IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෙල්ගම බදුල්ලෙන් ඉවතට

(එෆ්.අස්ලම්)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ.

වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පළකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන කිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේම නායකයෙකුගේ අවශ්‍යතාව මත වෙල්ගම මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැති අතර පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා වශයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර සිටීමත් තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරවීම කෙරෙහි දැඩි අප්‍රසාදයක් වෙල්ගම මහතා විසින් පළකර තිබීමත් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුගේ නායකත්වය බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේදී ප්‍රතික්ෂේප විණි.



අදහස් (31)

වෙල්ගම බදුල්ලෙන් ඉවතට

Sumith Saturday, 29 June 2019 03:56 PM

කවුරු ආවා ගියත් බදුල්ල තාම සංවරධනයක් නෑ

:       0       0

Thilina Saturday, 29 June 2019 04:56 PM

මෙයාගේ සිහිනය එක්කෝ ජනාධිපති හරි අගමැති හරි වෙන එක..ඒ වෙනුවෙන් තමයි මේ සියළු රඟ දැක්වීම් කරන්නේ .අපේ මිනිස්සුන්ට මතකනම් හොඳයි එක්කෙනෙක් අගමැතිකම දුන්නේ නැහැ කියලා පක්ෂය කඩාගෙන පොදු අපේක්ෂකයා වෙලා රටට කරපු හරිය.

:       0       0

රජින්ද Saturday, 29 June 2019 04:59 PM

අනේ හොඳයි...! දැන් ලාංකික අපිට නම් ඔය කොයි පෙරමුණත්, කොයි සන්විධායකයත්, කොයි දේශපාලන නියෝජිතයත් එකයි. මෙදා පාර මේ රටේ පෙරලියක් වෙන්න ඕනෑමයි. ඉන්න අයවත් හිටපු අයවත් සත පහකට විශ්වාස නැහැ. කොටින්ම නීතිඥ වෘත්තියට මේ රටේ නායකත්වය කිසිසේත්ම බාර නොදිය යුතුයි.

:       0       1

siri Saturday, 29 June 2019 05:35 PM

නියම පිළිතුර... මේවගේ අය තියාගෙන වැඩක් නැහැ මතුගමිනුත් එලවන්න ඕනෑ.

:       0       0

Amila Saturday, 29 June 2019 06:41 PM

පක්ශ නායක නෙමේද සංවිධායකයින් පත්කරන්නේ? මරු පක්ෂේ !

:       0       0

ධනුෂ්ක Sunday, 30 June 2019 02:19 AM

මෙතුමා දරන දේශපාලන මතවාද සමග පරස්පරතා තිබුණත් මට එක දෙයක් කිවහැකියි. මෙතුමා හොඳ කොන්ද කෙලින් තියන, බය නැති නායකයෙක්... එ.ජා.ප.ය කොහොමත් මීළඟ මැතිවරණ වලින් නියත වශයෙන් පරජය වෙන බව දැන දැනත්... පවුල් පාලනයට අනික් අය වගේ කොඳු නාරටි කඩාගෙන තම අාත්මලාභය, බඩගෝස්තරවාදය උදෙසාම පමණක් පන්දම් අල්ලද්දී, මුට්ටි අල්ලද්දි... මෙතුමා කොන්ද කෙලින් තියාගෙන තම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතුයි.

:       0       0

Amara Sunday, 30 June 2019 02:56 AM

අම්මා... අලුත් කෙනා ගේ බැල්ම නම් අර පුසා වගේ...

:       0       0

Puncha Sunday, 30 June 2019 03:20 AM

මාළුවා නහින්නේ කට හින්දා යන කියමන කොතරම් දුරට සත්‍යයිද?

:       0       0

Chanak los angeles Sunday, 30 June 2019 07:13 AM

ඇත්තනේ.. දූෂිතයෙකුට ජනපති අපේක්ෂකකම දෙන්න විරුද්ධ වීම තුළ තිබෙන වැරැද්ද කුමක්ද? ඇත්ත කතා කරලා බෙල්ල ගහලා ගියත් මොකද..?

:       178       275

විමුක්ති Sunday, 30 June 2019 01:27 PM

ඔව් ඉතින් ඔහේගේ රනිල් මහ බැංකුව කාපු එක ගැන කියන්න අකමැති ඇතිනේ...

:       70       81

විජිත් Sunday, 30 June 2019 01:29 PM

මෙයා පිළිබඳ ප්‍රශ්න තිබුණත්.. මෙයා කිව්ව දේවල් බොරු නොවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න මිනීමරුවන් ගැන.. ඒ අයගේ නම් එක්කම කීවා. අනික රාජපක්ෂලා නැතුව රට පාලනය කරන්න බැරිද..? රාජපක්ෂලාට හිතවත් දූෂිත වහල්ලුන් ඉන්න තාක්කල් මේ රටත් අසමත් රටක් ලෙස ලොව පවතීවි...

:       5       122

BamunuarachchiMonday, 01 July 2019 12:02 PM

විජිත් රාජපක්ෂලා නැතුව ඔය රට කරලා පෙන්නුවේ. අවුරුදු 10ක් නිස්කලංකව තිබුණු රටේ බෝම්බ පිපිරුනේ හලෝ රාජපක්ෂලා නැතිව යුද්ධයක් දිනන්න පුළුවන්ද? ත්‍රස්තවාදයක් නවතා ගන්න පුලුවන්ද? පාරක් හදා ගන්න පුලුවන්ද? මේ අවුරුදු හතරාමාරට රාජපක්ෂලා නැතිව කරපු කෙන්ගෙඩිය මොකක්ද? ඉපදුනේ අප්‍රේල් 21න් පස්සෙද? ඔහෙලද රාජපක්ෂලා නැතිව රට කරන්න පුළුවන් කියා හිතුවාට බදියුදීන්ලා නැතිව රට කිරන්න බැහැ නේද? ඔහෙලා උපදින්න තිබුණේ ඇෆ්ඝනිස්තාන්වල තලෙයිබාන්ලා අතර...

:       1       25

BamunuarachchiMonday, 01 July 2019 02:52 AM

හලෝ සුද්දවන්තයෝ කොහෙද ඉන්නේ? බැංකුව කොල්ලකාපු ගොයියෝ දූෂිතයන් නොවෙයිද? ඝෝඨාභය මහතා කිසිම දූෂණයක් කරලා නැත. කෝටි 3කින් සොහොනක් හදපු එකද දූෂණය? පුහ්! බැංකුවක දාලා බිලියන් ගණනක හොරාකාපු එක දූෂණයක් නොවෙයිද? එයා කරපු ලොකුම වැරැද්ද ඔහේලගේ කුහකයින්ගේ සොහොන් ඉදිවෙන තුරු නොසිට යුද්ධය නවත්වපු එකයි...

:       1       41

රත්නායක Sunday, 30 June 2019 07:25 AM

මෙයා පව් අනේ.. ජනාධිපති හීනෙත් ඉවරයි. තවත් මර්වින් කෙනෙක්...

:       79       330

THILAKASIRI Sunday, 30 June 2019 08:01 AM

කවුරු එලෙව්වත් ඔබතුමන් කවදත් ප්‍රකාශ කලේ ඇත්තයි. මමත් ශ්‍රීලනිපයේ පාටි ඔෆිස් එක ටවුන් හෝල් එකෙන් ෆෝබස් ලෙන් එකට බඩු අදිද්දී නන්දන ජයසිංහලා, ගුණරත්නලා එක්ක හිටපු කෙනෙක්...

:       837       673

anura Sunday, 30 June 2019 08:01 AM

උඩරට මැණිකේ බේරුණා...

:       106       139

chamath Sunday, 30 June 2019 08:36 AM

ඉතාමත් හොඳ දෙයක්... මෙයාගෙන් වැඩක් නැත.

:       618       1148

C.K.Lankaputhra Sunday, 30 June 2019 10:30 AM

ඇත්ත දේශපාලකයන්ට තිත්තම දෙයක්... පන්දන් කාරයින්ටත් බොරුව වටිනවා. ඇත්ත කියනකොට ඒ ගොල්ලන්ට මල පනිනවා.

:       0       1

Rathgama De Silva Sunday, 30 June 2019 10:40 AM

ඕක අරුමයක් නොවෙයි. අපිට නම් එ්කාබද්ධයේ මන්ත්‍රීවරුන් 54න් 53ක්ම වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් වහල්ලු, එහෙයියන් ලෙස හැසිරෙමින් අපට රාජපක්ෂ කෙනෙක්ම ඕනැයි මොරදෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මල පොතේ අකුරවත් ඉගෙනගෙන නැති බව විදහා දක්වමින්, ගෝඨාම ඉල්ලද්දී, ග්‍රාම සේවා වසමකටවත් දේශපාලන නායකත්වය දී නොමැති, ගෝඨා කියන්නේ මිනීමරු කල්ලියක් එක්ක ඉන්න හිට්ලර් වැනි කෙනෙක්... පොහොට්ටුවේම ඉන්න වාසුදේව සහ ඩිලාන් පෙරේරා ගෝඨාගේ පැටිකිරිය එළියට අදිද්දී, කවදත් ජනතාවගේ පැත්ත ගන්න, හරි පැත්තේ හිටගන්න, ජනතාවගේ නිදහස් මත ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කර නායකත්වය විවේචනය කරන අය රෑට සොයා ඇවිත් අතුරුදහන් කරන සුදු වෑන් සංස්කෘතියට තදින්ම එරෙහිව සිටියි.

:       38       1

චමින්ද Sunday, 30 June 2019 01:47 PM

ජාතික නායකත්වයට සුදුසු ඔබතුමා බදුල්ලෙන් එලෙව්වත් නිර්පාක්ෂිකයෙකු ලෙසට ජනාධිපතිවරණයට ආවොත් ජයනියතමයි.

:       3       3

සේනාරත්න Sunday, 30 June 2019 05:02 PM

දැන් ඔය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේද රටෙහි නීති සමිපාදකයන්...? දින 52 ආණ්ඩුවේ බලය යටතේ පෙරහරේ ගිහින් පොදු ජන පෙරමුණේ සාමාජික කාඩ් ප්‍රසිද්ධියේ ලබාගෙන.. නැවත බලය ගිලිහුණු පසු මන්ත්‍රී ධුරය සම්බන්ධව නීති ගැටලුවක් ආවම කීවා අපි කවුරුත් සාමාජික නැහැ කියලා... ඉතිං සාමාජික නැතිව කෙලෙසද සංවිධායකයන් පත්කරන්නේ.. ඉතිං වෙල්ගම මහතා කියන කතාව ඇත්තනේ.. එතකොට එයා නිදහස් පක්ෂයේ කියන එක. හරිනම් වෙන්න ඕනෑ ඕකේ අනික් පැත්ත. වෙල්ගම හැර අනික් පනස් ගනනම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් වලින් අයින් කරන හරි, අයින් වෙන එක නෙමෙයිද? නීති හදන අයනේ පළමුව නීතිගරුක වෙන්න වුවමනා...

:       0       7

Siri Monday, 01 July 2019 02:21 AM

එතකොට ඔය ෆොටෝවල ඉන්න සේරටම ඕන ආයෙත් රාජපක්ෂ යුගයක් ! මෝඩ රැලක්.

:       1       1

Bamunuarachchi Monday, 01 July 2019 02:57 AM

හලෝ වෙල්ගම පක්ෂය යන විදිහට එකතුවෙලා වැඩ කොරනවා එකෙකාගේ පුද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කොරන්න බැහැ. ඔහේ එජාපෙට ගියා කියලා රටට පාඩු නැත. ගිලෙන නැවකට නගින මෝඩයෝ ඉන්නවාද?

:       34       1

lalithm Monday, 01 July 2019 07:04 AM

යුද්දෙට බයේ රටෙන් පැනල ගිය කෙනෙකුට කඩේ යනවට වඩා ලංකාවේම හිටපු කව්රු හරි ජනපති තරඟයට දමන්න කියන එක හරි. එහෙත් ඔය කියන මහත්තයගෙත් කිල්ලොටේ හුණු තියනවා නේද? ලංගමට අමතර කොටස් ගන්න ගිය කතාව තාම ඉවර නැහැ නේද?

:       0       1

BamunuarachchiMonday, 01 July 2019 12:17 PM

ඇයි හලෝ ඔහෙලගේ මහා එවුන් දෙන්නා කොළඹ බෝම්බ පුපුරනවා කියලා දැනගෙන පැනලා ගියේ... එතකොට ඉපදිලා හිටියේ නැද්ද?

:       12       17

de silva Monday, 01 July 2019 10:27 AM

ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂ කෙනක් වියයුතුය කියලා පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැනේ... ඔබතුමා හරි...

:       0       1

BamunuarachchiMonday, 01 July 2019 12:25 PM

ඒක ව්‍යවස්ථාවේ නැහැ ජනතාව අතරේ තිබෙනවා. ඒ නිසයි මහින්ද මහතා පැරදුණු වෙලාවේ මිනිස්සු බුරුතු පිටින් එතුමා බලන්න ගෙදරට ගියේ. නමුත් තවත් නායකයෙක් පැරදුනාම ඒ ගොල්ලන්ගේ මූලස්ථානයට මිනිස්සු ගල් ගැසුවා... බේරාගත්තේ පාරට තාර දාලා. රාජපක්ෂ පැරදුනේ එකපාරයි. අර නායකයා 30 වතාවක් පැරදුණා. පේනවද මිනිස්සු ඉල්ලන වෙනස... පුදුමේ කියන්නේ රාජපක්ෂ එපා කියන මිනිස්සු කියන්නේ නැහැ අනිකා ඕනේ මොකටද කියලා.. එයා රටට, රාජපක්ෂලාට වැඩිය රටට, ජාතියට වැඩකරලා තිබෙනවා නම් අපි එයාට කැමති වෙන්නම්...

:       58       34

Chanak los abgelesMonday, 01 July 2019 09:16 PM

මහින්ද මහත්තයා පැරදුනේ නැහැ පැරද්දුවා..

:       0       37

athuraTuesday, 02 July 2019 04:49 AM

බමුණු ඔබතුමා ඔය ජනතාව කියන්නෙ රැකියාවකට නැතිනම් ඔයා වගේ තමන්ගේ වාසියට කඩේ යන අයද.

:       30       13

Bamunuarachchi Monday, 01 July 2019 12:05 PM

හලෝ මොන ආණ්ඩුවේද මිනී මරුවෝ නැත්තේ? ගණන් වලින් බැලුවොත් මොන රජයද වැඩිපුරම මිනී මරලා තිබෙන්නේ... රාජපක්ෂලා හන්දිවල ටයර්දාලා මිනී පිච්චුවේ නැහැ.

:       24       55

Bamunuarachchi Monday, 01 July 2019 12:14 PM

එතකොට ඔය ෆොටෝවල ඉන්න සේරටම ඕනෑ ආයෙත් රාජපක්ෂ යුගයක් ! ද කියලා අහනවා. හලෝ පැන්සලක් කොලයක් අරගෙන, අකුරු ඉලක්කම් දන්නවා නම්, ලියන්න මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට රටට කරපු වැඩ කොටසයි රාජපක්ෂ යුගයේ කරපු වැඩ කොටසයි... කොපමණද කියලා. ඊළඟට ලියන්න දැනට කොමිෂන් වලින් මේ ඔප්පු වෙලාතිබෙන මේ රජය සහ රාජපක්ෂ රජය යුගයේ කරලා තිබෙන දූෂණ.... ඊට පස්සේ අපි කතා කරමු.

:       52       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 28 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 0 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 157 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 342 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 383 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 455 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site