IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘වීරවංශ සංධානෙට නෑ‘ - විපක්ෂ නායක

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (24) රාත්‍රී විකාශය වූ ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

සුසින් ප්‍රේමජයන්ත සන්ධානයේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායක සිල්වා මහතා නුගේගොඩ පැවැති රැස්වීම පිළිබඳව සඳහන් කරමින් අපේ පක්ෂය වැඩ කටයුතු කරන ආකාරය ගැන කියා දීමට වෙනත් පක්ෂවලට තිබෙන අයිතිය කුමක්දැයි විමසා සිටියේය.

නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනාවක් නොලැබුණු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිතුමා සිය මතය ප්‍රකාශ කළ බවත් කීය.

මෙවැනි ක්‍රියා මගින් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම හා තමන්ගේ මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සොයුරාටවත් අගමැති පදවිය නොදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය ලබා දී දෙවන පෙළ නායකත්වයක් හදා පළමු පෙළට ගෙන ආ බවත්, තමන්ටත් අගමැති වීමට අවශ්‍ය සුදුසුකම් සහ කැපවීම දැනටත් තිබෙන බවත් සිරිපාල මහතා පැවසීය.



අදහස් (0)

‘වීරවංශ සංධානෙට නෑ‘ - විපක්ෂ නායක

නන්දලාල් Wednesday, 25 February 2015 11:14 PM

අනේ පව්. දැන් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැතිවෙන තැනට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ වනගතවෙලා භාවනා කරන්න තමා.... (නි)

:       0       0

කරුණාදාස Wednesday, 25 February 2015 11:31 PM

පිවිතුරු යහපාල වීරවංශගේ පන්තියෙ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

සුමුදු Wednesday, 25 February 2015 11:33 PM

අනේ! අපි නොදන්නා සුදුසුකමයි කැපවීමයි! (නි)

:       0       0

කපිල Wednesday, 25 February 2015 11:35 PM

පිවිතුරු යහපාලට වෙන වැඩක් නැද්ද දන්නෙ නැහැ නේද පිටු ගණන් ලිය ලියා ඉන්නේ. අනික කිසි වැඩකට ඇති දෙයක් නම් තව කමක් නැහැ. යාළුවන්ට ආවඩනවා. අනෙක් අයට බනිනවා. (නි)

:       0       0

සුමුදු Wednesday, 25 February 2015 11:38 PM

සහතික ඇත්ත යහපාල. (නි)

:       0       0

දිල්හානි Wednesday, 25 February 2015 11:38 PM

වැදගත් මනුස්සයෙකුට කතාකරන්න දන්නෙ නැහැ. දැකක්නේ හිටපු අගවිනිසුරුවරියට කතා කළ කැත. (නි)

:       0       0

සුජාන් Thursday, 26 February 2015 10:59 AM

දේශපාලන අවස්ථාවාදයට හැමදෙයක්ම කණපිට පෙරළාගන්නවා සමහරු (නි)

:       0       0

කරුණාදාස Wednesday, 25 February 2015 11:41 PM

අනුවණ දනන් හැකිතාක් ඈත් කරන්න විපක්ෂ නායකතුමනි. එය ජයග්‍රහණයේ දොරටු විවර කරයි. සදා බලයේ ඉන්න පුළුවන් කියලයි සමහරු හිතාගෙන ඉඳලා තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Friday, 27 February 2015 02:41 PM

ඇමතිකම් වලට රැවටිලා පක්ෂේ පාවා දෙන මෙයාට කවුද ඡන්දේ දෙන්නේ.ආසනෙත් පරාදයි.(හේ)

:       0       0

ජගත් Wednesday, 25 February 2015 11:58 PM

අයියෝ සිරිපාල මහත්තයෝ! (නි)

:       0       0

කමල් Wednesday, 25 February 2015 11:59 PM

පිවිතුරු යහපාලගේ කටේ මසුරන් දාන්න ඕනෑ. (නි)

:       0       0

එරංග Thursday, 26 February 2015 12:24 AM

විමල් මහත්තයෝ, දැන්වත් ඔය කට වහගෙන ඉන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 26 February 2015 12:42 AM

යහපාල, ඔහේගේ ලොක්කාට රට පාලනය කරන්න බැරි බව ජනතාව තේරුම්ගත් නිසා තමයි පාලනය අවසන් කළේ. (නි)

:       0       0

ජයන්ත Thursday, 26 February 2015 12:45 AM

හැමෝම බලන්නේ රටට කරන්න නොවෙයි තමන්ට කරගන්න. පාර්ලිමේන්තුවට ගිහින් මිනිසුන්ට සේවයක් කරන්න. සේවයට වැටුප ගන්න.ඉවත් වුණාම විශ්‍රාම වැටුප ගන්න. අනෙක් රජයේ සේවකයෝ වගේ නම්බුකාර විදියට ඉන්න. (නි)

:       0       0

බාතිය Thursday, 26 February 2015 11:55 AM

අපෝ අපිට නම් පක්ෂෙන් වැඩක් නෑ. අපිට ඕන කොන්ද පන තියන නායකයෙක්. හරියට මහින්ද වගේ. මෙයා නම් එපා. අර අරයත් එපා. (නදී)

:       0       0

නුවන් Thursday, 26 February 2015 12:50 AM

විමල්ට නම් මේ දවස් වල බොහොම අපලයි වගේ (නි)

:       0       0

සමන්ති Thursday, 26 February 2015 01:21 AM

විමල්ට නඩුවකට පටලන්නෙ ඉපැරණි කරුණකට කියලා එක්තරා නායකයෙක් කියා තිබුණා. එයා දන්නේ නැහැ නඩුදාන්නේ කළ වැරදිවලට බව. (නි)

:       0       0

එලීසා Thursday, 26 February 2015 01:23 AM

පිවිතුරු යහපාල මහත්තයා, සාදු සාදු සාදු! කරුණාව උතුරනවා (නි)

:       0       0

ඉන්දික Thursday, 26 February 2015 01:52 AM

ඡන්ද කාලේ මෙයාලා කාටද වැඩ කළේ කියලා දැන් රටටම පැහැදිලියි.මහින්ද පරදින එක අහන්නත් දෙයක්ද. මේ සිහිනය සිහිනයක්ම තමයි. (නි)

:       0       0

ලසිත Thursday, 26 February 2015 01:52 AM

පිවිතුරු යහපාලට නම් හොඳටම පිස්සු. රටට වෙන සෙත නෙමෙයි තමන්ගේ අයට වෙන සෙත ගැන විතරයි හිතන්නේ. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 26 February 2015 02:07 AM

හිත හොඳ නැති කෙනෙකුට අගමැති වගේ උසස් තනතුරක් ලබන්න බැහැ. (නි)

:       0       0

රෝයි Thursday, 26 February 2015 02:10 AM

පසුගිය කාලේ එකට හිටිය අයට මෙහෙම නම් ජනතාවට කොහොම කරයිද? (නි)

:       0       0

චන්දා Thursday, 26 February 2015 02:42 AM

කෂඩ දේශපාලුවන්ට ඡන්දය දුන් ජනයාට බඩ විරේකට ගුලි තුනක් බොන්න හොඳම කාලය. (නදී)

:       0       0

දිල්හානි Thursday, 26 February 2015 03:02 AM

"නුගත් හා චාරයක් නැති දේශපාලඥයන්ගෙන් අපේ රට බේරාගනිමු" කියලා සංවිධානයක් හදන්න ඕනෑ. නැත්නම් මේ අයගෙ හතර වරිගයේ කරන වැඩ වලින් අවසානයේ බැටකන්නේ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

කපිල Thursday, 26 February 2015 03:04 AM

බුද්ධිමත් ජනතාවනි, නොගැළපෙන දේශපාලඥයින්ට ගරුනම්බු දෙන්න එපා මින්පස්සේ. ඒ අය උඩයන්නේ ඒකෙන්. උගත්කමට හැදිච්චකමට විතරක් සළකන්න. (නි)

:       0       0

තිවංක Thursday, 26 February 2015 03:13 AM

ඒකාධිපති පවුල් පාලනයට වඩා මේ පාලනය ගොඩාක් හොඳයි. (නි)

:       0       0

ජෝන් Thursday, 26 February 2015 03:22 AM

ඔන්න සිරිසේන මහත්තයෝ. ඔබතුමාටත් මෙයාගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙලාව. මේ කරන විදියටම තමයි මෙයා කවදාක හරි ඔබතුමාටත් කරන්නේ හොඳද. හැබැයි මෙයා හිතනවා නම් අපි මෙයාට ඡන්දෙ දෙයි කියල, ඒක තමයි ලොකුම විහිළුව. ජනපති තුමනි ඔබ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයට එකතු කරන නායකයා නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. හැකිනම් නැවත මේ උදාර පක්ෂය ගොඩ ගැනීමට උත්සාහ කරන්න. එය ලොකු පිනක්. (නදී)

:       0       0

උපාලි Thursday, 26 February 2015 03:25 AM

ඔබලා ගහ මරා ගත්තට අපිට කමක් නෑ. මෙපමණ කල් අපි ශ්‍රී.ල .නි.ප යට ඡන්දය දුන්නා. ආයේ අපි ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.(නදී)

:       0       0

කුමාර Thursday, 26 February 2015 03:28 AM

"ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක වුණොත් මහින්දට දිනන්න පුළුවන් ‍වෙයිද? මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකයි."ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ සුළු ජාතික පක්ෂ එක්ක. මෛත්‍රිගේ ඡන්ද ගොඩේ සුළු ජාතික ඡන්දත් තිබුණා. මේ ඡන්ද මහ ඡන්දෙකදී යූ.ඇන්.පී.යට නැති වෙනවා. මොකද සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙට යන්නේ වෙනම.(නදී)

:       0       0

තබීතා Thursday, 26 February 2015 03:49 AM

ඒ තනතුරට හොඳම කෙනෙක් නම් ඉන්නවා.... (නි)

:       0       0

රණසිංහ Thursday, 26 February 2015 04:02 AM

විමල් වීරවංශට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද තිබෙනවා. හොඳ ජන පදනමක් එයාට තිබෙනවා. (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 February 2015 04:13 AM

සිරිපාල මහත්තයට විපක්ෂ නායක කම ලැබුණු නිසා පක්ෂයට සහ රටට වඩා තනතුරුවලට ආසාව ඇතිවෙලා. (නදී)

:       0       0

සොපී Thursday, 26 February 2015 04:35 AM

කටුස්සෝ පාට මාරු කරන්න මිට වඩා වෙලාවක් ගන්නවා.(නදී)

:       0       0

ලියනගේ Thursday, 26 February 2015 04:36 AM

විමල් කියන්නේ අනාගතේ ලංකාවේ ජනාධිපති. (නදී)

:       0       0

කාලිංග Thursday, 26 February 2015 04:44 AM

ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක උණොත් මහින්දට දිනන්න පුළුවන් ‍වෙයිද? මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකයි."ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ සුළු ජාතික පක්ෂ එක්ක. මෛත්‍රිගේ ඡන්ද ගොඩේ සුළු ජාතික ඡන්දත් තිබුණා. මේ ඡන්ද මහ ඡන්දෙකදී යූ.ඇන්.පී.යට නැති වෙනවා. මොකද සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙට යන්නේ වෙනම (නදී)

:       0       0

ලියනගේ Thursday, 26 February 2015 04:47 AM

තව අවුරුදු 10 විතර විපක්ෂයේ ඉන්න පුලුවන් ඔබට. (නදී)

:       0       0

සමන් කටාර් Thursday, 26 February 2015 04:59 AM

චම්පික රණවක මහත්තයව අගමැති කරමු (නදී)

:       0       0

අනිල් Thursday, 26 February 2015 05:03 AM

මෙයාට අඩි උස සපත්තු දෙකක් අන්දලා ගත්තා නම් මරු. (නදී)

:       0       0

මදු Thursday, 26 February 2015 05:09 AM

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (නදී).

:       0       0

අජිත් Thursday, 26 February 2015 05:19 AM

ඔහොම යමු බලමු මොකද වෙන්න කියල. (නදී)

:       0       0

රාජා ගුරණවර්ධන Thursday, 26 February 2015 05:22 AM

මරු කියවනව කියන්නේ මේවට තමයි (නදී)

:       0       0

අජිත් Thursday, 26 February 2015 05:26 AM

අගමැති කමට සිරිපාල හොදයි. (නදී)

:       0       0

සමන්ති Wednesday, 25 February 2015 01:20 PM

ඉදිරියට යනු.(හේ)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Wednesday, 25 February 2015 01:37 PM

මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය. ඔයාටත් වෙන්නේ එකම තමයි. පළාත් සභා ඡන්දෙත් බදුල්ල පැරදි නේද?(හේ)

:       0       0

උපුල් Thursday, 26 February 2015 05:43 AM

කට්ටියම එකතුවෙලා නිදහස් පක්ෂය නැතිකරන්න හදන්නේ. මිනිස්සු කැමති මහින්ද මහත්තයාට. ඔහු අලුත් පක්ෂයකින් හරි එන්න ඕනෑ. (නි)

:       0       0

කොදාගොඩ Wednesday, 25 February 2015 01:45 PM

ඉල්ලලා බලන්න මහත්තයෝ කොහොමත් පැරදියි.(හේ)

:       0       0

අංජලී Wednesday, 25 February 2015 01:53 PM

වෙච්ච දෙයක්.දැන් කවුරුත් නෑ ලඟ.(හේ)

:       0       0

විනූ Thursday, 26 February 2015 05:54 AM

මහින්ද ඉල්ලුවොත් අපි ඡන්දෙ දෙනවා.නැත්නම් මේ මුහුණු පෙනෙන්නවත් එපා! (නි)

:       0       0

නුවන් Thursday, 26 February 2015 05:58 AM

ජයවේවා! (නි)

:       0       0

ටිරෝන් Wednesday, 25 February 2015 02:13 PM

දැන් ඉතින් මොනා කරන්නද?(හේ)

:       0       0

විදාන Thursday, 26 February 2015 06:00 AM

අනේ අම්මපා! ඇත්තමයි හරිම පවු මේ විමල් මල්ලි නම් (නි)

:       0       0

ජයන්ත Wednesday, 25 February 2015 02:19 PM

දැන් තනියම එයාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලයි.(හේ)

:       0       0

ශිරන්ති Thursday, 26 February 2015 06:13 AM

ඒ වැඩෙත් නරකම නැහැ (නි)

:       0       0

දිනුෂ Wednesday, 25 February 2015 02:31 PM

ඔබලා ගහ මරා ගත්තට අපිට කමක් නෑ.මෙපමණ කල් අපි ශ්‍රී.ල .නි.ප යට ඡන්දය දුන්නා.ආයේ අපි චන්දය දෙන්නේ එ.ජා .පක්ෂයට පමණි.(හේ)

:       0       0

සහන් Wednesday, 25 February 2015 02:33 PM

දැන් හරි ඔබතුමාටත් පිටකොන්දක් තියෙන බව අපිට පේනවා ,ඔබතුමා දකින ඇත්ත බයියෝ දකින්නේ නැහැ ,අපි ඊලග මහා මැතිවරණයේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රීලංකා අත ලකුණෙන් රජයක් පිහිටුවන්න සහයෝගය දෙනවා.(හේ)

:       0       0

ධම්මික Wednesday, 25 February 2015 02:44 PM

බදුල්ල කොහොමත් පරාද වුණානේ පළාත් සබා ඡන්දෙදි. (නි)

:       0       0

වාසනා Thursday, 26 February 2015 06:23 AM

පවු වීරවංශ! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 February 2015 06:23 AM

බල තණ්හාව ඉහට ගැසූවිට කරන්න පුලුවන් දෙයක් නහැ (නි)

:       0       0

නිමල් Wednesday, 25 February 2015 03:05 PM

වීරවංශ මහත්තයෝ, ඔයාට බැරි නම් වෙන කෙනෙකුට කියලා හරි උත්තරයක් මේකට දෙන්නකො. (නි)

:       0       0

රජින්ද Wednesday, 25 February 2015 03:08 PM

සහන්, හීනෙන් ඇහැරෙන්න සහන්...! (නි)

:       0       0

සත්‍යා Thursday, 26 February 2015 06:39 AM

මහින්දගෙන් තොර අනාගතයක් හෝ පැවැත්මක් රටට ඇත්තෙම නැත. පිළිගත්තත් නැතත් ඇත්ත එයයි. රටට ආදරේ පිරිස එය තේරුම් ගත යුතුයි.(හේ)

:       0       0

ජනක Wednesday, 25 February 2015 03:27 PM

සහන්ට ටිකක් අමාරු වෙයි. (අ)

:       0       0

සිරි -දාස Wednesday, 25 February 2015 03:30 PM

සිරි -සේන ජනපති සිරි - පාල අගමැති සිරි - ලංකාව ගොඩගති (අ)

:       0       0

අරවින්ද Thursday, 26 February 2015 06:51 AM

අනේ පව් නේද වීරවංශ (දිල්)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 February 2015 03:35 PM

තමන්ගේ පක්ෂයට ද්‍රෝහී වෙලා තමන්ගේ නායකයට පිටිපස්සෙන් පිහියෙන් අැනල යු අන් පි එකට කරන්නේ කොහොමද කියල හිතන්නවත් බැරිව හිටපු ශක්තිමත් නායකයෙක් යටතේ ශක්තිමත්ව තිබුණු .තමන්ගේ පක්ෂයේ බලය කුමන්ත්‍රණ කරලා බිදලා තමන් දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාස කරලා සතුරන්ට තමන්ගේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු තමන්ගේ පාක්ෂිකයින් ට යු අන් පි මැරයන් අතින් ගුටිකන්න පාර කපවපු අයෙක්ව පක්ෂයේ සභාපති කමට ගෙනත් දෙපා ලෙවකමින් ගැණු පිරිමි දෙකටම නැති එහෙයියන් පිරිසක් බවට පත් වුනු සිරිපාල උන්නැහේ ප්‍රමුඛ සන්ධාන නඩේට චිත්ත රෙදි ටිකක් අන්දලා යහපාලනේට පවන් සලන්න අවන් පත අවන් පත බෙදල දුන්නනම් හරි..තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව අගමැති වෙන්න හදනවා.. ලබන ආත්මේ තමයි..එකත් ඉතින් ලබන ආත්මයක් ලබන්න පිනක් දහමක් දැන්වත් කරගත්තොත් විතරයි..(අ)

:       0       0

ජයේ Thursday, 26 February 2015 06:56 AM

එකට කැවත් බඩ වෙනස් කියලා කතාවක් මම පොඩි කාලේ අහල තියනවා ඒ වගේ (දිල්)

:       0       0

ජයේ Thursday, 26 February 2015 06:57 AM

බණ්ඩාර මෙ අය නොකරන දෙයක් නෑ වගේ (දිල්) 

:       0       0

පද්මසිරි Wednesday, 25 February 2015 03:50 PM

මේ හැමෝම හැමදාමත් දිනුම්. අපි මහජනතාව තමයි හැමදාමත් පරාද. දේශපාලකයොයි නළුවොයි දෙගොල්ලොම කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන එක තමා. (අ)

:       0       0

විජය Wednesday, 25 February 2015 03:51 PM

අන්න හරි ලොක්ක ඔන්න ඔහොම යමු. ඔය හාදයෝ එකතු වෙලා තමා ඔය පක්ෂේ කෑවේ. ඔය වැඩකට නැති හාදයෝ ටික එලවලා, පක්ෂේ පිරිසිදු කරගෙන ආවොත් ලබන සැරේ ඡන්දෙ දෙන්නම්, නැත්නම් පුතේ ලබන සැරෙත් අපි එක්සත් ජාතික පක්ෂේ එක්ක ම තමා.(අ)

:       0       0

මාකොළ මංගල Wednesday, 25 February 2015 03:54 PM

බොරු කයිවාරු එපා අපිට (නි)

:       0       0

වජිර Wednesday, 25 February 2015 03:54 PM

වඩා හොඳයි නේද ජන විඥානය හඳුනාගෙන බුද්ධිමත්ව කථා කළා නම්. (නි)

:       0       0

එරංග Friday, 27 February 2015 08:05 AM

මහින්ද රාජපක්ෂ අගමැති කරන්නේ යු.ඇන්.පිය නම් අපි එ්කට ජන්දේ දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අවොත් අපි එ්කටත් දෙනවා නැතිනම් එන වෙන පක්ෂෙකට දෙනවා. අාවේ නැත්නම් අපි ජන්දේ දෙන්නේ නැහැ මොකද මෛත්‍රීපල සිරිසේන මහත්තය කිව්ව අගමැතිට සියලු බලතල දෙනවා කියලා. ඒ නිසා අපිට ඕනේ මහින්දවයි (නදී)

:       0       0

මහින්ද පී. සිල්වා - ලිබියාව Wednesday, 25 February 2015 04:04 PM

අම්මෝ මෙයා නෙමෙයි කවුරු අගමැති වුණත් කමක් නැහැ, අර අරයා නැතුව (නි)

:       0       0

විල්සන් Wednesday, 25 February 2015 04:11 PM

මුල අමතකවෙන එක නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

දහම් Wednesday, 25 February 2015 04:18 PM

මහජන මතය කොතනද කියන එක නුගේගොඩදී දැක්කා. ඒක තේරුම් ගන්න බැරි නම් වෙන්නේ හූල්ලන්න විතරයි. (නි)

:       0       0

උද්දික Wednesday, 25 February 2015 04:23 PM

අනේ මන්දා මෙහෙමත් විගඩම්? (නි)

:       0       0

අජිත් Wednesday, 25 February 2015 04:24 PM

මේ පක්ෂ දෙකේම ඉන්නේ විශ්වාස කල නොහැකි නායකයෝ. ජවිපේ, හෙළ උරුමය, ජෙනරාල් ෆොන්සේකා වැනි අයගේ පක්ෂ පමණයි අවංකව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ. (නදී)

:       0       0

අනුෂා Wednesday, 25 February 2015 04:30 PM

මෙතෙක් කලක් අපි ඡන්දය දුන්නේ ශ්‍රී .ල.නි.ප තමයි. නමුත් මහින්ද මහත්තයා ගේන එක වලක්වන්න ගියොත් අපේ පවුල්වල කිසිම ඡන්දයක් ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

අංජන කරුණාරත්න Wednesday, 25 February 2015 04:39 PM

අනේ ඇත්තට මෙයා ගැන නම් කතා කරන්න වචන නැහැ (නදී)

:       0       0

අරුණ Wednesday, 25 February 2015 04:40 PM

සිරි අයියාගෙන් ගොස් අසමු. එතොකට සිරි අයිය කියයි. අාසනේ දිනන්න බැරි මට අගමැති කම ලැබෙයිද ? (නදී)

:       0       0

ප්‍රෙමිලා ප්‍රනාන්දු Wednesday, 25 February 2015 04:46 PM

සෞඛ්‍ය ඇමති කාලේ කරපුවට ඔබ තුමාට ඡන්දෙ දෙන්න තමයි ඉන්නේ. (නදී)

:       0       0

ඩුබායි - බන්දු Wednesday, 25 February 2015 04:47 PM

අනේ ඔයා ඉල්ලුවොත් මේන් කියල ලැබෙයි (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 25 February 2015 04:58 PM

ඔබතුමාගේ කීම හරි. පක්ෂය පිරිසිදු කරගත්විට දැනට පක්ෂයෙන් ඈත්වෙලා ඉන්න උගත් බුද්ධිමත් ඡන්දදායකයෝ නැවත පක්ෂයට ළංවේවි (නි)

:       0       0

චන්දන Thursday, 26 February 2015 08:52 AM

සිරිපාල මහත්තය විපක්ෂ නායක කමත් කොච්චර ජොලිද ? මැරෙනකන් හිටිය හැකියි. (නදී)

:       0       0

ලංකා Wednesday, 25 February 2015 05:13 PM

අපිට හැමදාම එකම පවුලක් එකම රජෙක් රජවීමේ ක්‍රමය එපා (නි)

:       0       0

විජේදාස Wednesday, 25 February 2015 05:15 PM

අනේ මෙහෙමත් කට්ටිය! (නි)

:       0       0

කමල් Wednesday, 25 February 2015 05:22 PM

ඔබතුමා නියම නායකයෙක්. තමන් ගැන හිතලා නැවත ඡන්ද තියලා රට අරාජික කරන්න දෙන්නේ නැතුව සමගිව වැඩකරනවා. අපි සියල්ලෝම ඔබ සමඟයි. ඔබතුමා නියම මහත්මයෙක්. (නි)

:       0       0

නයනා Wednesday, 25 February 2015 05:30 PM

හොඳ එඩිතර ප්‍රකාශයක් (නි)

:       0       0

වරුණ Wednesday, 25 February 2015 05:41 PM

බලමුකෝ ඊළඟ ඡන්දයේදී මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

දම්මික Wednesday, 25 February 2015 05:42 PM

කොට්ඨාශ ක්‍රමය යළි ආවොත් කාට කාටත් වෙන දේ බලාගන්න පුලුවන්. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 25 February 2015 05:42 PM

අනේ එතුමාගේ සුන්දර සිහින! (නි)

:       0       0

රුවන් Wednesday, 25 February 2015 06:20 PM

නිමල් සිරිපාල මහත්තයෝ ඔබ තුමාගේ කඳටයි බඩටයි මිනිස්සු සලකන්නේ නැහැ. කඳයි බඩයි තිබුන පලියට ආසනේ දිනා ගන්න බැරි ඔබ රටේ නායකත්වය ගන්න හදන්නේ මිනිස්සු හිනස්සන්නද? (නදී)

:       0       0

දයා Wednesday, 25 February 2015 06:38 PM

"අයියෝ සිරිපාල‘‘ එකයි කියන්න තියෙන්නේ, තමන්ගේ බදුල්ල ආසනයත් පරාදයිනේ අපි ඔක්කොම සුන්. යු එන් පියේ ඇම ගිලලා බිලී කොක්කේ ඇමනිලා වගෙයි (නදී)

:       0       0

විජයබාහු Thursday, 26 February 2015 09:37 AM

කවුද ඡන්දේ දෙන්නේ (දිල්)

:       0       0

සමන් Wednesday, 25 February 2015 06:56 PM

අනේ මහත්වරුනි, තඹ සතයක විස්වාස නැති පුද්ගලයෙකු ගානට දේශපාලකයා වැටිලා. පොල්කඩන සිමන් හොඳයි ඔහේලට වඩා. සිරිපාල මහත්තයෝ ඔබ කොහොමත් දිනුම්. විපක්ෂ නයාකත් අගමැති වගේනේ. අපේ ඡන්දෙ කුණු ගොඩට. පක්ෂයත් රටත් කන්න එපා. (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 25 February 2015 06:59 PM

මේද පාර අනාතයි. හිර ගෙදර නියතයි (නදී)

:       0       0

ප්‍රියන්ත. Wednesday, 25 February 2015 07:21 PM

මොනවද මේ ගහන කයිවාරු? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 25 February 2015 07:28 PM

හොරුන්ට සහ මැරයන්ට නාමයෝජනා දෙන්න එපා (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 25 February 2015 07:50 PM

මම රට හිටියත් අනුරාධපුරයේ වැසියෙක්. ලංකාවට මොන කලක් යයිද කියලා බලා ඉන්නවා (නි)

:       0       0

සිල්වා Wednesday, 25 February 2015 08:07 PM

ඡන්දයකට එන්නකෝ තනිවම. එතකොට අපි ඔයාව සුදුසු තනතුරකට දාන්නම්කෝ (නි)

:       0       0

හෙක්ටර් Wednesday, 25 February 2015 08:10 PM

මහත්තයෝ, ඔයාට විශ්වාසද ඔයා ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කියලා? ජනතාවට නම් පෙනෙන්නේ වෙන දෙයක් (නි)

:       0       0

නඩරාජා Wednesday, 25 February 2015 09:22 PM

අනේද කියන්නේ මහත්තයෝ? (නි)

:       0       0

ලෝචන Thursday, 26 February 2015 10:20 AM

සත්‍යා ඔබ හරි (හේ)

:       0       0

කවීෂ Wednesday, 25 February 2015 10:41 PM

.කට්ටිය එකමුතුවෙලා මේ පාර මහා මැතිවරණයට නොගියොත් ඇපත් නැතිවෙනවා.ප්‍රධාන පක්ෂ දෙකටම සන්ධානගත වුණේ නැත්නම් බලය ගන්න බැහැ. (නි)

:       0       0

ගුණතිලක Wednesday, 25 February 2015 10:58 PM

බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 643 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1027 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 844 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1612 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site