සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන රැලියකදී කීය.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රමුඛ මහජන ක්‍රියාකාරීන් රැලිය සංවිධානය කර තිබුණි.
‘‘ගම්පොල ඉදලා කොළඹට යන්න කොපමණ පමණ කාලයක් ගත වෙනවාද? පැය හතර හමාරක් පමණ ඒ සදහා ගත කළ යුතුයි. කාපට් යෙදා මාර්ග සකස් කිරීමට පෙර පැය පහක් පමණ ගතවුණා. නමුත් යෝජිත අධිවේගී මාර්ගයෙන් තව වසර කිහිපයකින් පසු ඔබට පැයකුත් මිනිත්තු දහයකදී කොළඹට ළඟා විය හැකි බව මම සතුටින් පවසනවා.‘‘
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෛර චින්තකයන් ගැන ජනපති කියයි
ප්‍රසාද් Tuesday, 16 December 2014 10:06 AM
මිනිස්සු දැන් හොඳින් තේරුම් අරගෙනයි තියෙන්නේ (නි)
කීර්ති Wednesday, 17 December 2014 02:02 AM
ඔබට ජයෙන් ජය! (නි)
නන්ද Tuesday, 16 December 2014 10:09 AM
ඔබතුමා දිනනවා දිනනවාමයි (නි)
කුමාර Tuesday, 16 December 2014 10:14 AM
අපි මෛති‍්‍රපාල සිරිසේන මහතා දිනවමු (නි)
කුමාර Tuesday, 16 December 2014 10:14 AM
මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනපති වුණාම ..කොමිස් ගහන්න යන මුදලුත් සංවර්ධනයට යොදවනවා .එ් නිසා අපි මෛති‍්‍රපාල සිරිසේන මහතා දිනවමු (අ)
පතිරන Tuesday, 16 December 2014 10:17 AM
රටේ සිද්ධ වෙන දේවල් බලනකොට වෛරී දේශපාලනය කරන්නේ කව්ද කියන එක හොදටම තේරෙනවා.(අ)
නිහාල් Wednesday, 17 December 2014 02:33 AM
ඔබතුමාගේ ජයයි අපේ එකම පැතුම! (නි)
රවිඳු Wednesday, 17 December 2014 02:44 AM
වෛරකාරී චින්තනයේ ප්‍රතිඵලය පළිගැනීමම ලෙස මම නොදකිමි. (නි)
විපුල Wednesday, 17 December 2014 03:32 AM
මම මේ රටේ අවුරුදු 34 තිස්සේ ජීවත් වෙනවා. ජයවර්දන පාලනය , ප්‍රේමදාස පාලනය චන්ද්‍රිකා පාලනය රටේ සංවර්දනයට කළ දේවල් මොනවද කියල ජනතාව දන්නවා. මහවැලි ව්‍යාපාරයෙන් පසු මහින්ද ගේ පාලන කාලයේ රටට ලැබුණු සංවර්දනය ගැන පොතක් ලියන්න පුළුවන්. මහා මාර්ග දුම්රිය සහ දුම්රිය මාර්ග ගුවන් සේවය, වරාය පාසැල්, ජල විදුලි, තාප විදුලි ආදී ඉදිකිරීම් අංශයෙන් ලබාගත් ප්‍රතිපල ලැබෙන්න තියන ප්‍රතිපල ඉමහත්. මේ දේවල් මහින්දගේ පෞද්ගලික පරිහරණයට අදාල නැත. නායකයන් කතාකරන තරමට වැඩ කරනවා නම් මෙරට සංවර්දනය වී හමාරයි. එ්ත් අප නිදහස් වී අවුරුදු 70 කිට්ටු වී ඇත . විපක්ෂ නායකයන් ගේ කතා වලට රැවටෙන මිනිස්සු තවම ඇත. (නදී)
මෙරිල් බාලසුරිය Tuesday, 16 December 2014 10:37 AM
රටේ සමහර කොටසක් විරුද්ධ හෝ වයිර කරන්නේ සංවර්දනයට නොව සංවර්දනය මුවාවෙන් කෝටි ගණන් මුදල් වංචා කර පෞද්ගලික සුක විහරණය පතා කටයුතු කිරීමට. සමහරුන්ට මේවා පෙනේන්නේ නැහැ හෝ දැක්කත් නොදැක්කා සේ නොසිටීම තමා අනික් කරුණ (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 04:01 AM
සමහර මිනිස්සු, මොනතරම් රටට පාඩුවුණත් තමන්ගේ පක්ෂයේ වැරදි වහගන්න පෙරමුණ ගන්නවා. බුද්ධිමත් පාක්ෂිකයෝ ඉන්නවා තමන්ගේ පක්ෂයේ වුණත් වැරදි අනුමත නොකරන. හැබැයි මුලින් කී පාක්ෂිකයෝ හිතනවා නම් රටේ සියලු ජනතාව ඕවා පිළිගනීවි කියලා, ඒක එහෙම නොවෙන වගත් දැනගත යුතුයි. (නි)
ජයවර්ධන Wednesday, 17 December 2014 04:03 AM
පුද්ගලික වින්තනයන් වලට රට පාලනය කරන්න දෙන්න එපා. රටට අවශ්‍ය පොදු චින්තනයක් ගොඩ නගන්න. (නදී)
විකි Tuesday, 16 December 2014 12:30 PM
ඔබතුමාගේ රට වෙනුවෙන් ඇති සංකල්පය අපි අගය කරමු. ඔබතුමා නිවැරදි ගමනක යනතාක් කල් අපි ඔබතුමා සමගයි. ජනපතිට ජය. (ර)
සමන්ති Thursday, 18 December 2014 12:58 AM
කෙනෙකු කතාකරන විලාශයෙන් ඔහුගේ හැඟීම් සොයාගත හැක (නි)
කුමාර Wednesday, 17 December 2014 05:13 AM
කවුරු ජනපති උනත් ආණ්ඩු බලය තියාගන්න අඩුම තරමින් ඇමතිවරු 113ක් සතුටු කරන්න ඕනා. එ්ක මේ ක්‍රමයේ වැරැද්ද. ඇමතිවරු කියන්නේ මහජන ඡන්දයෙන් පත්වන අය. වැරදි කරන ඇමතිවරු එලවන එක ජනතාව කරන්න ඕන. රටක් ස්ථාවරව තියාගන්න මේ ජනපති දරන උත්සාහය අගය කරන්න ඕනා. (නදී)
දයා -නිව්සිලන්ඩ් Wednesday, 17 December 2014 06:30 AM
අපි ජිවත්වන රටේ තියන පාර වල්වලට අමතරව තව පාරවල් හදනවා, ලංකාවේ එහෙම කලොත් කියාවි කොමිස් ගහන්න කරනවා කියා, කිසි අයෙක් කිසිම දෙයක් කියන්නේ නැහැ , හරිම සංවරයි ඒවගේම , සහයෝගයයි.(හේ)
සමින්ද්‍ර Tuesday, 16 December 2014 05:25 PM
ඔබ තුමා අපිට අපේ ජාතියට දෙවි කෙනෙක්. අපි ඔබ සමගයි (නදී)
සමින්ද්‍රා Tuesday, 16 December 2014 05:25 PM
ඔබතුමා අපට දෙවි කෙනෙක් හා සමානයි. අපි ඔබ සමඟයි. (අ)
ඇසිලින් නෝනා Tuesday, 16 December 2014 06:26 PM
තරුණ කතාවට දක්ෂ කාන්තාවන් කීප දෙනෙක් වේදිකාවට නැති කම බොහොම බොහොම ලොකු අඩුවක්. ඉක්මනට එය පුරවන්න. (නදී)
සිරිපාල Tuesday, 16 December 2014 07:42 PM
දැන් ජනාධිපති තුමා කියනවා මට තව අවුරුදු 2ක් තියෙනවා, මමයි ඉදිරි අවුරුදු 2කේ ජනපති කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියල තියෙනවා ජනපති පුටුවේ සිටින ජනපති ඡන්දෙන් පැරදුනොත්, ඔහුගේ කාලය ඡන්ද ප්‍රතිපල නිකුත් වූ විට ඉවරයි කියලා. කියවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(4)(b) (නදී)
කමල් Tuesday, 16 December 2014 09:18 AM
වෛර චින්තනය (නදී)
මුදිත Tuesday, 16 December 2014 10:47 PM
වැඩේ නම් හොඳයි. ඒ වුණත් වියදම නම් බොහොම වැඩියි (නි)
බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 10:50 PM
මෛත්‍රීපාල මහත්තයා කියනවා අපි එක අධිවේගයක් හදනකොට ඒ සල්ලි වලින් ඒගොල්ලෝ 3 ක් හදනවලු. ගිහින් තිබෙන වියදම් බැලුවහම එහෙම කරන්න පුළුවන් කියලො මටත් හිතුනත් මහින්ද මහත්තයා හදලා දෙන එක අධිවේගය අපිට අධිවේග 3 කට වැඩිය වටිනවා. (නි)
කීර්ති සෙනෙවිරත්න Tuesday, 16 December 2014 09:37 AM
ජනපතිට ජයෙන් ජය....යුද්දේ දිනවපු මනුස්සයකුට මේ රට හදන්නත් පුළුවන්...හොරකම් කරානම් මේ පොළොවේ මෙච්චර කාලයක් කාටවත් රජකන් කරන්න බැ...අතීතය බැලුවම පේනවා එක....(අ)
බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 09:37 AM
අය්යෝ සල්ලි .. (අ)
ඇසළ Tuesday, 16 December 2014 09:39 AM
ජයවේවා තව දීර්ග පාලනයකට ඔබතුමාට රට බාරයි. (නදී)
ද සිල්වා බර්ලින් Tuesday, 16 December 2014 11:20 PM
හැමදාම ප්‍රශ්නයකට තිබෙන්නේ කාට කාටත් බලය තිබෙනකොට මොළය නැතිවීමත්, මොළය තිබෙනකොට බලය නැතිවීමත්ය. ඔබතුමා මුලින්ම අර කලින් කියපු චින්තනය ක්‍රියාතමක කරනවා නම් අපි කැමතියි (නි)
සරත් Tuesday, 16 December 2014 11:24 PM
අපේ රටේ බහුතරය බුද්ධිමත්. පැහැදිලි කිරීමක් නැතත් ඇත්ත දන්නවා. (නි)
චින්තක Tuesday, 16 December 2014 09:44 AM
තාම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පිට රටවල් වලින් ණය අරන් පාරවල් හදල හරියන්නේ නැහැ කියලා. ණය මුදල් වලින් පුළුල් වනතරම් කරන්න ඕනේ ආපහු සල්ලි හම්බෙන දේකට ආයෝජනය කරන්නයි. කර්මාන්ත හදන්න ඕනේ. කර්මාන්ත හැදුනම රටේ හැම තැනම පාරවල් ටික ගොඩක් දුරට නිකන්ම හැදෙයි. (නදී)
බන්ඩාර Tuesday, 16 December 2014 09:48 AM
ඔබතුමා කිසිවකින් නොසැළෙන්න (නි)
නිමල් Tuesday, 16 December 2014 09:49 AM
මිනිස්සු හොඳට දන්නවා දැන් (නි)
රන්ජිත් ගල්ගමුව Tuesday, 16 December 2014 10:01 AM
අවංකව වැඩ කළා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ (නි)
උෂාන් Wednesday, 17 December 2014 01:45 AM
ජනපතිඳුනි, ඔබ රට නිවැරිදි මාර්ගයට ගත්තා. ඒ වගේම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය තව උසස් කරලා යහපාලනය ස්ථාපිත කරන්න. ඔබට ජය නියතයි (නි)