විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි.
මුස්ලිම් ජාතිකයන් බව පැවසෙන මෙම සැකකරුවන් පිරිස මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.
කිසියම් පිරිසක් කාලයක සිට නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී දින ගණන් එහි නැවතී සතුන් දඩයම්කර එම මස් කැලෑව තුළදීම ගිනිමැල ගසා වියළා පසුව පිටතට රැගෙන එන බවට වනජීවී කාර්යාලයට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් කරමින් සැකකරුවන් සමග අදාළ භාණ්ඩ තොගය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත් අඩංගුවට ගත් දඩමස් හා ගිනි අවි සමග සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විල්පත්තුව ජාතික උද්‍යානය භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත, විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක ඩී.එම්.ටී.ඩී. දිසානායක, මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක වී.ජී.එම්.ටී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම කළහ.
(සටහන සහ ඡායාරූප - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට
Dil Saturday, 10 June 2017 09:12 AM
මේ පැත්තේ කිසිම සතෙකුට නිදහසේ ඉන්න හම්බෙන එකක් නෑ.
nimal Saturday, 10 June 2017 09:25 AM
කොහොමද මුස්ලිම් මිනිසුන් අදාළ වන්නේ මේකට...
sanju Saturday, 10 June 2017 10:10 AM
කැලේ මැද්දේ ගෙවල් හදන්න දීල සත්තු පරිස්සම් කරන්න පුලුවන්ද? එකත් දීලා තියෙන්න සතුන්ට ආදරේ කරන සෙට් එකකට. කොහොමද ටිකිරි මොලේ?
mohamed Saturday, 10 June 2017 10:24 AM
මෙහෙම රටට විනාසයක් වෙන විදිහට වැඩ කරන්න එපා....
charith Saturday, 10 June 2017 11:08 AM
සතෙක් පෙන්නන්න බැරි සෙට් එකට නීති දාලා ඕවා නවත්තන්න බෑ. විල්පත්තුවේ එක සතෙක් නැති කරන කම් ඔය කට්ටියට නින්ද යන්නේ නෑ.. කොහොමත්...
palitha Saturday, 10 June 2017 12:28 PM
ඔය සත්තු මරන්නේ හලාල් කරලා වෙන්න ඇති නේද? බලධාරීන්ගේ ඇස් ඇරේවා !!!
රොෂාන් Saturday, 10 June 2017 01:27 PM
ඔය කවුරු කොහොම මෙතන බයිලා ගැහුවත්..... දඩ මස් කෑල්ලක් එක්ක හීන් අඩියකට සෙට් වෙන්න තිබුණා නම් එහෙම..., අපේ අයියලා ටික එපාම කියයි ? පිනට මස් ටික දුන්න කෙනා එතකොට කවුරු වුණත් කමක් නැහැ.
don Saturday, 10 June 2017 02:25 PM
සොබාදහම නොදන්න මිනිසුන් ජිවත් වන රටවල් කාන්තාර බවට පත්වේ. තිරිසන් සතුන්ගෙන් පරිසරය විනාශ නොවේ. එ් මිනිසා විසින් පරිසරයත්, සොබාදහමත් විනාසකරයි...
nandana kumara Saturday, 10 June 2017 03:20 PM
මානව හිමිකම් එකෙන් කොටින්ට මැරුණ අය සමරන්න පුළුවන් කිව්වා වගේ මුස්ලිම් අයට මුවන් මරන්න පුළුවන් කියයිද මන්දා?
ajithSaturday, 10 June 2017 11:15 PM
සිංහල මිනිසුන් මුවන් මරන්නේ නැද්ද?
sarath Saturday, 10 June 2017 05:08 PM
මේකටත් බොදුබල සංවිධානයට බනියිද දන්නෑ... කොහොමටත් ඔය විල්පත්තුවේ ඉන්න අයටයි, සත්තුන්ටයි දැන් සෙනසුරු ලබලා ඇත්තේ...
samantha Saturday, 10 June 2017 05:31 PM
එතකොට මේවා හලාල්ද? නැත්නම් එන පැත්තකට හරවාගෙන මේක කරනවාද?
sarath Saturday, 10 June 2017 05:38 PM
නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ තමයි විල්පත්තුව ..... බාර දීම. ඉක්මනටම විල් ටිකත් හිඳිලා ගියහම මේ ත්‍රස්තයින් ට සතුටු හිතෙයි. සංහිඳියා පරිසර වේදීන්ට හොඳට නින්දයයි බහුතර අපිට කැලයක් නැති වෙයි. එ්ක තමයි සංහිඳියාව කියන්නේ...
pitabaddara jayaa Saturday, 10 June 2017 08:59 PM
මේ ඉතින් එකක් විතරයි... තව මොනතරම් දේ සිදුවෙනවද? මේ මිනිස්සු පොදුවේ ගත්තම රටට, ගහට, කොළට, සතා සිව්පාවට ආදරේ මිනිස්සු නෙවෙයි. අවාසනාව ඉතින් අපේ රටේ පාලකයෝ මේවා නොදැක්ක ගාණට ඉන්න එකනේ...
කරුණාපාල Saturday, 10 June 2017 11:31 PM
සොබාදහම විතරක් නෙමේ, මනුස්සකමත් නැතිව ගිය රටේ, මුවෝ ටික විතරක් බේරුණොත්, ඒකත් ලොකු දෙයක් ?
Gayan Sunday, 11 June 2017 01:46 AM
මේක නම් ලෝකෙටම පිළිකාවක්... ගස්වැල් සතා සිව්පාවෝ මිනිස්සු යන සියල්ල ම විනාශ කරන්න හදන කොට්ඨාසයක්නේ...
max Sunday, 11 June 2017 02:50 AM
මම නම කීයටවත් විශ්වාස කරන්නේ නෑ..මේක මුස්‌ලිම් මහත්වරු කළා කියලා. මේක වෙන කාගේ හරි වැඩක්... මෙහෙම හොඳ මිනිසුන් මුවන් මරයිද?
ravin Sunday, 11 June 2017 05:49 AM
විල්පත්තුවේ තියෙන අනවසර ඉදිකිරීම් වලින් තරාතිරම නොබලා සියලුදෙනා ඉවත් කළා නම් ඉවරයිනේ...