IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වරාය වර්ජනය යළි

කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රියදුරන් සහ සහායකයන් පෙර දින රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අද දිනය පුරාම ක්‍රියාත්මක විය.

කොළඹ වරායේ බහාලුම් හුවමාරු පර්යන්තයේ වැඩ කටයුතු අඩාල විය.

අද දහවල් වරාය පොලිසිය මැදිහත් වී වරාය බලධාරීන් සමග සාකච්ඡා කිරීම සදහා වර්ජකයන්ට අවස්ථාවක් දුන්නේය.

එම බලධාරීන් පොරොන්දු වූ පරිදි විසඳුම් ලිඛිතව ලබා නොදීම නිසා වර්ජනය තවදුරටත් පවත්වන බව කන්ටේනර් ප්‍රවාහන ප්‍රයිම් රථ රියදුරන් සහ සහායකයෝ පවසති.

කන්ටේනර් රථ ප්‍රවාහකයන්ගේ සංගමය හා කන්ටේනර් රථ හිමිකරුවන්ගේ සංගම්වල සාමාජිකයින් ද මෙම වර්ජනයට එක්ව සිටිති.

දිනපතා වරාය ඇති වන ප්‍රමාදය නිසා දැඩි දුෂ්කරතා ඉවසා ගත නොහැකි මෙම වර්ජනය ආරම්භ කළ බව වර්ජකයෝ කියති.

නැව්වලින් ගොඩ බාන බහාලුම් ප්‍රයිම්මුවර් වලට පැටවීමේ දී ඇතිවන ප්‍රමාදය හා වරායේ නොයෙක් අංශවල සේවකයන්ට නොයෙක් ආකාරයෙන් සංතෝසම් දීමට සිදුවීම වැනි ගැටළු ගණනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇති වීමට හේතු වූ බව ද ඔවුහු කියති.

DSC_6730   DSC_6745 DSC_6765 DSC_6770

 

 



අදහස් (0)

වරාය වර්ජනය යළි

සුජිත් Friday, 14 November 2014 04:01 AM

කෝ දැන් කැම්පස් සිසුන් ට බනින අයියල මේවට මොකුත් කියන්නේ නැද්ද ? (බ)

:       0       0

ගොඩගේ Friday, 14 November 2014 04:13 AM

වරායෙන් වැඩක් ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ එක්තරා කට්ටියකට පමණයි. මේක මගේ පුද්ගලික අත්දැකීමක් (නි)

:       0       0

ධනංජය Friday, 14 November 2014 05:04 AM

චමිල, මේවා තමයි ඇත්තම වර්ජන. විශ්ව විද්‍යාල වල වෙන්නේ නිකන් බොරුවක්. විශ්ව විද්‍යාලයේ ඉන්නාතුරු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතාකරන කෙනා තමයි එළියට ඇවිල්ලා පළමුව ඒකට වළකපන්නේ! (නි)

:       0       0

සත්‍යපාල Friday, 14 November 2014 05:27 AM

රජයේ සේවකයන් හා විශ්වවිද්‍යාල සිසුන් විතරක් නොවෙයි පුද්ගලික සමාගම් හා එහි සේවකයනුත් නඩත්තු වෙන්නේ මහජන මුදලින් තමයි. ඒවායින් සපයන භාණ්ඩ හා සේවාවන්ට ගෙවන මහජන මුදල් වලින් මෙම ආයාතන හා එහි සේවකයන් නඩත්තු වන අතර රජය බදු මුදල් වලින් රාජ්‍ය සේවකයන් හා විශ්වවිද්‍යාල පාසල් රෝහල් වැනි ආයතන නඩත්තු කරන අතර දැන් මේ කන්ටේනර් රියදුරන් ඉගුරුකඩේ හන්දිය මාර්ගය අවහිර කරගෙන උද්ඝෝෂණය කරගෙන කරන විට එය සධාරණීකරන කරන අය විශ්වවිද්‍යාල සිසුන් හා රජයේ සේවකයන් උද්ගෝෂණ හා වර්ජනය කරනවිට දොස්නගන්නේ හුදෙක් ද්වේශ සහගත සිතුවිල්ලෙන් බව පෙනේ.(දිල්)

:       0       0

චමිල Thursday, 13 November 2014 01:05 PM

මේක විශ්වවිද්‍යාල සිසුන් කළා කියුව නම් මෙතන මොන තරම් අදහස් දාවිද ? දැන් පාරවල් බ්ලොක් වෙන්නේ නෑ, කාටවත් ඉක්මනට ගෙදර යන්න ඕනෙත් නෑ(අ)

:       0       0

සුදේශ් Thursday, 13 November 2014 01:08 PM

මේ සිද්ධිය පැත්තෙන් කවුරු හරි ඇති.(හේ)

:       0       0

නන්දන Friday, 14 November 2014 05:45 AM

ඔබලාගේ සටන අසාධාරණයට /වංචාවට එරෙහිව. අපි සුබ පතමු (දිල්)

:       0       0

චන්ද්‍ර Thursday, 13 November 2014 01:49 PM

පගාව දෙන්න බැහැ කියලා වර්ජනයක්, වරාය සේවකයන් ලැජ්ජ විය යුතුයි , (හේ)

:       0       0

සන්ජය Thursday, 13 November 2014 02:28 PM

ප්‍රමාධ වුනාට රියදුරු මහතුන්ට ප්‍රශ්නයක් නැත, වරායෙන් පිටවුණ වෙලාවේ සිට නැවතුම දක්වා ප්‍රමාධ නොවී පරිස්සමින් ධාවනය කරන්න.(අ)

:       0       0

චන්න Thursday, 13 November 2014 02:29 PM

ඕව ඔක්කොම සත්තකින්ම ඇත්ත. ලංකාවට මෙහෙන් අපිට බඩු යවන්න එච්චර අමාරු නෑ. ලංකාවට ගියපුහාම ෆොක්ලිෆ්ට් එකේ ඉදන් හැම කෙනාටම සල්ලි දෙන්න ඕන. අනික බඩු ආරක්ෂිතව නෑ. පුදුම රස්නයක් ඇතුලේ තියෙන්නේ. කෑම ජාති විනාශ වෙනවා. ලොරිවලින් සල්ලි දෙනවා මම ඇස් දෙකින්ම දැකල තියෙනවා(අ)

:       0       0

විකි Thursday, 13 November 2014 02:58 PM

ඊලගට වර්ජනය මොන සේවයෙන්ද කියල දැන ගන්න පුලුවන්නම් හොදයි. (අ)

:       0       0

විපුල Thursday, 13 November 2014 03:50 PM

ඊළඟ වර්ජනය ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයෝ. අපි ක්‍රීඩකයින්ට කැමති, සමහරුන්ගේ තීරණ වලට විර්ද්දයි.(අ)

:       0       0

සුනිල් Thursday, 13 November 2014 04:00 PM

මම හිතන්නේ වාරයේ මහත්තුරුන්ට කලිසම් ඕනත් නෑ වැඩට එන්න. නියම වැඩේ කරලා තියෙන්නේ. (අ)

:       0       0

කුමාරසිරි Friday, 14 November 2014 07:43 AM

අපි පිටරට දුක්විඳලා,මොනවාහරි ගෙදරකට උවමනා බඩු ටිකක් ගෙනාවොත්, ඒක ගන්න ගියාම කී දෙනෙකුට ජරාව දෙන්න ඕනෑද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 13 November 2014 06:55 PM

අල්ලස දූෂණයට එරෙහිව පාරට බසින්නට පිටකොන්දක් තිබුනු මේ දුප්පත් රියදුරන්ට අපේ ප්‍රණාමය පුදකරමු! (නි)

:       0       0

අසෝක Thursday, 13 November 2014 07:37 PM

මම වෙළඳ නැවක වැඩකරන නාවිකයෙක්. දවසක් මම ගෙදර යනකොට මගේ පොඩි දරුවන්ට කන්න ඇපල් ගෙඩි 6ක් අරගෙන ගියා. අපිට නැව් වල කන්න ලැබෙන දිනපතා ලැබෙන ඇපල් ගෙඩිය එකතුකරගෙන ගියේ. නැවෙන් බහිනකොටම එතන හිටි ආරක්ෂකයෙක් බෑග් එක බලලා ඇපල් ගෙඩියක් සාක්කුවට දාගත්තා. ඊටපස්සේ ගේට්ටුව ළඟදි "ආ මල්ලි අපිත් කන බොන කට්ටිය" කියලා තව ඇපල් ගෙඩි දෙකක් තව කෙනෙක් සාක්කුවට දාගත්තා. අන්තිම දෙකටත් ඒකම වුණා. පස්සේ මම පිටකොටුවෙන් ජරා ඇපල් ගෙඩි 6ක් සල්ලි වලට අරගෙන ගෙදර ගියා. (නි)

:       0       0

ඩිලාන් Thursday, 13 November 2014 07:46 PM

චමිල, අපි මේ අයගේ නඩත්තු වලට බදු ගෙවන්නේ නැහැනේ. අනෙක මේ අය හැමදාම පාරවල් අවහිර කරන්නෙත් නැහැ. ජනතාව නිස්කාරනේ උද්ඝෝෂණ වර්ජන වලට විරුද්ධ වෙන්නේ නැහැ. යම් හේතු ඇතිවයි එහෙම කරන්නේ. (නි)

:       0       0

විරාජ් Friday, 14 November 2014 12:23 AM

වර්ජනයකින් තොරව ඉල්ලීම් දිනාගත නොහැකි තත්ත්වයකට අද ලංකාව පත්වෙලා (නි)

:       0       0

ටොම් Friday, 14 November 2014 12:57 AM

අද කාලයේ අල්ලස නැතුව ‍මොනම දෙයක්වත් කරගන්න අමාරුයි (නි)

:       0       0

මංජු ශ්‍රී Friday, 14 November 2014 10:16 PM

ගියවාරයේ ගෙදරට යවපු බඩු පෙට්ටිය නිදහස් කරන්න ටැක්ස් එක 15000/-ක් දාලා දෙන්නම් කියලා පගාව 25000/-ක් ඉල්ලුවා. දුන්නේ නැති නිසා එක දෙයකින් එකකට වඩා තිබෙන්න බැහැ කියලා ටැක්ස් දඩ 30000/-ක් ගෙවන්න වුණා. ගෙදරට සවිකරන්න ගෙනා සෝලා පැනල හය තමයි හේතුව කරගත්තේ (නි)

:       0       0

පතිනායක Friday, 14 November 2014 02:22 AM

ලෝකයේ මෙච්චර දියුණු ක්‍රම තියාගෙන රජයට ඇයි මේ දේවල් වළක්වන්න බැරි? (නි)

:       0       0

දිසානායක Friday, 14 November 2014 02:37 AM

අශෝක , මම ඔබ අගයමි. මමත් කාලයක් නැව් සංස්ථාවේ නැව් වල සේවය කළ නාවිකයෙක් හැටියට මේ ගැන හොඳ පළපුරුද්දක් ඇති අයෙක්මි (නි)

:       0       0

සමීර Friday, 14 November 2014 03:01 AM

දැන් ඉස්සහරහට තව කවුරු කවුරු වර්ජනය කරයිද දන්නේ නෑ.(හේ)

:       0       0

චමිල Friday, 14 November 2014 03:16 AM

ඩිලාන් , හේතු දෙකම එකයි. එකම හේතුව හැමදේම දේශපාලනීකරනය වීම. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 14 November 2014 03:36 AM

ඉහළම තැන ඉදල පහලම තැනට එනකම්ම පගාව ගන්න රටේ වරාය පගාව ගන්නවා කිව්වම පුදුම වෙන්න දෙයක් නැ. සමහර රවල්වලින් පගාව ගන්නවා. පුංචි එවුන් අපේ රටේ මිනිස්සුන්ගෙන්ම ගන්නවා. (බ)

:       0       0

සෙත්මි Friday, 14 November 2014 03:38 AM

අද ඉල්ලීම් දිනා ගන්න කරන මේ සේවක වර්ජනය සාර්ථක වේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 496 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1353 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1279 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 364 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 322 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2322 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25329 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site