IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘විරෝධය දැක්වූයේ අයි.එම්.එෆ් එකට නොවේ‘‘

(ඩයනා උදයංගනී)  

අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවටට  රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ  පුරවැසියන් වශයෙන් කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසයි. 

එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට ක්‍රියා නොකරන බව අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා රට බංකො⁣⁣ළොත් කර, ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති බවත්, මෙවන් මොහොතක වර්තමාන ගෝඨා - රනිල් පාලනයට නිසියාකාරව ජාත්‍යන්තර සහයෝගය ලැබේ යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන නමුත් මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණීම 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වශයෙන් ධනාත්මකව සැලකිල්ලට ගන්නා බව ද ඔවුන් පවසයි. 

අරගලකරුවන්ගේ විරෝධය අසාර්ථක ජනපති නන්දසේනට මිස ජාත්‍යන්තර ආයතන කෙරෙහි නොවන බවද එහි දැක්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් 21 දෙනෙකු අනීතකව හා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එහි සඳහන්‍ ය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම චේතනාන්විතවම ප්‍රමාද කළ පාලකයන් ඒ පිළිබඳ වගකීම අරගලකරුවන් වෙත පැටවීමට උත්සාහ දැරීම ද නිර්දය ලෙස හෙළා දකින බව ඔවුන් දක්වා ඇත.



අදහස් (23)

‘‘විරෝධය දැක්වූයේ අයි.එම්.එෆ් එකට නොවේ‘‘

' ප්‍රී-ෂුටින් ' Monday, 20 June 2022 08:33 PM

ඔතන හිටපු පෙළපාලි ගිය අයගේ අම්මලා තාත්තලා ඒවගේම සීයල ආච්චිලගෙත් උපන් දිනය අද දිනට යෙදිලා තියෙන්න ඇති....ඒව පැත්තකට දාලා මෙන්න රටවෙනුවෙන් ඒ අය සමරන හැටි...! ගත්ත ණය ගෙවා ගන්න බැරිව රට දඟලනවා..! මේ අය මෙන්න හැසිරෙන හැටි..! මේ අයම නේද මිනිපෙට්ටි අරගෙන පාරේ ගියේ '' ප්‍රී-ෂුටින් ' ' දාලා..!

:       0       0

Aruna Monday, 20 June 2022 08:42 PM

එන්න කුක්කු බොන්න බබාලා... ! 

:       12       68

සුජිත් පල්ලේවත්ත Monday, 20 June 2022 09:03 PM

ඒක කොහොමත් ඕන කෙනෙක්ට තේරෙනවා. මොකද මේ අය විරෝධතා දක්වන්නේ ගොඩනැගිලිවලට විතරයි. ජනපති ඔතන නැති බවත් ජනපති, ජනාධිපති මන්දිරයේ සිටින බවත්, දැන දැන පාලු ගෙවල්වල වළං බිඳිති...

:       6       67

BamunuarachchiTuesday, 21 June 2022 07:40 AM

ජාතියක් ජන්මයක් නැති කාලකන්නි...

:       0       0

uk ran Monday, 20 June 2022 09:04 PM

අපෝ මෙයාලා බබාලා... සූප්පුවේ කිරි බොන්නේ...!

:       9       64

ChamilaTuesday, 21 June 2022 12:39 AM

uk ran ඔබ තුමා ලන්කාවෙ නම් ඉන්න කෙනෙක් වෙන්න බෑ.. ඔබ ලන්කාවෙ මෙ මොහොත වෙනකොට ඉන්නා කෙනෙක් නම් මා ඔබට ප්‍රති ප්‍රකාශයක් ලබා නොදෙමි, ඒ වෙනුවට මම ඔබගෙන් උපකාරයක් ඉල්ලමි, ඔබට හෙට දිනය ඈතුලත මාගේ හීස් වු ගෑස් සිලින්ඩර් එකට අලුත් එකක් ගෙනවිත් දිය හෑකිද ? ලොකු උපකාරයක් ඈත්තටම, මම ඉන්නෙ නුගේගොඩ, හෙට දිනයේ මා හට හදිසි රාජකාරි වගයක් ඈති නිසා, ඔබ කියන්න මාගේ දු.අන්කය දෙන්නම්..බුදුසරනයි.

:       0       0

PereraTuesday, 21 June 2022 05:42 AM

මෙයාලාට කිරි බොන්න දැන් රටේ කිරිත් නැහැ, සූප්පුත් නැහැ.

:       0       0

chandima Monday, 20 June 2022 10:09 PM

ගෝඨාභය අසාර්ථක පාලකයෙක් කියනවනේ? එතකොට රනිල් සාර්ථක පාලකයෙක්ද?

:       0       0

AB Monday, 20 June 2022 10:18 PM

විදේශ දුත පිරිස් ලංකාවට පැමිණ ලංකාවට ලබාදිය යුතු ආධාර සහ ක්‍රමවේදයන් පිලිබදව රජය සමග නිරතුරුව සකජා පවත්වමින් තිබෙනාවූ අවස්ථවක අරගල කරමින් කරනාවූ කුපිවි සිටින පුද්ගලයන්ගේ හැසිරීම් නවත්වා ගැනීමට " අරගල හිමිකරුවන් " අපොහොසත්ව තිබේ

:       0       0

kasun Monday, 20 June 2022 10:21 PM

කවුද බන් මේ අරගල කරුවන් කියන්නේ? ජෙප්පන්ට කියන තවත් නමක්ද?

:       0       0

Prabath Monday, 20 June 2022 11:11 PM

එතකොට මෙයාලා බබාලා... හැබැයි ආණ්ඩු පෙරළන්නයි යන්නේ. ඔය රැල්ලට ගිහිල්ලා වැඩ වරද්දාගන්න එපා. ඔය රැල්ල හදන අය කවුරුවත් එදාට නැති බව විතරක් මතක තියා ගන්න.

:       0       0

කිරි පුතා Tuesday, 21 June 2022 12:06 AM

ගල උඩ පැහැරූ බළලුන් වගේ. වහගන්න දඟළනවා...

:       1       0

අනුරැද්ධ Tuesday, 21 June 2022 05:51 AM

1971 ඉඳලා ජෙප්පන් රටට කරපු ඵක හරි හමන් වැඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් ලියන්න...!

:       0       0

උපාලි Tuesday, 21 June 2022 06:39 AM

මේ අයට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ.

:       0       0

චන්දන Tuesday, 21 June 2022 06:54 AM

පැහැදිලිවම අයි.එම්.එෆ්. එක එනබව දන්නා නිසා තමයි ඕක කළේ. මොවුන්ට ඕනෑ රට සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා මිනිස්සු බඩ ගින්නේ මරවලා ඒ තුළින් බලය ගන්න. විදෙස්වල ඉන්න අයට තාමත් කියනවා සල්ලි එවන්න එපා කියලා... ජෙප්පන්ගේ 88/89 ගති එහෙම්මමයි. මොවුන්ව රට විනාශ කරනවා. රාජපක්ෂලා විතරක්ම නෙවෙයි.

:       0       0

Bamunuarachchi Tuesday, 21 June 2022 07:38 AM

ජාතියක්, ජන්මයක් නැති ජෙප්පන් තවකෙනෙකුගේ ජන්ම දිනයට විරෝධය දැක්වීම පුදුමයක් නොවෙයි. මේ කාලකන්නින් පිහිටුවන ආණ්ඩුවක් තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරනු ඇත...

:       1       0

naleen Tuesday, 21 June 2022 07:54 AM

අනේ පව්... ජනාධිපතිට හැපි බර්ත් ඩේ කියන්න ඇවිත්... ලංකාවේ උද්ඝෝෂණවලට ගිය කලක්...!

:       0       0

මහේල් Tuesday, 21 June 2022 09:26 AM

අපොයි ඔව් කුක්කු බබාල දන්නෙ පිටිපස්සෙන් රිමෝට් අරගෙන ඉන්න අය කියන දේ කරන්න විතරක්

:       0       0

Dharma Tuesday, 21 June 2022 09:48 AM

සර්ව පාක්ෂික අරගලය? කෝ එතකොට ඔතන තිබුණු නිර්පාක්ෂික අරගලය...

:       0       0

BT Tuesday, 21 June 2022 09:57 AM

"ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා රට බංකො⁣⁣ළොත් කර, ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති බවත්"... ඔය තරුණ උදවියට ෆයිසර් එන්නතම ඕනේ කියලා හඬනකොට, ඒවාත් විශාල මුදලක් වියදම් කරලා ආනයනය කරලා ලබා දුන්නු හින්දා තමයි මෙච්චර හරියක් කරන්න පණක් ආවේ නේද..?

:       1       0

බණ්ඩාර Tuesday, 21 June 2022 03:57 PM

ඒ කියන්නේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී නන්දසේන උපන්දින සමරනවා‍ද?

:       0       0

BamunuarachchiTuesday, 21 June 2022 04:58 PM

නන්දසේනගේ උපන්දිනය එයාගේ පෞද්ගලික දෙයක්.... ඒක සමරන්න විරුද්ධ පක්ෂයේ අයත් එයාගේ ගෙදරට ඒවි... රටේ ප්‍රශ්න එයාගේ පෞද්ගලික ප්‍රශ්න නොවෙයි... එයා එනකොට ප්‍රශ්න ගෙනාවෙත් නැහැ.. යනකොට ගෙදර ගෙනි යන්නෙත් නැහැ. කිසිම රජයේ නිලධාරියෙක් රාජකාරී ප්‍රශ්න ගෙදර ගෙනියන්නේ නැත. එහෙම ගෙනගියොත් ඔවුන්ට පවුල් ජීවිත නැත. රටේ ප්‍රශ්න ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නනම් ආණ්ඩු පක්ෂ, විරුද්ධ පක්ෂ මන්ත්‍රීලා මගුල් ගෙවල් වෙන පුද්ගලික උත්සවවලදී හමුවී විනෝද වෙනවාද? සාමාන්‍ය ජනතාව තමයි දේශපාලන ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න කරගෙන තිබෙන්නේ...!

:       1       1

BamunuarachchiWednesday, 22 June 2022 08:51 AM

බන්ඩාරට බන්ඩෝ කිව්වොත් එක පළකරන්නේ නැහැ බමුනුඅරච්චිට බමුණා කිව්වොත් එක පල කරනවා ඉතුරු ටික හිතා ගන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 473 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 171 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 569 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 51 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 416 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2082 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site