IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විරතුංගගේ පෙට්ටි අරින්න යයි

රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර නොදී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ පෞද්ගලික බඩු භාණ්ඩ සහිත කන්ටේනරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ සතිය තුළදී පරීක්ෂා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.

මේ වන විට කොළඹ වාරයට පැමිණ තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා සතු මෙම භාණ්ඩ සහිත කන්ටේනරය සඳහා ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එම නිලධාරීන් මෙම කන්ටේනරය විවෘත කොට පරීක්ෂා කරව බැව් විදේශ කටයුතු අමාත්‍යාශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා වල ප‍්‍රගතිය කුමක්දැයි මාධ්‍යවේදියකු අමාත්‍යාශ ප‍්‍රකාශිකාවගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඇය මේ බව සඳහන් කළාය.

උදයංග වීරතුංග මහතා සතු මෙම කන්ටේනරයට අදාළ සියලූ පරීක්ෂ ඉදිරියේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හරහා සිදු කෙරෙනු ඇතැයි මහිෂිනී කොළොන්නේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

යුක්රේන බෙඳුම්වාදීන්ට අවිආයුධ සැපයූ බවට චෝදනා කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව මීට මාස කිහිපයකට පෙර යුක්රේන රජය විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් තමන් පරීක්ෂණ පවත්වන බව එරට රජය අමාත්‍යාංශයට නිල වශයෙන් දන්වනු ලැබූ බවත් එම පරීක්ෂණ වල ප‍්‍රගතිය පිළිබඳ එරය රජය දැන්වූ වහාම මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරන බවද විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව සඳහන් කළාය.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද ඉකුත් 06 වැනිදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව එවූ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස 3කට ආසන්න කාලයක් වාරායේ හිර කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පළ කරන බව කියා සිටියේය.

යුක්රේන රජයට තමාගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට එය  ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි බවත් වීරතුංග මහතා සිය නිවේදනයෙන් කියා සිටී. නමුත් එය නොකිරීම නිසා තමා සම්බන්ධයෙන් යුක්රේන රජයට කිසිදු පැමිණිල්ලක් නොමැති බව ඉන් පැහැදිලි වන බවද හෙතෙම කියා සිටියේය. තමා පදිංචි ලිපිනය පිළිබඳ විස්තර විදේශ අමාත්‍යාංශ ලිපි ලේඛන වල සඳහන් බවද ඔහු එහි සඳහන් කර තිබිණි. 



අදහස් (0)

විරතුංගගේ පෙට්ටි අරින්න යයි

රිචි බාලසුරිය Wednesday, 22 July 2015 04:14 PM

කිව්වට මදි , ඕවා ඇරලා බලලා , මහජනතාවට කියන්න මොනාද තියෙන්නේ කියලා , ජනතාව බලා ඉන්නවා , (හේ)

:       0       0

නන්දලාල් Wednesday, 22 July 2015 11:36 AM

විරතුංගගේ පෙට්ටි ඇරියම රටම බලාපොරොත්තු නොවුන දේවල් සමහර විට එලියට එන්නත් පුළුවන්. සමහර පුවත්පත් වාර්තා අනුව, එයාගේ "පෞද්ගලික බඩු භාණ්ඩ" සහිත කන්ටේනර 2ක් වරායේ තිබුණා නේද?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1550 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 625 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 716 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2528 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2425 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 962 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22668 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22612 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site