IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


වෙරළේ සෙල්ලම් කළ දැරිය මුහුදට බිලි

අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් සිටි අක්කා නඟෝ දෙදෙනකු  (අවුරුදු15-13)  මුහුදේ ගසා ගෙන ගොස් නංගී බේරා ගත් බවත් අක්කා අතුරුදන් වී ඇති බවත්  පොලිසිය කියයි.

මීගොඩ වටරැක පදිංචි මොවුන් අම්බලන්තොට ඥාතී නිවසක පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.

යෙෂිනි විද්‍යා (15) මෙසේ මුහුදේ අතුරුදන් වී ඇති අතර බේරාගත් ඇගේ සහෝදරිය අම්බලන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

වෙරළේ සෙල්ලම් කළ දැරිය මුහුදට බිලි

සෙන්රත් Wednesday, 20 August 2014 03:32 AM

ගොඩක් දෙමාපියන්ට සාමාන්‍ය දැනීම නෑ. අනතුරක් වෙනකම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. උනාට පස්සේ පොලවේ හැපී හැපී අඩනවා. බලන්න පාරේ ළමයි අරගෙන යන විදිය. ළමය පාර පැත්තේ දෙමව්පියෝ හොද ආරක්ෂාවට අයිනේ යනවා. දෙමවිපියෝ මෙයිට වැඩිය හිතන්න ඕනා. අනතුරක් වෙන්න යන්නේ තත්පරයි නැත්නම් දෙකයි. (නදී)

:       0       0

රිකාස් Wednesday, 20 August 2014 03:39 AM

දෙමාපියන්ගේ නොසැලකිල්ල. මේක රටට නරක කාලයක්. (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 20 August 2014 03:42 AM

තාක්ෂණ විෂය වගේම රට වටේ තියන මුහුදෙන් සහ මැද්දේ තියන වැව් වලින් බේරෙන්න පීනන්න උගන්නන්න පටන් ගන්න අපේ ඉස්කෝල බාර දෙවි වරුන්ට ඇස් ඇරේවා. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 August 2014 04:02 AM

අනේ මන්දා මේ දරුවෝ මොනා කරගන්නවද කියලා. ජල ගිනි එක්ක සෙල්ලම බොහොම අනතුරුදායකයි. (නදී)

:       0       0

අසංක Thursday, 21 August 2014 05:54 AM

මමත් පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. මේ වාගේ දේවල් අහන්න ලැබෙන හැම වෙලාවේම හිත දවස් ගානකට දුක්බර වෙනවා. අනේ දෙමව්පියනි,විනෝද ගමන්,නෑදෑ ගමන්,වන්දනා ගමන් යනවිට දරුවන්ට වතුරට බහින්න දෙන්න එපා. ඔබට පීනන්න පුළුවන් නම් දරුවන් එක්ක වතුරට බැස්සට කමක් නැහැ. නැත්නම් දරුවන්ගේ ජීවිත අනතුරේ!! (නි)

:       0       0

අසංක Thursday, 21 August 2014 05:58 AM

රංජිත් සිල්වා හරි. මම අදත් දුක් වෙනවා මට පීනන්න බැරි එක ගැන. (නි)

:       0       0

කොස්වත් Tuesday, 19 August 2014 03:00 PM

එන්නේ පව් අහන්න කොටම මගේ පපුව මොනවද උනා, එ් දැරියට මෝක්ෂ සුවය පතමි (අ)

:       0       0

විජේ Tuesday, 19 August 2014 03:23 PM

සමහර අපේ දෙමවුපියෝ මුහුදු වෙරළට ඇවිත් ළමයිනට මුහුදේ නාන්න දීල සුද්දෝ වගේ ගොඩට වෙලා බලාගෙන ඉන්නවා . එයාල හිතන්නේ ඒක මෝස්තරයක් කියල ,(අ)

:       0       0

ප්‍රියා Tuesday, 19 August 2014 04:09 PM

බොහෝවිට දෙමාපිය නොසැලකිල්ල විය හැක (අ)

:       0       0

නිසංසලා සෙනෙවිරත්න Wednesday, 20 August 2014 07:44 PM

මුහුදු වෙරළ කියන්නේ සෙල්ලම් පිටියක් නොවේ, කුඩා ළමයින්ට. නමුත් දුප්පත් වෙරළේ ජීවත්වන මොවුන් සෙල්ලම් කරන්නේ බොහෝ විට මාරයා සමග බව මොවුන් දන්නේ නැහැ(නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 August 2014 10:49 PM

අනේ ඔව්! සමහර දෙමවුපියෝ සතුටු සාමීචියේ දරුවන් මුහුදේ. මම නම් කරන්නේ පළමුව මම මුහුදට බැහැලා ගැඹුර බලලා ඉමක් හදාගෙන දරුවන් සෙල්ලම් කරනකම් බලා ඉන්නවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 August 2014 12:06 AM

බොහෝ දෙනෙක් මුහුදේ තිබෙන අනතුරුදායක බව ගැන කිසිම අවබෝධයක් නැතුව නාන්න බහිනවා. මෙවැනි අවාසනාවන්ත දේවල් වෙන්නේ ඒකයි. (නි)

:       0       0

චානක. Wednesday, 20 August 2014 12:20 AM

සාමාන්‍යයෙන් වෙරළේ සිටින කෙනෙක් විශාල රළක් නොගසා මුහුදට බිලිවෙන සම්භාවිතාවය අඩුයි.මුහුදු රැල්ල නිතරම ගොඩටයි ඇදෙන්නේ. එම නිසා කෙනෙකු මුහුදට වැටුනත් මුහුද ඇතුළට යන එක සිදුවෙන්නේ ඉතා සෙමින්. ප්‍රශ්නය වෙන්නේ කෙනෙකු පිහිනීමට දන්නේ නැතුව අසාමාන්‍ය ලෙස වතුර පාරකට මැදිවුනාම ඔහු ව්‍යාකූලවීමෙන් තත්වය දරුණු අතට හැරීමයි.මෙයින් මිදීමට දරුවන්ට පිහිනීම හුරුකළ යුතු අතර වතුරට යවනවිට ආරක්ෂක මෙවලම් අන්දවා තිබීම, කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 15 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 323 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 194 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 690 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 306 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site