොම හොල්මන් අවතාර. සමානුපාත ක්‍රමය ජනාධිපතිවරණයට නැති නිසා මේගොල්ලන්ට දාන ඡන්ද සේරම අපතේ. ඉල්ලන්න ,ඉල්ලන්න එතකොට ඔය මහා බලවේගේ එක්ක කීදෙනෙක් ඉන්නවද කියල ඔය අයටම බලාගන්න පුළුවන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 67 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 496 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 249 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 359 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1120 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2908 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site