IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වීරවංශ රාවණාබලේ හිමිට වාහන 55 ක් දීලා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට  රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත්     වාහන  55 ක් පරිහරණය කරමින් රුපියල් ලක්ෂ 690 ට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන්  බරපතල මුල්‍ය වංචා විමර්ශන පිළිබද ජනාධිපති කොමිසම අද (13) පැය දෙකකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසම කියයි.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 2010 වසරේ සිට 2015  ජනවාරි මස දක්වා වරින් වර විවිධ අවස්ථාවන්  වෙනුවෙන් මෙම මෝටර් රථය පරිහරණය කර ඇති බවත් එහි කුලිය , ඉන්ධන, රියදුරු වැටුප්, වෙනුවෙන් මෙම මුදල ඉංජිනේරු සංස්ථාවෙන් මුදල ගෙවා ඇති බවද කොමිසම කියයි.

මෙම මුල්‍ය වංචාව පිළිබදව  ලැබුණ පැමිණිල්ලක් මත කොමිසම පරීක්ෂණයක් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

සද්ධාතිස්ස හිමියන් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් සිටි බවත් උන්වහන්සේට  මෙම වාහන හා  මුදල ලබා දුන් බවට  ඉංජිනේරු සංස්ථාවේ  ලේඛන වල සදහන් වන බවද කොමිසම කියයි.



අදහස් (0)

වීරවංශ රාවණාබලේ හිමිට වාහන 55 ක් දීලා

ඉන්දික Wednesday, 13 July 2016 03:43 PM

ඒක තමා මෙයාල අරයව බලයට ගෙන්න දගලන්නේ. පරණ සැප හොයන්න බලාගෙන. අපි හිතුවේ රටට ආදරේට පෙළපාලි යන්නේ කියල. බැලුවහම එයාල බේරෙන්න හදන්නේ. (අ)

:       0       0

නිරාෂා Wednesday, 13 July 2016 03:43 PM

මේවට කියන්න තියෙන්න දේවල් නැ (අ)

:       0       0

මාර්ලන් ඩි සිල්වා -කැනඩාව Wednesday, 13 July 2016 04:22 PM

අපේ කාලේ පන්සලක් භික්ෂුවක් කිව්වහම කොපමණ භක්තියක් සැදැහැවන්තකමක් තියෙනවද? අද මෙහෙ ඉඳලා බලනකොට කොපමණ අශෝභනද? රටකට ගිය කලක් කියලා හිතෙනවා. දකුණේ බෞද්ධාගමිකයෙක් වශයෙන් කිව හැක්කේ අහෝ දුකකි කියලයි. (නි)

:       0       0

බන්දුල Wednesday, 13 July 2016 04:33 PM

මේක විජාතික කුමන්ත්‍රණයක් (නි)

:       0       0

වික්‍රමසිංහ Wednesday, 13 July 2016 04:54 PM

අනේ, අයියෝ! වීරවංශ මහත්තයා කවදාවත් එහෙම කරන්නේ නැහැ. කළත්, පිනක් දහමක් කරගන්න තමයි කරන්නේ (නි)

:       0       0

අමර Thursday, 14 July 2016 07:50 AM

බල බල බලේ .... රාවණ බලේ (බ)

:       0       0

ගෝතම Thursday, 14 July 2016 07:54 AM

බුදු දහම හා ඉංජිනේරු වෘත්තිය පිළිබඳ සමීක්ෂණයක් වෙන්න ඇති (නි)

:       0       0

නන්ද Wednesday, 13 July 2016 06:33 PM

මෙවන් චීවරධාරීන් නිසා රටේ වැඩ වාසය කරන අහිංසක සිල්වත් හිමිවරුන් අපහසුතාවයට පත්වීම ගැනයි අපිට දුක. (නි)

:       0       0

ගෝමස් Wednesday, 13 July 2016 07:02 PM

ඔය කියන වකවානුවේදී වීරවංශ යන්න ඇත්තේ හෙලිකොප්ටරයෙන් වෙන්න ඇති, අපේ හාමුදුරුවන්ට කාර් එකෙන් එන්න කියලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 13 July 2016 08:00 PM

අනේ අපේ බුද්ධ ශාසනය මෙවැනි අයගෙන් බේරාගන්න (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 13 July 2016 08:34 PM

විල්පත්තු කැලේ විනාශය සිංහලයන්ට නොපෙනෙන්නේද? (නි)

:       0       0

විජේ Wednesday, 13 July 2016 10:12 PM

බණ කියන්න යන්න ඇති (නි)

:       0       0

නන්ද Thursday, 14 July 2016 08:44 AM

කවුද දන්නේ දෙවියනේ, රාජපක්ෂ රජය ඔය විදිහට පෙරළේවි කියලා? හාමුදුරුවොත් තමන් වහන්සේට අයත් ශාසනික කටයුතු ටික කරගෙන හිටියා නම් ඉවරයිනේ. රට-දැය-සමය වෙනුවෙන් සටන් කරන්න රජයේ වාහන අවශ්‍යමද? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 13 July 2016 10:38 PM

ඔය එක්සත් භික්ෂු පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංගමය වගේ ඒවා අනෙක් පක්ෂ වලට තියෙන්නේ. ඉතින් වීරවංශට තිබුණහම මොකද මේ තරම් පුදුමයක්? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 13 July 2016 11:08 PM

කිසිම වරදක් මට නම් පෙනෙන්නේ නැත. (නි)

:       0       0

ලෙස්ලි Thursday, 14 July 2016 12:08 AM

බුද්ධ ශාසනයටත් මේවායින් වන්නේ නිගාවක් නොවේද? (නි)

:       0       0

නිමල් Thursday, 14 July 2016 02:11 AM

නාමල්ලාගේ යාලුවෝ ළඟම එනවා වගෙයි තනි රකින්න. (නි)

:       0       0

සමන් Thursday, 14 July 2016 02:42 AM

රටේ සංහිඳියාව බිඳලන්න හැර විමල්ගෙන් රටට වුණ එක සේවයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? මේ මනුස්සයා රටට යමක් කළා නම් ඒ ජේ.වී.පී එකත් එක්ක. (නි)

:       0       0

රොකී Thursday, 14 July 2016 04:10 AM

බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු වුවත් මේ අය අනුගමනය කරන්නේ රාවණාවයි! රාවණා කියන්නේ, රාමායනයේ කියවෙන විදිහට නම් අධමත්වයේ සංකේතයකි.. (ම)

:       0       0

රනිල් Thursday, 14 July 2016 05:15 AM

එතකොට දැන් ඉන්න කාර්ය මණ්ඩල සාමාජිකයෝ යන්නේ පයින්ද?(ම)

:       0       0

පැතුම් Wednesday, 13 July 2016 11:58 AM

අනේ වීරවංස එහෙම කරන්නේ නෑ.එයා මේක කරන්න ඇත්තේ රටට තියෙන ආදරේට (හේ)

:       0       0

හරිත Wednesday, 13 July 2016 12:03 PM

දක්ත සොයාගෙන ඉවරයි වගේ. (හේ)

:       0       0

ප්‍රදීප් Thursday, 14 July 2016 05:55 AM

එතකොට ලක්ෂ 350 විතර වාහනයක් රියදුරු එක්ක... රියදුරාට පඩිය මාසෙට රු50000 ක් විතර නම් නරකම නැහැ. කොහොම කොහොමහරි බෞද්ධයාටයි බුද්ධාගමටයි පහර වදින එක තමයි වෙන්නෙ මේවායින් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 13 July 2016 12:12 PM

රාවණා බලය නිසා රටේ මිනිසුන්ට කරදර වුණ එක විතරයි අපි නම් දැක්කේ (නි)

:       0       0

මනෝජ් Wednesday, 13 July 2016 12:11 PM

අනේ මන්දා මේ අවනඩු අපි කාට කියන්නද කියලා (නි)

:       0       0

නිමල් Wednesday, 13 July 2016 12:20 PM

අනේ අහිංසක අපේ සල්ලි! (නි)

:       0       0

සනත් Thursday, 14 July 2016 06:12 AM

අපිට නම් මේවා අහලා අහලා දැන් සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

චතුරි Wednesday, 13 July 2016 12:58 PM

පිරුවට ඇඳලා මේ වගේ වැඩද කරන්නේ.(හේ)

:       0       0

වීරවර්ධන Thursday, 14 July 2016 06:16 AM

මෙය මිනිස්සු පුදුම විදිහටනේ සල්ලි නාස්ති කරලා තියෙන්නේ. උල තියන්නයි වටින්නේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 13 July 2016 01:34 PM

මෙම වාහන හා මුදල ලබාදුන් බවට ඉංජිනේරු සංස්ථාවේ ලේඛන වල සඳහන් කර, කළ හොරකම ටිකක් ගැටළුසහගතයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 July 2016 06:22 AM

රාජපක්ෂලා හා ඔවුන්ට කඩේ ගිය කිසිවෙකු නැවත රටේ සම්පත් සුරාගෙන කන්න හිතාගෙන ඉන්නවා නම් ඔවුන් ඔක්කොම මිරිඟුව පසුපස දුවන සාවුන් කියා තමයි කියන්න තිබෙන්නේ (නි)

:       0       0

විකුම් රංගන Wednesday, 13 July 2016 01:59 PM

මේ රට විනාශකළේ දේශපාලකයෝ විතරක් නෙමෙයි, ඔවුන්ගේ අන්තේවාසිකයොත් මේ රට කෑවා. (නි)

:       0       0

රාධා Wednesday, 13 July 2016 02:24 PM

අැයි රාවණාගේ දඬු මොණරේ මෙයාලට දීලා නැද්ද? (නි)

:       0       0

දොන් Wednesday, 13 July 2016 02:27 PM

අපිට මතකයි රූපවාහිනියේදී විමල් මහත්තයා කියනවා බොදු බලේට මුදල් ආවේ නෝර්වේ වලින් කියලා. දැන් ඉතින් ඔය එන්නේ එළියට ඕවා වෙන්න ඇති. අනේ පව් ජනතාව! (නි)

:       0       0

අසන්ත Wednesday, 13 July 2016 02:47 PM

ලේසී නෑනේ.(හේ)

:       0       0

රෝහිත Wednesday, 13 July 2016 02:51 PM

වීරවංශ මහතා කවදාවත් එහෙම කරන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1680 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4536 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3368 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3494 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site