IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වර්ජකයන්ට උප ඇමතිගෙන් අභියෝගයක්

විදුලි බිලට එරෙහි වර්ජනය නිසා  රජයේ හෝ ඕනෑම කාර්යාලයයක් අඟහරුවාදා (21) වසා තැබුවහොත් තමා ඉල්ලා අස්වෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා ගම්පොල රතනසාර විහාරයේ දී පැවසීය.

‘විපක්ෂය වර්ජනය කරන්නේ සුළු දේවල්වලට විතරයි. මේකත් ඒවගේ එකක්. එකම කාර්යාලයයක් හෝ වහලා පෙන්වන්නැයි මා ඔවුන්ට අභියෝග කරනවා.  වර්ජන කරන්න ගිහින් ලාල් කාන්ත එකපාරක් ඇන ගත්තා. මේ පාර රනිලුයි ලාල් කාන්තයි දෙන්නම ඇන ගන්නවා.

 



අදහස් (0)

වර්ජකයන්ට උප ඇමතිගෙන් අභියෝගයක්

ජූඩ් Monday, 20 May 2013 11:12 PM

තලන යකඩේ උඩ පැන පැන තලනවා. බලමුකෝ තලලා මේ පාර ඡන්දෙන් ගෙදර යද්දී... (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 20 May 2013 04:06 PM

අරින්න එපා ඇමතිතුමා කෙලින්ම ඉල්ලා අස්වෙන්න. කරන හැටි බලන්න (අ)

:       0       0

තිලක් පිරිස් Monday, 20 May 2013 04:06 PM

දැන් ඔය ඉල්ලා අස්වෙන්නේ ඇමතිකමෙන්ද, මන්ත්‍රීකමෙන්ද, නැත්නම් වෙන මොකකින්හරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඉන්දික ksa Monday, 20 May 2013 04:12 PM

අසාදාරණයට විරුද්දව මිනිස්සු පාරට බහිනකොට, ඒක විහිළුවකට ගන්න එපා.(ස)

:       0       0

සරත් Monday, 20 May 2013 04:16 PM

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා. (ස)

:       0       0

ඩයස් Monday, 20 May 2013 04:17 PM

වර්ජනය කරන්න ඕනෑ නැහැ. ජනතාවට සහනයක් දෙන්න. ඔබතුමා ඉල්ලා අස්වෙන්නත් එපා. ජයවේවා. (නි)

:       0       0

ලංකාසිරි Monday, 20 May 2013 04:29 PM

වර්ජනය කරලා හරි මර්දනය කර ගන්න ඕනෑනේ. (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 01:10 AM

කෝටිපතියෙක් වන මෙතුමාගේ විදුලිබිලත් ආණ්ඩුවෙන්ම ගෙවන නිසා මිනිස්සුන්ගේ දුක කොහොමවත් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Monday, 20 May 2013 04:52 PM

මෝඩ වැඩ කරන්න එපා

:       0       0

යොහාන් Monday, 20 May 2013 05:03 PM

ගිය ගමනට වැඩිය අපේ විදුලි බිල මේ ගමන අඩූයි. (නි)

:       0       0

මොහමඩ් Monday, 20 May 2013 05:05 PM

ලෝකයේ ජිවන බර වැඩිකරන්න උද්ගෝෂණය කරන එකම රට ශ්‍රී ලංකාවයි! දුප්පත් ජනතාවට තමයි හැම පැත්තෙන්ම දුක. (නි)

:       0       0

මාලිංග Monday, 20 May 2013 05:18 PM

බාර ගන්නවාද

:       0       0

කැනඩා දිසා Tuesday, 21 May 2013 07:14 AM

අන්න ඔබට වැරදුන තැන.ඔබතුමා ව්‍යාපාරික මොලයෙන් ජනතාවගේ අසරණ ප්‍රශ්න වලට දෙන උත්තර වැරදියි. (නි)

:       0       0

සාලිය Monday, 20 May 2013 05:36 PM

මොනවා කරන්නද අපි

:       0       0

සාලිය Monday, 20 May 2013 05:39 PM

දෙයියෝ සාක්කි

:       0       0

ප්‍රගීත් Monday, 20 May 2013 07:34 PM

ඒක තමා. එයාලට නම් මොකෝ. අපිනේ තැලෙන්නේ (නි)

:       0       0

ෆාතිමා Monday, 20 May 2013 03:03 PM

මේ අභියෝගයෙන් ඉල්ලීම් ඉෂ්ට වනවාද

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 03:01 PM

උප ඇමති තුමා චන්ඩියෙක් වෙලා වගේ. අරින්න එපා උප ඇමතිතුමා. ඔහොම යමු. (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 20 May 2013 03:09 PM

එක අයෙක් අස් වුණාට මදි ,10 දෙනෙක් වත් අස් වුණා නම් පාඩුවට දුවන විදුලි බල මණ්ඩලය නඩත්තුවට හොඳටම ඇතිවෙයි එම මුදල් (නි)

:       0       0

සදුන් Monday, 20 May 2013 03:14 PM

මේ අයට ජනතාව පක්ෂ පාට වලින් තොරව උත්තර දිය යුතුය (නි)

:       0       0

අරුණ Monday, 20 May 2013 03:16 PM

අභියෝග හා වාද පමණයි ලංකාවේ දේශපාලනය කියන්නේ

:       0       0

ඉරෝකා Monday, 20 May 2013 03:15 PM

කවුද එක ගන්නේ කියලා බලමුකෝ (නි)

:       0       0

ශීලා Monday, 20 May 2013 03:19 PM

මීට කලිනුත් සමහරු නම් කිව්වා. කෝ ඉතින් ඉල්ලා අස්වුණා ද? (නි)

:       0       0

කමල් Monday, 20 May 2013 03:17 PM

අපිට කාවවත් වැඩක් නැහැ. විදුලි බිල වැඩිවීම, ජීවන වියදම් වැඩිවීම වැනි දේට මෙතුමා පක්‍ෂද කියලා දැනගැනීම විතරක් ප්‍රමාණවත් (නි)

:       0       0

ලුම්බිණි Monday, 20 May 2013 03:23 PM

රජයේ කාර්යාල ඇරලා තිබුනත් මොකක්ද ඇති පලේ? (නි)

:       0       0

නාමල් Monday, 20 May 2013 03:21 PM

ඇමතිතුමා තවම දන්නේ නැහැ වගේ , වැඩ වර්ජනය කියන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

නිමාලි Monday, 20 May 2013 03:25 PM

මොකටද අභියෝග වැඩක් කරන්න මිනිස්සුන්ට

:       0       0

නිශාන්ත Monday, 20 May 2013 03:24 PM

අවන්කවම මෙයාලට තේරෙන්නේ නැහැ විදුලි බිල වැඩිකරපු නිසා මහජනතාවට අපහසු බව. දැන් මේ වර්ජනය කුමන්ත්‍රණයක්ද ඇමතිතුමෝ. (නි)

:       0       0

බන්දුල Monday, 20 May 2013 03:26 PM

වර්ජනවලින් රටට කිසිම ප්‍රයෝජනයක් නැත. නමුත් උප ඇමතිතුමාලා රටේ ප්‍රශ්න ගැනත් හිතන්න.නැත්නම් අපේ රටත් කවදාහරි ඉතියෝපියාවක් වෙනවා. (නි)

:       0       0

බුද්ධි Monday, 20 May 2013 03:26 PM

මීට කලිනුත් කි දෙනෙක් නම් අස්වුණාද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 May 2013 03:29 PM

අපි අහගෙන ඉන්නවා ඒ ගොල්ලෝ කියනවා

:       0       0

රත්න Monday, 20 May 2013 03:31 PM

මේවා"සුළු දේවල්"? (නි)

:       0       0

ජීවන් Monday, 20 May 2013 03:34 PM

ඇයි ගම්පොල ? යටිනුවරට මොනවද කරලා තියෙන්නේ? (නි)

:       0       0

ගුණරත්න Monday, 20 May 2013 09:32 PM

මේ ප්‍රතිචාර දාලා තියෙන අය හරියට කියවලා නැහැ මේ ප්‍රවෘත්තිය. (නි)

:       0       0

උදය Monday, 20 May 2013 03:33 PM

එහෙම අස් වුනහම ඒ වර්ජකයන්ට වෙන පාඩුව මොකක්ද? ඒ ගොල්ලෝ කැමතිත් වෙයි වෙනසකටත් එක්ක (නි)

:       0       0

සරත් Monday, 20 May 2013 09:34 PM

ලංකා ඉතිහාසේවත් නැහැ. ඔන්න පුලුවන් නම්. (නි)

:       0       0

ප්‍රේම් Monday, 20 May 2013 03:35 PM

ඔබතුමාට මෙය සුලුදෙයක්. එහෙත් ජනතාවට? (නි)

:       0       0

සිසිර Monday, 20 May 2013 09:38 PM

රට ගැන හිතලා අපි කාලයක් දුක් වින්දා. අපට තවත් දුක් විදින්නද කියන්නේ? (නි)

:       0       0

ජගත් Monday, 20 May 2013 03:36 PM

කමල්, අපිනේ විඳවන්නේ. එයාලට මේවා විහිළු. තේරුම් දැනගෙන කතිරය පාවිච්චි කරමු. (නි)

:       0       0

සුනිල් Monday, 20 May 2013 03:42 PM

මෙතුමාගේ විදුලි බිල කීයද, එතුමා ගෙවන්නේ කීයද කියලා අපිට කියනවද දැනගන්න? ඒක අපිට කිව්වට පස්සේ ඔබතුමා කියන්නේ මොනවද කියලා අපි හොයලා බලන්නම්. (නි)

:       0       0

භාතිය Monday, 20 May 2013 03:44 PM

විකාර වැඩ

:       0       0

රණ රාල Monday, 20 May 2013 03:46 PM

මේ අයට ලස්සන උත්තර දෙන්න පුලුවන්, ඒත් මේක පත්තරයක්. කිවුවා කියලා හිතාගන්න. (නි)

:       0       0

මාටින් Monday, 20 May 2013 03:44 PM

ඔයා ඉතින් දේශපාලනයෙන් සමුගත්තත් ආණ්ඩු පක්ෂයට යන්නෙ නැහැ කියලනේ කලිනුත් කිව්වේ.... දැන් මොකද දේශපාලනයෙන් සමුගත්තද ? (නි)

:       0       0

උදිත Monday, 20 May 2013 03:48 PM

කතා කරන්න එපා ... මම කැමති නැහැ

:       0       0

සිරිපාල Monday, 20 May 2013 03:49 PM

ඡන්දයක් ආවම බලන්නකො අපේ විරෝධයත්... (නි)

:       0       0

සුරංග Monday, 20 May 2013 03:51 PM

අභියෝගයෙන් දින්නාම කාටද වාසිය අපිටද කාටවත් නැහැ

:       0       0

විමල් Monday, 20 May 2013 10:34 PM

අනේ අපොයි

:       0       0

හසිත Monday, 20 May 2013 03:55 PM

එතකොට ඇමතිතුමාගේ බිල 60ට අඩු ඇති නේද? (නි)

:       0       0

කපිල Monday, 20 May 2013 03:57 PM

ඔබතුමාද ගෙදර විදුලි බිල ගෙවන්නේ? (ස)

:       0       0

අනුර Monday, 20 May 2013 03:59 PM

ඔහොම යන්න උප ඇමතිතුමා, ජය වේවා! (නි)

:       0       0

චමි Monday, 20 May 2013 03:57 PM

එයාලට පිස්සු ,අපිට ඩබල් පිස්සු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 115 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 487 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 518 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 322 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 928 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site