IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘වරාය කෙටුම්පත පිළිබඳ ඡන්ද ගණනයේදී වරදක් වීදැයි සොයනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වීම නිසා තමා මෙම තීරණය ගත් බවද ඔහු කියයි.

මේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ගේ ඡන්දය ගණනය වී නැති බවට චෝදනා එල්ල වී ඇත.එය ගණනය වූයේ නම් පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවසති.

පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේදී තම තමන්ගේ ඡන්දය වැටී ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්නැයි තමා කීප වරක්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එවැනි අවස්ථාවලදී මන්ත්‍රීවරුන් දැඩි සැලකිල්ලෙන් සිටියේ නම් මෙවැනි අඩුපාඩු වළක්වා ගත හැකි බවත් කතානායක වරයා පැවසුවේය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (34)

‘‘වරාය කෙටුම්පත පිළිබඳ ඡන්ද ගණනයේදී වරදක් වීදැයි සොයනවා‘‘

kamal gunasekara Saturday, 22 May 2021 05:05 AM

ඔන්න ආයෙත් මළ කෝළමකට ලෑස්ති වෙනවා. වැඩ බැරි නම් පුළුවන් කෙනෙකුට කරගන්න දීලා පලයව් මක බෑවිලා... ව්‍යවස්ථාව කඩ කඩා මිනිස්සුන්ගේ බදු මුදල් ටික විනාශ කර කර ඉන්නේ මොන මගුලකට?

:       44       65

NMSaturday, 22 May 2021 02:42 PM

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදු වුවත්/නොවුවත් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ සියලු දෙනාම මීලග මැතිවරණයේදී ගෙදර යවන්න මේ වනවිට ජනතාව සැදී පැහැදී සිටියි. වර්තමානයේ සිටින්නා වූ සියලුදෙනාම ඉවත්කොට අලුත් මුහුණු පාර්ලිමේන්තුවට පත්වීම ඉදිරි මැතිවරණයේදී සිදුවීම නියත වශයෙන්ම සිදුවනු ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් මුක්තියට මුවාවී පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු සහ නොකළ යුතු ප්‍රකාශ කරමින් සිටින මෙම පිරිස දියවන්නාවෙන් පිටකර පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති මත ක්‍රියාකරන්නා වූ ආයතනයක් බවට පරිවර්තනය කළයුතුව ඇත. රටේ ජනතාව COVID -19 වෛරසයෙන් පීඩාවට පත්ව තිබෙන්නා වූ අවස්ථාවක ඔවුන්ට එන්නත් පවා ලබාගැනීමට අපොහොසත් පිරිසක් මිලියන 22ක් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේද?

:       2       29

NMSunday, 23 May 2021 12:11 AM

ගෝඨාභයට, මහින්දට හෝ 69 ලක්ෂය දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නැත. ගෝඨාභය බලයට ගෙන ආවේ මහින්දට 3 වන වරට අවස්ථාවක් ව්‍යවස්ථාවක් ලබා නොදීම නිසාවෙනි. ගෝඨාභය ජනපති කර වෙනසක් බලාපොරොත්තුව 69 ලක්ෂයක් ජනතාවක් ඡන්දය ලබාදුන්නේ සැබෑවටම වෙනසක් බලාපොරොත්තුව වේ. මෙම වෙනස සිදුකිරීමට ගෝඨාබයටද උවමනාවක් තිබිණි. නමුත් ඔහුව ජනාධිපති කිරීමට මුලිකව ක්‍රියාකළේ දුෂිත දේශපාලකයන් නිසා ඔහුට ජනතාව බලාපොරොත්තු වෙනස කිරීමට නොහැකි විය. සමහර අන්තවාදී දේශපාලකයින් කියා සිටියේ මහින්ද ගෝඨා එකතුව ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් එකතුවක් සේ වේදිකාවලදී ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය. ජනතාව වන අපද රැවටීය. අප ඔවුන්ට ඡන්දය ලබාදුන්නේ රට සිංගප්පූරුවක් හෝ මැලේසියාවක් කරනු ඇතිබවට විශ්වාසයෙන් යුතුවයි. කලාකරුවන් කලාව පසෙකලා දේශපාලන වේදිකාවල රඟ දැක්වීය.

:       0       3

Gabansingngno Padiwela Saturday, 22 May 2021 05:30 AM

තාම වැරැද්ද පේන්න ගත්තේ නැහැ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...

:       17       61

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 22 May 2021 05:38 AM

ලැජ්ජයි කතානායක තුමෝ. ලැජ්ජයි. මේ රටේ පක්ෂ විපක්ෂ මොනතරම් දක්ෂ කථානායකවරුන් හිටියාද? ඒ අය ගැන හෝ හදාරලා අවශ්‍ය දේ ඉගෙනගන්න. මේ ඔබතුමා පාලනය කරන පාර්ලිමේන්තුවේ මේ තරම් කොම්පියුටර් තිබිලත්, පොහොට්ටුවේ බෙරිහන් දෙන මොලකාරයන් යයි සිතනා අය ඉඳලාත්, මේ පුංචි ගාන හරියට ගණන් කරගන්නට බැරිවුණා. හරිම අගෙයි. මෙයට කරන්න තිබුණේ ඔබතුමාලගේ මන්ත්‍රීවරුන් 15 ක් අරගෙන ඒ අයට කියා ඇඟිලි ටික ගැන්නෙව්වා නම්, වැඩේ ගොඩ. ඒ නුවණ වත්, ඔබතුමාලාට තිබුණේ නැහැ. විශිෂ්ඨයි.

:       77       54

suddaSaturday, 22 May 2021 07:16 AM

මේ ගණනය කරන්නේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් මිසක් මන්ත්‍රීවරුන් නෙවෙයි. ඒ නිසා මන්ත්‍රීවරුන්ට නැතුව නිලධාරීන් ගැන අහන්න​. ලැජ්ජා වෙන්න ඕනෑ හරියට දේවල් නොහොයා කෑගහන එක ගැනයි..

:       25       61

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 22 May 2021 07:42 AM

ඔයාගේ නොදැනීම ගැන කණගාටුයි. පාර්ලිමේන්තුවේ කථානායක ඇතුළු රජය පත්වී සිටින්නේ එහි කාර්ය මණ්ඩලයට ඕනෑ විදිහට වැඩකරන්න එහෙම නොවෙයි. ඔයාගේ මොළේට වටහාගන්න බැරිවුණාට, පාර්ලිමේන්තුවේ වැඩවලට වගකියන්න ඕනෑ. එහි විධායක බලය ක්‍රියාවේ යොදවන කතානායක වරයායි. ඒ වගේම බලයේ සිටිනා රජයයි. එය හරිහැටි නොදන්නා ඔයා මෙතන තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරලා. කණගාටුවෙන් වුණත්, එය පෙන්වා දෙන්න සිදුවුණා.

:       49       27

සෙනෙවිරත්න Saturday, 22 May 2021 10:34 AM

කවුරු අතින් වරද වුණත් කතානායක වගකිය යුතුයි. සුදුසු කාර්ය මණ්ඩලයක් තෝරාගැනීම⁣ එතුමාගේ වගකීමකි. රටේ ජනාධිපති මේ වෙලාවේ කළයුතු දේ වගේ... ජනතාව ඒ අයට අධිකාරි බලයක් ලබාදී ඇත..

:       1       20

suddaSaturday, 22 May 2021 10:45 AM

සමිත එතකොට කියන්නේ ඔයාගේ ගෙදර උයන නෝනා හරි වෙන කෙනෙක් අතින් හොද්දේ ලුණු එහා මෙහා වුණොත් ඒකත් ඔයාගේ වගකීම කියලනේ... සමිත​, මේ නිලධාරීන් වැඩ කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා යටතේ... ඔවුන් දේශපාලන පත්වීම් මත ගන්නා අයවලුන් නෙවෙයි. මන්ත්‍රීලා ගැන තමයි කතානායක වග කියන්නේ... ඔබ මා කියන දෙය පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් සොයන්න​.

:       14       10

බමුණු.Saturday, 22 May 2021 11:19 AM

සුද්දා දන්නා තරම... පාර්ලිමේන්තුවේ සියලු දේට වගකිවයුතු වන්නේ, කතානායක හා පවතින රජය. නිසි නිලධාරීන් බඳවාගැනීම ඇතුළු සියලු දේ නිසි අයුරින් කළයුතුව තියෙන්නේ ඔවුන්ටයි. පාර්ලිමේන්තු මහ ලේකම් ගෙන් ඇහුවත්, පෙර කී දේ තමයි සත්‍යය.... ආයේ ඒකේ වෙනසක් නැහැ. සුද්දා කියන්නෙත් හිටපු ජනාධිපති කිව්වා වගේ කතා...

:       3       14

lapayaSaturday, 22 May 2021 11:26 AM

සමිත සහ සෙනෙවිරත්න..​, මේ ගැන සජිත්ගෙන්ම අහන්න​. නැත්නම් රනිල්ගෙන් අහන්න​. ඇත්තටමයි මේ කියන්නේ... ඔයාලා මැනේජ්මන්ට් සහ ඇඩ්මිනිස්ට්‍රේෂන් දෙක පටලවාගන්න එපා.

:       6       9

Rata Perata Saturday, 22 May 2021 06:17 AM

මම නම් හිතන්නේ ලෝකෙම ඉන්න අසාර්ථකම කථානායක... හොයයි මගුලක්... රාජපක්ෂලා එනකොට මුත්‍රා යනවා.. ඉතින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       22       51

Rohana Saturday, 22 May 2021 06:37 AM

මෙයාලගේ සරල අංක ගණිතයත් දුර්වල බව දන්නේ දැන්නේ...

:       25       38

Kumara Saturday, 22 May 2021 07:27 AM

කතානායකතුමා පැහැදිලිව කියලා තියෙනවා ඡන්දෙ දැම්මද කියලා බලන්න කීවා කියලා.. ඒක ඒ වෙලාවේ කියන්නේ නැතුව එළියට ඇවිත් මගේ වැටිලා නැහැ කීවට වැඩක් නැහැනේ...

:       25       31

dhamneth Saturday, 22 May 2021 08:37 AM

මහදැන මුත්තගේ ක්‍රමයට ගණන් කළාද? කතානායකයි, එක්සත් ජාතික පක්ෂයේ තවම පත් නොකළ මන්ත්‍රීවරයායි අතහැරියාම ඡන්ද 223යි.

:       10       14

siri Saturday, 22 May 2021 09:23 AM

දෙසීයකටත් අඩු ඡන්ද ගණනත් හරියට ගණන් කරගන්න බැරි පිරිසක්. මේක නම් නියම "පාර්ලිමන්ට් ජෝක්ස්" ම තමයි. දැන් ආණ්ඩුවේ පුවරුවල දෙමළ වෙනුවට චීන භාෂාව යොදාගන්නවා කියලා රජයේ කන්තෝරුවක කටයුත්තක් ගැන පළකර තියෙන වාර්තාවක දැක්කා. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....

:       16       26

karu Saturday, 22 May 2021 09:59 AM

ඔය කියන දෝෂය නිවැරදි කළත් එකයි, නැතත් එකයි... අපිට එය අදාළ නැහැ. සමගි ජන බලවේගය බලයට පත්වුණු වහාම ඔය පනත සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව සජිත් ප්‍රේමදාස මහත්මයා ජනමාධ්‍ය වලින්ම පැවසුවා. ඒ බව දැන් ජාත්‍යන්තරය දන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ මොන සෙල්ලම් දැම්මත් තව ටික කලකින් ඔබ ඇතුළු ඔබ වැනිම ගෝත- බයියන් එකතුවෙලා හොර චීනාට පාවාදුන්න අපේ රටට අයිති පොර්ට් සිටිය නැවත පවරාගෙන හොර චීන්නුන්ව රටෙන් එළවා දමනවා. ඒ බව ස්ථිරයි.

:       16       19

නුවන්Saturday, 22 May 2021 11:18 AM

ඔබගේ කමෙන්‍ට් එකෙන්, පෝට් සිටි එක ලංකාව ට අයිති බව පිළිගැනීමක් මනාව ප්‍රකාශ වෙනවා. එය තමයි ඇත්ත. ඊළඟ රාජ්‍ය නායකයා ගැන කතා නොකර ඉඳිමු. ඇරත් ඒකට බොහෝ කල් තියෙනවානේ...

:       11       4

Raveendra Saturday, 22 May 2021 10:05 AM

අප තරයේ විශ්වාස කරනවා මෙම වැරැද්දට කව්රුන් හවුල්ද ඒ සියලුම බූරුවන්ගේ විස්තර මහජනතාවට නිසි ලෙස දැන්වීම කතානායක විසින් සිදුකරනු ඇති බවට... කිනම් හෝ අනපනත් සම්මත කිරීමේදී එයට පක්ෂ, හෝ විරුද්ධව ඡන්දය ගණනය කිරීම වැරදි සහගත ලෙස කෙරෙනවා යනු එය රටේ අනාගතයට ඉතාමත්ම බයංකාර ලෙස දැනෙන බැවිනි... අප කිසිවිට වරාය සඳහා වූ ඡන්දය ගැන නොව අදහස් දක්වන්නේ මොනම හෝ අණ පනතකට මෙය නැවතත් සිදුවිය හැකි බැවිනි. එබැවින් නිසි ලෙස ගණනය කිරීමට නොහැකි "බූරුවන්ව" දියවන්නාව පට්ටියෙන් පන්නා දැමීම කතානායකගේ සම්පූර්ණ වගකීම වනු ඇත...

:       4       11

රවිලාල්Saturday, 22 May 2021 11:36 AM

ගණනය කිරීම 225 කාර්යයක් නොවේ. ලිවීමට පෙර මනාව වටහා ගැනීම ප්‍රථමයෙන් කළ යුතුයි. අපි බූරුවන් හඳුනා ගනිමු.

:       2       10

RaveendraSaturday, 22 May 2021 10:08 PM

රවිලාල් මයා වෙත.. බූරුවන් 225 අදාළ ඡන්ද ප්‍රමාණයන් ගණන නොකරන බව සැබෑයි. එනමුත් ඒ සඳහා සේවයට යොදවා තිබෙන්නේ බූරුවන්ගේත් බූරුවන් නොවේද? 225කින් කැමතිද අකමැතිද යන්න ගණනය කිරීමට නොහැක්කේ මිනිසුන්ටද බූරුවන්ටද යන්න වටහා ගැනුමට රොකට් සයන්ස් අවශ්‍ය නැති බව අපගේ හැඟීමයි..

:       1       1

විසල්Sunday, 23 May 2021 01:43 PM

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රජයකින් රජයකට වෙනස් නොවේ. ඔවුන් විශ්‍රාම යන තෙක් එහි සේවය කරයි.

:       0       3

parakkrama Saturday, 22 May 2021 10:20 AM

දැන් බලාගෙන යනකොට දියවන්නාවේ සාමාන්‍ය පෙළ සමත් මඩකනයිනුත් දෙකේ පන්තියේ ඉඳලම ගණන් අසමත් වගේ..

:       2       13

ලමය Saturday, 22 May 2021 11:14 AM

මෙහෙ මිනිස්සු මැරෙනවා දිගට හරහට.. නුඹලට ඡන්ද.. නොදකින් පව්කාර හැත්ත.

:       2       16

කනිෂ්ක Saturday, 22 May 2021 11:26 AM

මේ බුද්ධිමතුන්ට අනුව දියවන්නාවේ 225ට ඡන්දය දාන්නත් ඕනෑ... ගනින්නත් ඕනෑ...

:       1       9

ranj Saturday, 22 May 2021 12:14 PM

ඔය කෙහෙල්මල නොවේ... දැන් මේ රටේ ජනතාවට මේ වසංගතයෙන් බේරෙන්න ක්‍රම සොයා බලන්න.

:       2       17

Bishan Saturday, 22 May 2021 12:51 PM

මීටත් වඩා මුසල කාලයක් ඔබ අත්විඳ තිබේද?

:       3       15

Shan Saturday, 22 May 2021 01:51 PM

මෙයාට විකාර... කඩේ යන එකයි කරන්නේ.

:       1       10

sama Saturday, 22 May 2021 02:14 PM

මේ තරම් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්ය වරු මේ කොරෝනා අවදානමෙන් ජනතාව බේරගන්න තියෙන සීමිත විසඳුම් කිව්වත් මේ පාලකයන්ට ඇහෙන්නේ නැති හැටි.. රටේ අවාසනාවක මහත...

:       1       13

siri Saturday, 22 May 2021 03:52 PM

බලන්න ඒකෙත් හැටි. අපි හීනෙකින්වත් හිතුවද අපේ ජීවිත කාලේදී අපට 138 බස් එකේ නැගලා ලේක්හවුස් එක ලඟින් බැහැලා "ලොකු රටක්" වෙන චීනෙට පයින් යන්න පුලුවන්වෙන සෞභාග්‍යමත් දවසක් උදාවෙයි කියලා...?

:       0       2

Nihal Saturday, 22 May 2021 09:38 PM

මේ පට්ටියේ හරක් රැළගෙන් උම්බෑ හඬ හැර සිංහ ගර්ජනා අහන්නද?

:       0       2

NM Sunday, 23 May 2021 12:13 AM

ලංකාව තුල සිටින ලක්ෂ ගණනක් ජනතාව වෙනසක් පිළිබඳ අවබෝධයක් නොමැත... ඔවුන්ට වෙනසක් අවශ්‍ය වේ. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට යුරෝපය පමණක් නොව සමස්ත ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් දේශපාලන, ආර්ථික සමාජීය වෙනස්කම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ. එම රටවල සහ ලංකාවේ වෙනස ඔවුන් හොඳින් දැනුවත්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඉපදුණු, නිදහස් අධ්‍යාපනය ලද රටේ වෙනසකි. එම වෙනස සඳහා විදේශ රටවල සිටින්නා වූ ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම් බේදවලින් තොරව ඔවුන් ඉපදුණු රටට වෙනසක් බලාපොරොත්තුව සිටියි. එම වෙනස සඳහා 69 ලක්ෂයක ජනතාව පෙරමුණ ගනු ඇත..

:       1       0

Babanis Abewardhana. Mathara. Sunday, 23 May 2021 06:10 AM

අපේ මුත්තා ඒ කාලේ කිව්වා ගාණක්වක් හදන්න දන්නේ නැහැ. කුරුඳු තලන්නවත් යැව්වානම් කියලා. දැන් ඉතින් අර වියත් මගේ කාටහරි කතානායකකම දුන්නා නම් තවත් ජල්තරයක් හරි කරයි..

:       0       2

duminda Monday, 24 May 2021 04:45 AM

ඔව් ඔව් දෙන එක හරියට ගැනලා දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 184 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 690 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 599 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 316 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 788 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1162 3

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site