IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වාරිමාර්ග නිලධාරීහු පවුලක් ඉවතට ඇද දමා නිවස කඩා බිඳ දමති

 

(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලැස්ස, වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් බව කියා ගත් පිරිසක් දරු පවුලක් මහ මඟට ඇද දමා ඔවුන් පදිංචිව සිටි ඉඩම් කට්ටියේ වගාකර තිබූ භවබෝග රාශියක් විනාශ කර දැමීමේ පුවතක් අගුණකොළපෑලැස්ස යකාගලින් වාර්තා වෙයි.

අගුණකොළපෑලැස්ස වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ඉකුත් 8 වැනිදා තමන් පදිංචිව සිටි ඉඩමට පැමිණ නිවස තුළ සිටි අය නිවසින් පිටතට කැඳවා නිවස සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ බව නිවැසියෝ පවසති.

ඒ අතරතුර දී තමන් පදිංචිව සිටි ඉඩමේ වගාකර තිබූ කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් සමඟ පොල්පැළ 12 ක් ද කපා  බිම දැමූ බවද ඔවුහු කියති.

සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සිටි පියුමි නිසංසලා නම් දෙදරු මව මේ සම්බන්ධයෙන් මෙසේ පැවසූවාය.

‘තමන් නිවසේ සිටින අතරතුර නිවසට පැමිණි වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිලධාරීන් දරු දෙදෙනා සමඟ නිවසින් ඉවත්වන ලෙස තමන්ට බල කර තමන් පදිංචිව සිටි නිවස කඩා බිඳ දැම්මා. තමන්ගේ වයස අවරුදු 4ක් වූ වැඩිමහල් දරුවා හඬා වැටෙද්දී එම නිළධාරීන් නිවස විනාශ කළා. ඉඩමේ තිබූ කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් රාශියක් ද කපා දැම්මා. තම සැමියා එදිනෙදා කුලී වැඩ කරමින් පවුල නඩත්තු කරන්නේ. ඒ අවස්ථාවේ සැමියා කුලී වැඩ සඳහා නිවසින් බැහැරව සිටියා.’

තමන් පදිංචිව සිටින ඉඩමේ අයිතිය පිළිබඳ නඩු විභාගයක් අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වී තීන්දුවක් දී තිබූ බවත් එම තීන්දුවෙන් පිස්කල් නිළධාරියා මගින් තමන් ඉවත් කරන ලෙසට නියෝග කර තිබූ බවද ඇය වැඩිදුරටත්  පැවසුවාය.

තම දරු පවුල ඉවත් කරනවා වෙනුවට තමන් පදිංචි සිටි නිවස මහ පොළවට සමතලා කරන්නටත් භවබෝග විනාශ කරන්නටත් ඔවුන්ට බලය දුන්නේ කවුරුදැයි ඇය ප්‍රශ්න කරන්නීය.මේ  සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඇය වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇඹිලිපිටිය මහවැලි නේවාසික කළමනාකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

 



අදහස් (24)

වාරිමාර්ග නිලධාරීහු පවුලක් ඉවතට ඇද දමා නිවස කඩා බිඳ දමති

janahitha Sunday, 13 September 2020 11:16 AM

නිවැසියන් ඉවත්කිරීමට බලය ලබාදී තිබුණත්... මහපොළවේ වැවුණු ගහකොළ කපා දැමීමට කිසිම උසාවියකින් බලය ලබානොදෙනු ඇත. අනවසර පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීමට හැකි ආකාරයක් ප්‍රදේශයේ බලධාරීන් කටයුතු කළ යුතුය.

:       0       69

Pradeep Sunday, 13 September 2020 11:22 AM

මේ නිලධාරින් මනුෂ්‍යයෝද?

:       0       165

Prabha Sunday, 13 September 2020 11:28 AM

උස්තැන් දැක හැක්ලෙන්නේ... මිටි තැන් දැක ගොරවන්නේ...

:       0       140

විජිත් Sunday, 13 September 2020 11:44 AM

මිනිස් වෙස් ගත් තිරිසන් යක්ෂයින් රැලක්..!!! ඒ මවගෙන් .. ඒ කුඩා දරුවාගෙන් පිටවුණු සුසුම් වැල් ශාපයක් වී ඔවුන් කරා පැමිණේවා...!!!

:       8       31

Aka Sunday, 13 September 2020 11:45 AM

හොරෙන් ඉඩම් අල්ලන් වගාකරලා ඒකෙන් යන්න අධිකරණ තීන්දුව දුන්නාම ඒකෙ හදපු ගෙදර උස්සන් යන්නද?

:       102       60

sharm warnTuesday, 15 September 2020 08:17 AM

හොරෙන් ඉඩම් අල්ලගෙන වගාකළ නිසා .., මෙහෙම කළ එක හරි කියනවා නම්, අක්කර සිය ගණන් හොරෙන් අල්ලගෙන ඒවායේ වටිනා ගහකොළ විනාශ කරන අය ගැන මොකද කියන්නේ? ඔවුන්ව පාර්ලිමේන්තුවට යවන්නද? මේ මිනිස්සු මෙහෙම කළේ ඉන්න තැනක් නැති නිසා. නමුත් වන රක්ෂිත විනාශ කරන්නේ ඉන්න හිටින්න තැනක් නැති මිනිස්සුද?

:       0       1

Sunil milano Sunday, 13 September 2020 11:56 AM

මේ වගේ කාලකණ්ණි නිලධාරින් නිසා අපහසුතාවයට පත්වෙන්නේ නව ආණ්ඩුවයි. නීතිය ක්‍රියාත්මක කරන්න.

:       3       47

Sarath Sunday, 13 September 2020 12:30 PM

කෑගහන්න එපා.. බෞද්ධ රටේ මේවා පින් ගෙනදෙන වැඩ. 69 ලක්ෂයේ චාන්ස් දුන්නේ මේවගේ කැලෑ නීති ක්‍රියාවට නගන්න තමයි. ගොම කාලා හැදෙන කට්ටියක් තමයි මේ ගස් කොළන් විනාශ කරලා තියෙන්නේ.. බයවෙන්න එපා. අපේ රට බෞද්ධ රටක්. ඉතින් ගස්, ගල්වලට වඳින රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       127       252

අමල් Sunday, 13 September 2020 01:24 PM

නීතිය ක්‍රියාත්මක වීම ඉතා හොඳ වැඩකි. එහෙත් දුප්පත් අයට එක නීතියකුත්, පොහොසත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක වීම පිළිකුල් සහගතය. මේ ආකාරයට නීතිය අවභාවිතා කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන නම් සැක සහිතයි.

:       2       75

ලුම්බිණි Sunday, 13 September 2020 01:39 PM

මෙම පවුල නීතිවිරෝධීව උන්නා වුණත් මෙවැනි සාපරාධී වැඩකරන අය වහාම රැකියාවෙන් අස්කර දඬුවම් දිය යුතුයි. එක පැත්තකින් බලන කොට මිනීමරලා එල්ලුම් ගස් නියමවෙච්ච අය පවා පාර්ලිමේන්තු යන යුගයක මීට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...?

:       40       6

krishantha Sunday, 13 September 2020 01:51 PM

රජයේ දේපළ බලෙන් අත්පත් කරගෙන ඉන්න අය ඉවත් කිරීම නිලධාරීන්ගේ රාජකාරිය... මේක රැම්සා අභය භූමිය විනාශ කිරීම වගේ කුඩා පරිමාණයේ එකක්. දැන් රාජකාරිය නිවැරැදිව කරන මිනිස්සුන්ට පාරට වැටෙන කාලයක් ඇවිල්ලා වගේ...

:       82       188

එදිරිසිංහ Sunday, 13 September 2020 01:53 PM

මේ ඉඩම රජයේ රක්ෂිතයක්. ගරු අධිකරණයේ දීර්ඝ නඩු තීන්දුවකින් අනුවයි මේ ක්‍රියාපටිපාටිය සිදුවුයේ... මේ උදවියට ඉවත්වන ලෙසට‍ නීත්‍යානුකූල ක්‍රමවේදයට් දැනුම් දී තිබුණා. මානුෂිකව මේ දෙස බලා වෙනින් ස්ථානයක ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර දීමට කටයුතු කරගෙන යනවා.

:       55       51

Hafeel Sunday, 13 September 2020 02:07 PM

නීතිය ක්‍රියාත්මක කරනවා නේ.. එක රටක් අමුතු නීතියක්...

:       29       75

Nilanka Sunday, 13 September 2020 03:11 PM

වෙනස සැපයිද?

:       17       159

Mahesh Sunday, 13 September 2020 04:25 PM

ඕක තමයි ක්‍රමවේදය... මිනිස්සු මුලින් දැනුවත් වෙන්න ඕන නීතිය ගැන. අනික අයිති නැති ඉඩමක ගෙවල් නෙමෙයි මලිගා හදලා තිබුණත් කඩලා ඉවත් කරනවා. මේ රටේ ගොඩක් ඉඩම් නඩුවලට හේතුව මේ වගේ මෝඩ මිනිස්සු. පාසල් යන කාලයේ සිටම නීතිය ඉගැන්වීම කළයුතුයි.

:       3       44

Nandalal DE SILVA - France Sunday, 13 September 2020 04:35 PM

මෙවැනි අමනයින් තවමත් අපේ රටේ සිටීම ඉතාම දුක්ඛදායක තත්වයක් බව බලධාරීන්ට පෙනේවා. ඉතාම ඉක්මණින් මේ අසරණ පවුලට පිහිටවී, මේ විදිහට විකාර කළ අයට හැකි දරුණුම දඬුවම් ලබාදීම රජයේ පරම යුතුකම වෙනවා.

:       48       23

Nishantha Sunday, 13 September 2020 04:38 PM

කාලකණ්ණි, තිරිසන්නු...

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 September 2020 02:08 AM

හද සසල කරවන මේ දුක්මුසු පුවත ගැන සංවේදී මිනිසුන්ට දැනෙන්නේ අසීමිත හිත් වේදනාවක්. මෙහි සැබෑ තතු සියල්ල අප නොදන්නා මුත් මේ අසරණයින්ට මේ දේ කළ නිලධාරීන් ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ඉක්මණින්ම ගෙන මේ අසරණයින්ට යහපතක් සැලසීම රජයේ වගකීම හා යුතුකම වන්නේය. ස්තුතියි.

:       0       108

P.k m.d. kumarasiri Monday, 14 September 2020 02:22 AM

පිස්කල් තීන්දුවක් දීලා තිබ්බා නම් කල් දීලනෙ යන්න කියන්නේ. එතකොට එයාලට අයිතියක් තියෙනවා එහෙම යවන්න. නමුත් මානුෂීය අතින් වැරදියි.. දරුවන්, එක්ක පාරට ඇදලා දාන එක. තමන්ගෙ නොවෙයිනේ...

:       0       45

ආනන්ද සිරිසේනTuesday, 15 September 2020 12:51 AM

මෙහි 5 වැනි පින්තූරයේ සිටින දරුවා දැනට ඉතාම අහිංසකයෙක් වෙන්න පුළුවන්. බුදුහිමියන්ගේ කාලයේ සිටි අහිංසකද කුඩාකාලයේ එහෙමයි කියලයි අසා තියෙන්නේ. කුඩාම කාලයේ මෙවැනි සිද්ධීන්ට මුහුණ දෙන අයෙකු අනාගතයේ දරුණ සමාජ විරෝධියෙක් නොවීමට හැකියාවක් නැතිවිය හැකිද?

:       0       1

කල්පනා Monday, 14 September 2020 03:20 AM

එඩ්ගා කේසිගේ කථාවල පරිවර්ථනයක් ලෙසට පෙරකාලයේ වැඩසිටි හිමිනමක් පලකළ පොතක තිබුණා තරුණ කාලයේ ඇස් අන්ධ වූ කෙනෙකුගේ සිත කියවූ එඩ්ගාකේසි එම තැනැත්තා පෙර භවයක රජයේ අළුගෝසුවෙකුව සිටි කාලයේ උසාවියෙන් වරදකරුවූ අයගේ ඇස් අන්ධකිරීම නිසා වත්මනේ එලෙස විපාක ලැබුණා කියලා. (කරන කලට පව් මිහිරිය මීසේ කියලා කියන්න හිතුණා) මෙම පවුල මෙහි පදිංචි වුනේ ඉන්න හිටින්න තැනක් නැතිව වෙන්න ඇතිනේ. ඉතින් මෙහෙම නොකර මෙම ළදරුවන් සහිත පවුලේ අයට ඉන්න තැනක් හදලා දීලා මෙහෙම කරන්න කාටවත්ම හිතුණේ නැද්ද දෙයියනේ..?

:       0       66

sharm warn Monday, 14 September 2020 05:02 AM

මේ ගොල්ලෝ අර වනාථවිල්ලුවෙන් හරි, එළුවන්කුලමෙන් හරි කෑල්ලක් අල්ලා ගත්තා නම් ඉවරයිනේ. නඩුත් නැහැ. තව ටික දවසක්නි ඔප්පුත් දෙයි. වැඩේ ඉවරයි.

:       0       43

Bishan Monday, 14 September 2020 05:40 PM

බයියන්ගේ ආණ්ඩුවනේ. දැන් මැරුවත් බයියන්ට පේන්නේ නෑ..

:       1       0

chandima Monday, 14 September 2020 06:11 PM

වාරිමාර්ග නිලධාරින් කියපුවාම කෙළින්ම චෝදනාව එල්ලවෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. නමුත් මේ සිද්ධිය අදාළ වෙන්නේ මහවැලි කාර්යාලයට... ඒ නිසා වාරිමාර්ග නිලධාරීන් යන්න මහවැලි නිලධාරීන් යනුවෙන් නිවැරැදි කරනවා නම් වඩාත් නිවැරැදි පුවතක් වෙන බව කාරුණිකව අවධානයට යොමු කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 0 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 81 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 111 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 566 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 140 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 515 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1009 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site