IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටුව ඉකුත් දා පත්කරනු ලැබීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල කමිටුවේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණි.

එහෙත් පසුගිය කාලවලදී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්, විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවීම් කර තිබූ බව දැනගන්නට ඇත.

ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අමාත්‍යාංශයක් හෝ විසින් අනුයුක්ත කරනු ලැබ ඇති වාහන සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත.

එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ සදහා වැයවන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ද සොයා බැලේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසීමක් කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තුව සඳහා (2022 – 2024) යන වසර තුනේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි හතක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.

එම වාර්තාවට අනුව මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එම මුදල රුපියල් කෝටි අටකට වැඩි මුදලක් දක්වා ද මෙම වර්ෂයේ එම මුදල රුපියල් කෝටි 11 දක්වා ද වර්ධනයවී ඇත.

වාර්තාවන අන්දමට මෙම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල පසුගිය කාලයේදී සියයට 45 කින් පමණ වර්ධනයවී ඇත.

 



අදහස් (0)

වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 95 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 305 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 528 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 535 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 48 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2895 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 618 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site