IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘විල්ගමු වී පෝලිම අදම නැති කරන්න‘ - අගමැතිගෙන් නියෝග

මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වී අදම මිලට ගෙන පෝලිම් නැති කරන්නැයිද අවශ්‍ය නිලධරයන් යවන්නැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිසාපති නීල් ද අල්විස් මහතාට අද නියෝග කළේය.

ලංකාදීප එසැණින් හා ලංකාදීප පත්‍රයේ පළවූ පුවත දුටු අගමැති අවශ්‍ය මුදල්ද යවා දිසාපතිට නියෝග කළේ ගබඩාවල ඇති වී මෝල්වලට යවා සහල් කිරීමට පියවර ගෙන ගොවීන්ගෙන් ගන්නා වී ගබඩා කිරීමට අදම ක්‍රියා කරන ලෙසයි. පොළොන්නරුවේ වී මිලදී ගැනීම්වල අඩුපාඩු ඇත්නම් ඒවාටද වහා පිළියම් යොදන ලෙස පොළාන්නරුව දිසාපතිටද අගමැති නියෝග කළේය.

 



අදහස් (0)

‘විල්ගමු වී පෝලිම අදම නැති කරන්න‘ - අගමැතිගෙන් නියෝග

තිලක්-ඩුබායි Thursday, 27 August 2015 09:10 AM

රුපියල් 325 ට තිබුන යතුරුපැදි අදායම් බලපත්‍රයත් යුද්දයක් නැතිවම රුපියල් 750 දක්වා වැඩි කර ගත්තේ ඒකාධිපති පවුලක් රජ කරවන්න තමයි.(අ)

:       0       0

දිලිප් Wednesday, 26 August 2015 05:51 AM

ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට අවධානය යොමු කල එසැනටත්, එම ගැටළු කඩිනමින් විසදීමට උපදෙස් හා ප්‍රතිපාදන ලබා දුන් අග්‍රාමාත්‍ය වරයාටත් ස්තුතියි. රාජ්‍ය පාලනය කල යුත්තේ මෙලෙසිනි. (නදී)

:       0       0

මොහාන් Wednesday, 26 August 2015 05:51 AM

පොළොන්නරුවේ වී කොටන මෝල් කිහිපයක් පිහිටුවන්න. එවිට වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය නැති කල හැක. එසේත් නැත්නම් කුඩා ප්‍රමාණයේ වී කොටන යන්ත්‍ර සහන නය ක්‍රමයක් යටතේ ගොවීන්ටම ලබා දෙන්න. එවිට ගොවීන්ට කෙලින්ම සහල් වෙළද පොලට නිකුත් කල හැක. කුඩා වී කොටන යන්ත්‍රයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 1 1/2 පමණ වේ (නදී)

:       0       0

අර්ජුන Wednesday, 26 August 2015 05:52 AM

ලංකාදීපයට ස්තුතියි (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 August 2015 11:24 AM

තිලක්-ඩුබායි ඔතන සහනයක් නෑ.. ඔයා මුලින්ම ලියාපදිංචි වෙනකොට හරි අලුත් රැකියාවකට ගිහිල්ල එක ලියාපදිංචි කරනකොට හරි තමයි 11800.00 ගෙවන්න වෙන්නේ. එහෙම නැතිනම් ඔයාගේ ලියාපදිංචි අවරුදු 2 කට පාරක් අලුත් කරනකොට ගෙවන්න වෙන්නේ ඩොලර් 35 වගේ ගානක් තමයි... (අ)

:       0       0

කරුණා Wednesday, 26 August 2015 06:12 AM

යකා වෙලානේ (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 26 August 2015 06:13 AM

100% ක්ම මම දිලිප්ගේ අදහස අනුව එක්වෙනවා (නදී)

:       0       0

සුමනපාල Wednesday, 26 August 2015 06:15 AM

නමුත් රටට අවශ්‍ය ක්ෂණික විසදුම් නොව දිර්ඝ කාලීන ප්‍රතිපත්ති.(ම)

:       0       0

දිලීප Wednesday, 26 August 2015 06:22 AM

දැන් වී මිල කියද ?(නදී)

:       0       0

හේමන්ත Wednesday, 26 August 2015 06:28 AM

ඔබතුමා නොහිටින්න අපි තාමත් මහ රජා දුප්පත් මිනිහගේ සල්ලි වලින් බාල නට නටා ඉන්නවා බල බලා තමා ඉන්න වෙන්න. (ම)

:       0       0

කුමාරසිරි Wednesday, 26 August 2015 06:30 AM

සුමනපාල මහතාගේ අදහසට මාද එක්වෙමි (ම)

:       0       0

මාලි Wednesday, 26 August 2015 06:54 AM

දිර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන්න කලින් අවශ්‍ය ක්ෂණික විසදුම් ජනතාවට ලබා දිය යුතුයි. දිර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන් කන ජනතාව අමාරුවේ දාන එකෙන් කාටද සෙතක් වෙන්නේ (නදී)

:       0       0

ප්‍රියන්ත සිරිවර්ධන Wednesday, 26 August 2015 07:01 AM

රූපවාහිණියෙන් පෙන්නන කම් නිලධාරීන් නිදයගෙනද හිටියේ? (නදී)

:       0       0

සිසිර Wednesday, 26 August 2015 07:05 AM

මොහාන්, කාගේද ඔය කියන ඒකාධිකාරය? (හේ)

:       0       0

මොහාන් Wednesday, 26 August 2015 07:19 AM

පොළොන්නරුවේ සහල් ඒකාධිකාරය තියෙන්නේ කාගේ අතේද කියල කියන්න පුළුවන්. මේකේ පල කරාවිද දන්නේ නැහැ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැන් විපක්ෂයේ මන්ත්‍රී. අනිත් එක්කෙනා ලංකාවේ ලොකුම පුද්ගලයෙක් ගේ සහෝදරයා. ඒ ඇරුනම තව ව්‍යාපාරිකයෝ 3 දෙනෙක් ඉන්නවා.(නදී)

:       0       0

තාරක Wednesday, 26 August 2015 07:33 AM

මෙච්චර දවස් වෙනකන් මොකද කරේ පළාත් බාරව නිලදාරීන් දැනුම් දුන්නේ නැද්ද, එතකොට පළාතේ මන්ත්‍රී නිදාගෙනද හිටියේ ? ආණ්ඩුව ජනතාවාදී කියල පෙන්නුම් කරන්න හදන්නේ මෙහෙම පුවත් නිකුත් කරලා අනිත් ඒවත් පුවත් වලින් එනකන් හිටියනම් හරි ලොල් තමයි (නදී)

:       0       0

ජැකී Wednesday, 26 August 2015 07:34 AM

මේ වගේ ප්‍රශ්න ජනතාව ආණ්ඩුවට පෙන්නලා දෙන්න දෙන්න වැඩ හොඳට වෙනවා (නදී)

:       0       0

නදුන් දිසානායක Wednesday, 26 August 2015 07:52 AM

හොඳ වැඩක් (ම)

:       0       0

මොහොමඩ් Wednesday, 26 August 2015 08:10 AM

ලංකාදීපයට ස්තුතියි (අ)

:       0       0

අනිශංකා Wednesday, 26 August 2015 08:11 AM

අගමැතිතුමා නොඇක්කා නම් තාමත් අර අහිංසක මිනිස්සු දුක්විදිනව එතකන් අර ලොකු අය නිදාගෙන ඉන්නඅතිනේ (අ)

:       0       0

වයිකෝ Wednesday, 26 August 2015 08:17 AM

මේ වහලේ තෙමෙන තෙමෙන තැන්වලට පොල්කටු තැබීමක්. ක්ෂණික ස්ථිර පියවර ගැනීමට නිලධාරීන් නැද්ද? (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 27 August 2015 06:19 AM

තිලක් ඔයාට පෙට්‍රල් එදා 178 ගානේ ගාන්න සිද්ද වුණාට ඒවායින් ලැබුණු මුදල් ආයෝජනය වුණේ රටේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන්ම තමයි. එදා ගොඩක් සල්ලි වියදම් කරලා ඕගොල්ලන්ට රට අතුලේදීම බලන්න සකස්කරලා තිබුන කාර් රේස් දැන් තියෙනවද? දැන් ඒවා කෝ ? (අ)

:       0       0

වයිකෝ Wednesday, 26 August 2015 08:26 AM

ගොවියන් අස්වැන්න නෙලන කාලයට සූදානම්ව සිටිය යුතුයි නේද? මේව බාරව විශ්‍රමගත් හමුධ නිලධාරියෙකු හෝ වතු අධිකාරී මහතෙකු පත්කරන්න. (අ)

:       0       0

සිල්වා Wednesday, 26 August 2015 08:27 AM

නව රජය තැනට සුදුසු තීරණය දැන් ගත්ත ඒ තුලින් ගොවීන්ට ඉක්මන් සහනය ලැබුන ඒ වගේම දීර්ග කාලින විසදුම් වලට රජය හැකි ඉකමනට යයි වසර 10 රජකළ එකදිපති වියරුව මොනවද කරලා තියෙන්නේ ගොවි ජනතාව වෙනුවෙන් එසේනම් අයි මේ විදියට ගොවි ජනතාව අසරණ වෙන්නේ රටේ මුලික අවසථාවන් වලට මුල්තැන නොදී මෙගා ඩිල් ගහපු එකවිතරයි පසුගිය රජය කලේ එහි අනිසි ප්‍රතිපල දැන් ලැබෙන්නේ. (අ)

:       0       0

වැකෝ Wednesday, 26 August 2015 08:35 AM

සිවිල් සේවක නිලධාරීන් අසමත් වුණූ තවත් අවස්ථාවක්.(ම)

:       0       0

වැකෝ Wednesday, 26 August 2015 08:41 AM

මෙම අකාර්යක්ෂම වගකිව යුතු නිලධාරීන් සේවයෙන් පහකළ යුතුයි. මෙය හදිසියේ සිදුවූවක් නොවේ. ඔවුන් වී මිලදී ගැනීමට සුදානම්ව නොසිටියේ මොකද? (ම)

:       0       0

වැකෝ Wednesday, 26 August 2015 08:45 AM

දිවංගත ගරු රන්ජන් විජේරත්න මැතිතුමා හිටියනම්, සේවය පැහැර හැරි නිලධාරීන් ඔක්කොම ගෙදර.(ම)

:       0       0

යහන් Wednesday, 26 August 2015 09:20 AM

ඉක්මන් ප්‍රතිචාර එක්ක ජනතාවට සහනය සැලසුවට ස්තූතියි. ලංකාදීපෙටත් ස්තූතියි ඒදැනුවත් කිරීමට. මාධ්‍ය ආයතනයක වගකීම නිසිලෙස වෙලා තියෙනවා. කඩිනම් විසඳුම් වගේම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. රටේ නිලධාරි පැලැන්තියේ අවුල් තියෙනවා ඒ අයව පිලිවෙලක් කරන්නත් ඕන. (අ)

:       0       0

ජයසේන Wednesday, 26 August 2015 09:45 AM

ලංකාදීපයට ස්තුතියි. අගමැති තුමාගේ දීර්ඝකාලීන සැලසුම් ඉදිරියේදී පටන්ගනියි සිතමු. පංච විද සැලැස්ම ක්‍රීයාත්මක කරොත් ඕව හරියයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 26 August 2015 09:57 AM

අනේ අර යතුරු පැදියෙන් ගිහින් මැරුණයි කියන අන්තරේ අසරණයන් දෙන්නගේ ලිපිය නිතරම පල කරන්නකෝ. (අ)

:       0       0

සිල්වා Wednesday, 26 August 2015 07:10 PM

ප්‍රසන්න.දැන් 11800 ය යහපාලන අණ්ඩුවෙන් 5800 අඩු කරල තියෙන්න. දැන් මිලින්ම වැඩට ගියත් ගෙවන්න ඕනේ 5800යි. (අ)

:       0       0

සඳුන් Wednesday, 26 August 2015 09:59 AM

ගොඩක් හොද වැඩක්.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 26 August 2015 10:01 AM

වැලිවේරියේ මිනිස් සංහාරය, හලාවත මිනිස් සංහාරය, කටුනායක මිනිස් සංහාරය ගැනත් නිතරම ලිපි පල කරලා පාලකයන් අවදි කරවන්න. ඒ අසරණ වුන අසරණයන්ට සහනයක් සලසා දෙන්න. පින් සිද්ද වෙනවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 26 August 2015 10:02 AM

අර කට්ටිය හිටියා නම් තාමත් අපි පෙට්රෝල් ගහන්නේ රුපියල් 178 ගානේ.(නදී)

:       0       0

ඩබ්ලිව් සුරංජිත් Wednesday, 26 August 2015 10:03 AM

වයිකෝ, ඔබ හරියට හරි. ඒ දවස්වල අපිට සුමානෙන් පාස්පෝර්ට් එක ගන්න ලැබුනෙත් එතුමා නිසා (නදී)

:       0       0

විචාරක Wednesday, 26 August 2015 10:08 AM

මොහාන් ගේ ප්‍රතිචාරයට අගමැති තුමාගේ ඉක්මන් අවධානය යොමු වේවා යි පතමු (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 26 August 2015 10:09 AM

මිට අවරුදු 2 කකට කලින් කටුනායක ගුවන් තොටුපොලේදී මගේ විදෙස සේවා එකේ මුද්දරය ගහ ගන්න රුපියල් 11800 ක් ගෙවන්න සිද්ද වුණා.ඔන්න නැවත මම මගේ මුද්දරය ගහ ගන්න මාස දෙකක් පරණ වෙලත් එම්බසියට ගියහම මට ගෙවන්න වුනේ ඩිරාම් 125.(රුපියල් 4000) පමණයි.මොන තරම් සහනයක්ද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 27 August 2015 09:08 AM

මම රුපියල් 11800 ක් ගෙවල ගුවනට නැග්ගේ මේවා කරන අවුන්ට ලබන සැරේ ලංකාවට එන්න කලින් සාප වේවා කියලයි.අසරණ ලක්ෂ සන්කියත ජනතාවගේ ඒ සාපය හුනියමක් වෙලා වැදිලයි තියෙන්නේ.නැවත සර්පයාට කිරි පොවන්න නම් ලැහැස්ති වෙන්න එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1415 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 991 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1103 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1674 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 669 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 166 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site