IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි‘

සෑම පුද්ගලයකුම නීතිය හමුවේ සමාන හෙයින් තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් දිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (1) පැවසීය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මෙන්ම අතීතයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බව කී එජාප මහලේකම්වරයා බැඳුම්කර සිද්ධිය පිළිබඳව අද කථා කරන ඇතැමුන්ට අතීතයේ මෙවැනි සිද්ධි දස ගුණයකින් සිදුවූ බව අමතක වී ඇතැයි කීවේය.

‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අප යහපාලන ආණ්ඩුව බිහිකරද්දී ජනතාවට ප්‍රතිඥා ලබාදුන්නා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් නීතිය සැමට පොදු දෙයක් බවට පත් කරන බව එම ප්‍රතිඥාවයි. දින 100 ආණ්ඩුවේදී ඒක අපි කළා‘ යැයිද ඇමැති කීවේය.

webDSC_3653



අදහස් (0)

‘වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි‘

සිරි Tuesday, 01 November 2016 09:21 AM

අතීතයේත් මෙවැනි සිද්ධි සිදුවී තිබෙනවා. නමුත් තවම ඔප්පුවුණේ නැහැ. ඉතින් ඔප්පුවුණ එකටවත් දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

සාගර Tuesday, 01 November 2016 09:23 AM

ඉතින් මහත්තයෝ, වගකිවයුත්තන්ට ඉල්ලා අස්වෙන්න ඔන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. මොකද ඉදිරියට බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ නිසා (නි)

:       0       0

බකමූණ Tuesday, 01 November 2016 09:28 AM

යහපාලනය ගෙනාවේ අතීතයේ වැරදි වුණ නිසා. ලිච්ඡවි පාලනයක්නේ ගෙනාවේ. ජනතාවාදී සෑමදෙනෙක්ම පෙළ ගැසෙන්න කාලයයි මේ (නි)

:       0       0

විමුක්ති Tuesday, 01 November 2016 09:44 AM

අර මොකටද ඉල්ලා අස්වෙන්නේ.(අ)

:       0       0

නුවන් Tuesday, 01 November 2016 09:49 AM

ඔබතුමාලා කලින් කිව්වේ වෙනම කතාවක් නේද? මොකුත් වංචාවක් වෙලා නැහැ කියලා නේද කිව්වේ ? දැන් නින්දෙන් ඇහැරිලා වගේ තැන තැන බෙරිහන් දෙන්නේ? ඔයගොල්ලොයි තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Tuesday, 01 November 2016 09:59 AM

මෙයාව පත්කළ අය නේද මුලින්ම අස්වෙන්න ඕනෑ. (නි)

:       0       0

හෆීල් Tuesday, 01 November 2016 10:01 AM

මෙතන එක්සත් ජාතික පක්ෂයතුලත් විවිධ මතවල්. අගමැතිතුමා එදාම මේ වාර්තාව ඉදිරිපත්කිරීම ගැන කෝප් කමිටුවට ස්තුති කලා. කිරිඑල්ල ඇමතිතුමා කිව්වා අපිට මෙතන හංගන්න මොකුත් නැහෙ කියල විවාදයකට දවසක් දෙනවයි කියල. ඉරාන් වික්‍රමරත්න කිව්වා පවතින නීති මදිනං, නීති හදල හරි අයකරනවයි කියල. නමුත් ඊයේ සුජීව සේනසිංහ මැතිතුමා කිව්වා කෝප් සභාපතිට ඉදිරියේදී දුවන්න පාරක් නැතිවේවි කියල. මේකේ තේරුම මොකද්ද? (අ)

:       0       0

ගයා Tuesday, 01 November 2016 10:09 AM

රට මහා අවුල් ජාලාවක පැටලිලා .කරුණාකර කරන්න පුළුවන් කෙනෙකුට දීල අයින්වෙන්න. (අ)

:       0       0

කවිෂා Tuesday, 01 November 2016 10:15 AM

මේගොල්ලෝ අවේ කොහොමද (හේ)

:       0       0

චින්තක Tuesday, 01 November 2016 10:24 AM

දඩුවම් ලැබෙයි මේ යන විදියට.(හේ)

:       0       0

බමුණුආරච්චි Tuesday, 01 November 2016 10:57 AM

වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි හරියට හරි පටන් ගමු (අ)

:       0       0

බමුණු Tuesday, 01 November 2016 10:57 AM

ගයා දෙන්න ඉතිරිවෙලා තිබෙන්නේ අනුර කුමාර විතරයි. අනික් දෙගොල්ලොම රට කෑවා. (අ)

:       0       0

සුසන්ත Tuesday, 01 November 2016 05:27 PM

ඔවු ඔවු අපිට මතකයි කලින් කමිටුවේ වාර්තාව එන්න ඔන්න මෙන්න තියෙද්දී පාර්ලිමේන්තුවත් විසිරුවල දාපු හැටි දින 100 ආණ්ඩුව! (අ)

:       0       0

අනිල් Tuesday, 01 November 2016 05:28 PM

අනුර කුමාරට දුන්නත් හාමු කියන විදියටනේ එයාගේ වැඩ! (අ)

:       0       0

ජනහිත Tuesday, 01 November 2016 06:23 PM

ඇත්ත. ගෙදරින්ම පටන්ගනිමු ආදර්ශයටත් එක්ක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2013 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1057 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 350 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1574 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1106 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site