IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වයස 40 දී කළ වරදට වයස 83 දී අල්ලයි

1971 දී බල පත්‍රයක් නොමැතිව කුලී රියක් පැදවු හතලිස් හැවිරිදි රියදුරකු  වන එච් පී ඩි නිර්මිසේන (83) වරෙන්තු පිට සිටියදී වසර 43 කට පසු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහුගේ වයස සළකා සානුකම්පිත හේතු මත අවවාද කැර ඔහු නිදහස් කළේය.

මේ නඩුව පවරා තිබුණේ මහනුවර පොලීසියෙනි. නඩුවට නොපැමිණිම නිසා වසර හතලිස් දෙකක් තිස්සේම ඔහුගේ වරෙන්තුව  අහෝසි වී නොතිබිණි.

 

 



අදහස් (0)

වයස 40 දී කළ වරදට වයස 83 දී අල්ලයි

නිලක්ෂ Friday, 23 May 2014 09:34 AM

රකිත් තාම මොන්ටිසෝරිද යන්නේ ? (ස)

:       0       0

ඇසළ Thursday, 22 May 2014 07:57 PM

මේ වරෙන්තුකරු වෙනුවන් පෙරකදෝරුතුමෙක් ඉදිරිපත් වුණේ නැද්ද? (නි)

:       0       0

විපුල Friday, 23 May 2014 09:43 AM

විශිෂ්ඨ ක්‍රියාවක්.මේවා ලෝකේ කාටවත් පුළුවන් දේවල් නෙවේ .. අපේ පොලිසියෙන් ලේසියෙන් ගැලවෙන්න බැ....(ස)

:       0       0

සිල්වා Thursday, 22 May 2014 08:02 PM

ඒ කාලේ එහෙම වුණාට දැන් තියෙන නව තාක්ෂණ දියුණුවත් එක්ක පොලිසියට කට්ටි පැනලා එහෙම ලේසියෙන් ගැළවෙන්න අමාරුයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 22 May 2014 08:04 PM

කුඩු කන්ටේනර් ගෙන්වන අය, බාලඅපරාධකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, සමුහ ඝාතකයෝ නිදැල්ලේ තැබුවාට කමක් නැහැ. මෙවැනි බරපතල අපරාධයක් කළ මේ පුද්ගලයා අවුරුදු හතලිස් ගණනක් මහන්සිවී අත්අඩංගුවට ගත්තාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සේන Friday, 23 May 2014 09:47 AM

පොලිසියට වෙන නැද්ද වැරදි කරපු අය අල්ල ගන්න. මේවා තම කෝලම් කියන්නේ. (ස)

:       0       0

ගිහාන් Thursday, 22 May 2014 08:19 PM

නන්දන පනාගොඩ, කොහොමද අනේ එහෙම කට්ටිය අල්ලන්නේ? (නි)

:       0       0

රකිත් Friday, 23 May 2014 10:27 AM

නිලක්ෂ, මොන්ටිසෝරියට තමයි ඒ අයව ආපහු යවන්න වෙන්නේ. ඔයාවත් එක්ක. ඇයි බීමතින් රිය පදවන අයට කැමතිද? (ස)

:       0       0

ෙත්ජා Thursday, 22 May 2014 08:32 PM

අර යකඩ වගයකට සම්බන්ද කෙනාව නම් තාම අල්ලන්න බැරි උනා. (නදී)

:       0       0

මංජු Thursday, 22 May 2014 08:40 PM

ගිහාන් අපේ පොලිසියේ කැපවීම නේ (දිල්)

:       0       0

ප්‍රශීන් Thursday, 22 May 2014 08:40 PM

පොඩි මිනිහව තමා හැමෝටම පෙන්නේ. ලොකු අයට ඕන දෙයක් කරලා නිදහසේ ඉන්න පුළුවන් මට දැන් මුකුත් මතක නෑනේ කියල.(දිල්)

:       0       0

අන්ඩෘෘ Thursday, 22 May 2014 08:42 PM

වරෙන්තු නිකුත් කරලා තාම අවුරුදු දෙකක් වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ හින්දා එයාව තව කල් තියනවා අල්ලන්න. (නි)

:       0       0

අචල Thursday, 22 May 2014 08:49 PM

යමක් නොකර සිටිනවාට වඩා ප්‍රමාද වී කිරීමයි වැදගත් (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 22 May 2014 08:51 PM

සමහරු නම් වරෙන්තු දෙකක් අතේ තියාගෙන පොලිසියේම ලොක්කෝ එක්ක ඡායාරූප වලටත් පෙනී හිටිනවා. ඔන්න ආශ්චර්යය! (නි)

:       0       0

තිලාන් Thursday, 22 May 2014 08:53 PM

කමක් නැහැ,එහෙමහරි ඇල්ලුවානේ... (නි)

:       0       0

සංජය Thursday, 22 May 2014 08:56 PM

මනුතාපය මතක් වුනා. (ස)

:       0       0

ශාන්ත Thursday, 22 May 2014 09:00 PM

පොලිසිය විහිළු සපයන තැනක් වෙලා. (ස)

:       0       0

සාලිය ප්‍රභාත් Thursday, 22 May 2014 09:02 PM

අර යකඩ සම්බන්ධ ප්‍රශ්නයේ වරෙන්තුව තවම තියෙනවා නේද? අල්ලන්න බැරි ඇයි? (නි)

:       0       0

සජී Thursday, 22 May 2014 09:07 PM

යකඩ හොරා තවමත් නිදැල්ලේ ඉන්නවා, රජයේ ආයතනයට වැඩටත් යනවා, රතී ඉහලම තැනටත් යනවා මේවගේ අසරනයෙක්ව ඇල්ලුවාට තෝරු මෝරු අල්ලන්න මෙයාල හරිම බයයි වගේ.(අ)

:       0       0

වසන්ති Thursday, 22 May 2014 09:09 PM

යකඩ යක්කු අල්ලන්ඩ තහනම්. (අ)

:       0       0

සමන් Thursday, 22 May 2014 09:25 PM

නන්දන, කොහොමද ජීවත්වෙන්නේ (අ)

:       0       0

සලීම් Thursday, 22 May 2014 09:29 PM

සැකකරු විපක්ෂයටවත් ගියාද දන්නේ නැහැ.(නදී)

:       0       0

අනුරුද්ධ කේ.එස්.ඒ Thursday, 22 May 2014 09:30 PM

හරියට ලොකු දෙයක් වගේ. කෝ අර කුඩු කන්ටෙනේර් ගෙනාපු අයට මොකද උනේ ? (නදී)

:       0       0

සෙනරත් Thursday, 22 May 2014 09:44 PM

මිය යාමට පෙර සියලු ගනු දෙනු අවසන් කළ යුතු යැයි සිතා එම රියදුරු මහතාම පොලීසියය ඇවිත් භාර උනාද දන්නේ නැහැ. (අ)

:       0       0

ඩී. සී Thursday, 22 May 2014 09:44 PM

නීතියෙන් පල යා හැක. නමුත් සැඟවිය නොහැක. (අ)

:       0       0

අබේකෝන් Thursday, 22 May 2014 09:55 PM

සන්තෝසේ බැරුවා (ස)

:       0       0

නෙළුම් Friday, 23 May 2014 12:39 PM

මේ කාලයේ සුල මුල සොයා ගන්නට කිසිම අපරාධයක් වත් , අල්ල ගන්නට කිසිම අපරාධකරුවෙක් වත් නැති නිසා, පසුගිය ශතවර්ෂයේ අපරාධ ගැන දිගටම සුපරික්ෂාකාරී වීම කෙතරම් හොඳයි ද ? ( දිල්)

:       0       0

නාලක Thursday, 22 May 2014 09:56 PM

වැරදි නොකර හිටියානම් ඔය මොකුත් නැනැ (ස)

:       0       0

අරුණ Thursday, 22 May 2014 09:57 PM

අගය කළ යුතු තීන්දුවක් (අ)

:       0       0

සුන්දර Thursday, 22 May 2014 10:10 PM

නිර්භිත පොලිස් නිලදරින්ට ජාතියේ. ප්‍රණාමය. (අ)

:       0       0

ගාමිණී Thursday, 22 May 2014 10:25 PM

පොලීසියේ ඉන්නේ මොනවගේ අය ද කියල කියන්න හොඳම උදහරණය තමයි මේක, පොලිස් කාරයෝ කරන ජරා වැඩ වලට හෙනම ගහන්න ඕන (ස)

:       0       0

දමින්ද Saturday, 24 May 2014 01:16 AM

ශ්‍රී ලංකා පොලිසි මාර පොලිසියක්. නියම විදිහට නිතය ක්‍රියාත්මක කරනවා. (නදී)

:       0       0

ප්‍රවීන් Thursday, 22 May 2014 10:27 PM

අනුරුද්ධ කෙන්ටෙනේර් ගෙනාපු කෙනා ඔය අපුරුව තවත් වැජබේන්නේ මහ ජනතාව ඉදිරියේ ? . මේක තමයි අද ශ්‍රී ලංකාව. (ස)

:       0       0

දිනේෂ් Thursday, 22 May 2014 10:36 PM

ඔය වගේ නඩු ම අහ අහ හිටියම හරි (ස)

:       0       0

මහේෂ් Thursday, 22 May 2014 10:43 PM

පොලිස්! පොලිස්! යකඩ හොරෙක් වරෙන්තු පිට ඉන්නවා (ස)

:       0       0

සුබේ Thursday, 22 May 2014 11:08 PM

අර වරෙන්තු පිට ඉන්න හොරා බය වෙලා සුළු දිය පිටවෙනවා කියලත් ආරංචියක් තියෙනවා (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 22 May 2014 11:29 PM

ආඩම්බර වෙන්න...!! බලන්න කොච්චර දක්ෂ පොලිස් දෙපාර්තුමේතුවක් ද අපට ඉන්නේ කියලා.දශක හතරකට පස්සේ වරෙන්තු කරු ඇල්ලුවා කියන්නේ ලේසි වැඩක්ද.අනේ දෙයියනේ.! (ස)

:       0       0

කුසුම් Friday, 23 May 2014 12:13 AM

මේවගේ නිති ගරුක පොලිසියකට අර ප්‍රසිද්ධ වරෙන්තු කාරයා පේන්නේ නැත්තේ ඇයි ......(ස)

:       0       0

ශාන්ති Friday, 23 May 2014 03:30 AM

එයා පෙනි පෙනී නොපෙනී යනවාලු. ඒ නිසා අල්ලන්න බැරුව තමයි ඉන්නේ (නි)

:       0       0

සමන්ති Friday, 23 May 2014 05:23 AM

යකඩ හොරු අල්ලන්න තව කල් තිබෙනවා .පොලිසියේ පොත නැතිවන්නේ නැහැනේ. අලි හොරු අල්ලන්නත් තියෙනවානේ... (නි)

:       0       0

ද සිල්වා Friday, 23 May 2014 06:15 AM

මට දවසක් අහන්න ලැබුනා ගම්පහ පැත්තේත් හොඳ ප්‍රසිද්ධ වරෙන්තුකාරයෙක් පොලිසියෙන් අල්ලලා කියලා. බලනකොට ඒක දවල් හීනයක් (නි)

:       0       0

ද සිල්වා Friday, 23 May 2014 06:22 AM

අර හම්බන්තොටදී මන්ත්‍රීලට බිත්තර වලින් ගහපු නිල්පාට ලේන්සුවක් ඔලුවේ බැඳපු "බිත්තර මාමා " අල්ලගන්න මේ පොලිසියට බැරි වුණානේ... අන්තිමට අහුවුණේ සෙල්ලම් පිස්තෝලයක් අරගෙන වරාය භුමියේ සෙල්ලම් කර කර හිටපු කෙනෙක්. මේ පොලිසියට බිත්තර මාමා අල්ලන්නත් අවුරුදු 40 වත් ගතවේවිද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 23 May 2014 07:34 AM

මෙයින් පැහැදිලි වෙන දෙය තමයි දැනට වරෙන්තු තිබිලත් වරප්‍රසාද නිසා අත් අඩංගුවට පත් නොවෙන අය යම් දවසක නීතියට යට වෙන බව. අන්න එදාට අවවාද කරලා සමාව නොදෙන්න තිබුනොත් ලොකු දෙයක්. (නි)

:       0       0

චමින්ද Friday, 23 May 2014 05:53 PM

මෙවැනි බරපතල අපරාධකරුවෙකු අල්ලා පොලීසිය කළේ ඉතාම හපං කමක්..!අනික අවුරුදු අසූවක් කියලා හිතන් නැතුව හංගපු ලයිසම හොයන්න රැගෙන ගියා නම් හරි (අ)

:       0       0

සමරනායක Friday, 23 May 2014 08:17 AM

අපේ පොලීසිය ඔහොම ගිහින් එකදාස් අටසිය ගනන් වල හිටපු අපරාධකාරයොත් කුදලගෙන එයි. (ස)

:       0       0

බණ්ඩාර Friday, 23 May 2014 08:50 AM

මටත් ඔහොම දෙයක් වුණා. අවුරුදු 15 ට‍ පෙර රථවාහන වරදකට නඩු දාලා මම දන්නෙත් නැහැ. වරෙන්තුවක් ආවා. සිතාසි බාරදෙන්න මාව හොයාගන්න බැරිවුණාලු. අන්තිමට නොකළ වරදකට දඩ ගෙවලා ආවා. නඩු කිව්වා නම් වියදම වැඩියි. අපේ පොලිසි වල ඔහොම දක්ෂ නිලධාරීන් ඉන්නවා. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 23 May 2014 08:56 AM

මේ අත්අඩංගුවට ගැනීම අහම්බෙන් සිදු වූ දෙයක් හැටියටයි මට පෙනෙන්නේ. මිනීමැරීම්, මංකොල්ලකෑම්, ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ වැනි දරුණු අපරාධ කර පොලිසියට කට්ටි පනිමින්, ලොකු ලොකු අය පිටිපස්සේ නිදැල්ලේ ඉන්න අපරකාරයින්ව අල්ලන්නකෝ. (නි)

:       0       0

එරංග Thursday, 22 May 2014 07:27 PM

මහේස්ත්‍රාත්තුමා ගැන සතුටුයි (නි)

:       0       0

රකිත් Friday, 23 May 2014 09:00 AM

එතකොට බීමතින් රිය පදවා උසාවියේ නඩු තියෙන ඇත්තන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද? (නි)

:       0       0

විජේසිංහ Thursday, 22 May 2014 07:32 PM

ලෝකයේ හොඳම පොලිසියට හිමි සම්මානය මෙවර හිමිවන්නේ මොන රට‍ටද? (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 22 May 2014 07:36 PM

අද රටේ වෙන දේවල් හැටියට මේවා මොනවාද? මේ විනිසුරුතුමාට මගේ ප්‍රණාමය !! (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 22 May 2014 07:36 PM

අපේ පොලීසිය ගැන මට හරි ආඩම්බරයි. (නි)

:       0       0

කමල් Thursday, 22 May 2014 07:43 PM

පොලිසියට පෙනෙන්නේ මේ වගේ අහිංසක වැරදි තමා. වරෙන්තු පිට ඉන්න මන්ත්‍රීවරු එහෙම පෙනෙන්නෙම නැහැ (නි)

:       0       0

ඇන්ඩර්සන් Thursday, 22 May 2014 07:46 PM

1971 වසරේ නඩුවක් එන්නේ දැන්නම් 2014 නඩුවක් එන්නේ කොයි කාලේද කියලා කියන්න බලන්න (නි)

:       0       0

බන්දුල Thursday, 22 May 2014 07:46 PM

අපේ රටේ පොලිසිය දක්ෂයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10966 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5408 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7675 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5102 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1284 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36533 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site