බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ දී තමන් වෙත පවරා ගන්නා බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ලංකාදීප එසැණ ට පැවසීය.
මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හයම ඡන්ද විමසීමේදී පරාජය විය. ලබන වසරේදී ඊට අයත් ආයතනවල වැටුප් ගෙවීම ආදී කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමට නොහැකි වන බැවින් එම අමාත්‍යංශ පවරාගෙන ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරගෙන යාමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
මෙම ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ වැය ශීර්ෂය ඉදිරිපත් කළේමහා ඇමතිවරයා බැවින් එය පරාජයවීමේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
අයවැයක එක් වැය ශීර්ෂයක් පමණක් පරාජය කළ නොහැකි බව කී අමාත්‍යවරයා එක් වැය ශීර්ෂයක් පරාජය වූයේ නම් සමස්ත අයවැයම පරාජය වන බවද ස`දහන් කළේය.
පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පමණක් පරාජයවීමේ පූර්වාදර්ශයක් නොමැති නිසා මෙය සම්මත කිරීමට පෙර සභාපතිවරයා නීති උපදෙස් ලබාගත යුතුව තිබූ බව කී වර්ණසිංහ මහතා තමාට අකමැති නම් බලහත්කාරයෙන් ධුරයේ සිටීමේ උවමනාවක් නැතැයි ද කීවේය.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වර්ණසිංහගේ ඇමතිකමින් ඉසුර වර්ණවත් වේ?
රන්ජිත් Friday, 25 December 2015 05:34 PM
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
නන්දලාල්-ප්‍රංශය Friday, 25 December 2015 11:30 PM
ඔක්කොම බදාගත්තහම එකක්වත් හරියට කෙරෙන්නේ නැති බව තේරුම් කරලා දෙන්න කෙනෙක් නැද්ද? (නි)
යාලේ Friday, 25 December 2015 08:38 AM
දැන් එක එකාගේ වර්ණ හැදෙන කාලේ. (අ)
අමල් Saturday, 26 December 2015 12:34 AM
අපිට දැන් එක එක කතා අහලා ඇතිවෙලා. වැඩ නැහැනේ (නි)
දහම් Friday, 25 December 2015 09:16 AM
තවත් පීචන් නොවී අයින් වෙන්න සීලාචාර කමක් තියෙනවා නම්. (අ)
දිල්ෂාන් Sunday, 27 December 2015 08:11 AM
හරියට හරි අමල්. අපි හැමදාම අරයගෙ වැරැද්ද මෙයාගේ වැරැද්ද ගැන කතා අහමින් ඉන්නවා. තමන්ගේ මඩිය පුරවා ගන්න එක ඇරුනම දේශපාලුවෝ කිසි දෙයක් කරන්නේ නැහැ. අපිත් ඡන්දෙ දෙනවා. (ර)
දිලිප් Saturday, 26 December 2015 03:45 AM
මෙය පෙනෙන ආකාරයට පැහැදිලි කුමන්ත්‍රණයකි. එසේ හෙයින් මට හැඟෙන ලෙසට සිදුවිය යුත්තේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ මහා ඇමති ඉවත්වීමයි.ජනතාව මෙය තේරුම් ගතයුතුව ඇත. මෙවැනි අයට ඉදිරියේදී සිය මනාප ලබා නොදී ප්‍රතික්ෂේප කළයුතුය. (නි)
රුවන් Friday, 25 December 2015 11:57 AM
හෙල උරුමයට ඔය තනතුර දෙන්න දේශපාලනික සදාචාරයක් ජනපතිට තියෙනව..ඒ නිසා තමා දුන්නෙත්.. (කෞ)
කරු Saturday, 26 December 2015 05:45 AM
චන්දෙන් පැරදුනා නම් පැත්තකට වෙන්න මහත්තයා. තමුන්නැහැ ආවෙත් ඉන්නෙත් බලෙන්. තමන්ගෙ කැමැත්තෙන් විතරයි. දාල යන්න. (ස)
සත්‍යපාල Saturday, 26 December 2015 08:09 AM
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ උන්නැහේ, ඕකට තමයි කියන්නේ "කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බහිනවා" කියල. (ස)
මංජුල Friday, 25 December 2015 02:49 PM
ඔය ඇමතිකම හෙලඋරුමයට අයිති එකක්. (කෞ)