IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වරාය පුරයේ වැඩ අත්හිටුවයි

චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර මුහුදේ කොටසක් ගොඩකර ඉදිකරන්නට ගිය වරාය නගරයේ වැඩ අත්හිටුවා තිබේ.

මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති විශේෂ කමිටුවේ වාර්තාව එනතුරු එහි වැඩ අත්හිටවූ බවයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අවාසියට හේතුවී ඇතැයිද ගොඩකර තනන නගරයෙන් හෙක්ටයාර් 50ක් ගිය රජය චීන රජයට හිමිකරදී ඇතැයි ද හෂීම් මහතා පවසයි.

මේ නිසා චීන සබ්මැරීන් හා නැව් ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ඉබේම ලැබෙන බවත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු පවසයි. නිසි නීතිමය අනුමැතියක් නොලැබ ගිවිසුම අත්සන් කර ඇති බව පෙනේ යැයිද ගිය රජය ශ්‍රී ලංකාවට අවාසි සහගත එවැනි ගිවිසුම් තවත් අත්සන් කර ඇතැයිද ඔහු පවසයි.

නීතිපති, පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය, මුදල් අමාත්‍යංශය හා වරාය අධිකාරියේ නියෝජිතයෝද මේ කමිටුවට ඇතුළු වෙති.

කමිටු වාර්තාව නිකුත් වීමට සති කිහිපයක් ගතවිය හැකි බවද ඇමැතිවරයා කියයි.

 

 

 



අදහස් (0)

වරාය පුරයේ වැඩ අත්හිටුවයි

සිරා Thursday, 05 March 2015 06:16 AM

මේක හින්දා වෙන්නේ අපේ ආරක්ෂාව නෙවෙයි ඉන්දියාවේ ආරක්ෂාව නැති වෙන එකයි. (ර)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 06:23 AM

ඉන්දු- චීන සීතල යුද්දේ කොළඹ නාටක දර්ශනය (නදී)

:       0       0

අරුණ Thursday, 05 March 2015 06:38 AM

අවසානයේදී අපි ඉන්දියාවේ උවමනාවට අපේ දියුණුව පාවා දුන්නා. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Thursday, 05 March 2015 06:40 AM

මේක ඉන්දියානු උගුලක් ලංකාවේ සියලු දෙනාම එක්ව ඉන්දියානු උගුල පැරද විය යුතුයි. (නදී)

:       0       0

වසන්ත ඉතාලි Thursday, 05 March 2015 09:52 PM

ලංකාවේ උතුරු මුහුදේ තෙල් හොයන්න ඉන්දියාවට දුන්නා. මේකත් ඉන්දියාවට ඕන වෙලද මේ එකක්වත් කිසිවෙකුට දියයුතු නැහැ. ඔය කියන මුහුද ගොඩ කිරීමෙන් වෙනත් පැතී මුහුදු කාදන ඇති කරයි අනාධිමත් කාලයක් පැවතුන රටේ හැඩය වෙනස් වෙනවා ගුගල් එක බලන්න. (අ)

:       0       0

දයාන් මනතුංග Thursday, 05 March 2015 06:42 AM

ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාවේ ආරක්ෂාවටයි ඉන්දියාවෙයි ඇමරිකාවේයි ආර්ථිකයටයි නම් මේකෙන් තර්ජනයක් වෙයි කියලා මෙයාලා බය ඇති!(නදී)

:       0       0

නිලාන් - කටාර් සිට Thursday, 05 March 2015 06:46 AM

සිරා, කියපු කතාවට මමත් එකගයි. එක තමයි ඇත්ත. රටේ පාලන බලය පක්ෂ අතර මාරු උනාට, මේ ආයතන වල සේවය කරපු සේවකයෝම තමයි තවමත් වැඩකරන්නේ. මේ වැරදි කලින් නොදැක්කේ ඇයි.? (ර)

:       0       0

දම්මික Thursday, 05 March 2015 07:03 AM

මෙවැනි ප්‍රොජෙක්ට් වලින් රටට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ. අද සිංගප්පුරුව දියණු වෙලා තියෙන්නේ මේවගේ මෙගා ප්‍රොජෙක්ට් වලින් ලැබෙන අදායමෙන්. (ර)

:       0       0

අමිල Thursday, 05 March 2015 07:16 AM

රටේ දේශපාලන ප්‍රතිපත්ති තියෙන නිසා තමයි රටට මෙහෙම වෙන්නේ. රටට තියෙන්න ඕන රටේ ප්‍රතිපත්ති ආණ්ඩු පෙරලෙනකොට බිඳෙන ඒවා නෙමයි. මේකෙන් වෙන්නේ අර අපිට උදවු ඕන වෙලාවට උදවු දුන්න චීනේ ඈත් වෙන එක. අපිට උදවු ඕන වෙලාවට උදවු දුනේ නැති ඉන්දියාව දිනන එක. (ර)

:       0       0

විකි Thursday, 05 March 2015 07:26 AM

සියලු ආයතන වල නිලදාරීන්, ඉන්ජෙන්රුවරුන්, ආදී සියලුම නිලදාරීන්ට මේවා නොපෙනුනේ ඇයි කියන එකයි තියෙන ප්‍රශ්නය. (ර)

:       0       0

අනුර Thursday, 05 March 2015 07:33 AM

30 අවුරුදු යුද්ධය චීනය නැති නම් ඉවර නොවෙනවා. (ර)

:       0       0

ජෝන් Thursday, 05 March 2015 07:44 AM

කියක් ඔට්ටුද ? මේක කීයටවත් නවත්තන්නේ නැහැ. (ර)

:       0       0

අනුර Thursday, 05 March 2015 07:47 AM

මේ සියලුම වියපෘති නවතනවා වන්දි දෙනවා, නැවතත් වෙනත් අයට දෙන්න බලනවා. (ර)

:       0       0

මහේෂ් Thursday, 05 March 2015 07:56 AM

මහින්ද අබරලා තියපු ගුලිය ගිලින්න උනේ රනිල්ට. මේ ප්‍රශ්නෙට සම්පුර්ණ වග කියන්න ඕන මහින්ද. පොර්ට් සිට් එක හැදුවත් රනිල්ට බනිනවා. නැවතුවත් රනිල්ට බනිනවා.(නදී)

:       0       0

නලීන් Thursday, 05 March 2015 08:10 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

රාජ් Thursday, 05 March 2015 08:18 AM

මේකෙන් ලංකාවට හොඳක් මිසක් නරකක් නැහැ. චීන සබ්මැරින් ආවාට ලංකාවේ ආරක්ෂාවට වෙන බලපෑම මොකක්ද? (නි)

:       0       0

සිල්වා Thursday, 05 March 2015 08:39 AM

මම කියන්නේ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඕනි. මේ තුලින් රටට ලොකු අාදායමක් ගන්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල මෙවැනි ව්‍යාපෘති කරලා තියෙනවා. ඒ තුලින් විශාල දියුණුවක් වෙලා තියෙනවා. ලිදේ ඉන්න ගෙම්බන්ට මේකේ අගේ තේරෙන්නේ නැහැ. අපි හිතන්න ඕනි ඉදිරිය ගැන. වර්තමාන රජය නැවත හිතන්න ඕනි පතින විෂමතා වෙනස් කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. ඉදිරිය දකින්න බුද්දියෙන් (නදී)

:       0       0

දිනුෂ Thursday, 05 March 2015 08:47 AM

මහේෂ්ගේ කතාව ඇත්ත. තව අවරුදු 10ක් රට ඒ විදිහට ගියානම් අපිට රටක් ඉතුරු වෙන්නේ නෑ. පෝර්ට් සිටි නවත්තන්න බෑ දැන්. එ්ත් වැරදි අඩු කරලා වෙනස් කරන්න පුළුවන්. එ්ක තමා විය යුත්තේ. හැම දේටම විදෙස් බලවේග අැදලා ගන්න එක අපේ සිංහලයාගේ කරුමේ. (නදී)

:       0       0

රොෂාන් Thursday, 05 March 2015 09:05 AM

අපේ අය හෑමදාම බලන්නේ දේශපාලන කෝණයෙන්නේ. (නි)

:       0       0

වරුණ Thursday, 05 March 2015 09:10 AM

ඔට්ටුව දාන්න වෙන්නේ මෙහෙමයි...ජෝන් (ජෝන් 2015-03-05 07:44:45) ව්‍යාපෘති යෝජනාවේ දැන් තියෙන අයුරින් 100% ක් නොකෙරන බවටයි මේක රැවුලත් කැඳත් බේරාගත යුතු ප්‍රශ්නයක්.... සුළුවෙන් හිතලා කොමෙන්ට් කරන එක වැරදියි.(නදී)

:       0       0

සම්පත් Thursday, 05 March 2015 09:17 AM

අපි මැදි ආදායම් ලබන රටක් වුණේ චීන උදව් මත බව අමතක කරන්න එපා. නැගිටපු අපේ දෙපයින් ඇද බිමදමනවා හැර ඉන්දියාව හෝ ඇමරිකාව හෝ බටහිර වෙනත් රටවල් හෝ අපට නැගිටින්න උදව් දෙන්නේ නැහැ. (නි)

:       0       0

ගමගේ Thursday, 05 March 2015 09:27 AM

මම නම් කියන්නේ මේ වෙලාවේ අපි හිතන්න ඕනෑ අපේ රට ගැන මිසක් අනෙක් රටවල් ගැන නොවේ. (නි)

:       0       0

ගැමුණු Thursday, 05 March 2015 09:37 AM

දැනට මෙම වරාය නගරයේ වැඩ නැවැත්වුවත් පසුව එය ආරම්භ කරනු ඇතැයි සිතමු. (නි)

:       0       0

විජේසුන්දර Thursday, 05 March 2015 09:46 AM

රාවණා යුගයක වැඩ කිඩ අකා මකා දැමීම විභීෂණ යුගයක ආරම්භක මෙහෙවර වී තිබේ. එදා රාවණාටද එරෙහිව සිටියේද ඉන්දියාවයි. අදත් එම ඉතිහාසය නැවත පැමිණ තිබේ. මේ විදියටම හම්බන්තොට වරායද වසා දැමෙනු ඇත. (නදී)

:       0       0

විජේසුන්දර Thursday, 05 March 2015 09:50 AM

එදා රාවණාටද එරෙහිව සිටියේ ඉන්දියාවයි. අදත් එම ඉතිහාසය නැවත පැමිණ තිබේ. මේ විදියටම හම්බන්තොට වරායද වසාදමයිද? (නි)

:       0       0

විජයබාහු Thursday, 05 March 2015 09:54 AM

මහේෂ් බනින්නේ නිකන් නෙවෙයි හේතු ඇතිව. මතක තියාගන්න එකම කෙනා නෙවේ බනින්නේ දෙපිරිසක් කියලා. (ර)

:       0       0

විජයබාහු Thursday, 05 March 2015 09:54 AM

ඉන්දියාව එක්ක තිබුණ ගිවිසුම් තමා මේ. මහේෂ් බනින්නේ නිකන් නෙවේ හේතු ඇතිව. මතක තියාගන්න එකම කෙනා නෙවේ බනින්නේ දෙපිරිසක් කියලා (දිල්)

:       0       0

බටගල Thursday, 05 March 2015 09:54 AM

අපි ඉතින් මොනවා කියලා කියන්නද? (නි)

:       0       0

විදුවන්ත Thursday, 05 March 2015 09:56 AM

මේවා කරන්න කලිනුයි හිතන්න තිබුණේ (නි)

:       0       0

වාසනා Thursday, 05 March 2015 09:56 AM

අපරාදේ මේවට යටකළ සල්ලි කන්දරාව (නි)

:       0       0

විජයබාහු Thursday, 05 March 2015 09:57 AM

මහේෂ් ,බනින්නේ නිකන් නෙමෙයි හේතු ඇතුව. මතක තියාගන්න එකම කෙනා නෙමෙයි බනින්නේ කියලත් (නි)

:       0       0

ගාමිණී Thursday, 05 March 2015 10:02 AM

ඒ වුණාට අපරාදේ කියලා හි‍තෙන්නේ නැද්ද? (නි)

:       0       0

ලංකා Thursday, 05 March 2015 10:03 AM

කලින් අය හිතුවේ කොමිස් ගැන මිස රට ගැන නෙමෙයිනේ (නි)

:       0       0

ලංකා Thursday, 05 March 2015 10:08 AM

මෙවැනි ව්‍යාපෘති රට කාබාසිනියා කරන වැඩ ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ඩිල්ශාන් Thursday, 05 March 2015 10:17 AM

99 අවුරුදු බදු ක්‍රමයට දෙන්න හදන මේ ප්‍රොජෙක්ට් එකෙන් ලංකාවට සෙත මොකක්ද ආදායමෙන් 50%? කමක් නෑ සෞදි අරාබිය ගිවිසුම් අත්සන් කළේ අැමෙරිකාවත් එක්ක අවුරුදු 25 - 50??% අාදායමට මහින්ද,ගෝටා කොමිස් ටික සාක්කුවේ දාගන්න හදිසි වෙලා ගහපු ගිවිසුම් ,ඒවා නිවැරදී කරලා නැවත රටට හොඳක් වෙනවට 50%: අාදායම අවුරුදු 25,30 කට පසුව සම්පුර්ණ යතිය ලංකාවට ,තවද ,සබ්මැරීන් නැව් පැමිණීම හෝ ,නවතා තැබීම රටේ ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් ඒවා අඩංගු නොවිය යුතුයි (බ)

:       0       0

ගමගේ කුවේට් Thursday, 05 March 2015 10:21 AM

සමහරු මැරිල ඉපදිල වගෙ කතා කරන්නෙ..නිලධාරීන්ට නිදහසේ හරි දේ කරන්න වටපිටාවක් තිබුනද.? ඒ වගෙම මේ ව්‍යාපෘතියෙන් චීනයට සින්නක්කර අයිතිවෙන ඉඩම් අක්කර ගාන ගැන මොකද කියන්නෙ..එහෙම දෙන එක හරිද.? මේක සොයන්නෙවත් නැතුව දිගටම කරනව කිවුවනම් අනිත් පැත්තට බනින හැටි බලන්න තිබුන.. අපේ අසල් වැසිය ඉන්දියාවෙ ආරක්ෂාව ගැනත් අපිට වගකීමක් තියෙනව..(බ)

:       0       0

බන්දුල Thursday, 05 March 2015 10:26 AM

99 අවුරුදු බද්දට කොමිස් ටික සාක්කුවේ දාගන්න කරනලද ගිවිසුම් මේවා අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි (බ)

:       0       0

මනෝජ් Thursday, 05 March 2015 11:57 AM

මේක නවත්වන්න කියලා මෙතන කෑගහලා අදහස් එවපු අය දැන් මොකද කියන්නේ? සතුටුද? (නි)

:       0       0

සත්‍යපාල Thursday, 05 March 2015 12:30 PM

මේකෙන් වෙන හොඳක් නැහැ. එක අතකින් පරිසරය විනාශ වෙනවා. අනෙක් අතින් කලාපයේ අරාක්ෂාවේ සමබරතාවයට තර්ජනයක් වෙනවා. ඊටත් වැඩිය බලපාන ප්‍රධානම කාරණාව, කවුරු මොනවා කිව්වත් අපි තවම හරියටම දන්නේ නැහැ මේක හදන අරමුණ මොකක්ද කියලා. චීන රජය මේතරම් විශාල මුදලක් ආයෝජනය කරලා බලාපොරොත්තුවෙන්නේ මොනවද කියන කාරණය අපි දන්නෙ නැහැ (නි)

:       0       0

වසන්ත Thursday, 05 March 2015 02:24 PM

අපි අපේ ඒකීය රට ආරක්ෂා කරගත යුතුයි. (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Thursday, 05 March 2015 04:52 PM

මම නම් කියන්නේ මේක කවදාවත් නවත්වන්න බැහැ කියලයි (නි)

:       0       0

තුෂාණි Thursday, 05 March 2015 05:13 PM

මේ ගැන තවටිකක් සොයාබලන එක ගොඩක් වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1589 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 266 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4484 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 476 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 630 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2183 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site