IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වරාය නගරයට එරෙහි පෙත්සම කල් යයි

කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මැයි 25 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

වරාය නගරයට එරෙහි පෙත්සම කල් යයි

රකිත Thursday, 17 March 2016 08:50 AM

මේ පරිසර රාජ්‍ය නොවන සංවිධාන වලට සල්ලි ඒන්නේ නැහැ කෑගැහුවේ නැත්නම්.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 17 March 2016 09:13 AM

දන්නේ නැති නිසයි අහන්නේ. ඔය විදියට කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකරන වැඩේට දාන්න පස් ගේන්නේ කොහෙන්ද? අපේ රටේ කඳු කීයක් සමතලා කරන්න වේවිද? එහෙම නැත්නම් චීනෙන් ආනයනය කරන්න වේවිද? මේ ගැන ටිකක් දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙන්නකෝ (නි)

:       0       0

ඉන්දික Thursday, 17 March 2016 10:06 AM

දැනටමත් එතන ගොඩකරලා අවුරුද්දකට වැඩියිනේ. මොකද්ද වෙච්ච පරිසර හානිය? බොරුවට පහුගිය ආණ්ඩුවට මඩ ගැහුවා. දැන් ඔය වැඩේ කරගෙන යන්නේ! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 16 March 2016 03:12 PM

පරිසර වාර්තා අනුමත වෙලා නේ දැන් නැවත පටන් ගන්නේ. ඉස්සර නරකයි. දැන් හොඳයි . වෙනස මාරයි (බ)

:       0       0

සුසාර Thursday, 17 March 2016 04:56 AM

විල්පත්තු දිඝවාපි වල පරිසර විනාශය පෙන්නේ නැද්ද? (ම)

:       0       0

ලංකාසිරි Wednesday, 16 March 2016 04:23 PM

සිංහල අපි මෝඩයි කියලා කෙනෙක් කිවුවා නේද? දැන්නම් හිතෙනවා එයාට මල් තියලා වඳින්න ඕනෑ කියලා (නි)

:       0       0

සුමිත් Wednesday, 16 March 2016 04:59 PM

අද යහපාලකයන්ට වෙලා තියන්නේ ගල උඩ පහරපු බළලාට වුණ දේ (නි)

:       0       0

තිලක් Wednesday, 16 March 2016 06:11 PM

ඉක්මනට වැඩේ කරන්න බොරුවට දේශපාලන වාසි ගන්නේ නැතුව. රටක් සංවර්ධනය කරන්න ලොකු ව්‍යාපෘති කරන්න වෙනවා. අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැතුව සුරංගනා කතා කියලා හරියන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1459 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 928 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1413 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 566 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37957 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site