(ක.ග.කරුණාරත්න)
නොකඩවා ඇදහැලෙන වර්ෂාව නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන සුළු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 283ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
පවුල් 70කට අයත් මේ පිරිස තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල සහ ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන බව ඒ මහතා කීය. මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ තමන්කඩුව සහ වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය.
ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙන අතර මාස් කන්නයේ වී වගාකරන ලද කුඹුරු අක්කර 1500ක් පමණද ජලයෙන් යටවී ඇත.මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය කොටලීය පාලම අතර ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී පැවැතීම නිසා එම මාර්ගයේ සැහැල්ලු වාහන ගමනා ගමනය අද(22)උදෑසන සිට තාවකාලිකව නවතා දමා තිබේ.
අද උදෑසන වනවිට එහි ජල මට්ටම අඩි 03ක් පමණ පැවැති බව පොළොන්නරුව පොලීසිය පැවැසීය.පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, රිදීතැන්න ප්‍රදේශය ජලයෙන් යටවී පවතින අතර එහි ජල මට්ටම අඩි දෙක හමාරක් පමණ බව වැලිකන්ද පොලීසිය කියයි.
මේ අතර පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ සෝමාවතිය පුද බිමට ආසන්නයේ මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සුංගාවිල පෙරියආරු පාලමෙන් එගොඩට රථ වාහන ගමනා ගමනය මුළුමනින්ම තාවකාලිව නවතා දැමීමට අද(22) උදේ පියවර ගත් බව පුලස්තිපුර පොලීසිය සඳහන් කරයි.
පරාක්‍රම සමුද්‍රය ඇතුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලකම ජල මට්ටම් ඉහළ යමින් පවතින හෙයින් එම වැව් නිරීක්‍ෂණය කරමින් තිබෙන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්ෂාවෙන් පොළොන්නරුවේ 283ක් පීඩාවට