IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වරද ඔප්පු කළොත් අලාභය ගෙවනවා

ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි කරමින් කළ වැඩ වර්ජනයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි අලාභයක් නොවූ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්,   අලාභය වූයේ කුමන උපකරණ හානියට පත්වීමෙන් දැයි ගුවන්තොටුපොළ සභාපති නිසි ලෙස පෙන්වා දෙන්නේ නම් එම මුදල ගෙවීම තම සංගමය ඉදිරිපත් වන බවත් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති එම් වර්ණසිරි බණ්ඩාර මුහන්දිරම් මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශයේ පිහිටි එම වෘත්තීය සිමිති කාර්යාලයයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

මෙම වැඩවර්ජනය හදිසියේ සිදු කළ වැඩවර්ජනයක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් සත්‍ය වශයෙන්ම වැඩ වර්ජනය කළේ මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවක් පවත්වා විසඳුම් නොලත් නිසා යැයි ද මුහන්දිරම් මහතා කීවේය.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන්ට වූ හිරිහැර ගැන සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව ඇමතූ මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.

‘ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස අපි ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. නමුත් ඒ එකකින්වත් අපිට හරි විසදුමක් ලැබුණේ නැහැ. අපේ මව් ශාඛාවටත් අපි මේ ගැන දැනුම් දුන්නා.

ගුවන්තොටුපොළේ සහ සමාගමේ සේවකයන් 3576ක් පමණ ඉන්නවා. ඉන් සේවකයන් 3100ක් පමණ අපේ සාමාජිකයන්. අපේ පඩි වැඩි වෙන්නේ වසර තුනකට වරක්. රුපියල් දස දහසක දීමනාවක් දෙන ලෙසත්, සේවක පුරප්පාඩු පිරවීමේ දී සියයට දහයක් පිය පුතු පදනමට ලබා දෙන ලෙසත්, සේවකයන්ට දුන් ආපදා ණය ලබා දෙන ලෙසත් ආදී ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් තමයි අපි මේ අරගලය කළේ.

සේවක ණය ලබා දීම ගත්තම මුලින් දුන්නේ රුපියල් ලක්ෂයයි. එය ලක්ෂ දෙකක් කළා. කෙටි කාලෙකින් මග නැවතුණා. දැනට 350ක් පමණ ඉන්නවා අපදා ණය ගන්න පෝලිමේ.  

අනිත් එක තමයි ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ චොද්නා එල්ල වු පුද්ගලයින්  ඉන්නවා. මානව හිමිකම්  පවා ගියා. නමුත් ඒ අය සම්බන්ධයෙන් විනය පියවර ගත්තේ නෑ. අන්න ඒ පුද්ගලයා ඉවත් කරන ලෙසත් අපි ඉල්ලුවා.

පසුගිය ජූලි 07 වැනි දා සිට ඔක්තෝබර 23 වැනි දා දක්වා මේ සමාගමේ සභාපති, අමාත්‍යංශ ලේකම්, ඇමැතිතුමා අදී පිරිසක් සමග විටින් විට සාකච්ඡා අටක් පමණ පැවැත්වුවා. නමුත් අපට විසදුම් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කළේය. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ තීරණයට ආවේ.

මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකු හදිසියකට දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න බැහැ. ඇමැතිතුමාව සම්බන්ධ කර ගත්තත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනකු සම්බන්ධ කර ගන්න අමාරුයි. විශාල වැටුපක් දීලා, හොද වාහන දීලා අධ්‍යක්ෂවරුන් ගණනාවක් හිටියත් අපි දන්නෙත් තුන්දෙනෙක් විතුරයි.

මෙහෙම තත්ත්වයක් උඩ තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය ගත්තේ. අපි විදුලිය විසන්දි කරලා ක්‍රියාත්මක කළේ එකක් විතරයි. ගුවන්තොටුපොළ අඩපන කරන තවත් ක්‍රියාමාර්ග 17ක් පමණ අපි දන්නවා.  

අපි මේ ජනාධිපතිතුමා දිනවන්න මේ ආන්ඩුවට වැඩ කරපු මිනිස්සු. ජනාධිපතිගේ උපදෙස් පරිදි අපේ ඇමැතිවරයා සහ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයා අපට ඉල්ලීම් කිහිපයක් ලබා දුන්නා. නමුත් තවත් ඉල්ලීම් තිබෙනවා. ඒ ඉල්ලීම් ලබා දෙන තෙක් අපි සටන් කරනවා. අපි කාටවත් රිද්දන්න නොවෙයි මේ ක්‍රියිමාර්ගය ගත්තේ.‘

මෙහෙදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.

ප්‍රශ්නය - මාධ්‍ය පෙන්නපු විදියට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය එකපාරට ගත් එකක් නොවන බව ඔබ කිව්වා. නමුත් මෙතෙක් කල් පැවැත්වූ සාකච්ඡා ගැන මාධ්‍ය දැනුම්වත් කළේ නැතුව නේද මාධ්‍යයට චෝදනා කරන්නේ?

පිළිතුර - අපි හැදුවේ අපේ ප්‍රශ්නය ඇතුළෙම විසඳගන්නයි. ඒකයි අපි මාධ්‍යයට ඒ ගැන නුදුන්නේ.

ප්‍රශ්නය - වැඩවර්ජනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඔබ ඇතුළු පිරිස හිරි හැර කළා නේද?

පිළිතුර - ඇත්තටම ඒ වෙලාවේ තිබුණු පීඩනයත් එක්ක තමයි එහෙම දෙයක් වුණා නම් වුණේ. වැරදි දේවල් කියවුණා නම් කියවුණේ. ඒ සම්බන්ධයෙන් අපි සමාව අයදිනවා. වැරදි වීම මනුශ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්.

ප්‍රශ්නය - මේ වැඩවර්ජනය නිසා කෝටි 10ක පමණ දේපලවලට හානි වුණා නේද?

පිළිතුර - වගකීමෙන් කියන්න පුළුවන් එවැන්නක් වෙලා නැහැ. මෙන්න මේ උපකරණවලට මේ විදියට හානියක් වුණාය කියා සභාපති පෙන්නනවා නම් අපි ලෑස්තියි ඒ අලාභය ගෙවන්න. අපි විදුලිය විසන්ධි කළේ අදාල අංශවලට පැය භාගයකට පෙර දැනුම් දීලා. ගෙවල්වල ලයිට් ගිහින් එද්දි ගෙදර උපකරණවලට හානි වෙනවද නැහැනේ. අනික ගුවන් තොටුපොළ විදුලිය විසන්ධි වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. සාමාන්‍යයෙන් සතියට දවසක් අලුත්වැඩියා සඳහා විදුලිය විසන්ධි කරනවා. ආරක්ෂක හේතු මත ඒ ගැන වැඩිදුරටත් කියන්නේ නෑ. කොටි ගහනකොටත් විටින් විට විදුලිය විසන්ධි කළා.

ප්‍රශ්නය - ගුවන්තොටුපොළේ ඇති බදු නැතිව භාණ්ඩ මිල දී ගන්නා කඩයක පරිපතයකට වූ හානිය ඉල්ලා ඔවුන් සභාපතිට ලිපියක් යවා තිබෙනවා නේද?

පිළිතුර - සභාපතිට යව්වා නම් කරන්න දෙයක් නෑ. අපට එව්වා නම් අපි අපේ පිරිස් දමා ඒ ගැන සොයා බලා මොනවා හෝ වෙලා තියෙනවා නම් වන්දි ගෙවනවා.

ප්‍රශ්නය - වෘත්තීය ක්‍රියාමාර්ග දැන් ඉවරද?

පිළිතුර - නෑ. අපිට ඉතිරි ඉල්ලීම් ලැබිය යුතුයි. අපි ඒ ගැන ඉල්ලීමක් කර තියෙනවා. ඊට ලබා දී තිබුණු කාලය අවසන්. ඒ ඉල්ලීම් ලැබෙන තුරු  අපි සටන් කරනවා. මාධ්‍ය  සහයෝගයත් අපට අවශ්‍යයි.

 DSCF2362 DSCF2365

 



අදහස් (0)

වරද ඔප්පු කළොත් අලාභය ගෙවනවා

අජිත් කරුණාරත්න Friday, 21 November 2014 02:51 AM

රජයේ පාර්ශවයෙන්මයි මෙම අභියෝගය කරලා තියෙන්නේ. රජයට නොපෙනෙන වැරදි වෘත්තීය සමිතියක් අභියෝගාත්මකව පෙන්වාදීම ඉතා අගය කළයුතු ක්‍රියාවක්. මේ ගැන විධිමත් වැඩපිළිවෙලක් නොයෙදුවොත් මේවා කොතනින් කෙළවර වෙයිද කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

ජයන්ත Friday, 21 November 2014 03:11 AM

මමත් ගුවන් තොටුපළේ සේවකයෙක්.මොවුන් එදා හැසිරුණු ආකාරය අනුමත කරන්න බැහැ. එය යම් ආකාරයක රඟපෑමක් හා ලකුණු දමාගැනීමක් ලෙසයි මම නම් දැක්කේ (නි)

:       0       0

බෝධි Friday, 21 November 2014 03:28 AM

ඔතන ඉන්න භාණ්ඩාගාරික තුමා නම් හොඳ මිනිහා (නදී)

:       0       0

චින්තක කුමාරසිංහ Friday, 21 November 2014 03:29 AM

රටේ බොහෝ දේ පියපුතු ක්‍රමයට යන එකේ, රැකියාවත් පියපුතු ක්‍රමයට වුණහම මොකද නේද?ලංකාවේ ඉස්සර වැඩවසම් ක්‍රමය තිබෙන විට නම් පියපුතු ක්‍රමය තිබුණා. දැන් වෙන්න ඕනෑ සුදුසුකමට සහ හැකියාවට. එහෙම නැතුව පියපුතු ක්‍රමයට නොවෙයි. වැරදි කප්පරක් කරලා ,පොදු ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරගෙන ,රටේ සම්පත් විනාශ කරන අයට වෙන දේ කියන්න මම අකමැතියි (නදී)

:       0       0

වින්ධ්‍යා Friday, 21 November 2014 03:33 AM

මෙහෙම වෘත්තිය සමිතිද වගකිවයුතු රජයක් නියෝජනය කරන්නේ? මොනව වුනත් චෝදනා ලැබූ නිලදාරියෙක් නම් මෙයාලට කට උත්තර නැතිව යන්න ප්‍රතිචාර දැක්වූවා කියල ගුවන් තොටුපළේ ආරංචි මාර්ග කියනවා. (නදී)

:       0       0

සුජිත් Friday, 21 November 2014 03:43 AM

තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ කිසිම වැරැද්දක් මා දකින්නේ නැහැ. නමුත් අපේ රටේ වැඩ වර්ජනය කරන කිසිම කෙනෙක්ට හෝ ආයතනයකට තවම බැරිවෙලා තියෙනවා තමාගේ සේවා ලාබියාට නැතිනම් මහජනතාවට අපහසුවක් නොවෙන විදියට වර්ජනයක් කරන්න. රජයට කියන්න ඕනදෙය රජයට කියන්න ක්‍රමවේදයක් හදාගන්න. ලඟදි දුම්රිය වර්ජනයක් තිබුනා.ඒකනම් ටිකක් සාර්ථකයි . මොකද දුම්රිය ධාවනය කළා සල්ලි ගන්නේ නැතිව ආණ්ඩුවට පාඩුව දෙන්න නිසා වහාම ක්‍රියාත්මක වෙලා ප්‍රශ්නය විසදුවා.(හේ)

:       0       0

අනුර Friday, 21 November 2014 03:51 AM

රටෙි සියලුම ආයතන පිය පුතු ක්‍රමයට ගියොත් මෙි රටේ අහිංසක දෙමවිපියන්ගේ උගත් බුද්ධිමත් දරුවන්ට යන කල දසාව මොකක්ද? (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 20 November 2014 05:46 PM

මෙහෙම වෘත්තිය සමිතිද වගකිවයුතු රජයක් නියෝජනය කරන්නේ? මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

ලලිත් Friday, 21 November 2014 04:41 AM

ගසාගෙන හා වවාගෙන කන්නන්ගෙන් රට පිරිලා ඉතිරිලා ගිහින්. අස්චර්යයේ තරම නේද ??(හේ)

:       0       0

චමිලා Friday, 21 November 2014 02:51 PM

මේක හරිම පෝසත් අයනේ . කෝටි දහයක් ගෙවන්න මෙයාලට කොහෙන්ද සල්ලි ? (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 20 November 2014 07:16 PM

මම නම් කියන්නේ මෙම හිතුවක්කාර පාලක මණ්ඩලය ඉවත්කර ඔවුන්ට එල්ලව ඇති චෝදනා ගැන පර්රීක්ෂණයක් කර නිසි දඬුවම් දෙන ලෙසයි (නි)

:       0       0

ප්‍රනීත් Thursday, 20 November 2014 07:55 PM

රටවල්වල මර්මස්ථාන අඩපන කරන ඔන්න ඔය වගේ වැඩ කරන අයව තමා අර මොකක්ද පාටකින් යන රථයෙන් රවුමක් අරගෙන යන්න ඕනේ. රෙද්ද අස්සේ නයි දාගෙන කනෝ කනෝ කියල කෑගහන වැඩක් ආණ්ඩුව කරගෙන තියෙන්නේ. (නදී)

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනායක Thursday, 20 November 2014 08:26 PM

හරියට කෝටි 10ක තැන්පතුවක් තිබෙනවා වගේනේ මෙයාලගේ කතාව (නි)

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනායක Thursday, 20 November 2014 08:26 PM

මේක නම් එසේ මෙසේ වෘත්තීය සංගමයක් නෙමෙයි වගේ කතාවෙ හැටියට නම් (නි)

:       0       0

අමන්දා Thursday, 20 November 2014 08:27 PM

ඕවා ඉතින් ඔහොම තමයි! (නි)

:       0       0

සත්‍යයා Thursday, 20 November 2014 08:36 PM

ශ්‍රී ලංකාවේ ප්‍රධානම කීර්තිමත් ගුවන් තොටුපළේ නොවිසඳූනු ප්‍රශ්න රාශියක් තිබියදී තමයි අපි මත්තල හැදුවේ. තමන්ට බලයට එන්න උදව් කළ තමාගේම පක්ෂයේ වෘත්තීය සංගම් සාමාජිකයින්ට සළකන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද? (නි)

:       0       0

අසෝක Thursday, 20 November 2014 09:07 PM

ඔතන දැනට වසර කිහිපයකට උඩදී හිටිය චන්ද්‍රිකා පත්කරපු අධ්‍යක්ෂකවරයෙක්. එයාගේ පැට්‍රොල් බීලම මසකට රුපියල් ලක්ෂ 3 පන්නපු වෙලාවල් තිබුණා. ඉතින් හිතල බලන්න මේ එක්කෙනෙක් පමණයි. පස්සේ මිනිහ කොටියෙක්ගෙන් සල්ලි වගයක් අරගෙන එංගලන්තේ යවන්න ගිහින් අතටම මාට්ටු උනා. බියගම සංවිදායකකමත් නැතිඋනා. මේ වගේ හොරු නිසා තමයි මහින්දට ඡන්ද නැතිවෙන්නේ (නදී)

:       0       0

සඳුනි Friday, 21 November 2014 07:41 AM

කෝටි 10ක් ගෙවන්න පුළුවන්කම තියෙනවා නම් තව මොකටද සහන මහත්තයෝ....?? (නි)

:       0       0

රන්ජිත් Friday, 21 November 2014 12:22 AM

ගනුදෙනුකරුවන්ට ඇතිවූ කණස්සල්ල , මානසික පීඩනය සහ ගිලිහී ගිය ව්‍යාපාරික අවස්ථාවන් වැනි දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුව ඇති. රටට වූ කීර්ති නාම පළුද්ද සහ අස්ථාවරබව නම් කියලා නිම කරන්න බැහැ. පුළුවන් නම් නැවත හදාදෙන්න මේ ටික. දැන් ඉල්ලීම් දිනාගත්තනේ. රට ගැනත් ටිකක් හිතන්නකෝ. (නි)

:       0       0

සරත් Friday, 21 November 2014 12:26 AM

රටේ බොහෝ දේ පියපුතු ක්‍රමයට යන එකේ, රැකියාවත් පියපුතු ක්‍රමයට වුණහම මොකද නේද?ලංකාවේ ඉස්සර වැඩවසම් ක්‍රමය තිබෙන විට නම් පියපුතු ක්‍රමය තිබුණා.දැන් වෙන්න ඕනෑ සුදුසුකමට සහ හැකියාවට.එහෙම නැතුව පියපුතු ක්‍රමයට නොවෙයි.වැරදි කප්පරක් කරලා ,පොදු ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරගෙන ,රටේ සම්පත් විනාශ කරන අයට වෙන දේ කියන්න මම අකමැතියි (නි)

:       0       0

සැම්සන් Friday, 21 November 2014 01:18 AM

ඔබත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයක් අතර ලොකු වෙනෙසක් නැත. මන්ද ඔවුන් ගුවන්තොටුපොළට මේ අයුරින් වැඩ සිද්ද කළානේ? (නදී)

:       0       0

මාලි Friday, 21 November 2014 01:26 AM

රට ගිනි තියනවා (නදී)

:       0       0

කේශාන් Friday, 21 November 2014 02:41 AM

ඒ වුණාට රටක ප්‍රධාන, ආර්ථික අතින් වැදගත් තැනක මෙහෙම දේවල් වෙන්න ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 608 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 785 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 482 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 976 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1792 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 436 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site