සයිබර් බන්කර් නම් වූ පරිගණක වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත.
මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් අපහසුවට පත්ව සිටිති.
ලොව ප්‍රධානතම පරිගණක මෙහෙයුම් සහ ආරක්ෂණ පද්ධති පිහිටා ඇත්තේ යුරෝපයේ ලන්ඩන්, ජිනීවා හා වොෂින්ටන් නගරවලය.
ලෝකයේ පරිගණක අඩපන කිරීම සදහා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ තත්පරයක් අතුළතදී ගිගා බයිට් 300 ක පමණ දත්ත අන්තර්ජාලයට එකතු කිරීමයි.
සර නිදසුනකින් දක්වතොත් මෙය කාමරයක කුඩා දොරකින් තරබාරු පුද්ගලයින් 25 දෙනකු පමණ එකවිට ඇතුළු වීමට උත්සහ කිරීමක් වැනියැයි කියති.
2002 වර්ෂයේදී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
මෙවැනි ප්‍රහාර සයිබර් ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි. මේ වෛරසය මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය බව විද්වත්හු කියති.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී
මුතුකුඩ Sunday, 31 March 2013 01:25 AM
මේවා අනාගතයේදී කොහොමත් නැතිවෙනවා. (නි)
චන්දිම Friday, 29 March 2013 07:57 PM
˝හැතිකරය˝ කියන්නෙ ඔය වෛරස් මනින ඒකකය හඳුන්වන අන්තර් ජාතික නාමයයි. (නදී)
ගාමිණී Friday, 29 March 2013 08:16 PM
අනේ සයිබර් ඔය ඇටෑක් එක අපිට කරන්න නම් එපා. ළමයි පිටරට ඉගෙනගන්නේ සතියකට වරක් දෙකක් කතාකරන්න ඉඩහරින්න.(නදී)
මිලින්ද Friday, 29 March 2013 08:22 PM
වහාම නවත්වන්න (දී)
කුරුවිට Friday, 29 March 2013 09:00 PM
මොකටද සයිබරන් සීයේ අපට වද දෙන්නේ.(නදී)
සුගන්ධි Friday, 29 March 2013 09:12 PM
දැනුම්වත් කළාට බොහොම ස්තුතියි.(නදී)
සෞදි-සිංහ Friday, 29 March 2013 09:28 PM
ස්කයිප් හරහා නම් ආවේ මෙහෙම ඉවත් කරගන්න යන්න ඔප්ෂන්(option) ඊට පස්සේ ඇඩ්වාන්ස් (advanced) ඊට පස්සේ යටම තියෙන manage other program's access to skype ඊට පස්සේ ඇතුලේ තියෙන පණිවිඩය එක ඉවත්(remove) කරන්න (නි)
නලීන් Friday, 29 March 2013 10:06 PM
ඒක තමයි මේ ජංජාලේ... (නි)
ගයාන් Friday, 29 March 2013 10:18 PM
මගේ පරිඝණකයේ නම් කොහොමත් හැමදාම වෛරස්. (නි)
ලලිත් Friday, 29 March 2013 10:14 PM
ගෙවල් වල තියෙන ඒවාටත් වෛරස් එනවා වෙබ් අඩවි හරහා. (නි)
ගමගේ Friday, 29 March 2013 11:08 PM
ඒකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් (නි)
ආනන්ද Saturday, 30 March 2013 01:29 AM
එහෙම දැනුවත් කළාට මදිනේ. මේකෙන් බේරෙන්න කරන්න ඕනෑ දේවල් ගැන අදාල පුද්ගලයින්ව දැනුවත් කරන්න ඕනෑ (නි)
තිසල් Saturday, 30 March 2013 05:16 AM
සයිබර් ත්‍රස්තවාදය හරියටම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වගේමයි. (නි)
සුජා Saturday, 30 March 2013 08:16 AM
ඕක පරිඝණකයට නොවෙයි මිනිස් මොළයට ආ වෛරස් එකක් (නි)
හෝර්න් Saturday, 30 March 2013 08:14 AM
අන්තර්ජාලය මට නැති එකම හොදා. විනාශ ලෝකේ... (නි)
කේ. හේමසර මිහි Sunday, 31 March 2013 10:48 AM
බුද්ධික ඔබට තුති. අපටත් මෙය බලපෑවා.(නදී)
මෙන්ඩිස් Sunday, 31 March 2013 11:00 AM
අන්තර්ජාලය පරිහරණය කරන අය පරිස්සමෙන් (දී)
හේවාවිතාරණ Friday, 05 April 2013 09:29 PM
ඇඟිලි දෙකෙන් වී අකුර පෙන්වන්නේ වෛරස් කියන එක මිසක් වික්ටරි කියන එක නොවේ (නි)
ප්‍රනාන්දු ප්‍රේමසිරි Saturday, 30 March 2013 09:44 AM
දැනටමත් ඇවිත් ද දන්නේ නැහැ (අ)
නුවන් Sunday, 31 March 2013 11:30 AM
විස්තරය දුන්නට ස්තුකියි.(නදී)
ජයනෙත්ති Saturday, 30 March 2013 10:28 AM
වෛරස්වලට තවම ප්‍රතික්‍රියාවක් නැහැ නේද? (අ)
අසන්ක Sunday, 31 March 2013 06:15 PM
මේක වෛරස් එකක්ද? ඩොස් ආක්‍රමණයක්ද? (නි)
දුලිප් මධු Saturday, 30 March 2013 11:51 AM
අපි වගේ ටැක්වලින් දුර්වල රටවල් වලට මෙහෙම ක්මෙන්ට් තමයි දාන්න වෙන්නේ. (අ)
ශශික Saturday, 30 March 2013 11:32 PM
හොඳ වෙලාවට මට ඉන්ටර්නෙට් නැත්තෙ (නි)
කොඩිකාර Saturday, 30 March 2013 02:32 PM
හෝර්න්, ඔබ මෙහි අදහස් දක්වන්නේ අන්තර්ජාලයෙන් නැත්නම් වෙන මොකෙන්ද? (නි)
බුද්ධික අනුරාධ Sunday, 31 March 2013 12:00 AM
සයිබර්බංකර් කියන්නේ වෙබ් අඩවි සදහා හොස්ටින්ග් පහසුකම නැතිනම් වෙබ් අඩවිය පවතවාගෙන යාමේ පහසුකම සපයන ආයතනයක්. ඔවුන්ට අන්තර්ජාලයේ සිදුවන අනවශ්‍ය තොරතුරු ගලායාම් නවතාලන ලාභ නොලබන ආයතනයකින් වූ අවහිරයක් නිසා ඒ දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලය තමයි මේ. ඔවුන් තත්පරයකට ගිගා බිට් 50 ක පමණ තොරතුරු හුවමාරුවක් දැරිය හැකි පරිගණක පද්ධතියක් වෙත තත්පරයකට ගිගා බිට් 300 ක් මුදා හැරියා. එවිට සිදු වූ තදබදයයි හැමෝටම බල පෑවේ. හරියට ඈත මුහුදේ ඇතිවන සුනාමියක් ඊට බොහෝ ඈත රටවලට බලපානවා වගේ. මේක වයිරස් එකක් නෙමෙයි.මිට පෙර ලොව ඇතිවූ ප්‍රභලම සයිබර් ප්‍රහාරය ගිගා බිට් 100 යි.(තොරතුරු හුවමාරුව මනින්නේ බිට් වලින්- ගිගා බිට්).තොරතුරු පරිමාව මනින්නේ බයිට් වලින් - ගිගා බයිට්) :) (නදී)
අමිළ Friday, 29 March 2013 07:35 PM
අපේ එකත් මාට්ටු. මට එපා වෙලා තියෙන්නේ. සම්බන්ධතාවය වෙනස් කරන්නයි තියෙන්නේ.(නදී)