IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වායු ගෝලයේ කැළඹීම දිගටම

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට මෙම තත්වය බලපානු ඇත.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

තද වැසි සහ තද සුළං  පිළිබඳ  කාලගුණ උපදේශනය.

ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර්  මස 23 වන දින  දහවල්  02.00 නිකුත් කරන ලදී.


 දහවල් 12. 20

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

පෙරවරු 5.30

ඉදිරි 24 පැයේ කාලගුණය

 

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර,  ඌව  සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල්  හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය කෙටි කාලීනව ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ  රළු විය හැක.

ත්‍රීකුණාමළය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).



අදහස් (0)

වායු ගෝලයේ කැළඹීම දිගටම

තිළිණ Tuesday, 23 December 2014 11:54 AM

ස්වභාව ධර්මයා රටම සෝදලා පිරිසිදු කරලා මෛත්‍රී ට පාලනය භාර දෙන්න වගේ හදන්නේ! (නදී)

:       0       0

කුමාර Tuesday, 23 December 2014 09:00 AM

රට තුල නොමනා දේ වැඩි වන විට අහස පොලොව උහුලන්නේ නැහැ. (නදී)

:       0       0

ජනක Tuesday, 23 December 2014 09:28 AM

කලට වැසි වසීවා. රජු දැහැමි වේවා. මේක වෙනස් වෙලාද? අපිට පැහැදිලි කරලා දෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 773 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 452 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 603 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 398 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1094 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site