IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වැරදිකරුවන් රකින සම්ප්‍රදායක් ඇවිල්ලා

වැරදි කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් විට උද්ඝෝෂණ පැවැත්වීමේ සම්ප්‍රදායක් ආරම්භ වී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් පෙනී නොසිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයයේ විදුහල්පති මාරු කිරීමෙන් පසුව එවැනි උද්ඝෝෂණයක් පැවතියේය. රජයේ දේශපාලනඥයකු  එම උද්ඝෝෂණය පිටුපස සිටින බවක්ද  කියති.

බස්නාහිර පළාත් විමර්ශන ඒකකය කළ විධිමත් පරීක්ෂණයකින් පසුව  ඔහු අමාත්‍යංශයට මාරු කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඔහු චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසලට ළමයින් ඇතුළත් කර ගෙන ඇති බව ද අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (0)

වැරදිකරුවන් රකින සම්ප්‍රදායක් ඇවිල්ලා

හුසේන්-රියාද් Friday, 12 July 2013 11:21 PM

ඕවගේ දේවල් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයිනේ. ඕවට දඬුවම් දෙන්නෝන ඔය උදවු කරන දේශපාලුවටත් එක්කයි. මොකද මිනිහටත් කුට්ටිය කැපෙන හින්දනේ බේරගන්න හදන්නේ. මුල ඉඳලා අග වෙනකම්ම රටේ වංචාව, දූෂණය. ඔය ආශ්චර්යය කරා රට යන ගමනේ පෙරනිමිති වෙන්නැති. අපිත් ඉතින් බැණ බැණ මුන්ටම ඡන්දෙ දානවනේ. වැරැද්ද කාගේවත් නෙමෙයි, අපේමයි.(නදී)

:       0       0

කුමාරි Saturday, 13 July 2013 12:45 AM

ඉතින් එහෙම ළමයි ඇතුලත් කරගත් සතුටට ඒ ළමයින්ගේ දෙමවිපියෝ තමයි උද්ඝෝෂනය කරන්නේ. ඒ ලොක්කා හිටියොත් තව කොපමණ වැඩ ගන්න පුළුවන්ද කියලා දෙමවිපියන් දන්නවා.(නදී)

:       0       0

ප්‍රියාන් Sunday, 14 July 2013 07:37 AM

අනේ මන්දා මේ වගේ වැඩ වලට එක එක ලේකම්ලත් සම්බදයිලු (නි)

:       0       0

නිමල්ලලිත් Saturday, 13 July 2013 02:39 PM

මලක සිල්වා මය ඔබේ අදහසට පින්. නමුත් හිතල බලල වැඩ කරන අයත් ඉන්නවා. නමුත් කුමන පක්ෂයක හෝ දේසපාලන හෙන්චියන් ගැන නම් කියල වැඩක් නැහැ. (අ)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 04:37 AM

ගෙදරක තාත්ත දරුවන්ගේ වැරදී වලට දඬුවම් නොකලොත් මොකද වෙන්නේ ? අපේ රටේ තියෙන්නෙත් මෙන්න මේ කියන සරල සිද්දාන්තයම තමයි.(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 05:48 AM

මෙතන හොරුන්ව ආරකෂා කරන්නේ කවුද? පගාව දීල ළමයි දා ගත්තු එහෙම නැත්නම් ඔය කියන දේශපාලුවට කියල ළමයි දාගත්තු හෙන්චයියලා ටිකක්. පාසලට සබැ ආදරයක් ඇති දෙමවුපියො නම් වෙන්න බැහැ. (නදී)

:       0       0

නිමල් Saturday, 13 July 2013 06:22 AM

ඔය වගේම විදුහල්පතිනියක් වෙන්නපුව පැත්තේ පාසලක ඉන්නවා කියලයි ආරංචි (නි)

:       0       0

ලුම්බිණි Saturday, 13 July 2013 06:26 AM

වැරදි කරුවන් රකින සම්ප්‍රදාය මේ රටට ගෙනාවේ කවුද කියන එක කවුරුත් දන්නවා. පුදුමය ඒ ගැන කියන්න කවුරුත් බය එකයි. අනික් කණ්ඩායම ඒක කියන්නේත් නැහැ (නි)

:       0       0

තේජා Saturday, 13 July 2013 06:55 AM

ඒ විතරක්ද? මෙයාත් එක්ක වංචා වලට සහබාගි වුන කෙනෙක් තමයිලු දෙමාපියන්ව/ගුරුවරුන්ව උද්ගෝෂණයට  පොලඹවන්නෙ  එයාගෙ වැඩත් මාට්ටු වෙයි කියලා (නි)

:       0       0

චානක. Saturday, 13 July 2013 07:06 AM

පෙරදිග අමුතු ඇටය.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 13 July 2013 07:14 AM

ඔවු. එහෙම සම්ප්‍රදායක් තියෙනවා තමා. නැත්නම් අද හුගක් අය ඉන්නේ වැලිකඩ (නි)

:       0       0

සෑම් Saturday, 13 July 2013 07:33 AM

සුදුසුම පුද්ගලයන් වෙනුවට නරකම පුද්ගලයන්ද, කරන්න ඕනෑම දේ වෙනුවට නරකම දේද, කරන්න හොඳම ආකාරය වෙනුවට වැරදීම විදියද සිදුවේද? එහෙව්වූ සමාජයක පාතාලය, ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, භීෂණය, දුෂණය රජ කරයි. සත්පුරුෂයන් හූල්ලමින් භීතියෙන් ජීවත් වෙති. (නි)

:       0       0

නුවන් Saturday, 13 July 2013 07:57 AM

ඕවගේ දේවල් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයිනේ. ඕවට දඬුවම් දෙන්නෝන ඔය උදවු කරන දේශපාලුවටත් එක්කයි. මොකද මිනිහටත් කුට්ටිය කැපෙන හින්දනේ බේරගන්න හදන්නේ. මුල ඉඳලා අග වෙනකම්ම රටේ වංචාව, දූෂණය. ඔය ආශ්චර්යය කරා රට යන ගමනේ පෙරනිමිති වෙන්න ඇති. අපිත් ඉතින් බැණ බැණ එයාලටම ඡන්දෙ දානවනේ. වැරැද්ද කාගේවත් නෙමෙයි, අපේමයි (නි)

:       0       0

ලෙස්ලි විජේසිංහ Saturday, 13 July 2013 08:04 AM

පාසල ලගම ඉන්න ළමයා ගන්නේ නැහැ. සල්ලි දුන්නා නම් දුර ඉන්න ළමයව ගන්නවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. ආදී ශිෂ්‍ය සංගමයත් මේ වැඩේට හවුල් වෙලා සල්ලි ගන්නවා. (නි)

:       0       0

අමිළ Saturday, 13 July 2013 08:10 AM

අපේ රටේ නීතියේ තියෙන වරද තමා රටේ නායකයට එම නීතිය අදාල නොවී තිබීම. දැන් අපේ රටේ නායකයා හෝ ඔහුගේ පාක්ෂිකයෝ මේ වරදවල් කලොත් නීතිය ඔවුනට බලපාන්නේ නැති විතරක් නොවේ ඔවුන් තව දුරටත් උසස්වීම්,රැකවරණය වගේ දේවල් ලැබෙනවා. අර ගුරුවරියට අඩන්තේට්ටම් කරපු රාජපක්ෂිකයට නම යෝජනාත් ලැබුනා. අපේ රට තමා නොදියුණු ගෝත්‍රික රටක් වගේ. මුලින්ම රටේ නීතිය සැමට ඉහලින් තිබිය යුතු වෙනවා. දැන් මේ විදුහල්පතිවරු ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්නෝ. ඉතින් මේ ගොල්ලෝ බේරෙනවා. ඊටත් වඩා කණගාටුදායක එක තමා බහුතර ජනතාවට මේක තේරෙන්නේ නැතිවීම.(නදී)

:       0       0

තිස්ස Saturday, 13 July 2013 08:41 AM

ඔය වගේ කෙනෙක් මීගමුව පැත්තෙත් දේශපාලන පාලන බලය අරගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? ඔහු වැඩත් කරනවලු , හම්බත් කරගන්නවලු. (නදී)

:       0       0

රන්ගශනී Saturday, 13 July 2013 08:43 AM

අනිවාර්යෙන් මේ සම්බන්දව සොයා බලන්න ඕන පිටුපස රජයට විරුද්දව වැඩකරන කට්ටිය ඉන්නවා. (අ)

:       0       0

අජන්ත කරුණාරත්න Saturday, 13 July 2013 08:51 AM

වැරදි කරන මැති ඇමතිවරුන් රකින රජයක් යටතේ වෙන මොනවා බලපොරොත්තුවෙන්නද? (අ)

:       0       0

වාස දාස Saturday, 13 July 2013 09:45 AM

මී රට හදන්ඩ ඕනනම් මෙවර බුද්දිමතුන් , සිසෙයින් සහ කම්කරුවන් එකතු වී පළාත් සභ ඡන්දයට ඉදිරිපත් වී රටේ කාලින ප්‍රශ්න ගැන අදහස් සකච කරන්ඩ එවිට මින්සුන් දැනුවත් වේවි. (අ)

:       0       0

නිවිකි Saturday, 13 July 2013 08:29 PM

වෙන්නප්පුව පැත්තේ පාසැලක වැඩ ආවරණය කරන විදුහල්පති වරයා මෙම ආකාරයටම දෙමාපියන් පෙළගස්වා එතුමාගේ වැරදි පෙන්වාදුන් පාසලට ආදරය කරන ආදී සිසුන් මර්දනයට පෙළපාලි ගිය අයෙක්. දේශ පාලන බලය ද , දෙමාපියන්ද රවටා මෙවැනි දේ කිරීම විශාල අපරාධයක්.(නදී)

:       0       0

ලලිත්-SL Saturday, 13 July 2013 10:26 AM

සල්ලි සල්ලි හැමදේටම මුල්වෙන හැමදේම වෙනස්කරන සල්ලි. අද මිනිස්සු නොවෙයි රජවෙලා ඉන්නේ සල්ලි !(අ)

:       0       0

කීර්ති බණ්ඩාර Saturday, 13 July 2013 10:34 AM

දෙමාපියන්ගෙන් ගන්න මුදල් වලින් කුට්ටියක් ඇමතියට යනවා.බය නැතිව ගසා කෑම කරගෙන මගේ කුට්ටිය දියණ කියල.අද රටේ හැම එකාගෙම ඉදලම කරන්නේ ගසා කෑම. (අ)

:       0       0

දර්ශන Saturday, 13 July 2013 10:36 AM

ඔය සම්ප්‍රදාය මේ රටේ උත්තරීත්රෛ කියන තැනින්ම ආව එකක්නේ. (අ)

:       0       0

මාලක සිල්වා Saturday, 13 July 2013 12:05 PM

කස්ප්පු කාලටයි බත් පැකට් එකටයි යටවෙලා මිනිස්සු මී හරක් වගේ කටයුතු කරනවා.දේස පාලුවෝ මුළු රටම කනවා. ලොකු උන්නැහේ තමාට නොවේ වගේ ඉන්නවා. එවුන්ට නාමයෝජනා දෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 410 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 885 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 567 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 908 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1384 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 577 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site