IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වීරවංශ තවම තීරණයක් නෑ

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පනත් කෙටුම්පතට පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මේ වන තෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායකත්වය ඇතුළු දේශපාලන මණ්ඩලය අඟහරුවාදා (22) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත බව ද ඔහු කියයි.

ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තු අසුන් දෙකක් හිමිය.



අදහස් (0)

වීරවංශ තවම තීරණයක් නෑ

කුමාරසිරි Tuesday, 22 October 2013 10:12 AM

මේකත් අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අචිනි Monday, 21 October 2013 06:08 PM

එයා විරුද්ධ වුණොත් ඒක තමයි මට මේ ‍ලෝකයේ 8 වන පුදුමය (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 October 2013 10:17 AM

ප්‍රභාකරන් මිනිමරුවෙක් වුනත් ඔහුට වුනත් යම්කිසි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තිබුනා....... (ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 22 October 2013 02:27 PM

මමනම් කියන්නේ වැඩේ හොදයි.අපිට කවදාවත් පුලුවන්ද ඔය වගේ ණයක් නොගෙන කාමර 300 ක ගොඩනැගිල්ලක් හදන්න? ඒ විතරක් නෙමෙයි දුප්පත් අපි ඕවට යන්නෙත් නැහැනේ.ඇමතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්නා ඔබ සැමටම බුදුසරණයි. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Monday, 21 October 2013 06:16 PM

වීරවංස මේකට විරුද්දව ගියොත් මම ආපහු ලංකාදීපයට ප්‍රතිචාර දැමීම නතර කරමි (අ)

:       0       0

ලක්ෂ්මන් Monday, 21 October 2013 06:19 PM

කමෝන් වීරේ...'වාසි අතට හොය්යා ....' (අ)

:       0       0

මොහාන් Tuesday, 22 October 2013 10:25 AM

මේකට විරුද්ධ වෙන්නේ මෝඩයෝ. මොකද ජමෙස් පාකර් ලංකාවේ දාන කැසිනෝ එකේ සූදු කෙලින්න ගමේ ඉන්න හරමනිසලා, සිරිසේනලා එනවා කියලා මොවුන් හිතන්නේ. ඕකට එන්නේ ලෝකේ ලොකුම සල්ලි කාරයෝ. එහෙම නැතුව දැන් එන සුද්දෝ වගේ හිගන්නෝ නෙමෙයි. ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට ජොබ් දහස් ගණනක් එනවා.මොවුන් හිතන්නේ ජොබ් කිව්වම ඔක්කොම ගණිකාවෝ කියලා. මොලේ නැති උන් නිසා රටක් දියුණු කරන්න අමාරුයි. (ස)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 22 October 2013 10:34 AM

මුලින්ම "ගණිකා වාත්තිය" නීති ගත කරන්න. එයින් පස්සේ අවශ්‍යයි කියල හිතෙනවා නම් කැසිනෝ නීති ගත කරන්න.මම කිව්වේ අපේ රතු මල්ලි ගැන හිතලා.(නදී)

:       0       0

පාරු Tuesday, 22 October 2013 10:38 AM

වංශ කොහේද විරුද්ධ වෙන්නේ. (නදී)

:       0       0

ඩෙනම් Tuesday, 22 October 2013 10:41 AM

සැමදා රට ජාතිය වෙනුවෙන් කතා කරන වීරවංශ මහතා අද රට ජාතිය උදෙසා ගන්න යන තීරණය දෙස ජනතාව බලාගෙන ඉන්නේ (නි)

:       0       0

සමරනායක Monday, 21 October 2013 06:43 PM

ඕකට විරුද්ධ වෙලා එතුමා මොනවා කරන්නද? (නි)

:       0       0

සමරනායක Tuesday, 22 October 2013 02:50 PM

ඔය මහත්තයගේ තරම දන්නවා නේ. (ස)

:       0       0

ගජ මෑන් Monday, 21 October 2013 06:51 PM

වෙන මොනවද මේ කතා. (නි)

:       0       0

දයාරත්න Monday, 21 October 2013 06:54 PM

මෙතුමා කොහොම තීරණයක් ගනීවිද මන්දා? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 21 October 2013 06:55 PM

මා නම් කියන්නේ එතුමා විරුද්ධ වේවි. මාගේ පැතුමත් ඒකම තමා. (නි)

:       0       0

සුනෙත් Monday, 21 October 2013 06:57 PM

මේකට විරුද්ධ වෙන්න මහත්තයෝ.මේවා විලිලැජ්ජා නැති වැඩ. (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 22 October 2013 03:26 PM

කෝ මේ හලාල් ගැන කෑගහන සංවිධාන. (ස)

:       0       0

සමීර සාලින්ද Tuesday, 22 October 2013 11:21 AM

මොකද මේ වන්නේ අපිට බෞද්ධ රටක් නැති කරන්නද හදන්නේ ? ජනතාව මොකද නිහඩ, ඇමති තුමනි ක්‍රියත්මක වෙන්න. (ස)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 11:22 AM

ලංකාවේ දැන් මොනවද නැත්තේ? දියුණු රටවල තිබෙන සෑම තාක්ෂණයක්ම තියෙනවා. කැසිනෝ යන්ට ගමේ අයට බැහැ. ඒවාට සල්ලි ගස් තියෙන්ට ඕන. ඕක කෝටිපතීන්ගේ ගනු දෙනුවක්. (ස)

:       0       0

ඉන්දික නාපොලි Tuesday, 22 October 2013 03:26 AM

උණු හින්දා බොන්නත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි එකක්ද? (නි)

:       0       0

ගජබා Monday, 21 October 2013 07:24 PM

විරුද්ධ වෙලා විතරක් නිකම් ඉන්න එකක් නැහැ. උපවාසෙකුත් කරයි. ඔයාල හිතාගෙන ඉන්නේ අපේ ඇමති තුමා කවුරුයි කියලද? (අ)

:       0       0

සුමන Monday, 21 October 2013 07:25 PM

"කන්න ඕනා උනාම කබර ගොයත් තලගොයා වෙනවලු" එදා ජවිපේ .යේ හිටපු අවංක සටන්කාමී දෙශපාලකයා අද මොකද කරන්නේ (අ)

:       0       0

තාරක Tuesday, 22 October 2013 11:38 AM

මෙතුමා තවම තීරණය කරලා නැත්තෙ "මොන විදියටද මේකට කැමති වෙන්නේ" කියලා වෙන්න ඇති. (ස)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 22 October 2013 11:40 AM

මිනිපේ සිල්වා, කුමුදු ද වාස් ගුණසේකර හොද අදහස් පල කරලා තිබුනා. සමහර අයට මතක ඇති මම මීට කලිනුත් මේ කැසිනෝ සම්බන්දව දීර්ග අදහසක් පල කළා "ගණිකාවන් 47,000 ලංකාවේ රැකියාව කරයි "කියන මාත්තෘකාව යටතේ. මම මේ කැසිනෝ සංකීර්ණ ගැන දන්නේ මගේ දරුවන්ට එම ස්ථාන පෙන්වීමට රැගෙන ගොස් ඇති නිසාය. ගියවර කියපු දේවල් නැවත කියන එක තේරුමක් නැත. කෙටියෙන් කියතොත් තට්ටු තිහක තිස්පහක බිල්ඩිමක ,තට්ටු තුන හතරක පමණි සුදු සෙල්ලම් කරනු ලබන්නේ. අවුරුදු 18 පහල අයට ඇතුල් වීමට අවසර නැත. ගණිකා නිවාස ඒක ඇතුලේ නැත. [මිනිපේ කිව් අදහසමයි] මේ අලුතින් එන කැසිනෝ එකෙන් අලුතින් දෙයක් ලංකාවට ගෙන එන්නේ නැත. සියලුම නරක දේවල් දැනටත් රට තුල ක්‍රියාත්මක වේ. මෙයින් රටට ලාබයක් මිස කිසිම පාඩුවක් නොවන බව මගේ අදහසයි. මේ දහදුරා වැඩ [ ගණිකා නිවාස,සුදු ,සුරාව ] එදා සිට අද දක්වා රට තුල ක්‍රියාත්මක වේ. අප මේ කැසිනෝ සංකීර්ණයට විරුද්ධ විය යුත්තේ මේ නරක දේවල් රටේ නොතිබුනානම් නොවේද? අනිත් කාරණය දැනට ඇති කැසිනෝ ශාලා වලට ලංකාවේ අය යන්නේ සියයට දසම ගානකි. අපි හැමෝටම එහි ගොස් සුදු සෙල්ලම් කිරීමට සල්ලි නැත. අපිට කල හැක්කේ බුකියකට ගොස් අස්සයෙක් ඇල්ලීම පමණි. මෙම කැසිනෝ එකට විරුද්ද වුවහොත් වන්නේ ,රටට ලැබෙන විශාල විදේශ විනිමයක් [ බදු ] [ ලැබීම නැතිවී යාමත්,ලාංකිකයන් දහස් ගනනකට ඍජුව හා වක්‍රව ලැබෙන්නාවූ රැකියා අවස්ථාත් නැතිවී යාමත් පමණි. දේසපාලන කෝණ වලින් නොබලලුවහොත් මෙයට අපට විරුද්ධ වීමට සාධාරණ හේතුවක් නැත. මා වැරදි නම්,කරුණාකර මා නිවැරදි කරන්න.(නදී)

:       0       0

වසන්ත Monday, 21 October 2013 07:33 PM

බලමු අත්දෙකම් උස්සයිද කියලා (නි)

:       0       0

මොහාන් Tuesday, 22 October 2013 11:44 AM

පද්මිණි ලිඳේ ඉන්න ගෙම්බෝ එක්ක ඕව කතා කරලා වැඩක් නැහැ. මේක මොන තරම් ලොකු ආයෝජනයක්ද කියලා මේකලට තේරෙන්නේ නැහැ.ජමෙස් පෙකර් ලංකාවට එන්න එකඟ උන එකම ලොකු ජයක්. (ස)

:       0       0

කමල් Monday, 21 October 2013 07:38 PM

පොර ටෝක් සහ ගොන් වැඩ (අ)

:       0       0

දයාරත්න Monday, 21 October 2013 07:38 PM

බලමු එතුමාට ප්‍රතිපත්තියක් තිබේද කියලා (නි)

:       0       0

රන්ජනී Tuesday, 22 October 2013 11:48 AM

මොහාන්, මේ අයගෙන් ඔයා විතරක් හරි,, කැසිනෝ එකකට යන්නේ සල්ලි කාරයෝ.එයාලට ඕන සල්ලි වලට වඩා විනෝදය. ලාස්වේගාස් යන්නේ මොකටද? ලංකාවට පිට රට විනිමයක් ලැබෙන දෙයක්, රැකියාවල් ලැබෙනවා මෙවන් පුංචි රටක ලොකු වැඩක් කරන්න හදනකොට නොයෙක් මත දරනවා.මට හිතෙනවා හොඳ වැඩක් කියලා.ඇමතිතුමා මොනවද කියන්නේ බලමු. (ස)

:       0       0

දර්ශන් Tuesday, 22 October 2013 05:29 AM

අපි නම් පක්ෂයි.මොකද සාමාන්‍ය මනුස්සයා කැසිනෝ ගහන්න යන්නේ නැහැනේ.ඔය ගමන්ම ගණිකා වෘත්තියටත් පක්ෂ වුණොත් එතනිනුත් හොද ආදායමක් ලබාගන්න පුළුවන්. (නි)

:       0       0

සනී Monday, 21 October 2013 08:37 PM

කෝටි පතියෝ නම් මෙයට විරුද්ධ වෙන්නේ නැහැ .එහෙත් ලංකාවේ ඉන්න කෝටු පතියෝ නම් විරුද්ධ වෙයි .ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිසතයක් කෝටු පතියෝ නේද (අ)

:       0       0

නඩීන්ද්‍ර Tuesday, 22 October 2013 12:21 PM

මම හිතන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, නේද ඇමති තුමෝ?? (ස)

:       0       0

වීරා Tuesday, 22 October 2013 07:30 AM

මොනවා වුණත් නොවැටී මංමුලාවේ... වැඩකරන්න හොද කල්පනාවේ... (නි)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 22 October 2013 12:23 PM

මට තව දෙයක් කියන්න අමතක වුනා.ඔය ජේම්ස් පැකර් ඔය කැසිනෝ එක මුලින් පටන් ගන්න හිටියේ චීනයේ. චීන රජයට වඩා ලංකාව ඔහුට බදු සහන දෙන්න පොරොන්දු වෙන්න ඇති, ඒ නිසා තමයි ඔහු ලංකාව තෝරා ගන්න ඇත්තේ කැසිනෝ සංකීරණයට. සමහරු කියනවා එයාට දීපු බදු සහන කාලය වැඩියි කියලා .ඒක නම් මම හරියට දන්නේ නැහැ. කෙසේ හෝ බදු සහන වැඩිවෙන තරමට තමයි ආයෝජකයෝ යම් කිසි රටක ආයෝජනයක් කරන්නේ. මෙම තීරුවේ ජේම්ස් පැකර් ගැන මාතෘකාවක් ආවොත් පස්සේ දවසක එයා ගැනත් විස්තරයක් කියන්නම්. (ස)

:       0       0

අශාන් Tuesday, 22 October 2013 07:36 AM

අපි නොදන්න අපේ ඇමති! (නි)

:       0       0

ලලිත් Tuesday, 22 October 2013 07:38 AM

තවම වෙනත් රටකින් කියන්න නැතිවා ඇති කාටවත්ම කැසිනෝ මුදලාලිට විරුද්ධව නැගී හිටින්න කියලා. දන්නවනේ අපේ කට්ටිය ගැන. (නි)

:       0       0

අජිත් Tuesday, 22 October 2013 07:50 AM

මොන බොරුද? එයා විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ලයනල් Monday, 21 October 2013 09:06 PM

බලු කුක්කෝ උඩු බිරුවට කදු පත්වෙන්නේ නැහැ !!!(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Monday, 21 October 2013 09:12 PM

ප්‍රතිපත්තියක් නැති අයගේ අදහසට වඩා ශ්‍රීලාංකිකයින් හැටියට අප අවධානය යොමු කල යුත්තේ මෙයින් රටට සිදුවන යහපත හා අයහපත පිලිබදවයි .කරුණාකර ඒ ගැන දන්නා අය අදහස් පල කරන්න . (නදී)

:       0       0

වමින්ද Tuesday, 22 October 2013 08:18 AM

එයා කවදාවත් ඕකට විරුද්ධ වෙන්නෙ නැතිවෙයි. (නි)

:       0       0

සිල්වා Monday, 21 October 2013 09:19 PM

ඔය වගේ දේවල් අද ලෝකේ සාමන්‍ය වැඩ. ලිදේ ඉන්න ගෙම්බෝන්ට ලොකුවට මේ දේවල් ගැන හිතනවා ලංකාවේ 1980 ඉදල කැසිනෝ තියනවා දැන් ඔය 5*හොටෙල් එක්ක ඕක හදනවා මොකක්ද වරද ? කාටද පලුවන් ඔය කැසිනෝ ගහන්න දන්නා දේවල් ගැන කතකරන්න.හණමිටි අදහවලින් මිදිලා නවීන ලොකීත් එක්ක වැඩ කරන්න ප්රුදුවන්න ඔතන වෙන්නේ ඉන්දියාවේ චීන අරාබිකරයේ කෝටිපතියන් අද්දා ගැනීමක් අපේ රටේ ප්හිටීම හරිම වැදගත් ඒ දේට. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 22 October 2013 08:21 AM

සුදුව, සුරාව,දුරාචාරය, නෙවෙයි මොනවාහරි කමක් නැහැ කාට කාටත් අතමිට සරු වෙනවා නම්. මේක නිදිමතට තිත. රෑටනේ වැඩේ යන්නේ. ඔහොම යමු. (නි)

:       0       0

කුසුම් Tuesday, 22 October 2013 12:54 PM

විරවංශ මහත්මයලාගේ තීරණය කුමක් වුවත් කැසිනෝ සුදු පනත අනිවාර්යයෙන් සම්මත වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. (නි)

:       0       0

ඇත්ත තිත්තයි Monday, 21 October 2013 09:35 PM

ඔය යල් පැනගිය උපමා එපා.කරුණාකර දුපත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙට යමු .අපි හැමදාම මොකද කලේ මේක වසර 2500 ක ඉතිහාසයක් තියෙන සිංහල බෞද්ධ රටක් (දිල්)

:       0       0

රිවන් Tuesday, 22 October 2013 01:01 PM

රටකට වෙන ආයෝජනයක් ගේන්න බැරිද? කැසිනෝ විතරද ගේන්න පුළුවන් උනේ? බුදුන් තෙවරක් පිදු මේ පින්බිමේ කැසිනෝ අවශ්‍යමද? හලාල් (කැප) ලාංජනයට කෑගහන කට්ටියට කැසිනෝත් හලාල් තමයි. (ස)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 22 October 2013 08:56 AM

ඇමතිතුමෝ කරමු උපවාසයක්. බිස්කට් මගේ ගානේ. (ස)

:       0       0

ඩයස් Tuesday, 22 October 2013 09:00 AM

කැසිනෝ කොළඹට පමණක් නොවේ, අනිත් පළාත් අටටත් දෙන්න.හැබැයි බදු ආදායම එම ප්‍රදේශවල දියුණුවටම වියදම් කරන්ඩ ඕන. ජනතාව මේවට විරුද්ධ වන්නේ නොදැනුවත් කමින්. (ස)

:       0       0

තිලක් Monday, 21 October 2013 09:52 PM

වීරවංශ තවම තීරණයක් නෑ.විරුද්ද වෙන්නේ කොහොමද?විරුද්ධ වෙලා ඔය විදින බුදු සැප අර්ථ හරින්න කැමති වෙන මෝඩයා කව්ද?(දිල්)

:       0       0

මල්ලව Tuesday, 22 October 2013 01:30 PM

මොනවද තවත් හිතන්නේ? (නි)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 21 October 2013 10:12 PM

ප්‍රතිපත්තියක් නැති කම.(නදී)

:       0       0

රන්ජනී Tuesday, 22 October 2013 01:35 PM

රටේ කැසිනෝ විතරක් නොවේ, නොයක් ආයෝජන තිබෙනවා.බුදුන් වැඩිය රටේ කියා හොද වැඩ මොනවද කරන්නේ? පව්කාර වැඩ කොතෙක් නම් කරනවද? ළමා අපචාර,මිනීමැරුම්,හොරකම්,හරක් මැරීම්... සමාජයේ මිනිස්සු විසින්ම නේද මේවා කරන්නේ? (නි)

:       0       0

පීටර් Tuesday, 22 October 2013 01:40 PM

විරුද්ධ වෙනවා වගේ පෙන්නයිද? (නි)

:       0       0

බංඩාර Monday, 21 October 2013 10:21 PM

එයා විරුද්ද වෙලා අවසාන මොහොතේ පක්ස වෙනවා (නදී)

:       0       0

මිනිපෙ Tuesday, 22 October 2013 09:33 AM

කැසිනෝ වලින් සුදු කාරයන්ට ගැහණු සපයන්නේ නෑ. ඒක අමුලික බොරුවක්.එතනට ගණිකාවෝ එනවා. ඒත් ඔවුන් බලෙන් මිනිස්සු අල්ලගන්නේ නැ.සල්ලි තියෙනවා නම් ගිහිල්ලා කැසිනෝ ගහන්න.ඒකේ ආදීනව සුදු කාරයන් හොඳටම දන්නවා.රජයවත්, දේශපාලකයන් වත් වැඩුනු, ජනතාවට තමන් කල යුත්තේ, මොකද්ද කියලා, උගන්නන ඕනැ නෑ. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 22 October 2013 09:37 AM

හිත හිත ඉන්න අවස්ථාවක් නොවෙයි මේක, දේශ ප්‍රේමියෙක් නම් ඔබතුමා මේකට විරුද්ධ විය යුතුයි. (ස)

:       0       0

දම් Monday, 21 October 2013 10:28 PM

බලමු කට වගේද වැඩත් කියලා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 01:53 PM

ඔන්න ඔහේ අත උස්සමු (නි)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Tuesday, 22 October 2013 09:47 AM

රටක් දියුණු වෙන කොට ඔය ඔක්කොම ඕන වෙනවා.අපි බලන්න ඕනේ මේකෙන් රටට වෙන වාසි හා අවාසි මොනවද කියලා.එහෙම නැතිව නිකන් විරුද්ධ වෙන එක නෙමෙයි.මම නම් මේකට විරුද්ධ නැහැ. (ස)

:       0       0

චින්තක Monday, 21 October 2013 10:37 PM

කෙලින් කතා කරන හොඳ පුද්ගලයෙක්.(නදී)

:       0       0

මාටිනස් Monday, 21 October 2013 05:34 PM

ඒ කියන්නේ පක්ෂයි වගෙයි.විපක්ෂ නම් මෙතුමා දැනටමත් රට දෙවනත් කරලා.බලමු මෙදා පාර මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

රෝහිත Monday, 21 October 2013 05:40 PM

ඒ කාලේ ලොකු ලොකු කට්ටියත් සූදු ගහලා තියෙනවලු ජයටම! (නි)

:       0       0

සේනාරත්න Wednesday, 23 October 2013 08:11 AM

දැනට ලෝකයේ සිටින ධනවත් කැසිනෝ සූදුකාරයින් චීනයට යනවා කැසිනෝ ක්‍රීඩාවට. ඒ ගියාම වාසිය ලැබෙන්නේ චීනයට මිස ඒ එන පුද්ගලයින්ටම නොවෙයි. එන පුද්ගලයා දිනුවොත් රැගෙන යන්නෙත් එසේම ක්‍රීඩාවට එන වෙනත් රටක කෙනෙක්ගේ මුදල් වෙන්න පුළුවන්. මෙය ලොතරැයි මණ්ඩලය මෙන් අදායම් ලබන්නක් මිස පාඩු වෙන දෙයක් නොවෙයි. ආදායම අපේ රටටයි. (නි)

:       0       0

සේනාරත්න Monday, 21 October 2013 05:45 PM

මෙම කෙටුම් පතින් අලුතින් සිදු වන හානියක් නොමැති නම් සහ වෙනත් කුමන හෝ පහසුවක් සිදු වන්නේ නම් එයට පක්ෂ වුවාට වරදක් නැත. සුද්දෝ ලංකාව පාලනය කළ කාලයේ පටන් මෙය අපේ රටේ පවතී. ආණ්ඩුව ගෙනෙන ඕනෑම කෙටුම් පතකට විරුද්ධ වන කොටසකුත් ඇත. නමුත් කෙටුම් පතින් කියන්නේ කුමක්දැයි නොදනිමු. (නි)

:       0       0

හර්ෂන් Tuesday, 22 October 2013 10:08 AM

එයා දිව දෙකකින් කතා කරන්නේ ඕකට ගානට බොරුවක් කියයි (නදී)

:       0       0

සිරියලතා Monday, 21 October 2013 05:46 PM

බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 153 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1651 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2073 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5646 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1634 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6116 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18020 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site