ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් අය කිරීම නවත්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ තාවකාලික වාරණය ඉවත් කරන්නැයි ඉල්ලමින් කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතා ඇතුළු වගඋත්තරකරුවෝ අද අධිකරණයට මොසමක් ඉදිරිපත් කළේය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කීවේ එම සංගමයේ සාමාජිකයන්ගෙන් දිනකට රුපියල් හැට දහසක් අය කරන බවයි. එය මසකට රුපියල් 18 ලක්ෂයක් බව ද නීතීඥවරයා කීවේය.
කහඳගම මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා කීවේ එම මුදල් අය කරන්නේ විදුලිබිල හා වතුර බිල්වලට බවයි.
එවිට පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරයා කීවේ ලයිට් බිල නොගෙවා ඇතැම් කඩවල විදුලිය විසන්ධි කර ඇති බවයි. මෙතරම් මුදලක් අය කළ ද අද වනතුරු ඒ සම්බන්ධ ගිනුම් වාර්තා ඉදිරිපත් කර නැතැයි ද ඔහු කීවේය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය තාවකාලික වාරණය ඉවත් කරනවාද නැද්ද යන්න ලබන 20 වැනි දා සලකා බලන බව කීවාය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාරණයට එරෙහිව කහඳගම උසාවි යයි