කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් බ්‍රහස්පතින්දා (19) රජය විසින් ගැනීමට නියමිත බව නීතිපති අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම ව්‍යාපෘතිය සම්බන්ධ පරිසර තත්ත්ව ඇගයීම් වාර්තා (පරිපූරක) ඒ සඳහා වන අමාත්‍ය ලේකම් කමිටුවෙන් සළකා බැලීමෙන් පසුව එම තීරණය ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා අධීකරණයට දැන්වීය.
පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු රිට් පෙත්සම කැඳවූ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කැදවිණි.
කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිඍීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වරාය නගරයේ ඉරණම ගුරුදා විසදෙයි
ඉන්ද්‍ර Tuesday, 17 November 2015 03:30 PM
ලාල් වෙනසක් නෑ ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ .ඩීල් කොමිස් ගැන ඔබ හොදට දන්නවා වගේ ? (බ)
ඉසුරන්දි Wednesday, 18 November 2015 08:23 AM
අන්තිමේදී කියාවි ගහගත්තු ගිවිසුම් අහෝසි කරන්න බැරිනිසා වැඩේ පටන්ගන්නවයි කියලා.ඕකයි වෙන්නේ.(ම)
කසුන් Tuesday, 17 November 2015 06:11 PM
දැන්නම් මොනවා වුණත් අපි නම් මේවට මොකුත් කියන්නේ නැහැ (නි)
වික්‍රමරත්න Tuesday, 17 November 2015 07:44 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අංගොඩ ලාල් Tuesday, 17 November 2015 01:18 PM
කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩේ දිගටම කර ගෙන යනවා කියාවි. ඒ සඳහා අවශ්‍ය ඩීල් / කොමිස් /අත යට ගනුදෙනු ආදිය පහුගිය දවස්වල කර කියා ගන්න පුළුවන් වෙන්නත් ඇති . ඉස්සර මේක කෙරුනේ මහින්ද ජනාධිපතිගේ කාලේදී , දැන් මේ වැඩේ සිද්ධ වෙන්නේ සිරිසේන ජනාධිපතිගේ කාලේදී . කොහොමද වෙනස ? (අ)