IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘විල්ගමු සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්‘

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති  ජයන්ත විරසේකර මහතා සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ මහතා අත්අඩංගුවට ගැනිම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතලේ දිස්ත්‍රික් උප නායක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියයි.

රෝහණ දිසානයක මහතා මෙසේද පැවසිය.

ප්‍රාදේශිය වශයෙන් සිටින නායකයින්ට මෙලෙස දේශපාලන වශයෙන් කෙනෙහිලිකම් කර අත් අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා .දේශපාලන පලි ගැනිම් වශයෙන් මෙවැනි සිදුවිම් අසාධාරණ බවත් මෙයින් ලග්ගල ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් අසරණ තත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය .

මේ දිස්ත්‍රික්කයේ වැරැදි තීරණ ගන්නා පුද්ගලයින් ඉන්නවා . තමන්ගේ මුළු ජීවිතයම ශ්‍රි .ල.නි.ප ය වෙනුවෙන් කැප කළ අයට මෙවැනි දේ සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය .මේ පිළිබදව ජනාධිපතිතුමා හා  ශ්‍රී.ල.නිප මහ ලේකම් දැනුවත් කිරීමටත් පියවර ගන්නවා . මෙම සිද්ධිය පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙසද ඔහු පොලිස්පතිගෙන් ඉල්ලයි.

මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව නැගි සිටීමට සහ කතා කිරීමට අප කිසිසේත්  පසුබට වන්නේ නැහැ . ශ්‍රී.ල.නි.ප.යට නවකයින් ලෙසට පැමිණ මෙලෙස ක්‍රියාකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්වයක් . ලග්ගල හා විල්ගමුව ප්‍රදේශවල ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් කුමන්ත්‍රණවලට හසුකර ගමෙ සංවර්ධනයද අඩාල වෙනවා‘



අදහස් (0)

‘විල්ගමු සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්‘

කුමාර Monday, 03 March 2014 03:25 PM

දැන් ද ඕක තේරුනේ. කඩේ ගියාට වැඩක් නැහැ. වැඩිය දැඟලුවොත් ඔහෙටත් වෙන්නේ ඔය ටිකම තමා.(නදී)

:       0       0

දහම් Monday, 03 March 2014 03:47 PM

මේක ගංජා වවන උන් ඇතැම් පොලිස් නිලධාරීන් එක්ක එකතු වෙලා කරන දෙයක් බවයි පෙනෙන්නේ.(නදී)

:       0       0

ගැමා Monday, 03 March 2014 04:08 PM

එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා ගංජා ගෙනියනකොට අල්ලන්න එපාද? අනිත් අයව අල්ලන්න අපිව අල්ලන්න එපා එහෙමද?(නධී)

:       0       0

චානක. Monday, 03 March 2014 11:39 PM

අනේ අම්මප මෙහෙමත් රටක්....(අ)

:       0       0

ශක්ති Monday, 03 March 2014 11:27 AM

එතකොට, මිගමුව,වැල්ලම්පිටිය සිද්ධීන් ගැන නැවත සිතා බලන්න වෙනවා. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 03 March 2014 11:45 AM

ශ්‍රීලංකා කාරයන්ට මෙහෙම කරදර කරනවානම් විපක්ෂයේ අයට බොරු නඩු පටලවන එක පුදුමයක් නෙවෙයි.(නදී)

:       0       0

සුබේ Tuesday, 04 March 2014 07:42 AM

මෙයාලට උනොත් දේශපාලන කෙනෙහිලිකම්. අනිත අය කලොත් ?(දී)

:       0       0

ඉන්දික ගම්පහ Tuesday, 04 March 2014 08:46 AM

ඔව් ඔව් .. තොත්ත බබාලා (අ)

:       0       0

අජි Monday, 03 March 2014 12:06 PM

එතකොට විපක්ෂේ කාවහරි අල්ල ගත්තනම් ඔහොම කියයිද? පැයෙන් පුවත් වල පට්ට ගහයි. දැන් ඉතින් පොලිස් ලොක්ක පොලිස් පොඩ්ඩ්ව පට්ට ගහයි. (නදී)

:       0       0

පද්මිණි Tuesday, 04 March 2014 11:09 AM

අනේ,රටකට ගිය කල!කවද අහපු දේවල්ද? වැල්ලම්පිටියට වුනෙත් මේකම තමයි. (අ)

:       0       0

පිටිගල Monday, 03 March 2014 12:37 PM

ගංජා හේන වටලන්න යනවෝ කියල අඬ බෙර ගහන්නේ නැතුව වැටලීම කළා නම් ඉවරයි. හේන අයිති ලොක්ක පොලිසියට දෙන්න ඇති උපදෙස් මෙහෙම කරන්න කියලා. පොලිසිය කියන්නේ කොහෝම තැනක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? (නධී)

:       0       0

කුමාර Tuesday, 04 March 2014 11:51 AM

ඇත්ත නැත්ත දන්නේ උඩ ඉන්න දෙවියෝ තමා. එලියට එන්නේ හුඟක් වෙලාවට මවපු කතාවක් නේ . (අ)

:       0       0

සෑම් Monday, 03 March 2014 01:37 PM

මේක දේශපාලන කුමන්ත්‍රණයක් තමයි. චෝදනා ගොනුකොට උසාවියට ඉදිරිපත් කරනකොට ""ඇප දිය හැකි වරදකට'' ඉදිරිපත් කර ඇති බී වාර්තාව ''ඇප දිය නොහැකි ආකාරයට'' ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වෙනවා කියලා මහේස්ත්‍රාත් තුමා උසාවියේදී කියලා තිබුනා. (නදී)

:       0       0

සුමන මනන්දුව Monday, 03 March 2014 01:57 PM

ඇමතිතුමෝ ! එතකොට අකුරැස්සේ,තංගල්ලේ සබාපතිවරුන්ට විරුද්දව සිදුවලා ඇත්තේ ඔයවගේම දේශපාලන කුමන්ත්‍රණ වෙන්න ඇතිනේද? (අ)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 02:42 PM

බණ්ඩාරනායක ලාගේ නම අකා මකා දාන්න හොඳම ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් ටික කලක් වෙනවා. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2076 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2193 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2750 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5791 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1889 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6524 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site