IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වරකාපොල අනතුරින් හය දෙනෙක් මරුට

වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් හය  දෙනකු මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

සමන්තුරේ සිට කොළඹ ආගමන විගමන කාර්යාලයට වෑන් රියකින් එමින් සිටි පිරිසක   රියදුරු,කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බව පොලිසිය පවසයි.

තුවාලකරුවෝ වරකාපොල,කෑගල්ල,වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.

 

20151230_062708[1] 20151230_075928[1] 20151230_080009[1]

ජායාරූප - රුවන් පතිරණ

Warakapola_Accident_(1)[1] Warakapola_Accident_(2)[1] Warakapola_Accident_(3)[1] Warakapola_Accident_(4)[1] Warakapola_Accident_(6)[1]

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 



අදහස් (0)

වරකාපොල අනතුරින් හය දෙනෙක් මරුට

විභූති Wednesday, 30 December 2015 06:57 AM

වාහනයේ හැටි දැක්කහම අනතුරේ තරම හිතාගන්න පුලුවන් (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 30 December 2015 06:58 AM

මෙවැනි අනතුරු සිදුවීම ගැන මම ඉතා කණගාටුවෙමි. මේවාට පිළියමක් වශයෙන් දඩ මුදල් වැඩි කළාටම මදි. රියදුරු බලපත් දෙනවිටදී විධිමත් පරීක්ෂණයක් කළයුතුය. හුඟ දෙනෙක් මාර්ග නීති මතක තියාගන්නෙ රියදුරු බලපත්‍රය ගන්නාවිටදී පමණයි. තමාට රිය පාලනය කර ගන්න පුළුවන් වේගයකින් යනවා නම් බොහෝදුරට අනතුරු වළකා ගතහැකිය. (නි)

:       0       0

සමන් Wednesday, 30 December 2015 04:22 PM

පාස්පෝට් එක ලෝකයේ දියුණු රටවල ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. එලෙස ලංකාවෙත් ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්න පුළුවන්. දෙයක් කියන්න කරන්න පෙර 1919ට කතාකර තහවුරු කරගන්න (නි)

:       0       0

විකී Wednesday, 30 December 2015 04:42 PM

මගේ අත්දැකීම් වල හැටියට, පොඩි වාහනයක් ඉස්සරහින් එනවා පෙනි පෙනීත් බස් රථ පාරේ අනෙක් මංතීරුවෙන් ධාවනය කර විදුලි පහන් දල්වා අපට පාරෙන් වාහනය ඉවතට ගන්න දැනුම්දෙන අවස්ථා බොහොමයි. බස් රථ, ටිපර් රථ රියදුරන්ගේ නොසැළකිල්ල, පමණට වැඩි වේගයෙන් ධාවනය පිළිබඳ කරුණාකර විමසිලිමත් වන්න. රියදුරන්ගේ නීතිගරුක බව, හික්මීම මඟින් මෙවැනි අනතුරු වළක්වාගත හැකි බව මගේ විශ්වාසයයි. කරුණාකර මංතීරු නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න. සියලු නීති සියලු දෙනාට එක සේ වියයුතුය. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 30 December 2015 05:16 PM

ලංකාවේ බස් අනතුරු ගැන අපි දවස් පතා කියවනවා. එහෙත් එක්සත් ජනපදයේ මෙවැනි අනතුරක් ගැන අපට කාලෙකින් දැනගන්න ලැබුනේ නැහැ. ඇමෙරිකාවේ රියදුරන් වගකීමෙන් රිය පදවනවා. සේෆ්ටි ෆස්ට් කියලා සෑම බසයකම දැන්වීමක් දකින්න තිබෙනවා. (නි)

:       0       0

ජගත් Wednesday, 30 December 2015 05:23 PM

මමත් පාස්පෝට් ගන්න ගියා, සුමාන දෙකකට කලින්. තට්ටු තුනක් පඩිපෙළ දිගේ පෝලිම. ලියකියවිලි බාරදෙන්න නෙමෙයි, නොම්මරයක් ගන්න. ඒක අරන් පැය දෙකකටත් වඩා හිටියා බාරදෙන්න. මිනිසුන්ට කොළඹ එන එක අඩුකරන්න පුළුවන් නම්, ගොඩක් ප්‍රශ්න විස‍ඳෙයි. මාර්ග අනතුරු විතරක් නෙමෙයි, තදබදයත්. ඇයි බැරි මේවා පළාතකට එකක් ගානෙ දාන්න? (නි)

:       0       0

විකී Wednesday, 30 December 2015 07:34 AM

මෙම අනතුරට බොහෝවිට බස් රියදුරාගේ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවක් විය හැක. බස් රියදුරන් ඔවුන් පමණක් මාර්ග භාවිතා කරන්න අවසර ඇති අය ලෙස මාර්ග භාවිතය මෙවැනි අවාසනාවන්ත අනතුරු සඳහා හේතුවක්. (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 30 December 2015 05:24 PM

බණ්ඩා, අනුර, යොහාන්, ඔබ වැරදියි. ඔබ මේ දකින්නේ පාර මැද තිබෙන ඉර නොවේ. බස් රියැදුරා රථය හැකිතරම් අයින්කර තිබෙනවා. මේ තියෙන්නේ පාරේ වම් පැත්තේ සීමාව (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 30 December 2015 05:40 PM

ප්‍රමිතියකින් තොර රියදුරු පාසල්, සන්තෝසමට බලපත්‍ර නිකුත් කරන පරීක්ෂකවරුන්, මාර්ග නීති උල්ලංගනය කරන රියදුරා නවතා ඔහුගෙන් සන්තෝසමක් ගෙන මුදාහරින්නන්, යල්පැනගිය නීතිරීති, වරදේ ප්‍රමාණයට හෝ ස්වාභාවයට සරිලන දඬුවම් නොලැබීම, ප්‍රමිත්යකින් තොර වාහන සඳහා මාර්ග ධාවනයට බලපත් නිකුත් කිරීම.... වරද කොතනද? (නි)

:       0       0

ඉමාක් Wednesday, 30 December 2015 06:14 PM

හද සසළ කරන සිද්ධියක් (නි)

:       0       0

ප්‍රබෝද Wednesday, 30 December 2015 07:18 PM

මොන ගමන ගියත් වේග සීමාවක් තිබෙනවා කියලා තේරුම් ගන්න අනිත් යන්න ඉන්න අයත් (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 30 December 2015 07:45 AM

ලලිත් කියන විදියට සමන්තුරේ පාස්පෝර්ට් කාර්යාලයක් දැම්මා කියමුකෝ. නමුත් මෙයාලා විදේශගත වෙනවා නම් කටුනායකට යන්න කොහොමත් කොළඹ එන්න ඕනෑ නේද? (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 30 December 2015 08:00 AM

පාර හොදට හදල තියන පලියට යන අයදැනගන්න ඕනේ කොහොමද යන්නේ කියල පෙනෙන විදියට වැන් එක වේගයෙන් ගිහින් වගේ (කෞ)

:       0       0

ගාමිණී Wednesday, 30 December 2015 08:04 PM

බස් රථය පදික වේදිකාවටම ගෙන තිබෙන බව පෙනෙනවා. ඊට කදිම නිදසුන තමයි බස් රථය මගී ආවරණය ඇතුළටම ගොස් තිබීම. බස් රියදුරා තමාට අයිති මාර්ගයට වඩා වම් පැත්තට අරගෙන තිබෙනවා අනතුර වැළැක්වීමට. (නි)

:       0       0

අජිත් ගුණසේකර Wednesday, 30 December 2015 08:33 AM

බස් රථය බොහෝ අයින් කර ඇති බව පේනවා. මෙයා වෑන් රථයේ රියදුරාට නින්ද යාම නිසා විය හැකියි. (බ)

:       0       0

රංජන් Wednesday, 30 December 2015 08:34 AM

මෙවැනි අනතුරු කොපමණ සිදුවෙලා කී දෙනෙක් මැරුණත් මෙතෙක් තද නීති අනුමත කරලා නැහැ මෙවැනි රියදුරන් දින කීපයක් රිමාන්ඩ් එකේ ඉදල මේගොල්ලෝ නිදහස් වෙනවා නැවත අර විදියටම රිය පදවනවා මෙහි අදහස් දක්වන වැඩි දෙනක් කියනවා සේම අනික මේ අයට මහන්සිය විතරක් නෙවේ හරියාකාර අත්දැකීම් නැහැ (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 31 December 2015 12:56 AM

මේ පෙනෙන්න තිබෙන සුදු ඉර පාරේ මැද තිබෙන ඉර නෙමෙයි. මේක පාරේ අයිනේ ඉර. බස් එක හරි පැත්තේ ඇවිල්ලා තියෙන්නේ (නි)

:       0       0

බණ්ඩා Wednesday, 30 December 2015 08:41 AM

බස් රියදුරාගේ සම්පුර්ණ වරද ....වැරදි පැත්තෙන් ආපු බසය අනතුරින් පසුව නිවැරදි මාර්ගයට අරගෙන තියෙනවා නමුත් බසයේ පිටි පස රෝද තවමත් තියෙන්නේ පාරේ අනික් පැත්තේ ....(කෞ)

:       0       0

ධනංජය Wednesday, 30 December 2015 08:42 AM

ලලිත් මහතා සහ එයට එකග මහතුණි. සියල්ල සිදු වන්නේ පින් පවු අනුව මතක තබාගන්න. සමන්තුරේ ඉදන් පාස්පෝර්ට් හදාගත්තත් වෙන දෙයකින් හරි මේ දේ වෙනවා. ඒක ලෝක ස්භාවය. බුදු දහම ගැන දැනුවත් වෙන්න. (කෞ)

:       0       0

නිතේෂ් Wednesday, 30 December 2015 08:55 AM

බණ්ඩා මහත්තයෝ හරියට බලල කතා කරන්න බස් එක තියෙන්නේ පාර අයිනේ. (කෞ)

:       0       0

විකුම් Thursday, 31 December 2015 02:16 AM

තුවාලලැබූ අයට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

උපාලි Wednesday, 30 December 2015 09:24 AM

ධනංජය බුද්ඩ දර්ශනය ගැන අන් යට බණ කියන්න කලින් ඔබ දැනුවත් වන්න.කර්මය වුවද යම්තාක් දුරකට වලක්වා ගත හැකි මාර්ග එහි සදහන් වෙනවා ."ඔයා කියන තියරියට අනුව හැමදේම කරුමේ" (බ)

:       0       0

සමන්ත Thursday, 31 December 2015 12:13 PM

හැමදාම කියවන්න තියෙන්නේ අනතුරු සහ මරණ ගැන. ඒ සදහා කරන පිළියම් ගැන වචනයක් වත් නැ. මේක යුද්දෙට වඩා මහා ඛෙදවාචකයක්. අනතුරු නිසා මිනිසුන් මැරෙනවා.මිනිස්සු අනාත වෙනවා, අංග විකල වෙනවා, රටේ බදු මුදල් රෝහල් වල බෙහෙත් සහ අනෙකුත් වියදම් වලට වය වෙනවා, දේපල නැතිවෙනවා, රට එකම දුකක් වෙනවා. මේවා නැති කරන්න බෑ තමයි, එත් අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා.අයි මේ ගැන කතා නොකරන්නේ? වාහන අඩු කරන්න ගියාම එකටත් බනිනවා. (කෞ)

:       0       0

නිමලරත්න Thursday, 31 December 2015 03:18 AM

මම නම් කනගාටු වන්නේ කුඩා දරුවා ගැන පමණි,අනතුරට පත් රථයේ සුන් බුන් දුටුවිට මියගිය ගිය රියදුරු අමනයගේ රිය පැදවීම ගැන කියන්න පුළුවන්. අමන රිය පැදවීම පාලනය කරගන්න මෙහි සිටි මහා මිනිසුන්ට නොහැකි වුවාද? (ම)

:       0       0

යොහාන් Wednesday, 30 December 2015 09:43 AM

සම්පුර්ණ වරද වෑන් රියදුරාගේ විය යුතු යැයි මගේ මතය.......(ම)

:       0       0

අනුර Wednesday, 30 December 2015 09:53 AM

බස් රථය වැරදි පැත්තේ ධාවනය කර තිබෙන බව පින්තුරයෙන් පෙනේ. අනතුර සිදු වුණ වහාම තම පැත්තට ගැනීම සිදුව ඇත. (ම)

:       0       0

ලලිත් Wednesday, 30 December 2015 02:59 AM

ලෝකේ රටවල්වල පාස්පෝට් ගැනීම, රියදුරු බලපත් ගැනීම, වගේ දේවල් පැය ගණනාවක් වාහන වල නොගිහින් ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්නට පුළුවනි. නමුත් අපේ රටේ තවමත් අර කාක්කෝ පිරුණු කාර්යාලවල රස්තියාදු වෙලා තමයි එව්වා ලබාගන්න වෙලා තියෙන්නේ. නවීන තාක්ෂණය නිසිලෙස උපයෝගී කරගත්තනම් මේ සියලු දෙන අද සතුටින් සම්මන්තුරේ ඉඳලම තමන්ගේ කාර්යය කරගන්නවනේ? (බ)

:       0       0

ගයාන් Thursday, 31 December 2015 04:35 AM

මෙතන සම්පූර්ණ වැරැද්ද වෑන් රථයේ, බැලූ බැල්මට එක පේනව අනික පොලීසියෙන් කියන්නෙත් වෑන් එක වැරදි ලෙස ඉස්සර කරන්න ගිහින් බස් එකේ වැදුන කියල, බස් රියදුරා ලොකු උත්සහයක් අරන් තියෙනව අනතුර වලක්වන්න (කෞ)

:       0       0

සචිත් Thursday, 31 December 2015 04:43 AM

පස්පොර්ට් හදාගන්න නුවර තියනවනේ. මෙයාල එක දවසෙන් ගන්න එකට යන්න හදන්න ඇත්තේ. (ම)

:       0       0

ඩග්ලස් Wednesday, 30 December 2015 03:59 AM

මෙහෙමත් අනතුරු, සියල්ලටම හේතුව නොසැලකිලිමත්කම. හොදීන් බැලුවොත් ටටා ටොයෝටා වලට වඩා හයිය වගේ. (බ)

:       0       0

දාබරේ Thursday, 31 December 2015 05:27 AM

අපරික්ෂාවෙන් රියපදවන්නන් කොටුකිරීමට වහාම ක්‍රමවේදයක් ඇතිකළ යුතුය.ආරක්‍ෂිත කැමරා සවිකිරීම හෝ මාර්ගයේ තැන්තැන්වල පොලිස් නිලධාරී ස්ථානගත කිරීම.දඩුවම් කිරීමට අනතුරක් වෙනකම්ම බලාසිටියයුතු නැත.අපරික්ෂාකාරිව ඉස්සර කිරීම, හැරවීම, අධික වේගය මාර්ග නීති උල්ලංඝනය අනිකුත් රියදුරන් අපහසුතාවයට පත්කිරීම වැනි ක්‍රියාවලට දඩුවම් කළ යුතුය. (බ)

:       0       0

සුගත් Wednesday, 30 December 2015 11:10 AM

අනුර හොඳට බලන්න බස් රථය වැරදි පැත්තේ ද ධාවනය කරලා තියෙන්නේ කියලා........(බ)

:       0       0

දහම් Wednesday, 30 December 2015 04:21 AM

නොසැලකිලිමත් ලෙස සහ නිදිමත ඇතිව රාත්‍රී වාහන පැදවීම බොහෝ මාර්ග අනතුරු වලට හේතුවක්. මේ ගැන මිනිස්සු නොසිතන්නේ ඇයි (ම)

:       0       0

ඉන්ද්‍රජිත් - කුවේට් Wednesday, 30 December 2015 11:33 AM

වෑන් රථ රියැදුරා වැරදි වැරදි බව පෙනේ (ම)

:       0       0

සංජීව Wednesday, 30 December 2015 04:31 AM

දිනපතා මහමඟ මිනිසුන් මැරෙනවා. නමුත් රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ (නි)

:       0       0

අබය Wednesday, 30 December 2015 04:37 AM

ලංකාවේ මිනිසුන්ට වාහන ලැබුනට නියමාකාරව වාහනයක් පදවන්නේ කෙසේද යන්න කියලා දීලා නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. මාර්ග සංඥා වලට අනුකූලව රිය පදවන්නේ කී දෙනාද? (නි)

:       0       0

මංගල Wednesday, 30 December 2015 04:56 AM

ඔව් ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න අයට පාරවල් කන්නද, නේද? නුවර අධිවේගී පර හදන්නත් කිසි උවමනාවක් නැහැ. ඒවායේ අධිවේගයෙන් ගියත් මේ වගේ හැපිලා මැරෙන්නේ නැහැ (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 December 2015 04:58 AM

මට නම් හිතෙන්නේ අවිනීත රියදුරන්ට වගේම මිනිසුන්ට කිසිම ආරක්ෂාවක් නැති මෙවැනි වාහන ගෙන්වීමත් තහනම් කරන්න ඕනෑ. අනතුරකදී මිනිසුන්ට ආරක්ෂාවක් වාහනයෙන්ද සැපයෙන්න ඕනෑ. අපේ ඇටකටු තරම්වත් මේ වාහන ශක්තිමත් නැහැ. (නි)

:       0       0

නයන Wednesday, 30 December 2015 05:01 AM

මම ලලිත්ගේ අදහස අනුමත කරනවා (නි)

:       0       0

ධර්මකීර්ති Wednesday, 30 December 2015 11:50 AM

ලංකාවේ රියදුරු පාසල් වල උපදේශකයින්ට මුලින්ම උගන්වන්න ඕනෑ. ගියර් හතර මාරුකරලා යන්න විතරයි උගන්වන්නේ. පාරට ගුහිල්ලා තමයි අනිත් දේවල් ඉගෙනගන්න ඕනෑ. (නි)

:       0       0

ජීවන් Wednesday, 30 December 2015 04:58 AM

ලලිත්, ඔබ කියන කතාව සම්පුර්ණ නිවැරදියි. සමන්තුරේ සිට කොළඹට පැමිණීමට සිදුවීම ඉතා කණගාටුදායකයි (නි)

:       0       0

ධර්මකීර්ති Wednesday, 30 December 2015 11:59 AM

ලංකාවේ කිසිම දෙයකට ආරක්ෂාවක් නැහැ, කිසිම ප්‍රමිතියක් නැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 30 December 2015 05:14 AM

ලලිත්, ඔබ කියන කතාව සම්පුර්ණයෙන් නිවැරදියි. එහෙත් ලංකාවේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ රටක් දියුණුවෙන වැඩපිළිවෙළක් නෙමෙයි. සහනාධාර, නිකන් ඉඳලා පඩි ගන්න, නිකම් ඉගෙනගන්න, නිකන් බෙහෙත් ගන්න ඔයවගේ දේවල්. ඒ හින්දා අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින දුපතක් විතරයි (නි)

:       0       0

අනුශ්ක Wednesday, 30 December 2015 05:34 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සාලිය Wednesday, 30 December 2015 05:42 AM

ලලිත් මහතාගේ අදහසට 100% එකඟ වෙමි. කළයුත්තේ ගමට මේවා ව්‍යාප්ත කිරීමයි. (නි)

:       0       0

චාමර Wednesday, 30 December 2015 05:42 AM

මම ලලිත්ගේ අදහසට එකඟයි. ඉස්සර ගාල්ලේ මාතර කච්චේරි වලින් පාස්පෝර්ට් නිකුත්කළා. දැනුත් ඒ වගේ වැඩපිළිවෙලක් දැම්මා නම් හොඳයි (නි)

:       0       0

උපාලි Wednesday, 30 December 2015 05:54 AM

මොනවා කිවුවත් වැඩක් නැහැ වාහනවල සවිශක්තිය නැතුව (නි)

:       0       0

භාතිය Wednesday, 30 December 2015 05:58 AM

විදේශ ගමන් බලපත් ලබාගැනීමට ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් ලංකාවේ තිබුනත් මේ පිරිසට කොළඹ එන්නත් උවමනාවක් තිබෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Wednesday, 30 December 2015 03:14 PM

අපේ රටවල මීට අවුරුදු 200 කට විතර ඉස්සර වාහන තිබුනේ නැහැනේ. අපි ඉස්සර ගමන් ගියේ පයින් හරි කරත්ත වලින් හරි. කාර්මික විප්ලවය නිසයි මේ හැමදේම (නි)

:       0       0

සුමිත්‍ර Wednesday, 30 December 2015 06:18 AM

අනේ මේ වාගේ අනතුරු සිදුනොවේවා. වෙන මොනවා කියන්නද පව්. (කෞ)

:       0       0

සරත් Wednesday, 30 December 2015 06:18 AM

අනතුරු වලට හේතුව බීමත්කම සහ රියදුරු ගේ නිදිමත කම එම නිසා ගමනක් යනවිට රියදුරු ගැන වඩාත් සැලකිලිමත් වන්න (කෞ)

:       0       0

සමන් Wednesday, 30 December 2015 06:18 AM

වාහන වලින් ලැබෙන ආරක්ෂාව හොඳටම මදි. කිසිම ශක්තිමත් බවක් නෑ. (කෞ)

:       0       0

ලක්විදු Wednesday, 30 December 2015 03:51 PM

මෙතන අදහස් දාන අයගේ මොළයේ තරම මේකෙන් හොඳට පෙනෙනවා. හුඟදෙනෙක් ලලිත්ගේ අදහසට එකඟලු. මේගොල්ලෝ හැපුනේ පාස්පෝර්ට් ගන්න ආ නිසාද? වෙන ගමනක් ආවත් හැපෙන්නේ නැද්ද? මෙතන මුලිකම වරද නොසැළකිලිමත්ව රිය පැදවීම කියලා මෙයාලට තේරෙන්නේ නැත්තේ මොකද මන්දා? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 30 December 2015 06:29 AM

මුහුණට මුහුණ හැපීම වැළකීමට විකල්පය තමයි "ටූ වේ" පාරේ බෙදෙන තැන ආරක්ෂිත බෙදීමේ ආවරණයක් (සේෆ්ටි ඩිවයිඩර්ස් ) යෙදීම. නමුත් මෙය අධික වියදමක්. මෙම රටවල මුහුණට මුහුණ හැපීම වළක්වා තිබෙන්නේ එවැනි ආධාරකයකිනි. වාහන එළවීමේදී රියදුරුගේ පරීක්ෂාව අවශ්‍ය වගේම රියදුරන්ගේ ආරක්ෂාවටත් මාර්ග පද්ධතිය හරියාකාරව සකසා තිබීමත් අවශ්‍යය (නි)

:       0       0

මනෝජ් Wednesday, 30 December 2015 06:35 AM

මෙහෙම අනතුරු වෙන්නේ රියදුරන්ගේ තීරණ ගැනීමේ තියෙන අඩුපාඩු නිසා. ඔබට හැකිනම් අන්තර් ජාලයට ගිහිල්ල අයිපිඩිඊ පද්ධති කියවලා බලන්න. දකින දුර, හිතන දුර, තිරිංග දුර හා සම්පුර්ණ නවතින දුර තීරණය වන්නේ රියදුරාගේ පළපුරුද, දැනුම හා ආකල්ප මතයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 97 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 359 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2463 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2073 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1537 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8438 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site