IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්

(රෝෂන් තුෂාර)

කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29)නිකුත් කළේය.

ඉන්දියාවට අයත් යැයි කියන( ARK PRESTIGE)ආක් ප්‍රෙස්ටීජ් නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව් නමැති අයට මෙම විදෙස් ගමන් තහනම පැනවිය.

කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසත්,තහනම් නියෝගය සම්බන්ධයෙන් කපිතාන්වරයා දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේය.

කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ වෙන විට සිදුකරගෙන යමින් පවතින බැවින් කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය මාසයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළේය.

 



අදහස් (3)

වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්

Capt S.k.Ratnasinga Thursday, 30 May 2024 12:13 AM

මුලින්ම කණගාටුයි අහන්න, සමුද්‍රීය ජාතියේ ලෝක මට්ටමේ බහාලුම් හබ් වරායකට එවැනි දේවල් කරන්න බැහැ අලුත්වැඩියා කිරීම සහ පිරිසිදු කිරීමේ මෙහෙයුමෙන්. තවදුරටත් ඉහලට හයිඩ්‍රොලික් බර ඉන්ධන ලෙස හානියක් නොවේ.පිරිසිදුකිරිමේ මෙහෙයුම පහසුයි. නැව තබා ගන්න, P සහ I වගකීම් සහතිකයක් ලබා ගන්න. කැප්ටන් අල්ලගෙන ඉඳලා වැඩක් නෑ. MLC 2006 සමුද්‍රීය කම්කරු සම්මුතිය ලෙස කපිතාන් අත්අඩංගුවට ගැනීමට ඉහලින් නාවිකයින්ට එරෙහිව අපරාධයක් විය හැක. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා, නැව් අලුත්වැඩියාවට එන්නේ නැහැ, නැත්තම් වරායේ. කොළඹ වරාය IMO,ITF වල blacklist වෙනවා. රටට ඇ.ඩො. විශේෂයෙන් ඉන්දියානුවන් නැව්ගත කිරීම පාලනය කරයි ප්‍රවේශම් වන්න

:       0       0

නිහාල් Thursday, 30 May 2024 02:55 AM

එහෙන් එක කෝල් එකයි එන්නේ කපිතාන් ගෙදර

:       0       0

පාඨකයෙක් Thursday, 30 May 2024 12:36 PM

සිංහල රජ කාලේ වගේ අමුඩයක් අන්දලා ඒ කප්පිත්තට ම භාර දෙන්න හලපු තෙල් සුද්ද කරන්න. එහෙම කරන්නත් ඉතින් නිවහල් රටක් තියෙන්න එපායැ. රට-රටවල්වලට පිං කැටේ දික් කරලා සල්ලි ඉල්ල ගත්තහම එහෙම කරන්නේ කොහොමද? අහෝ අපේ රට!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site