IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වර්ජනයෙන් අලියා මැරෙයි

නාඋල - ඇලගමුව, ‘අලියා වැටුණු වෙල්යායේ ‘ අද(03) අලුයම් කාලයේ දී  වෙඩි වැදුණු වල් අලියකු මිය ගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.

රත්ගම්මන වනජීවී කාර්යාලයෙන් කළ විමසීමක දී වනසත්ව අඩවි සහකාර ආර්.එම්. සී. බණ්ඩාර මහතා කියා සිටියේ  සිය දෙපාර්තමේන්තුව යටතේ පවතින වෛද්‍ය ඒකක මේ වන විට වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් අලියාට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රමාද වූ බවයි.

elephant_201643.2 elephant_201643.3 elephant_201643.4 elephant_201643



අදහස් (0)

වර්ජනයෙන් අලියා මැරෙයි

ඉසුරන්දි Sunday, 03 April 2016 01:29 PM

අනේ මන්ද මේවා කාට කියන්නද කියලා. මොන වර්ජන තිබ්බත් මෙවැනි දේවල් අනුමත කරන්නේ කොහොමද? (බ)

:       0       0

උපාලි Monday, 04 April 2016 06:11 AM

චන්න තමයි වැදගත්ම ප්‍රශ්නය අහන්නේ. අපේ අලි සම්පත දවස ගානේ වෙඩි වලින්, හක්ක පටස් වලින්, කෝච්චියෙන් ආදී වශයෙන් එක එකා අඩුවෙනවා. පැටවූ ටික පන්සල් අයිනේ දමල යාමෙන් තව කොටසක් උන්ගේ රාජධානියෙන් ඉවත්වෙනවා. මොවුන් බලාගන්න ඉන්න කට්ටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් විතරක් ඇහැ ඇරලා බලනවා. හීලා අලි සියලුම දෙනාගේ කකුල්වල ලේ ගලන තුවාල, හෙන්ඩු පාරවල් වලට. අනේ අපේ කැලේ රජවරුන්ට ගිය කල! (බ)

:       0       0

දර්ශන Sunday, 03 April 2016 09:09 AM

දැන් වර්ජනය කරපු උන් ටිකට ඔය සතාව බෙදාගෙන කන්න කියන්න. කාලකන්නි (බ)

:       0       0

ඉනෝකා Sunday, 03 April 2016 09:33 AM

මේවා නම් සහගහන අපරාධ.! දිනෙන් දින වැනසීයන අපේ වටිනා අලි සම්පත රැකගන්න බැරි හැටි. අපේ අලින්ගේ වටිනාකම අපේ අයට නොතේරුනාට, පිටරට වලට ඇවිල්ලා බලන්න මොනතරම් උත්සාහයක් ගන්නවාද කියා මොවුන්ව සංරක්ෂණය කරන්න. (නි)

:       0       0

අමල් Sunday, 03 April 2016 09:39 AM

ලෝකෙන්ම හොඳම අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ කියන එක නැවත වතාවක් ඔප්පුවුණා අපේ උගතුන්ගේ හැසිරීමෙන්. (නි)

:       0       0

ඉනෝකා Sunday, 03 April 2016 09:58 AM

අලියා වැටුන වෙල්යායේ නොව කොතනකවත් අපේ අලි සම්පතට මෙවන් විපතක් නොවේවා.! (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 03 April 2016 10:10 AM

එහෙම නෙමෙයි දර්ශන, කුණු ඕජස් හැලෙන තත්ත්වයට පත්වෙන්න ඉඩ හැරලා ඒ වගේ වර්ජනවලට හැමදාමත් මග පාදවන අයගේ කටේ ඔබමු. තවත් එකක්, අලියා ශක්තිමත් විශාල එකෙකු වූවත් උකුස්සන්ට හා මොණරුන්හට ලබාදුන් සත්ව කරුණාවම ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා (බ)

:       0       0

චන්න Sunday, 03 April 2016 10:28 AM

එතකොට අලියට වෙඩි තැබූ කෙනා ගැන මොකක්ද ගන්නා පියවර? (නි)

:       0       0

කුමාර Thursday, 07 April 2016 07:12 AM

අලින්ගේ වනාන්තර ටික ටික දේශපාලන බලවතුන්ගේ අයිතියට පත්වෙන කොට අලි මිනිසුන්ගේ සීමාවට එනවා. මේක බරපතල වැරද්දක්. අලි මරණ එවුන්ට මතු කිසිම දිනක මිනිස් ආත්මයක් නොලැබේවා කියා සංවේගයෙන් ලියමි (බ)

:       0       0

සාගර Monday, 04 April 2016 09:51 AM

මෙහෙම අලි මැරන්න ගියොත් අන්තිමට පන්සල් වල ඉන්න අලි ටික විතරයි ඉතුරු වෙන්නේ.(හේ)

:       0       0

රොමේෂ් Tuesday, 05 April 2016 04:31 AM

දවසින් දවස එක එකා අඩු වෙනවා. පස්සේ කියයි වඳ වීගෙන යන සතුන් ජාතියක් කියල....තමන්ගේ ජොබ් එක හරියට නොකර වැඩ වර්ජනය කිරීම හොදද..(කෞ)

:       0       0

දම්මි Sunday, 03 April 2016 10:54 AM

මේවා ශාපවදින අපරාධ දෙවියනේ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 03 April 2016 10:59 AM

බලන්න කොච්චර වේදනාවක් විඳලද මේ සතා මැරිලා තියෙන්නේ? පොළවේ පස් කාලද කොහේද වේදනාවට. අහිංසක සතා! මේවා සහගහන අපරාධ. අලි සියල්ලම මැරෙනතුරු ආණ්ඩුවේ ලොකුපුටු තද නින්දේ (නි)

:       0       0

ලක්මාල් Sunday, 03 April 2016 11:17 AM

එහෙම කොහොමද වෙන්නේ ලංකාවේ. ලංකාවේ ඉන්නේ සේරම දන්නා උදවියනේ පව් අහිංසක සතා (බ)

:       0       0

හේමන්ත Sunday, 03 April 2016 11:58 AM

දර්ශන එතකොට වෙඩි තියපු අසරණයට පොඩි කෑල්ලක්වත් දෙන්නේ නැතිද.(බ)

:       0       0

ශාන් සෞදි Sunday, 03 April 2016 12:12 PM

අලියා හා මිනිසා අතර ගැටුමක් පැවතුනද මේ ක්‍රියා දාමය සිදුවන්නේ ඔවුන්ගේ ජීවන බිම් සීමා ජනතාව එළිපෙහෙළි කිරීම නිසාවෙනි එසේම මිනිසා අලියෙකු තම ආරක්ෂාවට හා දේපල හෝ වගා බිම් ආරක්ෂාව වෙනුවෙන් ඝාතනය කළද ඔවුන්ගේ සිත් තුල වෛරයක් නැති බව මේ මිනිසුන් සතාගේ දේහයට කරන ආවරණය ආකාරය මගින් පිලිබිඹුවේ එහෙත් සතුන් ගේ සියලු ආරක්ෂාවන් ලබා දීමට රජය මගින් වැටුප් ගෙවා පවත්වාගන යන ආයතන වල සේවකයන් මෙවන් අහිකුන්ටක වැඩ වැරුම් නිසා අහිංසක සත්ව ජීවිත විනාශවීම රජය මගින් පාලනය කළ යුතුය (බ)

:       0       0

අසෝක Sunday, 03 April 2016 12:26 PM

බෞද්ධ රටක් නිසා කමක් නැහැ. කෝ මේ අපේ අය ? බුදුන්ගේ නිර්මල දහම විනාශ කරන ටිකවත් මේවට කතා දාන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 702 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 938 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2043 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4345 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2269 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site