IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වීරවංශ සාලාවේ පිපිරීම ආණ්ඩුව පිට දමයි

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බෙලිඅත්තේ ජන හමුවක දී පැවසීය.

“අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ? අවි ගබඩාව පිපිරෙවුවා.ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල .ඒ අනුව තමයි වේයන්ගොඩ යුධ හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මේ. කෝටි ගණනක  අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.“ යැයිද ඔහු කීවේය

මෙම ජනහමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්, පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන යන අය සහභාගි වූහ.

01 02



අදහස් (0)

වීරවංශ සාලාවේ පිපිරීම ආණ්ඩුව පිට දමයි

සහාබ්දීන් Monday, 18 July 2016 12:58 AM

මේ කියන කතාවලට අපි කටින්ද හිනා වෙන්න ඕනෑ? (නි)

:       0       0

රේණුක Monday, 18 July 2016 08:15 AM

දැක්කා වගේ කියන හැටි. (නි)

:       0       0

ජයවර්ධන Monday, 18 July 2016 08:31 AM

මෙතුමාව සීඅයිඩී එකේ ප්‍රධානියා කරන්නයි වටින්නේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 18 July 2016 08:27 AM

මෙයාට තියෙන්නේ පුදුමාකාර මොළයක්නේ (නි)

:       0       0

තිලක් Monday, 18 July 2016 01:58 AM

කියන කෙනා ගැන නොවෙයි. කුමක්ද කියන්නෙ බලන්න. ඉහත අදහස් දාපු අය ඉන්නෙ කොහෙද කියලා හොඳට තේරෙනවා. සාලාව පිපිරුන දවසෙ සිදුවුණා යැයි කී දේවල් බොරුද? මේවා ගැන විස්තර හොයලා අපි විමර්ශනයක යෙදෙන්න ඕනෑ. හුඟාක් අය විමල් කිව්ව හැම දෙයක්ම බොරු කියලා පට්ට ගහනවා. මම විමල්ගෙ අනුගාමිකයෙක් නොවෙමි. නමුත් විමල් අනාගතයේදී විය හැකියැයි ප්‍රකාශ කළ, මමද විශ්වාස නොකළ හුඟක් දේවල් දැන් සිදුවි ඇති අතර තව තව දේවල් සිදුවෙමින් පවති (නි)

:       0       0

ලක්විදු Monday, 18 July 2016 02:18 AM

තිලක් හරියටම හරි. එයා අනාගතේ විය හැකි දේවල් හරියටම කියනවා. හරියට අර මේ සැරේ මහින්ද දිනනවා කිව්වා වගේ. (නි)

:       0       0

තිලක් දීපාල් Monday, 18 July 2016 09:28 AM

අපිට කවුරු දින්නත් එකයි කවුරු පැරදුනත් එකයි..අනුන්ගේ දිනුම් පැරදුම් මත අපි ජීවත් වෙන්නෙ නැහැ..මම කතා කලේ රටේ සහ ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය ගැන (හේ)

:       0       0

තේෂාන් Monday, 18 July 2016 09:32 AM

මේක වෙන රටක කිව්වා නම් මෙලහකට මෙයා ඇතුලේ. (හේ)

:       0       0

තුෂාර Monday, 18 July 2016 03:11 AM

තිලක් හිතන්නෙත් දෙක බෙදීම දෙක සමානයි බිංදුවයි කියලද (බ)

:       0       0

රොකී‍ Sunday, 17 July 2016 02:00 PM

පදනමක් නැති කතා කියමින් ජනතාව අවුස්සන්න හදන අයට එරෙහිව නීතියෙන් කටයුතු කිරීම සුදුසුයි. එසේ නැත්නම් මොවුන්ට විරුද්ධව තිබෙන නඩු ඉක්මනින් විභාගයට ගෙන සුදුසු දඬුවම් ලබාදීම ජාතියේ යහපත වෙනුවෙන් ගතයුතු පියවරකි! (නි)

:       0       0

නිරේෂ් Sunday, 17 July 2016 02:08 PM

කොහොමද මන්දා මෙහෙම හැරෙන හැරෙන පැත්තට කතාකරන්නේ? (නි)

:       0       0

ටී. සිල්වා Sunday, 17 July 2016 02:13 PM

මෙතුමා කුමන්ත්‍රණකාරී වැඩ වලට හරීම දක්ෂ බව නම් අපි දන්නවා. ජනතාව කුලප්පු කර බලය ලබාගන්න මොනවාහරි දෙයක් කියන්නත් ඕනෑනේ නේද? කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යූතුයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 18 July 2016 10:40 AM

අවි විනාශය පසුපස බටහිර බලපෑම් ඇතිබව ඇත්තද? (ම)

:       0       0

කල්ප Sunday, 17 July 2016 03:13 PM

මේ වගේ නරි නාටක බලන්න මිනිස්සුත් එනවනෙ. (නි)

:       0       0

බමුණුසේන Sunday, 17 July 2016 03:20 PM

අනේ හැබෑටම මෙහෙමත් විහිළු කතා? (නි)

:       0       0

ලක්විදු Sunday, 17 July 2016 03:26 PM

අම්මපා හැබෑද? මේ කියනතුරු අපි දැනගෙන හිටියේ නැහැනේ (නි)

:       0       0

ලක්විදු Sunday, 17 July 2016 03:32 PM

පුදුම මොළයක්නේ මෙතුමාට තියෙන්නේ (නි)

:       0       0

සුසිල් Sunday, 17 July 2016 03:59 PM

මේයා ගැන නම් කියන්න තියෙන්නෙ කකුළුවාගෙ ගමන ගැන පමනයි. (ර)

:       0       0

චන්දන Sunday, 17 July 2016 05:39 PM

මේක කියන බොරු වලට යන්න තැනක් තියනවද? (නි)

:       0       0

නිම්මි Monday, 18 July 2016 02:57 PM

තිලක් හරි. මේ රටේ සිංහල මිනිස්සුන්ට දවසක තේරෙයි. මෝඩ ජාතියක්. පාට කන්නාඩි දාගෙන මොලේ අවුල් වෙලා. (බ)

:       0       0

ජේමිස් Sunday, 17 July 2016 06:25 PM

ලංකාවේ හොරු අපි නම් ගම් වලින්ම හෙළි කරනවා. එහෙම නැතුව මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරවාගන්න බැහැ. (නි)

:       0       0

දර්ශන Sunday, 17 July 2016 06:34 PM

මහජනතාව නොමඟ යවන කතා කියන අයට විරුද්ධව ක්‍රියා කිරීමට නීති නැද්ද? (නි)

:       0       0

බන්දුල Sunday, 17 July 2016 08:13 PM

අනේ හැබෑට මෙහෙමත් කතා? (නි)

:       0       0

ජයවර්ධන Sunday, 17 July 2016 08:13 PM

මට අර සුවාරිස්ගේ කාටුන් වල කතා මතක්වෙනවා (නි)

:       0       0

චතුරි Sunday, 17 July 2016 08:58 PM

මහින්දව සනසන්න කියන දේවල් කියලා අපි දන්නවා. දූරියන් ගෙඩියක් කඩා වැටුනත් බයවෙන කට්ටියනේ. කට තිබුනට එය හරි දෙයට පාවිච්චි කරන්න (නි)

:       0       0

විජේ Sunday, 17 July 2016 09:40 PM

ඒ කාලේ මේවගේ වැඩ වෙනකොට මෙයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

හෆීල් Monday, 18 July 2016 07:34 AM

මෙයට මෙච්චර දැනුම තියනවා නම්, ඇයි ලසන්ත, එක්නැලිගොඩ, තජුදීන් අමු අමුවේ මරපු එක තමන් බලයේ ඉන්නකොට අල්ලන්න බැරිවුණා? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 9 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1269 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2478 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 111 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2708 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site