IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වර්ජන තහනම් කරන නීති හදන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය.

සුළු පිරිසක් විසින් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් බහුතරයකගේ දෛනික ජීවිතයට වන බලපෑම් වන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කීය.

නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු ඇතිවන ඇති වන අවස්ථාවක ඒවා විසඳීමට පිළිගත් ක්‍රමවේදයක් ද ඇතුළත් කරමින් මෙම නීති සම්පාදනය කළ යුතු බව ද මධුර විතානගේ මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා සපයන අංශයන්හි දිගින් දිගටම සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් එදිනෙදා ජන ජීවිත වලට විශාල බලපෑමක් සිදුවන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ද වන බව මධුර විතානගේ මහතා යෝජනාව ඉදිරිපත් කරමින් කීය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා එම යෝජනාව ස්ථිර කළේය.

 



අදහස් (13)

වර්ජන තහනම් කරන නීති හදන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

Mohan Mapa Wednesday, 20 September 2023 08:20 PM

නියම වැඩක්... ඇත්තටම පොඩි ප්‍රමාණයක් නිසා විශාල පිරිසක් දුක් විඳිනවා.

:       21       40

Cham Wednesday, 20 September 2023 09:31 PM

හොඳ දෙයක්.කුලියට වැඩ කරන යූනියන් කාරයින්ව කල යුතු දෙයක්

:       0       2

නිරිපුකා Wednesday, 20 September 2023 11:29 PM

කළ යුතුම වැඩක්. නැත්නම් කිසිම රජයකට රට කරන්න බෑ . තක්කඩි රැළ පාරෙම තමයි. අර අන්තරේ ඉන්න වැදි රැළත් නවත්වන්න ඕන. ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙ නෑ.

:       0       2

Bamunuarachchi Thursday, 21 September 2023 12:16 AM

නියමයි වැඩේ කරන්න.

:       2       5

නලින් Thursday, 21 September 2023 12:27 AM

පාර්ලිමේන්තුවේ ඉන්න එකසිය ගණනක් මන්ත්‍රීලා නිසා, මිලියන ගණනක් ජනතාව දුක් විඳින බවත් කියන්න.

:       4       3

Bamunuarachchi Thursday, 21 September 2023 05:52 AM

පෞද්ගලික ආයතනය තුල ඇතිවෙන වෘත්තීය කාරණා පිළිඹඳව පමණක් වර්ජනය කිරීමට ඉඩ දෙන්න. 1956 වෘත්තීය සමීති පිහිටුවන්න ඉඩ දුන්නේ එකල පවුද්ගලික කොම්පැනි සේවකයින්ට කල අසාධාරණ දැකලා. රජයයේ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ගේ හිතුවක්කාර වැඩ වලට සේවකයින් ප්‍රතිචාර දක්වන්න තිබෙන අන්තිම තුරුම්පුව වර්ජනය. ඒ හැර රජයේ ප්‍රතිපත්ති වලට විරුද්දව වර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. වර්ජනය නිසා රජයට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් වෘතියන් විතරයි වර්ජනවලට යන්නේ. බුද්ධසාසන අමාත්‍යයංශයේ ඇති ආයතනයක් වර්ජනය කර රජයට බලපෑම් කරන්න බැහැ. රජයේ සේවක වර්ජන නිසා රටේම ජනතාව අමාරුවේ වැටෙනවා නම් ඒ සේවා අත්‍යවශ්‍ය සේවා කරන්න. එවිට ඒ සේවයට බැඳෙන මිනිස්සු දන්නවා මේ සේවයේ වර්ජන තර්ජන බැහැ කියලා.

:       0       3

චින්තක Thursday, 21 September 2023 05:57 AM

නොපමාව කරන්න ඕන වැඩක් ඒ වගේම එම ආයතන සදහා බදවා ගැනීමේදී ඒවායේ පත්වීම් ලිපියේ පවා අත්‍යාවශ්‍ය සේවයක් බව ඇතුළත් කරන්න ඕන එසේම එහෙම අත්‍යාවශ්‍ය ආයතන ඇතුලේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති ඇතිවීම වැලැක්වීම සදහාත් නීති සැකසීම කරන්න ඕන

:       0       6

සෑම් Thursday, 21 September 2023 05:59 AM

වර්ජන තහනම් කරනවාට වඩා රැල්ලට අහුවෙලා ගහගෙන ආපු පොල් කොම්බ මන්ත්‍රී වඳුරු විතාන පන්නලා දැම්මනම් ජනතාවගේ හිත් වලට මහත් සහනයක් ලැබෙනවා අනිවාර්යයි

:       5       4

පැරකුම් Thursday, 21 September 2023 06:54 AM

ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. රටේ තත්වය යහපත් වූ පසු නැවත සලකා බැලිය හැක.

:       2       5

ravin Thursday, 21 September 2023 07:10 AM

ගර්ජන වර්ජන උද්ගෝෂණ කැරලි රටතුල පරිස්සමට පැවතියත් ඉස්සඉස්සෙල්ලම ජාත්‍යන්තර මානව හිමිකම් ගියේ කාගේ ලොක්කාද ?

:       1       1

ravin Thursday, 21 September 2023 07:20 AM

බලේ ලබාගන්න ඕනෑම ජඩ වැඩක් කරනා එවුන් තමා ඕවායේ පිටිපස්සේ ඉන්නේ .බොරුද කියලා ලොක්කාගෙන්ම අහගනින්කෝ .එයා ඕවා හොඳට දන්නවා

:       0       3

Nimal Thursday, 21 September 2023 08:05 AM

තමන්ගේ වැඩේ හරියට කරපන් .එතකොට ඔක්කොම වැඩ වර්ජන වෙන්න විදිහක් නෑ

:       2       4

Perera Thursday, 21 September 2023 10:40 AM

ඔය ගමන්ම මැතිවරන පැවැත්වීම තහනම් කරන නීතියත් ගේවනම්.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3691 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4202 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 751 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1053 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2991 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3904 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40166 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site