IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


"වරදක් කර ඇත්නම් පාඨලීත් අත්අඩංගුවට"

රාජගිරියේ 2016 පෙබරවාරි 28 වැනි දා සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාත්‍යන්තර වෙළඳාම හා රාජ්‍ය ව්‍යවසාය වැඩබලන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ පාඨලී චම්පික ඇමති අතින් වරදක් වී ඇත්නම් ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක බවත් ය.

තම අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇති අනතුර පිළිබඳ කිසිවක් සඟවා නොමැති බවත් එම ජීප් රථය මෙන්ම එය පැදවූ රියදුරාද පොලීසියට භාරදී පරීක්‍ෂණයට සහය දී ඇති බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්‍ෂණ කෙරෙහි කිසිම බලපෑමක් එල්ල කර නැතැයි කී ඇමතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය  විකෘති තොරතුරු පළකරමින් සිටින බව ද සඳහන් කළේය.

පොලීසියේ මෙන්ම උසාවියේ කටයුතුවලට නීතිගරුක පුරවැසියෙක් ලෙස තමන් සහය දෙන බව ද ඇමතිවරයා කීවේය.

අනතුරට ලක් වූ යතුරු පැදිය ධාරිතාවය 1000ක් වන අධිවේගී යතුරුපැදිය අමාත්‍යාංශයට අයත් ජීප් රථයේ පසුපස ගැටී අනතුර සිදුවී ඇති බවත් ඇමත කීවේය.

 



අදහස් (0)

"වරදක් කර ඇත්නම් පාඨලීත් අත්අඩංගුවට"

නිශාර්ඩ් Friday, 04 March 2016 04:58 AM

දේශපාලකයන් අතර මේ සිද්ධිය කොච්චර කාලෙකට අළෙවිවෙයිද දන්නේ නැහැ? (නි)

:       0       0

ජයනාත් Thursday, 03 March 2016 02:55 PM

ඔව්. එසේ විය යුතුයි. ඔය කියන ඔබත්. (ර)

:       0       0

රංග Friday, 04 March 2016 05:00 AM

අනේ අපේ උපාසක මහත්තයා වගේ ඇමතිතුමාට බනින්න එපා (නි)

:       0       0

රසික Thursday, 03 March 2016 03:40 PM

1000 cc පාවිච්චියත් නීති විරෝධියි .ඒ වගේම ඇමති වරදක් කර තිබේ නම් ඔහුට විරුද්ධවද නීති ක්‍රියාත්මක විය යුතුයි . (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 03 March 2016 04:30 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. (ර)

:       0       0

ඈන් Thursday, 03 March 2016 05:12 PM

පස්සෙන් පිඹගෙන ගිහින් හප්පලා නම් මොනවා කරන්නද? ඉගිලෙන්න ඇති. (නි)

:       0       0

සමීර Thursday, 03 March 2016 05:27 PM

පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා නම් අනිවාර්යයෙන්ම බයිසිකලේ වැරදියි. කොහොමත් දැන් සෙට් එකක් ඉන්නවා පාරේ රේස් පදින (නි)

:       0       0

නාමල් Friday, 04 March 2016 05:58 AM

පුර්ණ පරීක්ෂණයක් පවත්වා වාහනය පැදවූ රියදුරාගේ සැබෑ නම තහවුරු කරන්න. මීට ප්‍රථම හිටපු ගුවන් හමුදාපති කෙනෙකුත් රිය අනතුරකදී ඔහු වාහනය පැදවුයේ නැහැ කියලා පසුව වරද පිළිගත්තා (නි)

:       0       0

සුදේෂ් Friday, 04 March 2016 06:34 AM

අනේ මේ ලංකාවද? (නි)

:       0       0

සිසිර Thursday, 03 March 2016 07:40 PM

මගේ අත්දකීම් වලට අනුව මේ අනතුර ඇත්තටම සිදු වෙලා තියෙන්නේ බුයිසිකලේ එක පදවපු කෙනා අතින් මොකද ම ඉතා පරිස්ක්සමින් පින්තුර ටික පරික්ෂ කලා ඒ අනුව තමි මේ අදහසක දක්වන්නේ (රේ)

:       0       0

සෙනරත් Friday, 04 March 2016 07:05 AM

දැන් මිනිසුන්ට පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා තමා නිතිය ක්‍රියාත්මක කරගන්න වෙලා තියෙන්නේ. නොකර බැරුව නීතිය ක්‍රියාත්මක කරලා කියනවා, දැන් යහපාලනය නිසා නීතිය ක්‍රියාත්මක වෙනවලු. මතකනේ ඩිෆෙන්ඩර් සිද්ධිය. (නි)

:       0       0

නයන් Thursday, 03 March 2016 11:00 PM

සිසිරගේ අදහසට මම 100% එකඟයි. වාහනයේ පසුපස තමයි හානි වෙලා තියෙන්නේ. ඒ වගේම බයිසියිකලය සීබීආර් 1000 වර්ගයේ ලංකාවේ මාර්ග වල පාවිච්චියට ලියාපදිංචි කළ නොහැකි එකක්. නමුත්, අනතුරක් සිදුවූ පසු වැරැද්ද කගේ වුවත්, නොනවත්වා ධාවනය නීතිය කඩකිරීමක්. (නි)

:       0       0

නිල්හාන් Thursday, 03 March 2016 11:02 PM

එතකොට වමෙන් ඉස්සර කරන්න ගිහිල්ලද මේ අනතුර වෙලා තියෙන්නේ. මෙහි ජීප් රථය වරදක් කර නැති බවයි හිතෙන්නේ. පොදු විපක්ෂය නිකන් කෑගහනවා. (නි)

:       0       0

අන්වර් Thursday, 03 March 2016 11:09 PM

මේ කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

ජනහිත Thursday, 03 March 2016 11:39 PM

මට හිතෙන්නේ ජීප් රථය පස්සට ධාවනය වන එකක් වගෙයි. යතුරුපැදියේ ගිය කෙනා ඒක දැනගෙන ඉඳලා නැහැ. ඔය පොඩ්ඩට යතුරුපැදියේ එන්ජින් ධාරිතාව පවා හොයාගෙනනේ. කොහොමද අපේ කට්ටියගේ වැඩ. (නි)

:       0       0

කෝනාර Friday, 04 March 2016 12:31 AM

අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් වුණා කියලා ඇමති අත්අඩංගුවට ගන්න අවශ්‍යද? අනතුරට පත්වුණ වාහන දෙක පදවපු රියදුරන් දෙදෙනාගේ ක්‍රියාකලාපයේනේ හරි වැරැද්ද හොයන්න ඕනෑ (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 04 March 2016 01:52 AM

පිටිපස්සෙන් එන වාහනයක් හප්පන එක මහදෙයක් නෙමෙයි. මතකද පෑලියගොඩ හයි වේ එකේදී බයිසිකලයක් කාරයක පිටුපස හැප්පුවා? (නි)

:       0       0

රුවන් Friday, 04 March 2016 02:02 AM

අනතුර සිදුවුණාම පළාගිය එක වැරදියි. පැදෙව්වේ ඇමතිද නැත්නම් රියදුරුද දන්නේ නැහැ. ඒත් 1000සීසී මෝටර් සයිකල් ලංකාවේ තහනම්. ඒත් එක්කම හැපිලා තියෙන්නේ ජීප් එකේ පිටිපස්සේ. එතකොට කවුද ඇත්තටම වැරදි? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 04 March 2016 02:52 AM

වරද කාගේද කියල හොයගන්නකම් කියන්න බැහැ වරද කාගේද කියල. (ම)

:       0       0

නුවන් Friday, 04 March 2016 03:31 AM

වැරදක් ඇතත් නැතත් අනතුර සිදුවූ විට මුලින්ම කරන්න ඹන තුවාලකරුවන් රෝහලට ගෙනයාම. මෙතන එහෙම වෙලා නෑ අනතුර සිදුකර පලාගොස් තියෙනවා මහජන නියොජිතයොත් මෙහෙම කරනවද? පලායන්න හේතුවක් තිබිය යුතුයි රිය පැදවුවෙ වෙන කෙනෙක් වෙන්න පුඵවන් පලාගිය වරදට අත්අඩංගුවට ගතයුතුයි (ම)

:       0       0

එරික් Friday, 04 March 2016 03:52 AM

හප්පලා පලා යාමේ වරද තියෙනවා එයට දැඩුවම් ලැබිය යුතුය. අඩුම තරමේ රෝහලකට වත් ගෙන ගිහින් නෑ  (ම)

:       0       0

චානක Friday, 04 March 2016 03:52 AM

අපේ රටේ මර්ග නිතියක් නෑ (ම)

:       0       0

ජයරත්න Friday, 04 March 2016 04:06 AM

වරදක් නැත්නම් ඇයි පලා ගියේ. (ම)

:       0       0

චමින්ද Friday, 04 March 2016 04:23 AM

හැපුනම නවත්තන්න ඕනෙ තමයි. තුවාලකරු රෝහලට යවන්න ඕන. හැබැයි දැන් වාහනේ නැවැත්තුවහම ඒක කුඩු කරනවා. රියදුරාට නොසෑහෙන්න සලකනවා. ඒක නිසා කෙලින්ම පොලීසියට යන්න ඇති. (බ)

:       0       0

ජනහිත Friday, 04 March 2016 04:38 AM

කෝනාර ,ඇමති අත්අඩංගුවට ගන්න කියල කවුරුවත් කියන්නේ නැහැ . කියන්නේ ඒ වෙලාවේ වාහනය පදවපු රියදුරා අත් අඩංගුවට ගන්න කියලා. අැමැතිද නැත්නම්, රජ්ජුරුවෝද කියල කවුරුත් කියන්නේ නැහැනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 957 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2016 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 988 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 219 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2378 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1671 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site