IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වර්ජකයෝ මීගමුවේ දුම්රියක් නවත්වති

වර්ජනයේ යෙදී සිටින මීගමුවේ ත්‍රී රෝද රියදුරන් හා පෞද්ගලික බස් රියදුරන්  පිරිසක් කොළඹ - හලාවත දුම්රිය පාරේ ගල්කන්ද දුම්රිය ගේට්ටු කණුව අසල දුම්රිය පාර හරස් කර අද (2) පෙරවරු 11 සිට දුම්රියක් නවත්වාගෙන සිටිති.

වර්ජකයන් දුම්රිය මාර්ගයේ ටයර් ද කොටද දමා හරස් කර ඇතැයි ද කුරණ - ගල්කන්ද රේල් ගේට්ටුව අසල බාධක දමා ඇතැයි ද පොලිසිය ද එහි පැමිණ ඇතැයි ද කියති.

IMG_0020[1] IMG_0003[1] IMG_0006[1] IMG_0012[1] IMG_0018[1]

ජායාරූප - හියුබඩ් ප්‍රනාන්දු



අදහස් (0)

වර්ජකයෝ මීගමුවේ දුම්රියක් නවත්වති

උද්දික Friday, 02 December 2016 12:45 PM

වැරදි නොකර ඉන්නවානම් දඩ කන්න ඕන නැහැ. (ර)

:       0       0

සමන්ත Friday, 02 December 2016 12:47 PM

සියල්ලන්ගේම රාජකාරි වලට බාධාවක් නේද මෙය? (ර)

:       0       0

ධම්ම Friday, 02 December 2016 12:48 PM

වර්ජනය කරන්න තියෙන අයිතියට වගේම වර්ජනය නොකරන්න තියෙන අයිතියටත් ගරුකරන්න. (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 02 December 2016 12:50 PM

තාමන් හරියට ධාවනය කරනවානම් මොකද බය? (ර)

:       0       0

සුජීව Friday, 02 December 2016 12:55 PM

රසික, යහපාලනයට අපිත් ඡන්දෙ දුන්නා. දැන්වත් අපි යහපාලනයට කඩේ යන එක නවත්තමු. වර්ජයකයෝ සටන් කරන්නේ දඩ වියදම් අඩු කරගන්න. නැත්නම් වක්‍රාකාරව එම දඩ අපිටයි ගෙවන්න වෙන්නේ. රුපියල් 25,000ක් ගෙව්වම අපෙන් තමා එ්ක අයකරන්නේ වැඩි ගමන් ගාස්තු අය කිරීම තුලින්. (නි)

:       0       0

පුෂ්පකුමාරි Friday, 02 December 2016 01:23 PM

වැරදි කිරීමට අවසර ඉල්ලා වර්ජනය කරන එකම රට. මිනිස්සු බුරුතු පිටින් මරනවා, වාහනයක් හරියට හසුරුවා ගන්න බැරි මගමරුවෝ. මෙච්චරයි අයවැයෙන් කරපු එකම හොඳ දේ (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 02 December 2016 01:33 PM

මම අහන්නේ එතකොට දුම්රිය හරස් පාරේ දාන වාහන යට කරගෙන යන දුම්රිය දැන් කොහොමද නතර කළේ කියලා. යට කරගෙන යන්න තිබුනානේ. නේද. අනේද කියන්නේ (නි)

:       0       0

සමන්ත Friday, 02 December 2016 01:47 PM

මේ වර්ජන නෙමෙයි, ත්‍රස්තවාදය. රටට, ජනතාවට පීඩා කරන මොවුන් අත්අඩංගුවට ගතයුතුයි (නි)

:       0       0

විකුම් Friday, 02 December 2016 01:55 PM

පාර්ලිමේන්තුවේ චණ්ඩි, තක්කඩි කෝ දැන් (නි)

:       0       0

සුරන්ජිත් Friday, 02 December 2016 07:07 AM

මෙය තනිකරම රාජ්‍ය විරෝධී අපරාදකාරි ක්‍රියාවක් වහාම රජය වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළයුතුයි නැතිනම් මෙය ආදර්ශයට ගෙන අනෙක් පුද්ගලයනුත් රටේ ගමනාගමන ප්‍රවාහනය කඩාකප්පල් කල හැකියි . (ම)

:       0       0

කාරියවසම් Friday, 02 December 2016 07:12 AM

නීතියක් නැති රටක්!!! මේවට තද දඬුවම් දිය යුතුය. (ම)

:       0       0

දසනායක Friday, 02 December 2016 07:14 AM

මේ රට හදන්න බෑ කවදාවත්. සමහරුන්ට ඕනේ අයෙත් යුද්දයක්, සමහරුන්ට මහපාරේ සත්තුවගේ වාහන එලවන්න, නීතියක් නැතිව වල්බුරු නිදහස අත්විදින්න. හරිම දුකයි මේවා දකිනකොට. (ම)

:       0       0

ලෝරන්ස් Friday, 02 December 2016 07:19 AM

වර්ජනය කරන්න එහෙත් කඩාකප්පල් වැඩකරන්න අයිතියක් නොමැත (ම)

:       0       0

ප්‍රදීප් Friday, 02 December 2016 07:21 AM

මෙරටට යහපාලන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැත.(ම)

:       0       0

ජයරත්න Friday, 02 December 2016 02:42 PM

කාලයක් ගැහුවා මැරුවා කියලා අපි ආණ්ඩුවට බැන්නා. මේවා දකිනකොට නම් ගහපන් කියලා කියන්න හිතෙනවා. එහෙම කළොත් ඒකත් නැවත වැරදි වෙන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු සීමාවක් ඇතුව යමක් කරන්න දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 02 December 2016 07:23 AM

වර්ජන කිරීම වෘත්තීය අයිතිවාසි කමක් .උද්ඝෝෂණ කිරීමේ අයිතිය සියලු පුරවැසියන්ට හිමියි .නමුත් මෙවැනි කඩාකප්පල් කාරීන්ට ජීවිතේටම මතක හිටින දඬුවමක් ලබා නොදුන්නොත් සාමාන්‍ය ජනතාව ගේ මානව හිමිකම් කඩ කිරීමක් (ම)

:       0       0

නුවන් Friday, 02 December 2016 07:26 AM

කෝච්චියක් බලෙන් නවත්වා තැබීම බරපතල ක්‍රියාවක්! (ම)

:       0       0

ලියනගේ Friday, 02 December 2016 03:23 PM

රටේ විනය නැත්තටම නැතිවෙලා. රටම කුණු ගඳ ගහනවා. කවුද මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

අහිංසා Friday, 02 December 2016 07:41 AM

සෑම විටෙකම වරදකට ගසන දඩය ඉසිලිය නොහැකි තරම් විශාල විය යුතුමය. නැතහොත් එය දඩයක් සේ නොසළකා ගණන් නොගෙන එම වරද යළි කරනු ඇත. මුදලේ අගය අඩුවීමත් සමඟ කලින් කලට දඩ මුදල් වැඩි කිරීම රටවල් විසින් සිදුකිරීම සාමාන්‍යය දෙයකි. (නි)

:       0       0

සම්පත් Friday, 02 December 2016 03:44 PM

මගී ප්‍රවාහනය නොකරන උද්ඝෝෂණය කරන බස් වලට අපි ගල් ගහමු (නි)

:       0       0

රූපවතී Sunday, 04 December 2016 07:00 AM

ප්‍රමිතියෙන් යුතු වාහන පාරට දමන්න රජයෙන් වැඩකටයුතු යෙදිය යුතුයි ..දියුණු රටවල වගේ ටුවරිස්ට්ලා ප්‍රවාහනය කරන අධි සුඛෝප බෝගී වාහන ගෙන්වන්න අපිටත් ගමනක් යන්න පුළුවනි ..ආදායම රජයට නේද .? මැති ඇමතිලාට විතරමද මේ රටේ පහසුකම් වලින් යුතු සැප වාහන ඕනේ? මේ රටේ මේ මැති ඇමතිලාට සුර සැප දෙන්න බදු ගෙවන හිගන අපිට .. ගමනක් යන්න වාහනයක් නැහැ පාරේ ඒවත් කැඩිලා ..ඇතුලේ යන මිනිසුන්ට වඩා බස්වල පිට පැත්තේ යි මිනිසුන් පිරිලා යන්නේ එල්ලිලා බසයේ පිටත ..යකඩ කුරුවල ??? (බ)

:       0       0

මාලක Friday, 02 December 2016 04:30 PM

අනේ මන්දා! රටේ හැමතැනම ප්‍රශ්න (නි)

:       0       0

ගුණසිරි Friday, 02 December 2016 04:36 PM

මෙහෙම මිනිස්සු තමයි රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ (නි)

:       0       0

ප්‍රමිලා Friday, 02 December 2016 04:40 PM

මොවුන්ට රජයේ කදුළු ගෑස් වියදම් කළයුතු නැත. ලීසින් වාරිකය ගැන සිතා දැනටමත් මොවුන් රත්වී ඇත. ජනාධිපතිතුමනි, අපිට ඕනෑතරම් කාලයක් ඉවසන්න පුළුවන්. 25000 දඩය පුළුවන් නම් වැඩිකරනවා මිසක් අඩු කරන්න නම් එපා (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 02 December 2016 04:48 PM

නීතිය තමුන්ගේ අතට ගන්නාතුරු පොලිසිය කළේ මොකක්ද? (නි)

:       0       0

ගාමිණී Friday, 02 December 2016 04:51 PM

රටේ නීතියක් නැද්ද? මොවුන්ට මෙහෙම දඟලන්න ඉඩදෙන්නේ ඇයි? (නි)

:       0       0

ලංකා Friday, 02 December 2016 05:05 PM

කිසිම චාරයක් නැති මිනිස්සු. දෙයියන්ගේ නාමයෙන් දියුණු රජයේ ප්‍රවාහන සේවයක් ඇති කරපල්ලා. කෝටි ප්‍රකෝටි ගණන් වියදමින් ඇමතිවරුන්ට වාහන ගේනවා වෙනුවට රටේ මිනිසුන්ට වැඩට යන්න පහසුකම් සහිත වාහන ටිකක් ගෙන්වන්න. (නි)

:       0       0

ඉඳුනිල් Friday, 02 December 2016 08:04 AM

ඇත්තටම මේ රටේ මෙහෙම සිදුවන්නේ ඇයි ? (ර)

:       0       0

දුමින්ද Friday, 02 December 2016 08:14 AM

ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ... (ම)

:       0       0

කේ.තිස්ස Saturday, 03 December 2016 10:59 AM

අනේ ඉතින් ගිය සැරේ කොත්තමල්ලි වගේ මේ සැරේ 25000/= දඩේ දාලා හැමෝගෙම අවධානය වෙන පැත්තකට දාලා රජයේ ඇමතිවරු හොඳට මුදල් ගසාකන්න තමන්ගේ අමාත්‍යංශ වලට මුදල් වෙන්කර ගත්තා. අපේ අට තවම 25000/=ට මරා ගන්නවා. (නි)

:       0       0

සරසි Friday, 02 December 2016 08:48 AM

අැයි කඳුළු ගෑස් ගහලා එළවන්නේ නැත්තේ? (නි)

:       0       0

ඩී. පී ලියනගේ Friday, 02 December 2016 08:55 AM

මෙවැනි අයට දැඩි දඬුවම් දිය යුතුයි. රටේ නීතියක් කොහිද? මේ රජයත් ඒවාට උල්පන්දම් දෙනවාද? සාමකාමී උද්ඝෝෂණ, වැඩවර්ජන වෙනයි, නීති උල්ලංඝනය කිරීම් වෙනයි. මෙවැනි දේවලට මීටවඩා රජයේ අවධානය යොමුවිය යුතුයි. (නි)

:       0       0

මලික් Friday, 02 December 2016 08:58 AM

නීතිය කඩන්නට ඉල්ලනවා මදිවට නීතිය අතට අරගෙන මැර ක්‍රියාවන් සිදුකිරීමට ඉඩදී බලාසිටීම වටීද? මෙවැනි ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියාවන් හා සමාන වේ. මොවුන් අත්අඩංගුවට ගතයුතුය. රටේ නීතිය කඩන්නට නොව රකින්නට පවතින බව පෙන්විය යුතුය. (නි)

:       0       0

වි. ජයපාල Friday, 02 December 2016 08:59 AM

මේවා නම් හමුදාව දාලා හරි නවත්වන්න ඕනෑ (නි)

:       0       0

හෂාන් Friday, 02 December 2016 09:23 AM

මේවා හරිම පහත් ක්‍රියාවන් කී දෙනෙක්ගේ වැඩ කටයුතු අඩපණ වෙනවද? අපි හැමෝම මිනිස්සුනේ (ර)

:       0       0

මල්ෂා Friday, 02 December 2016 09:48 AM

මෙම සියලු දෙනාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මෙය රටට නරක ආදර්ශයක්. (ර)

:       0       0

අජිත් Friday, 02 December 2016 09:51 AM

මේවට ඉතින් අවම බලය මදි. (ර)

:       0       0

තුෂාරි Friday, 02 December 2016 10:07 AM

මොනාද මේ වෙන්නේ ?? මේවට දඩුවම් ලබා දෙන්න (ර)

:       0       0

සේරම් Friday, 02 December 2016 10:37 AM

කොන්ද පණ ඇති ආණ්ඩුවක අවශ්‍යතාවය දැනේ (නි)

:       0       0

කේ පෙරේරා Friday, 02 December 2016 10:40 AM

වර්ජනය කළා නම් නුඹලාගේ වර්ජනය ගෙනයන්න. නමුත් දුම්රියක් නැවැත්වීම දඩුවම් ලැබියයුතු බලවත් වරදක්. අනිවාර්යෙන්ම මොවුන්ට දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

තිලක් Friday, 02 December 2016 10:58 AM

ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම සත්තු වගේ දෙන්නේ ඇයි ? (ර)

:       0       0

විපුල Friday, 02 December 2016 11:26 AM

වැඩේ නැගල යවනවා වගේ. පාලකයන් රටේ නැද්ද ? (ර)

:       0       0

රසික Friday, 02 December 2016 12:01 PM

මෙය දුම්රිය දෙපාර්තමේන්තුවට කොපමණ පදුවක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 613 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4463 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2004 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8779 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site