IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වෙලිංටන් පන්සලේ වස් පින්කම

නවසීලන්තයේ වෙලිංටන් අගනුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වස් පින්කම විහාරාධිපති වැලිමඩ ජිනාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. වෙලිංටන්හි පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් සමග නවසීලන්තයේ පාමස්ටන් නෝර්ත්, නේපියර්, හෙස්ටින්ස්, හැමිල්ටන් යන ප‍්‍රදේශවල පදිංචි ශ‍්‍රී ලාංකික බෞද්ධයන් විසින් සංවිධානය කැරුණු මේ කඨින පූජෝත්සවයට  කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනාධිපති පානකාවේ ධම්මරතන හිමියෝ ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. නවසීලන්තයේ ප‍්‍රධාන සංඝනායක සහ  ඕක්ලන්ඞ් හි ශ්‍රී ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ, ක‍්‍රයිස්ට්චර්ච්හි සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරතන, හැමිල්ටන් මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ නායක දුනුවිල මෛත්‍යය හිමිවරුන් සමග නවසීලන්ත සහ කාම්බෝජ, ලා ඕස් තායිලන්ත ජාතික ස්වාමීන් වහන්සේලාද මේ පින්කමට වැඩමකැර සිටියහ. කඨින පූජෝත්සවය පැවැත්වූ දිනට පෙර දින පැය දෙකක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වූ අතර කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලැබුයේ ශ්‍රී ලංකාවෙන් වැඩම කළ පානකාවේ ධම්මරතන හිමියන් විසිනි. නවසීලන්ත ජාතිකයින් පිරිසක්ද මෙම කඨින පිංකම සඳහා සහභාගි වී සිටියහ.



අදහස් (0)

වෙලිංටන් පන්සලේ වස් පින්කම

සිරිමල් Monday, 03 December 2012 01:15 AM

සාදු සාදු.බුදුගුණ අනන්තයි. අගනා පුණ්‍ය කර්මයක්. මේ සත්ක්‍රියාවට ඇත හිත දුන් සියලුමදෙනාට පින්සිද්දවෙවා. (දී)

:       0       0

ලංකා Monday, 03 December 2012 03:48 PM

සාධු....සාධු....සාධු....(දී)

:       0       0

යසිත Wednesday, 05 December 2012 04:07 PM

තෙරුවන් සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 267 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 650 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 569 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 670 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1113 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39346 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site