IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


“ව්‍යවස්ථා සංශෝධනයේ ටීඑන්ඒ වගකීම් 90%ක් ඉවරයි“

රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ අවසන් වී ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසීය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයයේදී ඔහු මෙසේ කීය.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මගපෙන්වීමට පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් හමාර කොට ඇති බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද සදහන් කළේය.

කිසිදු කමිටුවක් මේ අවස්ථාවේදී ගන්නා ලද තීරණ එළි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුළ අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන නිසා යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කිරීම,රටතුළ බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බව මන්ත්‍රීවරයා පැවසීය.

රජය හා කමිටුද  කිසිවක් නොකරන බවට ජනතාව නගන චෝදනා පදනම් විරහිත බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු සියළු යුතුකම් හා වගකීම් මේ වන විට ඉටු කොට අවසන් ව ඇතැයිද වැඩි දුරටත් කියා සිටියේය.04 05 06 07



අදහස් (0)

“ව්‍යවස්ථා සංශෝධනයේ ටීඑන්ඒ වගකීම් 90%ක් ඉවරයි“

හිමාල් Monday, 17 October 2016 11:06 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සජී Monday, 17 October 2016 06:08 AM

මෙයාලට පුදුම උනන්දුවක්නේ තියෙන්නේ

:       0       0

නිමල්ලලිත් Wednesday, 19 October 2016 01:34 PM

මන්තිතුමෝ ජාතිවාදී ලෙස ප්‍රස්න ඉදිරිපත් කරළා මේ කෙලින් සිටීමේ හැකියාවක් නැති යහපාලන ආණ්ඩුවෙන් සිංහලයාගේ අනාගතයට පහර වදින ඉල්ලීම් ලබාගෙන සිංහලයන් අතරේ සිටින දෙමල ජාතිකයන්ට ප්‍රස්න ඇති කරන්න එපා. බල පෙරේත දෙසපාලනයෙන් තොරව සිංහලය ගැන කතා කරන්නන් ගැන සුළුවෙන් සිතන්නත් එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 233 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1134 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2901 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 349 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site