IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විරෝධතා දක්වන්න හිටපු අගවිනිසුරුට කල් දෙයි

ජාතික සංවර්ධන බැංකුවේ තම පරිගණක බැංකු තොරතුරු බැලීම තහනම් කරමින් කළ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට කොළඹ මහාධිකරණය හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට අගෝස්තු හතර වැනි දා තෙක් කල් දුන්නේය.

බණ්ඩාරනායක මහත්මියට ඇගේ පරිගණක විශේෂඥයනට හා නීතිඥවරයනට ඇගේ බැංකු තොරතරු ලබා දෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් කළ නියෝගය සංශෝධනය කරන ලෙස බැංකුව මහාධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව මහාධිකරණය එම තහනම පැණවීය.

බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටින තොරතුරු ලබා ගැනීමට ඇයට ඉඩ දුනහොත් වෙනත් බැංකු ගිනුම් තොරතුරුවලට ද පිවිසීමට ඇයට හැකියාව ලැබෙන බවත්, එවැනි තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියකට බැංකුවට රුපියල් දොකෝටියකට වැඩි මුදලක් වැය වන බවත් බැංකුවේ නීතීඥවරු කියා සිටියහ.

තම වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් උසාවියේ පැවරූ නඩුවේ දී බැංකු ලේඛණ විත්තියට ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා නියෝග කළේය. එහිදී ඇතැම් විස්තර දිය නොහැකි බව බැංකුව කියා සිටියේය.



අදහස් (0)

විරෝධතා දක්වන්න හිටපු අගවිනිසුරුට කල් දෙයි

බන්දුල පෙරේරා Friday, 06 June 2014 10:45 PM

සුසිර මහත්තයාගේ ඔය පාට කන්නාඩිය ගලවල බැංකුවට ගිහින් අහල බලන්න බැංකු ගිණුමේ වාර්තා දුන්නද ,නැද්ද කියල,මෙතන තියෙන්නේ වාර්තා නොදීපු ගැටළුවක් නෙමෙයි.තමන්ගේ ගිණුමේ වාර්තාවක් නොදෙන බැංකුව මොකක්ද? කොහෙද මහත්තය ඉස්කෝලේ ගියේ.? මෙතන තියෙන්නේ එයිට වඩා ගොඩක් දුර ගිය ඉල්ලීමක්.එයාගේ පරිගණක විශේෂඥයනට එයාගේ බැංකු ගිණුම් ගැන විස්තර බලන්න බැංකුවේ දත්ත පද්දතියට ඇතුල් වෙන්න දෙන්න කියල. එක ඉටු නොවන ඉල්ලීමක් කියල මෙයා දන්නවා.එහෙම ඉඩක් දුන්නොත් ආයේ ඒ පද්ධතියෙන් වැඩක් නැහැ. ..මේ හදන්නේ ලෝකෙට කොලේ වහල ගහන්න අනේ මගේ ගිණුම ගැන විස්තරවත් මට බලන්න දෙන්නේ නැහැ කියල.එකෙන් මිනිස්සුන්ගේ හිත් වලට ඇතුළු කරන්න මෙයාගෙන් පලි ගැනීමක් කරනව කියල..ඒ මතින් මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න. මේ පුවත මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙන තරම පේනවනේ බලල තියෙන ප්‍රමාණයෙන්ම.නයි නලගනත් ඉන්නේ මෙයාට වඩා ගව් ගානක් උඩින්..මැටි කොරහේ කිබුල්ලු දකින අහින්සට විතරයි මෙයාව මතක් වෙලා තියෙන්නේ..අනෙක් කට්ටිය නයි නලගනගේ බබා නලවනවා.(දී)

:       0       0

රන්ජිත් Friday, 06 June 2014 10:58 PM

මට ආරංචි හැටියට මේ බැංකුවේ තව තව දේසපාලකයන්ගේ මුදලුත් තැන්පත් කරලා තියෙනවා.ඒ අය බයවෙලා දැන් ඒ අයගේ තොරතුරු එලිවේවි කියලා.මොනවා වුනත් මෙතුමිය නිර්දෝෂ බව මොලය තියෙන කවුරුත් දන්නවා. (දී)

:       0       0

අමරසිරි Friday, 06 June 2014 11:09 PM

සුසිර මහත්තයා නොවෙයි ඔය බන්දුල පෙරේරා මහත්තයා නිල්පාට කන්නාඩිය ගලවලා බලන්න.මෙතන තනිකරම තියෙන්නේ දෙසපාලන් පලිගැනීමක්.අර රන්ජිත් කියන කතාව මමත් අහලා තියෙනවා..දෙසපාලකයන්ගේ යටිමඩි ගහපු මුදල් මේ බැංකුවේ තියෙනවාලු. ඒ අයගේ බලපෑමට තමයි මේ බැංකුව බයවෙලා ඉන්නේ. මම දන්නා හැටියට තැන්පත් කරුවන් කිහිප දෙනෙක් මේ බැංකුවෙන් ඒ අයගේ තැන්පතු නැවත අරගත්තා.මොකද ඒ අයට මේ පිස්සු දෙපැත්තට වැනෙන බැංකුව ගැන විශ්වාසයක් නැහැ.මෙය සෙල්ලම් වැඩක් නොවෙයි, කවුරු කවුරුත් මේකෙන් පරිප්පු කයි.. (දී)

:       0       0

රත්නවීර මාපා Friday, 06 June 2014 11:13 PM

බන්දුල පෙරේරා, ඔයා කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ..?කාටද සුදු හුණු ගාන්නේ...? (දී)

:       0       0

තේජා Friday, 06 June 2014 11:36 PM

බන්දුල පෙරේරා ඔයා කාටද කඩේ යන්නේ...?ඔයා කියනදේවල් වලින් තේරෙනවා ..ඔයා කීවෙනි පන්තියටද ඉගෙන ගත්තේ කියලා.යමක් කියන්න ඉස්සෙල්ලා දෙවරක් හිතන්න.මිනිස්සුන්ට නිකරුනේ මඩ ගහන්න එපා.ඒ මඩ ඔයාගෙම මුහුණේ තැවරේවි.. (දී)

:       0       0

සේන Saturday, 07 June 2014 02:48 PM

මේවායේ සීමාවක් තිබිය යුතුයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 07 June 2014 03:16 PM

මම මුලින්ම කණගාටු වෙනවා ටිරොන්ගේ අදහසට .අධිකරණ නියෝගය වැරදි නිසා තමයි දෙවැනි වර මහාධිකරණය එම නියෝගය අවලංගු කලේ..මේක සංවාද මණ්ඩපයක් කියල අමතක කරන්නේ නැතුව ආයෙත් මේ පුවත හොදින් කියවල බලල අදහස් දමන්න. (දී)

:       0       0

මාලි Saturday, 07 June 2014 12:42 AM

ඇත්ත තිත්ත බව පේනවා (දී)

:       0       0

සුජිත් රෝම් Saturday, 07 June 2014 12:45 AM

බන්දුල පෙරේරා, ඔයා ඉස්පිරිතාලයේ මානසික රෝගී අංශයෙන් බෙහෙත් ටිකක් ගන්න.එක වරුවක් බෙහෙත් බිපුවාම ලෙඩේ හොදවේවි. (දී)

:       0       0

කුසුම් Saturday, 07 June 2014 03:36 PM

හිටපු අගවිනිසුරුවරියට අනුන්ගේ ගිණුම් වල දත්ත ඉල්ලන්න තරම් මොලේ අමාරුවක් නැහැ. අයගේ නිර්දෝෂිභාවය පෙන්වන්නට නම්, ඇයගේ ගිණුමට මුදල් බැර කල අනිත් අයගේ තොරතුරු හා දින වකවානු ඉබේටම අනාවරණය වෙනවා. ඒකද මේ ඇයගේ බැංකු තොරතුරු නොදී සිටීමට බැංකුව ක්‍රියා කරන හේතුව? කෙටියෙන් කියනවා නම්, මේක දරුණු පලිගැනීමක්. (දී)

:       0       0

ප්‍රියංකා Saturday, 07 June 2014 01:38 AM

ලංකාවේ බුද්ධිමත් ජනතාව ඇත්ත මොකක්ද කියලා දන්නවා. (නි)

:       0       0

නයනි Saturday, 07 June 2014 02:04 AM

ඉවසීමෙන් බලා සිටිමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

මහින්ද Saturday, 07 June 2014 04:24 PM

බැංකුව අධිකරණයට දීපු බැංකු වාර්තාව බොරු වෙනවා දත්ත පරික්ෂාවකට ගියොත්. එතකොට මේ නඩුව ඉබේම විසිවෙනවා. මම මේ බැංකුවේ වැඩ කරන විධායක නිලධාරියෙක්ගේ නෑයෙක් නිසා මේක හොදටම දන්නවා. (ස)

:       0       0

නෙවිල් Saturday, 07 June 2014 02:53 AM

හැමෝම දන්නවා මේක පලිගැනීමක් කියා. තර්ක කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

ලංකා Saturday, 07 June 2014 05:15 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ඇන්ඩෲ Saturday, 07 June 2014 06:38 AM

බන්දුල, පළමුව ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. මෝඩ විදියට කතා කරන්න එපා. පොලිසියේ සහ බැංකුවේ ඉන්නවා පරිගණක විශේෂඥයන්. ඒ අයත් සමඟ මේක පරික්ෂා කරන්න දෙන්න පුළුවන්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 07 June 2014 05:54 PM

"ඇයගේ ගිණුමට මුදල් බැර කල අනිත් අයගේ තොරතුරු හා දින වකවානු " අනේ කුසුම් දන්නේ නැති නිසා අහන්නේ..අපි කගේ හරි ගිණුමකට සල්ලි දැම්මොත් අපේ විස්තර එයාගේ ගිණුම් වාර්තාවක් ගත්තොත් සටහන් වෙනවද..මම මෙච්චර කල් හිතුවේ නැහැ කියල. කුසුම් කියපු එක හොදට ගියා..නැත්නම් බෙල්ල ගහල යනවා ..දැනටමත් ගහල ගිහින්ද දන්නේ නැහැ. (දී)

:       0       0

අහිංසා Friday, 06 June 2014 04:46 PM

මාර හොර කපටි බැංකුවක්. මින් පසු යම් කෙනෙක් මේ වාගේ පිස්සු බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න. බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් ආණ්ඩුවට දෙන්න හොදයි ...ඒ මහත්මියට එයාගේ බැංකු ගිණුම් දෙන්න බැහැ...මේවගේ බැංකු තියෙන්නේ අපේ මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ විතරයි...විදේශීය බැංකුවක් එහෙම මේ වගේ ප්‍රකාශයක් කලොත් ..ඒ බැංකුවේ සියලුම ගනු දෙනු කරුවන් විරෝධය පානවා විතරක් නොවයි මුදල් ආපසු ගන්නවා.මේක සම්පුර්ණයෙන්ම දේශපාලනික පලිගැනීමක්...ප්‍රවේසමෙන්...(ස)

:       0       0

සුසාමා Saturday, 07 June 2014 09:10 AM

බන්දුල කියන දේ නොතේරෙන කිසිවෙක් මෙතන නැහැ. ඔක්කොමල තම තමන්ගේ වෛරී දේශපාලන කන්නාඩි කුට්ටම් තුන හතර දාගෙනයි මේවා ලියන්නේ. බන්දුල ප්‍රවෘත්තිය හරියට කියවලා තිබෙන බව පෙනෙනවා. පොලිසියේ සහ බැංකුවේ පරිගණක විශේෂඥයින් සිටිනවා උනත් ඒ ගොල්ලෝ බලන්නේ පරිගණක යන්ත්‍රයේ හැඩය දිහා නොවෙයි නේද..? පරිගණක ජාලයම නේද.? එය ඔබේ ගිණුමටද බලපාන බව ඔබට වැටහෙනවා නේද.? කෙනෙකුගේ ගිණුමක තොරතුරු තවත් කෙනෙකුට දැනගැනීමට ඉඩ නො තැබීම බැංකුවක ප්‍රතිපත්තියයි. පක්ෂ භේදයකින් තොරව, සාධාරණව මේ දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහෙන දෙය නම් "නොකෙරෙන දෙයකට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඉල්ලනවා " වගේ දෙයක් මේක. වෙනත් අයගේ තොරතුරු දැනගැනීමට ඇති ඉඩකඩ වැලැක්වීම බැංකුවේ වගකීමයි. ලොව සුප්‍රකට, රහස්‍යභාවය රකින ස්විස් බැංකු ක්‍රමය මෙයට හොඳම නිදසුනය. (දී)

:       0       0

සඳුනි Saturday, 07 June 2014 09:40 AM

බන්දුල මහත්මයා හරිය කියලා මම හිතනවා. එම බැංකුවේ මගේ තැන්පතුත් තිබුණා නම් එවැනි සෙවිල්ලකට මමත් අකමැතියි. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 07 June 2014 10:01 AM

මේ ප්‍රශ්නය ඉවරයක් වෙන්නේ කවදාද (දී)

:       0       0

ගිහාන් Saturday, 07 June 2014 10:09 AM

බැංකුව හරි. (ස)

:       0       0

පද්මිණි Sunday, 08 June 2014 01:27 AM

බන්දුල කාලයකට පස්සේ.. අර කඩේ යන මල්ල ඉරිලම ගිහින් ආයිත් මල්ල මහගෙන වගේ.. දැන් බලපුවම මහාධිකරනයවත් ඕනේ නැහැ නඩු විසදන්නේ මෙයානෙ; කබරයා තලගොයා කරන්ට හදන්නේ. (දී)

:       0       0

ඩෙන්සිල් Friday, 06 June 2014 06:19 PM

ඔබට කිසිදු ප්‍රශ්නයක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු (නි)

:       0       0

සෝමා Friday, 06 June 2014 06:25 PM

අහිංසා, ඔබ හරියට හරි. ඕක තමයි අද සිරිලකට වෙලා තියෙන්නේ (නි)

:       0       0

ගම්මා Friday, 06 June 2014 06:37 PM

අහිංසා, ඔබගේ කතාව හරියටම හරි. තමන්ගේ බැංකු ගිණුමේ ඇති විස්තර බණ්ඩාරනායක මහත්මියට ලබාගන්න බැහැ. (නි)

:       0       0

සත්‍යා Sunday, 08 June 2014 03:36 AM

මුළු ලෝකයම පරිගණක තාක්ෂණය හරහා තම ගිණුම් කාර භවතුනට අවස්තාවක් ලබා දී තිබෙනවා ලෝකයේ කුමන ස්ථානයක සිට උවත් තමන්ගේ බැංකු ගිණුම් කළමනාකරණය කරන්න. මෙහි ඇති රහස්‍ය භාවය ගැන දැනගන්න බැංකු කළමනා කරුවන්ට පවා ඉඩක් නැහැ. මේවගේ දියුණු රටවලට බැණ බැණ කඩේ යනවා කියන්නේ තමන්ගේ ආත්මය 2.50 කට විකුනනවා කියා එකයි. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 June 2014 07:42 PM

අහිංසාගේ ඉන්දියාව ගැන දුන් අර්ථ දැක්වීම වගේම තමයි මේකත්.ලෝකයේ මොන බැංකුවකවත් එහෙම දෙනවද කියලා ටිකක් හොයලා බලලා කතා කරන්න. ගිණුම ගැන විස්තර දෙනවා මිසක් බැංකුවේ දත්ත පද්ධතියට කාටවත් ඇතුළු වෙලා විස්තර ගන්න මේ ලෝකයේ මොන බැංකුවකවත් දෙන්නේ නැහැ, මම දන්න විදියට. (නි)

:       0       0

සදුනි Friday, 06 June 2014 08:08 PM

සමහර අදහස් බලද්දී පුදුමත් හිතෙනවා. මිනිසුන්ට සාමාන්‍ය දැනීම කියලා දෙයක් ඇත්තේම නැහැ (නි)

:       0       0

නදීක Saturday, 07 June 2014 12:59 PM

ෆොන්සේකා මහත්මයට තීන්දුව දුන්නේ මෙතුමිය නේද? ඒ හින්ද මට නම් මුකුත් ලියන්න හිතෙන්නේ නැහැ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 June 2014 08:36 PM

අහිංසා වගේ මම නං උපාධිධාරියෙක් නෙමෙයි.නමුත් මම දන්නා විදියට ඕනෑම ආයතනයක දත්ත පද්ධතිය තමයි ඒ ආයතනයේ හදවත.ඒකට පිවිසෙන්න පුළුවන් අවසරලත් සීමිත විශ්වාසවන්ත පිරිසකට පමණයි. (නි)

:       0       0

ඉනෝමා Sunday, 08 June 2014 08:27 AM

මේ බන්දුල පෙරේරා කියන කෙනා හිතන්නේ ඔහුගේ බුද්ධිමට්ටම අනුව තමයි. මෝඩ කමටද, මුදල් වලටද ඔහොම ලියන්නේ? ලංකාවේ ඔලුවක් තියන ඕනෑම කෙනෙක් දන්නවා පලි ගන්නේ කියල. ලජ්ජා නැති මනුස්සයෙක් වගෙයි පෙන්නේ. (දී)

:       0       0

ලංකා තිලක් Sunday, 08 June 2014 09:24 AM

අපේ බාප්පා මේකේ අධ්‍යක්ෂ මණ්ඩලේ සාමාජිකයෙක්.බැංකුවකින් හොර ගිණුම් වාර්තා දෙන්නේ නැහැ කියල ඒ හින්ද මමත් හොදින්ම දන්නවා..අනේ යන්න මහින්ද මහත්තයෝ යන්න..අපි තුම්පනේ කියල හිතුවද?(දී)

:       0       0

ජූඩ් Sunday, 08 June 2014 10:29 AM

ඇත්ත ඉතාම තිත්ත බව පැහැදිලි (දී)

:       0       0

ලංකා තිලක් Friday, 06 June 2014 09:41 PM

මමනම් බැලුවේ මේ පුවත බලපු ප්‍රමාණයයි නයි නලගනට බබෙක් කියන පුවතයි බැලූ ප්‍රමාණයයි සංසන්දනය කරලා...හිටපු අග විනිසුරු තුමියට රටේ තියෙන සැලකිල්ලත් එතුමිය ගැන ජනතාවගේ තියෙන උනන්දුවෙත් තරම මනින්න තව මොන සාධකද අවශ්‍ය. ජනාධිපතිවරණයට එතුමිය පොදු අපේක්ෂිකාවක් වෙනවනම් අනෙක් පැත්තෙන් නයි නළගන දැම්මනම් එතුමියට ඇපත් නැති වෙනවා.(දී)

:       0       0

සුසිර Friday, 06 June 2014 10:15 PM

තමන්ගේ බැංකු ගිණුමේ තොරතුරු ලබා නොදෙන ලෝකේ තියන බැංකු ගැන මිට කලින් අහල තියනවද? මෙතන කවුරුත් බැංකු දත්ත ඉල්ලන්නේ නැහැ. තමන්ගේ ගිණුමේ තොරතුරුයි ඉල්ලන්නේ. අහිංසා මේවා ගැන කතාකරල වැඩක් නැහැ. නිතිය කණපිට පෙරලලා හරි පුළුවන් තරම් පළි ගන්නවා. වයිරයෙන් වයිරය සන් සිඳේ කියල බන පදත් පුලුවන්නම් වෙනස් කරයි.(දී)

:       0       0

ටිරෝන් Saturday, 07 June 2014 01:52 PM

බන්දුල පෙරේරා, එතකොට අධිකරණ නියෝග දුන්නෙත් කොලේ වහල හගන්නද? එතකොට බැංකුවේ දත්ත පිටවෙන ආකාරයේ තීන්දුවක් දීල තියෙන්නේ අධිකරනයනේ. මෙතන බුත අදහස් ලියන්න එපා මනුස්සයෝ. ඔබට ආගමක් ධර්මයක් තියනවද? ඒ ධර්මයට අනුව පළි ගන්න එක හරිනම් දිගටම කරගෙන යන්න. පිරිමි කම ගණිකා වුර්තියේ යොදවන එක ගැන ලජ්ජා වෙන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 574 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1147 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 724 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 251 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1198 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 818 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site