IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වර්ජන කළොත් ඉන්දියාව කොන්වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම වර්ජනය කරන්නේනනම් ඉන්දියාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර තනිවීම නොවැළැක්විය හැකියැයි ශ්‍රී ලංකා රජයේ අදහස වී තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා පසුගියදා නව දිල්ලියේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාමාජික රටවල් සියල්ල කැමැත්ත පළ කර තිබියදී එය වර්ජනය කිරීමට කිසියම් රටක් සැරසෙන්නේනම් එය එම රට අනෙක් සාමාජික රටවල් අතර තනි වීමට හේතුවක් වනු ඇතැයි පවසා ඇත.

දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේත් බලවත් රටක් යැයිද මෙනිසා පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීම නොව දකුණු ආසියා කලාපයේම හා ඉන්දියාවේම සුභසිද්ධිය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවට සහභාගී වීම ඉන්දියාව සතු වගකීමක් යැයි කාරියවසම් මහතා කියා තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව පැවැත්වීමට තවත් දින ළං වූ පසු සහභාගීත්වය ගැන ස්ථීර පිළිතුරක් දීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ විදේශ ලේකම් සුජාතා සිං පසුගිය සතියේ ප්‍රකාශ කළාය.

ඇයට අනුව ඉන්දියාවට විදේස් සබදතා මෙන්ම රටෙහි අන්තර් සබදතාද එකසේ වැදගත් බැවින් පවතින තත්ත්වය දෙස බලා සුදුසු තීරණයක් ගැනීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.

මේ අතර ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතුයැයි දැඩි මතයක සිටිනා තමිල් නාඩුවේ දේශපාලන පක්ෂ ඉන්දියාව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතු යැයිද ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත්වී සිටය යුතු යැයිද සදහන් වන යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ඇත.

ඉන්දියාවේ පාලක කොංග්‍රස් පක්ෂ රජයේ ප්‍රධාන ආධාකරුවන් වන තමිල්නාඩු දේශපාලන පක්ෂ සම්මත කර ගෙන ඇති මෙම යෝජනාව නිසා රජය තවත් පීඩනයට පත්ව ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

ඉන්දියාවේ සහභාගීත්වය ගැන ස්ථීර අදහසක් ලබාගැනීමට තවදුරටත් කල්මැරීමට සිදුවන සෙයක් පෙනේ.



අදහස් (0)

වර්ජන කළොත් ඉන්දියාව කොන්වෙයි

සමීර Friday, 25 October 2013 12:46 PM

ඉන්දියාව ආවත් එකයි නැතත් එකයි. අපි සැලෙන්නෑ. (ස)

:       0       0

උපාලි Friday, 25 October 2013 01:06 PM

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ඉවත් කරලා මොන පොදුරාජ්‍ය මණ්ඩලද? ඒ නිසා ඉන්දියාව තනි කරන්න අනික් රටවල් අකමැති වේවි. ඉන්දියාවත් එක නොදන්නවා නෙමෙයිනේ. හැබැයි ඉන්දියාව අපිව ගණන් නොගෙන කටයුතු කලොත් අපි චීනයටයි, පකිස්තානේටයි ලංවෙයි කියන හේතුව නම් ඉන්දියාව නොසලකා හරින එකක් නැහැ. සමුළුවට එන්නත් ඉඩ තියෙනවා ඒනිසා. .(නදී)

:       0       0

නීල් Friday, 25 October 2013 01:14 PM

අඩු ගානේ ජයලලිතවත් එවන්න බැරිද ? ගෝල්ෆේස් එකට එනවා නම් අපි හොඳට සලකන්නත් ආසයි. (ස)

:       0       0

එදිරිසිංහ Friday, 25 October 2013 06:58 PM

දැනටමත් අපේ ඇත්තෝ සුපිරි වර්ජනයකට ලක ලැහැස්ති වෙනවද කියලා ආරංචියක් නම් නැහැ (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 26 October 2013 09:46 AM

අපිට කවුරුවත් අව නඩු කියලා වැඩක් නෑ . මෙම උත්සවය පැවැත්වීමෙන් රටේ ඉහල යන බඩුමිල දරන්නේ රටේ මහජනතාව අන්න ඒකට පිලියමක් දෙන්න............. අපි දැන් මේ කරන්නේ ඉල්ලන් කෑමක් නැද්ද(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 01:41 PM

ඉන්දියාවත් කාලෙකට පස්සේ හොඳ උගුලකට මාට්ටු උනා නේද ? ගෙදර ගියොත් අඹු නසී ? මග හිටියොත් තෝ නසී ? වගේ කෙස් එකක් නේද !.(නදී)

:       0       0

ආරියසේන Saturday, 26 October 2013 09:53 AM

ඉන්දියාව පස්සෙන් යනවට වැඩිය හොඳයි. අපිම බුවල්ලකින් තලා ගත්ත නම්. ඒ කාලේ දුන් දේවල් හොඳටම ඇති. ඒවා නම් වසර දහස් ගානක් පැවැත්වෙනවා. ලක් වැසියන් ඉන්දියාව පැත්ත බලාගෙන වැඳ නමස්කාර කළ කාලය හොඳටම ඇ . දැන් නම් දෙන දේවල් ලක් වැසියන්ට ගුණ නැත. නිකන් දුන්නත් එපා.(නදී)

:       0       0

අනුරාධ. Friday, 25 October 2013 01:53 PM

මා අසා ඇති පරිදි ඉන්දීය නායකයා ලෝක රාජ්‍ය නායකයන් අතර උගතෙක්. ඒත් බුද්ධිය තියෙනවාදැයි නොදනී. ප්‍රාන්ත රාජ්‍යයන් ගහන පදයට තාලම්පොට ගසා අසල්වැසි ස්වාධීන රාජ්‍යයක් නැටවීමට උත්සහ කරනවා නම් ඒ ඔහුගේ බුද්ධියේ තරම ලොවටම කියාපෑමකි. කරුණු කෙසේ සිදුවෙමින් තිබුණත් අනිවාර්යයෙන්ම මේ සමුළුවට ඔහුට සහභාගී වීමට සිදුවේ. (ස)

:       0       0

නිරාන් Saturday, 26 October 2013 10:07 AM

ඉන්දියාව කොන් වෙන එක කොහොම උනත් ලංකාව නම් ලෝකෙනේ කොන්වෙලා වගෙයි දැන්.(නදී)

:       0       0

ගජමන් Friday, 25 October 2013 02:09 PM

අන්තිමට ඔය අගමැති සමුළුවට එනවා! ඔය දානේ පොඩි ට්‍රික් එකක් තමිල්නාඩුවේ කරච්චල් කාරයින්ට..(නදී)

:       0       0

ද සිල්වා Friday, 25 October 2013 02:30 PM

ඔය බමුණා නොඑන තරමට අපිට හොඳයි. නියෝජිතයෝ එවුවට සමුලුවේදී අපෙන් ප්‍රශ්න කරන්න බැහැ. ඔය බමුණා නියෝජනය කරන කොන්ග්‍රස් පක්ෂේ රට පාලනය කරන කාලේදී තමයි කොටින්ට තමිල්නාඩුවේදී හමුධ පුහුණුව දුන්නෙත් , අපිට අහසින් පරිප්පු දැම්මෙත්, ගිවිසුම් ගහන්න බල කලෙත්, රජිව් ගාන්ධිව මරලත් කොටින්ට උදවු කිරීම තවම අත හරින්න බැරි උණා .කෝටි ගණන පිට රටවලට ණය වේවි සමුළු පවත්වල එක එකාගෙන් කතා අහගන්නවට වඩා හොඳ නැද්ද ඔය මුදල් රටේ අනගත සුභ සිද්ධියට ඉවහල් වෙන අධ්‍යාපනය වැනි දෙයකට යෙදවුවා නම්. (ස)

:       0       0

දොඩන්ගොඩ Friday, 25 October 2013 02:55 PM

බටහිර රටවල් එංගලන්තය සවුත් අප්‍රිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකු රටවල් ටික ඉන්දියාවට උදව් කරනවා නියතයි. ඉන්දියාව කොන් වීමක් වෙන්නේ නැහැ. ඔන්න ඔය වැඩක් නැති පොදු රාජ්‍ය මඩුලෙන් ලංකාව ඉවත් වනවානම් ඔය අපිට සෙල්ලම් පෙන්නන අයට සෙල්ලම් නවතාගෙන . අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන් . නොබැඳි ජාතියක් හැටියට . අපි තාම නොබැඳි ජාතියක් නෙමේ නිසා .(නදී)

:       0       0

දයාරත්න රත්නායක Sunday, 27 October 2013 02:03 AM

ලංකාවේ වාසියට අපේ අය කතාකළාට ඉන්දියාවේ අය එහෙ ප්‍රශ්න විසඳාගෙන තීරණ ගන්න ඕනෑ නේද? (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 27 October 2013 02:23 AM

විශාල මුදලක් වියදම් කර මින් ගන්න හදන ආර්ථික වාසි මොනවාද කියලා දන්නවද ? ආයෝජකයෝ 6000 එනවලු! (නි)

:       0       0

ලුම්බිණි Friday, 25 October 2013 03:00 PM

සමහරු මෙතන කරලා තියෙන අමන කතා දැක්කම හිනා යනවා. .(නදී)

:       0       0

රුවන් Friday, 25 October 2013 10:37 PM

අපි ඔබ සමගින් එක්වී වැඩ කිරීමට බැඳී සිටිමු. ඉන්දියාව ඔබට එදා මෙන්ම අදත් අපි ගරු කරන්නෙමු. ඔබ නෙතිනම් අද ලංකාවක් අද නැත. මිහිඳු හාමුදුරුවන්ගේ සිට සංගමිත්ත තෙරණිය තෙක් ඔබ අපට දුන් දායකත්වය ලංකික අපට අමතක නැත. අපි ඔබට ගරු කරන්නෙමු. (අ)

:       0       0

ස්ටැන්ලි Saturday, 26 October 2013 12:25 PM

ඉන්දියාව මෑත කාලයේදී ලංකාවට කෙනෙහිලිකම් කරන්න පටන් අරන්. අපි පොඩි රටක් වුනාට භාණ්ඩ ආනයනයේදී ගනුදෙනුවලදී ඉන්දියාවෙන් ඒවා මිලදී නොගෙන වෙනත් රටවලින් මිලදී ගන්න පෙලබෙනවා නම් පොඩ්ඩක් එයාලව කොනිත්තන්න පුළුවන්. ලංගමයට බස්රථ මිලදීගැනීමේදී වෙනත් වාහන ගෙන්වීමේදී වෙන රටවල් වලට යොමුවීම පොඩි උදාහරණයක්. (නදී)

:       0       0

ගජමෑන් Friday, 25 October 2013 03:11 PM

ලුම්බිණි, ඔය කියන වචනේ ටිකක් විග්‍රහ කෙරුව නම් බලන්න.මම වගේ නොතේරෙන අයට දැනගන්නත් එක්ක. (දිල්)

:       0       0

චාන්දනි Friday, 25 October 2013 10:53 PM

ඉන්දියාව අනෙක් රටවල මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් කතාකලාට ඉනදියාව තරම් මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කරන වෙනත් රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති. කුල බේදය දැඩිව සලකන ඉන්දියාව පහත කුලයේ( විසහෙශයෙන් දලිත්) උපන් යට සලකන විදිය කවුරු කවුරුත් හොයාලා බැලුවොත් ඉන්දියව ලංකාවේ දෙමල ජනතාව වෙනුවෙන් හෙලන කිබුල් කදුළු ගැන හොදට හිතාගන්න පුළුවන.හිපොක්රිට් ඉනදියව (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 25 October 2013 03:26 PM

මෙහෙම ගියාම ඉන්දියාව තනිවීම කෙසේ වෙතත් අපේ රට තනි වෙයිද කියලයි අපට භය. (ස)

:       0       0

Ashan Sunday, 27 October 2013 06:12 AM

අපි අපේ රට වෙනුවෙන් කතා කලාට ඉන්දියාව අතහැරලා ලංකාවට උදවු කරන්ඩ කවුරුත් එන්නේ නැහැ. ඉන්දියාව කියන්නේ අද ලෝකයේ ප්‍රබල රටක් එකයි ඇත්ත .(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 October 2013 03:50 PM

මෙම සංගමය තුල සිටීමෙන් අපිට වැඩිපුර ලැබෙන්නේ පාඩු, මෙම සංගමය තුල සිටින ඔස්ට්‍රේලියා , කැනඩා , නවසීලන්තය වැනි සුදු ජාතිකයන් බහුලව සිටින බ්‍රිතාන්‍යයට ගැති බලවත් රටවල් බලන්නේ නිතරම එක එක ප්‍රශ්න දමමින් ආසියාකරයේ දුප්පත් රටවල් යම්කිසි ආකාරයකට තමන්ගේ පාලනයේ තබාගන්න. අපේ රටේ දැවෙන ප්‍රශ්න බවට පත්ව තිබුන ත්‍රස්තවාදී ප්‍රශ්න වැනි ප්‍රශ්න වලදී මොවුන්ගෙන් ඍජුවම උපකාරයක් අපිට නොලැබුණි. ඉඳහිට ණයක් ලැබුණි. නමුත් අපි ඒවාට පොලි ගෙවන අතර ඔවුන්ගේ පදයට නැටුවෙමු. අපි කලයුතේ අපිට හිතවත් අසල්වැසි රටවල් සමග දේසපාලන ආර්ථික සම්බන්ධතා තර කරගන්න අතර අපේ රට තුල සිදුවන වංචාව දුෂණය අවම කර ගැනීමට කටයුතු කිරීමයි. එමඟින් අපිට දියුණු විය හැක. කෝටි ගණන වියදම් කරමින් සමුළු පවත්වමින් සහ ඒවාට සහභාගී වීමෙන් පමණක් අපි ආර්ථික වශයෙන් දියුණු නොවේ. සමුළුව සමඟ මහා පරිමාණ බහු ජාතික ආයෝජකයන් මෙරටට ආවත් ඔවුන් මෙහෙ ආයෝජනය කලත් පසුව ඔවුන් ආයෝජනය කල මුදල මෙන් කිහිප ගුණයක් පිටරටට ගෙනයනු ඇත. එනිසා අප කල යුතේ පිට රටවල සිටින ශ්‍රී ලංකික සුළු පරිමාණ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට දිරිමත් කිරීමය. නමුත් එවැනි පැහැදිලි වැඩපිළිවෙලක් තවම දකින්නට නොමැත. (ස)

:       0       0

සඳුන් Saturday, 26 October 2013 01:08 AM

ඉන්දියාව කොන් වෙනවා දකින්න නම් අපිත් හරිම ආසයි. හැබැයි ඕක වෙන්නේ කවදාද? ඉන්දියාව දියුණු වෙන ආර්ථිකයක් තිබෙන රටක්. ඉන්දියාව එක රටක් කොන් කරනකොට තව රටවල් ගොඩක් කැමතියි සම්බන්ධතා ඇති කර ගන්න. (නි)

:       0       0

නාමල් Saturday, 26 October 2013 03:04 PM

මෑත කාලේදී නෙමෙයි, ඉතිහාසෙත් මේ රට විනාශ කළා. පාසල් වල ඉතිහාසය උගන්නන්න දැන්වත් පටන් ගන්න. (නි)

:       0       0

දෙවිඳු Saturday, 26 October 2013 03:20 PM

රුවන් වගේ මිනිස්සු නිසා තමයි සිංහල ජාතියත් බුද්ධාගමත් වැඩිකලක් යන්න පෙර නැති වෙනවා කියලා කියන්නේ. (නි)

:       0       0

සම් Friday, 25 October 2013 04:15 PM

ඉන්දියාව කියන්නේ ලෝකයේ වැඩියෙන්ම ඉංග්‍රීසි කතා කරන ජනතාවක් ඉන්න රට. ඒ ඇරුනම ලෝකයෙන්ම දෙවැනියට ජනගහනය ඉන්න රට.අපි ඉන්දියාවට යටත් වී ජීවත් විය යුතු නැති උනත් ඉන්දියාව කියන්නේ කොමන්වෙල්ත් එකේ තියන හතරවෙනි රට. යූකේ, ඕස්ට්‍රේලියා, කැනඩා, නවසීලන්තය පමණක් ඉන්දීය වට ඉහලින් ඉන්නේ. (ස)

:       0       0

ද සිල්වා Friday, 25 October 2013 04:35 PM

සම්, ඔබට අමතක් උන දෙයක් ඉන්දියාව කියන්නේ කොමන්වෙල්ත් එකේ වැඩිම පිරිසක් මන්ද පෝෂණයෙන් පෙලෙන රට , කොමන්වෙල්ත් එක වැඩිම ජාතිවාදියෝ ඉන්න රට , වන්දනාවේ යන හමුදුරුවොන්ටත් අල්ලාගෙන ගහන මිනිස්සු ඉන්න රට , අපි නොදන්නා ඉන්දියාව. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 27 October 2013 09:51 AM

තමිල්නාඩුවේ කෑ ගහන අය ටික නරකද වැසිකිළි ටික හදලා දුන්නා නම්? (නි)

:       0       0

මංගල Friday, 25 October 2013 04:48 PM

ද සිල්වා, මමත් ඔබ තුමාගෙ මතයෙම තමයි ඉන්නෙ. ඒත් කොහෙද මේ රටේ නායකයො කියන අය සුද්දගෙ පස්සෙ මනෙ යන්න හදන්නෙ. .(නදී)

:       0       0

වීරසූරිය Saturday, 26 October 2013 04:31 PM

හැබැයි ඉන්දියාව නැහැ කියලා දුක්වෙන්න පසුතැවෙන්න ඕනෑ නැහැනේ. අපි එන්න එපා කියලා නැහැනේ. (නි)

:       0       0

වික්ටර් Monday, 28 October 2013 09:46 AM

සුද්දෝ සුදු උනාට උන්ගේ සමහර වැඩ සුදු නැත.එකල මෙන් මෙකල ද අපේ රට පාගන්න, අපේ රට විනාශ කරන්නට උන්ට උදව් කරන්නේ අපේම සමහර සිංහල, දෙමල දේශද්‍රෝහීන් බව පෙනේ .පාවාදීම් වලින් ලොවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව බව දුකෙන් උනත් පැවසිය යුතුය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4886 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 328 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 1311 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 145 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 149 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 89 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15603 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 76 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 254 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site