IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වරකාගොඩ ඤාණරතන හිමි අස්ගිරි මහ නායක ධූරයට

බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති පණ්ඩිත වරකාගොඩ ඤාණරතන අනු නාහිමියෝ (74)  අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහ නායක ලෙස අද (7) ඒකඡන්දයෙන් තෝරා ගනු ලැබූහ.

ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ  මහනායක ධුරය සඳහා හිමිනමක් තෝරා පත්කරගැනිම අද සිදුවිය.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවි දෙක හෙබ වු බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන අනු නාහිමියන් හා  පොලොන්නරුවේ සොලොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි අනු නාහිමිවරුන් දෙනමම මහනායක පදවිය සඳහා ඉදිරිපත් වන බව සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දි තිබිණි.

1955 අප්‍රේල් මස 07 වැනිදා උඩපිටියේ ශ්‍රි සුමංගල, මැදගොඩ පඤ්ඤානන්ද, අළුදෙණියේ රතනපාල හා රඹුක්වැල්ලේ සද්ධානන්ද යන ගුරු හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හා එවකට අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ධුරය හෙබවු යටවත්තේ ධම්මරතන මහනායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට ඇතුළත්වූ වරකාගොඩ ඤාණරතන හිමිගේ මවුපියෝ හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ  සහ හිඟුල්වල අල‍කොලදෙණියේ දුග්ගන්නාරාළලාගේ පිංචිඅම්මාට  දාව 1942 මාර්තු 18 වැනිදා ඒ හිමියෝ උපත ලදහ.

ශාසනික වත් පිළිවෙත් මැනවින් ප්‍රගුණ කළ වරකාගොඩ ඤාණරතන සාමණේරයානන් වහන්සේ 1962 ජූනි මස 09 දින අස්ගිරි මහාවිහාරිය මංගල උපෝසථාගාරයේදී ම අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලදහ.

පළමුව බදුල්ල විද්‍යොත්තංස පිරිවෙනේ හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනේ  මුලික බණ දහම් ප්‍රගුණ කළ ඒ හිමියෝ මුලික අධ්‍යාපනය ලබා අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනෙන් හා පේරාදෙණිය ශ්‍රි සාරානන්ද පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය සාර්ථකව හදාරා ධර්ම විනය සහ ශබ්ද ශාස්ත්‍රයෙහි ප්‍රවිණත්වයක් ඇති කරගත්හ.

සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන්හි පුළුල් දැනුමක් ලැබූ ඒ හිමියෝ 1970 වසරේදි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලදහ.

1976 සිට ශ්‍රී දළඳා මාලිගාවේ තේවා කටයුතු ආරම්භ කළ නාහිමියන් 2004 හා 2005 වසර වලදී ද තේවා කටයුතු  කළහ. 1990 වර්ෂයේ නොවැම්බර් 29 වැනිදා  අස්ගිරි පාර්ශවයේ කාරඛ සංඝ සභික ධුරයට ශ්‍රිමත් පාලිපාන චන්දානන්ද මහනායක ස්වාමින්ද්‍රයන් විසින් පත් කරන ලද මහානාහිමියන්  2009 මැයි මස 01 දින ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වි මෙරට බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.

ඤාණරතන හිමියෝ බදුලු මුතියංගන රජමහා විහාරයේත්, අස්ගිරිය විජේසුන්දරාරාම පුරාණ විහාරයේත්, පොල්ගොල්ල උඩුගුන්නෑපාන බෝධි මල්කඩ පුරාඛ විහාරයේත් විහාරධිපති ධූරය හෙබවූහ.

1976 ගිනිගත්හේන බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළ මහනාහිමිපාණෝ එතැන් සිට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, වලල පාතදුම්බර මහා විද්‍යාලය හා පොල්ගොල්ල වත්ත මහා විද්‍යාලයවල වසර 25 ක පමණ කාලයක් ගුරු වෘත්තියෙහි යෙදුණහ.

 

asgiriwarakagoda_201647 vlcsnap-2016-04-07-03h26m49s14 vlcsnap-2016-04-07-03h34m31s67

vlcsnap-2016-04-07-03h28m02s236vlcsnap-2016-04-07-03h35m37s212

ඡායාරූප - චමිල් රූපසිංහ

IMG_8985

ඡායාරූපය - සිසිර කුමාර බණ්ඩාර

වීඩියෝ -චමිල් රූපසිංහ



අදහස් (0)

වරකාගොඩ ඤාණරතන හිමි අස්ගිරි මහ නායක ධූරයට

ශ්‍රීමාලි Thursday, 07 April 2016 04:19 PM

ගරු ඥානරතන මහානාහිමියනි බුදු සරණ මිසක රජ සරණ නොයන්න .ඔබ වහන්සේට දිර්ඝායූෂ ලැබේවා (බ)

:       0       0

තිසර දුල්මිණ Thursday, 07 April 2016 04:30 PM

ගරු මහනාහිමියනි, ඔබවහන්සේ චිරාත් කාලයක් නීරෝගිමත්ව යෙහෙන් වැජඹේවා! (නි)

:       0       0

රත්නායක Friday, 08 April 2016 07:27 AM

නිතරඟයෙන්ම පත්වීම ශ්‍රේෂ්ඨයි.....!!!! දළදා සමිදු පිහිටයි......(බ)

:       0       0

කුමාර Thursday, 07 April 2016 06:05 PM

ඔබවහන්සේට දළදා සමිදු සරණ ලැබේවා! (නි)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද නාහිමි ඇමෙරිකාව Thursday, 07 April 2016 06:07 PM

අපේ අස්ගිරි පාර්ශ්වයේ අතිපුජනීය අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය සහ දිගාසිරි වේවා! (නි)

:       0       0

අබය Thursday, 07 April 2016 09:14 PM

කොහොමටත් අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් දේශපාලන ගැත්තන්වත්, ප්‍රසිද්ධිය වෙනුවෙන් සටන්කරන උදවියවත් නොවේ. (නි)

:       0       0

චන්දික Friday, 08 April 2016 09:20 AM

දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ....(බ)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 07 April 2016 11:54 AM

අනේ හාමුදුරුවනේ රටේ දරුවනට අනුකම්පාකර ඒ 26 පාර ඇරලා පෙනහළු රෝග හැදිලා ඉන්න ඒ දරුවො ටික සුවපත් කරදෙන්න. ඒ වෙනුවට විසදුමක් ලැබෙනකල්වත්. (ස)

:       0       0

ප්‍රේමතිලක Thursday, 07 April 2016 12:21 PM

අපගේ උණුසුම් සුබ පැතුම් ඔබ වහන්සේට.(හේ)

:       0       0

අමිල Thursday, 07 April 2016 12:21 PM

ඔබ වහන්සේට දිර්ඝායූෂ ලැබේවා.(හේ)

:       0       0

තිස්ස Friday, 08 April 2016 12:09 AM

රට, ආගම, සියලු රටවැසියන් ගැන බලා වැඩ කටයුතු කිරීමටත් පාලකයනට නිසි මඟ පෙන්වමින් කටයුතු කරන්නටත් දළදා හිමි රැකවරණය නීරෝගී බව ලැබේවා...!!! (නි)

:       0       0

සම්පත් Sunday, 10 April 2016 09:17 PM

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

ටිෂාන් Thursday, 07 April 2016 12:47 PM

හාමුදුරුවනේ හොරුන්ට පිරිත් නුල් බඳින්න එපා (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 07 April 2016 12:51 PM

ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය !. සංඝ නායක නාමයේ ගරුත්වය ආරක්ෂා කරමින් රටට සේවය කිරීම උතුම් , වරදාන වලට නොරැවටී. (බ)

:       0       0

සුමනසාර හිමි Thursday, 07 April 2016 12:52 PM

සාදු සාදු හොඳ සේවාවක් සිදුකරන්න දළඳා සමිදු පිහිට ලැබේවා ! (බ)

:       0       0

ඩිලාන් Thursday, 07 April 2016 01:03 PM

ඔබ වහන්සේට මගේ සුභ පැතුම්! බුදුසසුනත් සංඝරත්නයේ ගෞරවයත් ආරක්ෂා කරගැනීමට දේශපාලන මඩගොහොරුවේ එරීඇති සංඝයා වහන්සේලා ඉන් ගොඩගැනීමට වැඩපිළිවෙලක් යොදන්න. (නි)

:       0       0

මාරතුගොඩ උපරතන හිමි -ඩෙන්මාර්ක් Thursday, 07 April 2016 01:30 PM

අභිනව පදවියේ කටයුතු කරගෙන යාමට ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිට අාශිර්වාදය ලැබේවා! තුණුරුවන්ගේ සරණයි! (නි)

:       0       0

ජයම්පති Thursday, 07 April 2016 01:36 PM

ගොඩාක් සතුටු අවස්ථාවක්. නිතරඟයෙන්ම පත්වීම ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 08 April 2016 01:28 AM

මහනායක හිමිපදවි ලත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා! සිංහල අයිතිය බොදු අයිතිය අහිමිවෙමින් පවතින අද එම අයිතිය රකින ලෙස දේශපාලකයන්ට බලකිරීමේ සිත් පහළවේවා! (නි)

:       0       0

අසාද් Friday, 08 April 2016 11:41 AM

සාදු සාදු සාදු (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 April 2016 01:47 PM

අපේ හාමුදුරුවනේ, මමත් බෞද්ධයෙක්. බුදුන් දෙසු දහමට පිටින් අනුහස් බලාපොරොත්තුවෙන් එන ගැත්තන්ට නොරැවටෙන්න කියා ඉල්ලනවා, ජාතිය හා ආගම වෙනුවෙන්. (නි)

:       0       0

තුසිත Thursday, 07 April 2016 02:04 PM

තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේට රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උසස් සේවාවක් කිරීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න Thursday, 07 April 2016 02:09 PM

ගරු ඥානරතන මහානාහිමිහනි , හොරු දුෂිතයන් වංචාකාරයන් හඳුනාගැනීමට ප්‍රඥාව වැඩේවා.ඔබවහන්සේගෙන් සම්බුද්ධ සාසනයට ඉමහත් සෙතක් සැලසේවා, නීරෝගිමත් දීර්ඝායු ලැබේවා. සුවපත් වේවා!!(හේ)

:       0       0

සුරංග Thursday, 07 April 2016 03:16 PM

ට්‍රිෂාන්, හාමුදුරුවන්ට කවුරු පන්සලට ආවත් එක සමාන වියයුතුයි. කවුරු ගියත් පිරිත් නූල් බඳිනවා. පන්සල කියන්නෙ ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් තැනක්. (නි)

:       0       0

හිරාන් Friday, 08 April 2016 05:25 AM

රටේ දුප්පත් ජනතාව ඉන්න පැතිවල බයිබල් කාරයෝ පිස්සු නටනවා. මේවා නවත්වන්න වැඩ පිළිවෙලක් යොදන්න අපේ නායක හාමුදුරුවනේ. බිබිල පැත්තේ මේවා මහාපරිමාණයෙන් සිද්ද වෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 878 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 891 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3228 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site