(ඉන්දිකා රාමනායක)
පානදුර වලාන දූෂණ මර්දන නිලධාරීන් බව පවසමින් පලෙයි නිවාඩු නිකේතනයක රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු සුරාබදු නිලධාරීන් ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව පලෙයි පොලිසිය පවසයි.
ඔවුන් සන්තකයේ තිබී ගංජා කිලෝ 2යි , මිලිග්‍රෑම් 250 ක් සුරාබදු නිලධාරීබාරයටගෙන තිබේ.
පලෙයි පොල් සංවර්ධන මණ්ඩලයේ නිවාඩු නිකේතනයේ දී පෙරේදා (22) රාත්‍රියේ මෙම උප පොලිස් පරික්ෂකවරයා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ රැඳී සිටියදී පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් පිරිසක් බව පවසමින් පැමිණි කණ්ඩායමක් ගිනි අවි පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගත් බවට පොලිසිය මීට පෙර වාර්තා කර තිබුණි.
මෙම පැහැරගැනීම වාර්තාවීමත් සමගම පොලිසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූණි.
මෙම මෙහෙයුම අතරතුර ඊයේ (23) පෙරවරුවේ පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ මෙය පැහැර ගැනීමක් නොව සුරාබදු වැටලීමක් සිදුකර කේරල ගංජා සමග සැකකරුවන් සුරාබදු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇති බවයි.
සුරාබදු නිලධාරීන් උපාය දූතයන් යොදවා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සිදුකර කොස්තාපල්වරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ගංජා සමග අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරීන් තොරතුරු අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඊයේ කොළඹට රැගෙන විත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වලානෙන් ගිහින් යාපනයේ කළ මෙහෙයුම