IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

(සුජිත් හේවාජුලිගේ)

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට  හිටපු ජනපතිවරුන්ගේ  මූලිකත්වයෙන්  පෙරමුණක් පිහිටුවා ගැනීමට  අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇතැයි දැනගන්නට ඇත.

වරලත් ගණකාධිකාරීවරුන්ගේ  ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන්  කිහිපදෙනෙකු  එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක්  බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන්  දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇත.

ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.



අදහස් (0)

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 93 0

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 530 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 19 1516 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහා


වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
2024 ඔක්තෝබර් මස 19 5100 0

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 823 0

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 350 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 26 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 510 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site